Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකක්ද මේ offside නීතිය?

පාපන්දු තරඟයක් නරඹන විට ඔබට නිරන්තරයෙන් දැකගත හැකි වන දෙයකි ක්‍රීඩකයෙකු offside වීම. බොහෝ දෙනෙකු මෙම offside නීතියට එතරම් කැමැත්තක් නොදැක්වුවද offside නීතිය තිබීම නිසා පාපන්දු ක්‍රීඩාව තව තවත් ආකර්ශනීය ක්‍රීඩාවක් බවට පත්වේ. 1863 වසරේ සිට පැවත එන මෙම offside නීතිය වරින් වර විවිධාකාරයේ වෙනස්වීම් වලට භාජයය වී ඇත. “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් අද පැහැදිලි කරන්නේ බොහෝ දෙනෙකුට වැදගත් වන offside නීතියට අදාළ, ඉතා වැදගත් වන කොටස් කිහිපයක් පිළිබඳවයි. මෙම ලිපිය හැකිතරම් සෙමින් කියවන්න. අවශ්‍යනම් නැවත නැවතත් කියවා පැහැදිලි කරගන්න.

realadviceblog.blogspot.com

සරලවම ගතහොත් ඉහත රූපයේ ආකාරයට offside යනු A නම් ක්‍රීඩකයෙකුට (ඉහත රූපයේ ඉදිරියෙන්ම සිටින රතු පැහැති ක්‍රීඩකයා A ලෙස සලකන්න) ඔහුගේ කණ්ඩායමේ සගයකු විසින්, A ක්‍රීඩකයාට පිටුපසින් සිට පන්දුව යොමු කරන විට (pass), A නම් ක්‍රීඩකයා ඔහුගේ ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට පිටුපසින් නොසිටීමයි. (සාමාන්‍යයෙන් ප්‍රතිවාදී කණ්ඩායමේ දැල රකින්නා එක් ක්‍රීඩකයෙකි. ඒ අනුව ප්‍රතිවාදී දැල රකින්නා සහ තවත් එක් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට පිටුපසින් හෝ සමපාතව A සිටිය යුතුය. නැතිනම් A ක්‍රීඩකයා offside වී තිබේ.)

ඒ අනුව පන්දුව යොමු වනවිට A නම් ක්‍රීඩකයා ඔහුගේ දෙවැනි අවසාන ප්‍රතිවාදී ක්‍රීඩකයාට පිටුපසින් හෝ ඔහුත් සමඟින් සමපාත වී (Level) සිටින්නේ නම් A ක්‍රීඩකයා offside වී නැත. Offside නීතියට අදාලව තවත් යම් යම් කාරණා ඇතත් ඉහත කාරණය හොඳින් වටහාගැනීමට හැකිනම් offside නීතියට අදාළ බොහෝ දේ දැනටමත් අවසන්ය. Offside නීතිය එතරම්ම සරලය.

නමුත් A ක්‍රීඩකයාට පන්දුව යොමු කරන මොහොතෙහි A ක්‍රීඩකයා, ක්‍රීඩාංගනයේ ඔහුගේ කණ්ඩායමට අදාළ කොටසෙහි සිටින විට (ඔහුගේ කණ්ඩායමේ දැල රකින්නා සිටින කොටසෙහි) ඔහුට ඉදිරියෙන් වෙනත් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු නොසිටියත් A ක්‍රීඩකයා offside වන්නේ නැත. 2012 චැම්පියන්ස් ලීග් අවසන් පූර්ව වටයේ තරඟයක දී එවකට චෙල්සි කණ්ඩායම නියෝජනය කල ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ ටොරෙස් විසින් බාර්සිලෝනා කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද ප්‍රසිද්ධ ගෝලය මේ සඳහා හොඳම නිදසුනයි.

තවද A ක්‍රීඩකයාගේ කණ්ඩායම් සගයකු වන B විසින් ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව ගෝලයක් රැස් කරන්නට උත්සාහ කරන මොහොතෙහි (B ක්‍රීඩකයා පන්දුවට ප්‍රහාරය එල්ල කරන විට) A ක්‍රීඩකයා offside ස්ථානයක සිටියේ නම්, B විසින් එල්ල කරන ලද පහර ප්‍රතිවාදී ගෝල කණුවේ වැදී හෝ ප්‍රතිවාදී දැල රකින්නාගේ, ක්‍රීඩකයෙකුගේ ශරීරයේ වැදී නැවත A ක්‍රීඩකයා වෙත පන්දුව පැමිණියහොත් එවිටද එය offside වේ. මන්දයත් B ක්‍රීඩකයා ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ A ක්‍රීඩකයා offside වී සිටි නිසාය.

“කෝනර් ප්‍රහාරයක්” (Soccer universe)

ක්‍රීඩකයෙකු offside නොවන තවත් ක්‍රම 3 ක් ඇත. එනම් එම ක්‍රීඩකයාගේ කණ්ඩායමේ දැල් රකින්නා විසින් පන්දුව යොමු කරන විට, කෝනර් ප්‍රහාරයකින් පන්දුව යොමු කරන විට හා පන්දුව අතින් (Throw In) යොමු කරන විට ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයේ කවර ස්ථානයක සිටියත් ඔවුන් offside නොවේ.

offside වන/නොවන අවස්ථා කිහිපයක්

1. මෙය මීට පෙර දක්වා තිබූ කරුණමයි. රතු පැහැති පිලේ නොම්මර 10 ක්‍රීඩකයාට ඉදිරියෙන් දම් පැහැති කණ්ඩායමේ දැල් රකින්නා පමණක් සිටී. එවිට නො.10 ක්‍රීඩකයා offside වේ. සමහර අවස්ථාවලදී දම් පැහැති ක්‍රීඩකයින් සිතාමතාම පසුපසට පැමිණේ. එවිට රතු පැහැති කණ්ඩායමේ නො.10 ක්‍රීඩකයා නිරායාසයෙන්ම offside වේ. එය ක්‍රීඩකයින් භාවිතා කරන උපක්‍රමයකි.

offside-ref.co.uk

2. මෙහිදී රතු කණ්ඩායමේ නො.9 ක්‍රීඩකයා offside නැත. එයට හේතුව ඔහුට ඉදිරියෙන් දම් පැහැති කණ්ඩායමේ නො 1 (දැල් රකින්නා) සහ නො.3 ක්‍රීඩකයා සිටින බැවිනි. මෙලෙස සිදුවීමට තවත් එක් හේතුවක් ලෙසින් ඉහත සඳහන් කල උපක්‍රමය වැරදීම සඳහන් කල හැක. රතු කණ්ඩායමේ නො.9 ක්‍රීඩකයා offside කිරීමේ අරමුණෙන් (Offside trap) යුතුව දම් කණ්ඩායමේ නො.2,4,5, ක්‍රීඩකයින් මදක් පසුපසට පැමිණියත් දම් පැහැති කණ්ඩායමේ නො.3 ක්‍රීඩකයාට එසේ පසුපසට පැමිණීමට නොහැකි වී තිබේ. මෙවැනි අවස්ථාවක් රතු පැහැති කණ්ඩායමට ගෝල වාර්තා කිරීමට ලැබෙන ඉතා හොඳ අවස්තාවක් ලෙසින් හැඳින්විය හැක.

offside-ref.co.uk

3. දම් පැහැති කණ්ඩායමේ දැල් රකින්නා (නො.1) ඔහුගේ සීමාවේ නොමැත. රතු පැහැති කණ්ඩායමේ නො.9 ක්‍රීඩකයාට ඉදිරියෙන් දම් පැහැති කණ්ඩායමේ නො.4 ක්‍රීඩකයා ඉදිරියෙන් සිටියත් එම අවස්ථාවේ දී රතු කණ්ඩායමේ නො.9 ක්‍රීඩකයා offside වේ. එයට හේතුව ඔහුට ඉදිරියෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙදෙනෙක් නොමැති වීමයි.

offside-ref.co.uk

මතභේදාත්මක විනිසුරු තීරණ

Offside නීතිය නිසා බොහෝ මතභේදාත්මක සිද්ධීන් ඇතිවූ අවස්ථා තිබේ. එය ක්‍රිකට් ක්‍රීඩාවේ දී විනිසුරුවරයෙකු විසින් ලබාදෙන වැරදි තීරණයක් හා සමානය. බොහෝ වැදගත් තරගයක​දී යම්හෙයකින් කණ්ඩායමක offside ව සිටි ක්‍රීඩකයෙකු විසින් ගෝලයක් වාර්තා කලවිට (පැති විනිසුරු විසින් offside ලෙසින් සංඥා නොකළහොත්) එය සමාජ ජාල වෙබ් අඩවිවල ඇතුළු බොහෝ මාධ්‍ය වල කතා බහට ලක්වන සිද්ධියකි. එවිට සමහර ක්‍රීඩා ලෝලීන් විසින් පැති විනිසුරුවරුන්ට චෝදනා කරනු ලබයි. නමුත් වැදගත්ම කාරණා වන්නේ විනිසුරුවරුන්ටද වැරදීම් සිදුවිය හැකි බවත්, දවසින් දවස ක්‍රීඩාව වේගවත් වන බවත්, වැදගත් තරගවලදී (අවසාන, අවසන් පූර්ව තරග) විනිසුරුවරුන්ට තිබෙන පීඩනයද එතරම් සුළුපටු නොවන බවත් ය.

offside-ref.co.uk

ඉහත රූපය දෙස බැලූ විට පෙනී යන්නේ යම් අවස්ථාවලදී පැති විනිසුරුවරුන් බලන කෝණය ඔවුන්ගේ තීරණවලට බලපෑමට ඉඩ ඇති බවයි. මෙහිදී රතු කණ්ඩායමේ නො.10 ක්‍රීඩකයා offside ස්ථානයක නොසිටියත් පැති විනිසුරුට ඔහුව පෙනීමේ දී ඔහු offside ස්ථානයක ඇති බව පෙනෙන්නට ඉඩ තිබේ.

Offside නීතියට අදාළ වෙනත් කරුණු කිහිපයක්

1. ක්‍රීඩකයෙකු Offside ස්ථානයක සිටීද නැද්ද යන්න පිළිබද තීරණය කරනු ලබන්නේ පිටියේ පැති විනිසුරුවරුන්ය.

2. ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙකු පන්දුව යොමු කළහොත් (Pass) එය කිසිදු අවස්තාවක offside වීමක් නොවේ. Offside වීමට නම් සිය කණ්ඩායමේ ක්‍රීඩකයකු විසින්ම පන්දුව යොමු කලයුතුවේ.

3. Offside වීමටනම් දෙවැනි අවසාන ප්‍රතිවාදී ක්‍රීඩකයාට අමතරව පන්දුවද සමාන තත්වයේ (Level) හෝ පිටුපසින් තිබිය යුතුය. පන්දුව ඉදිරියෙන් තිබෙන්නේ නම් Offside වන්නේ නැත.

4. Offside නොවීමට නම් යම් ක්‍රීඩකයෙකුගේ ශරීරයෙහි දෑත් හැර අනෙත් සියල්මු කොටස් ප්‍රතිවාදී කණ්ඩායමේ දෙවැනි අවසාන ක්‍රීඩකයාට පිටුපසින් හෝ සමපාත (Level) වී තිබිය යුතුය. දෑත් වලින් ගෝල වාර්තා කිරීම නීත්‍යානුකූල නොවන බැවින් දෑත් දිරියෙන් තිබුනේ නම් එය ගැටළුවක් නොවේ.

5. යම් කණ්ඩායමක ක්‍රීඩකයෙකු offside ස්ථානයක සිටින බව පැති විනිසුරු විසින් සංඥා කලවිට ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතිවාදී කණ්ඩායමට නිදහස් පහරක් (Free Kick) පිරිනමනු ලබයි.

6. වර්තමානයේ VAR (Video assistant referee) භාවිතා කරන තරගාවලිවලදී (ලෝක කුසලානයත් ඇතුළුව) යම් හෙයකින් ප්‍රධාන විනිසුරුට අවැසි නම්, VAR භාවිතා කරමින් ක්‍රීඩකයෙකු offisde වී තිබේද නැතිද යන්න පිළිබඳ නිවැරදිව තහවුරු කරගත හැක.

Cover – TheComeback

මූලාශ්‍ර

1. www.offside-ref.co.uk

2. www.gols.com

3. www.news.bbc.co.uk

4. www.fifa.com

Related Articles