Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පසුගිය පාපන්දු ලෝක කුසලාන 5 දෙස හැරී බැලීමක්

ලෝක කුසලාන තරගාවලියත් ඉවරවෙන්න ආසන්න නිසා පසුගිය අවසාන ලෝක කුසලාන තරගාවලි 5 පිළිබඳව කෙටි සටහනක් අපි ඔබට ගෙන එන්න හිතුවේ, අවසාන මහා තරගයට පෙර ඒවා පිළිබඳව දැනීමක් තිබීම ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා හිතපු නිසයි.

01. 1998 පාපන්දු ලෝක කුසලානය

1998 ලෝක කුසලානය 16 වන පාපන්දු ලෝක කුසලානය වුණා. එය 1998 ජූනි 10 සිට 12 වෙනිදා දක්වා පැවැත්වුණා. එයට සත්කාරකත්වය දක්වනු ලැබුවේ ප්‍රංශය යි. ප්‍රංශය ලෝක කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබා දුන් දෙවන අවස්තාව එය යි. ඔවුන් මෙවර අවසාන මහා තරගයට ද සුදුසුකම් ලබා සිටිනවා. එමෙන්ම එවර ලෝක කුසලානය ද තමන් නමට ලියා ගැනීමට ප්‍රංශය සමත්වුණේ බ්‍රසීලය ගෝල 3-0ක් ලෙස අවසාන මහා තරගයේ දී පරාජයට පත් කරමිනුයි. ඒ ඔවුන්ගේ පළමු ලෝක කුසලන ජය යි. මෙවර ප්‍රංශය සමග ප්‍රතිවාන්දී ලෙස අවසාන මහා තරගයට ක්‍රීඩා කරන ක්‍රොයේෂියාව, එවර තුන්වන තැන ලබා ගත්තා. එමෙන්ම මේ තරගාවලියේ කණ්ඩායම් ප්‍රමාණය 24 සිට 32 දක්වා ඉහළ දමා තිබුණා. එහි දී රන් පාපන්දුව බ්‍රසීලයේ රෝනාල්ඩො දිනාගත් අතර, ක්‍රොයේෂියාවේ ඩාවෝර් ශුකර් රන් සපත්තුව දිනාගත්තා. Fair Play සම්මාන එංගලන්තය හා ප්‍රංශය දිනාගත්තා.

foot01.com

02. 2002 පාපන්දු ලෝක කුසලානය

2002 මැයි 31 වෙනිදා සිට ජූනි මස 30 වෙනිදා තෙක් 17 වන පාපන්දු ලෝක කුසලානය පැවැත්වුණේ දකුණු කොරියාව හා ජපානය කේන්ද්‍ර කරගෙන යි. එමෙන්ම එය ආසියාවේ පැවති පළමු ලෝක කුසලානය හා රටවල් දෙකක් සත්කාරකත්වය ලබා දුන් පළමු ලෝක කුසලානය ද වුණා. මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දුන් දකුණු කොරියාව අර්ධ අවසන් තරග වලට සුදුසුකම් ලැබීම ද විශේෂිත සිදුවීමක් වුණා. එහිදී ඔවුන් ඉතාලිය, ස්පාඤ්ඤය, හා පෘතුගාලය ද පරාජයට පත් කරනු ලැබුවා. මෙම තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේ ජර්මනිය හා බ්‍රසීලය යි. එහි අවසාන මහා තරගයෙන් බ්‍රසීලය ගෝල 2-0ක් ලෙස ජයගනු ලැබුවා. රන් පාපන්දුව ඔලිවර් කාන් ජර්මනිය වෙනුවෙන් ජයගත් අතර තරගාවලියේ රන් සපත්තුව රොනාල්ඩො බ්‍රසීලය වෙනුවෙන් දිනා ගත්තා. Fair Play සම්මානය බෙල්ජියම දිනා ගත්තා.

wordpress.com

03. 2006 පාපන්දු ලෝක කුසලානය

2006 පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දුන්නේ ජර්මනිය යි. එය 2006 වසරේ ජූනි 9 සිට ජූලි 9 වෙනිදා දක්වා පැවැත්වුණා. එමෙන්ම එය එතෙක් මෙතෙක් වැඩිම දෙනෙක් නැරඹු රූපවාහිනි ක්‍රීඩා වැඩසටහනක් ද වුණා. ලෝක කුසලාන ඉතිහාසයේ තම හතරවන ලෝක කුසලානයත් දිනාගන්නට මේ තරගාවලියේ දී ඉතාලිය සමත් වුණා. ඒ ප්‍රංශය දඬුවම් පහර වටයේ දී 5-3ක් ලෙස පරාජය කරමිනුයි. තුන්වන තැන ජර්මනිය දිනාගන්නා විට හතරවන තැන පෘතුගාලය දිනාගත්තා. මෙහි රන් පාපන්දුව සිඩෑන් දිනාගත අතර, රන් සපත්තුව හිමිකරගත්තේ ජර්මනියේ ක්ලෝසුයි. Fair Play කණ්ඩායමට හිමි සම්මානය ස්පාඤ්ඤය දිනාගනු ලැබුවා.

turner.com

04. 2010 පාපන්දු ලෝක කුසලානය

19 වන පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය දරණු ලැබුවේ දකුණු අප්‍රිකාව යි. එය 2010 ජූනි 11 වෙනිදා සිට ජූලි 11 වෙනිදා දක්වා දකුණු අප්‍රිකාවේ නගර 9ක ක්‍රීඩාංගන 10ක පැවැත්වුණා. 2007 අගෝස්තු මස ආරම්භ කරන ලද සුදුසුකම් ලැබීමේ තරග වලින් තෝරා ගත් කණ්ඩායම් 32ක් මේ වෙනුවෙනුත් සහභාගී වුණා. මේ ලෝක කුසලානයේ ජයග්‍රහණය ස්පාඤ්ඤ කණ්ඩායම දිනාගත්තේ ඔවුන්ගේ පළමු ලෝක ශූරතාවය හිමිකර ගනිමින්.

අවසාන මහා තරගයේ දී ඔවුන් හා තරග වැදුනේ නෙදර්ලන්තය යි. තරගයේ ජයග්‍රාහී ගෝලය ස්පාඤ්ඤය වෙතින් වාර්තා වුණේ අතිරේක කාලයේ 116 වන මිනිත්තුවේ දී යි. තරග 64ක දී ගෝල 145ක් මේ තරගාවලිය පුරා වාර්තා වී තිබුණා. රන් පාපන්දුව උරුගුවේ කණ්ඩායමේ ෆෝලන් දිනාගනිද්දී රන් සපත්තුව තෝමස් මුලර් ජර්මනිය වෙනුවෙන් දිනා ගත්තා. Fair Play සම්මානය ද ස්පාඤ්ඤය දිනාගනු ලැබුවා.

sportintelligencemag.com

05. 2014 පාපන්දු ලෝක කුසලානය

අපට මතක ඇති අතීතයේ පැවති අවසාන ලෝක කුසලානය මෙය යි. එය 2014 ජූනි 12 සිට ජූලි 13 දක්වා බ්‍රසීලයේ පැවැත්වුණා. බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය ලබාදුන්නේ 2වන වතාවට යි. ඔවුන් පළමුවරට 1950 වසරේ දී මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දී තිබුණා. මෙම තරගාවලිය බ්‍රසීලයේ නගර 12ක පැවැත්වුණා. නමුත් බ්‍රසීල කණ්ඩායම අර්ධ අවසන් මහා තරගයේ දී ජර්මනියේ හමුවේ ගෝල 7- 1ක් පරාජය වුණේ, බ්‍රසීල ක්‍රීඩාලෝලීන්ට පමණක් නොව මුළු ලෝකයම පුදුම කරමිනුයි. එසේ අවසාන මහා තරගයට පැමිණි ජර්මනිය හා සටන් කිරීමට අනෙක් පසින් ආර්ජන්ටිනාව සුදුසුකම් ලබා තිබුණා. නමුත් සියල්ල තම නමට හරවාගත් ජර්මනිය අතිරේක කාලයේ ලබාගත් ගෝලය සමග ආර්ජන්ටිනාව 1-0ක් ලෙස පරාජය කරමින් ලෝක ශූරයන් වුණා. මෙම තරගාවලියේ තුන්වන තැන නෙදර්ලන්තයත්, හතරවන තැන බ්‍රසීලයටත් හිමි වුණා. තරගාවලියේ රන් පාපන්දුව මෙසී දිනාගනිද්දී, රන් සපත්තුව ජේම්ස් රොඩ්රිගස් ලබාගත්තා. මෙම ලෝක කුසලාන තරගාවලියේ තරග 64ක දී වාර්තා වී තිබූ ගෝල සංඛ්‍යාව 171 ක්.

wsj.net

Cover – businesswire.com

Related Articles