Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාජස්තාන් රෝයල්ස් IPL සටනේ පෙරමුණට

15 වන IPL තරගාවලිය මේ දිනවල ඉන්දියාවේ ක්‍රීඩාංගණ 4ක් ආශ්‍රිත ව ක්‍රියාත්මක වෙනවා. එම තරගාවලියේ තරග 20ක් අවසන් වෙද්දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වුණු දක්ෂත ම පිතිකරුවකු මෙන් ම කඩුලු රකින්නකු වූ කුමාර් සංගක්කාර යි.

ශ්‍රී ලංකාවෙන් බිහි වුණු දක්ෂතම වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවා ලෙසින් කටයුතු කරනවා. එම  සුසංයෝගය එක්ව මේ වන විට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යමින් සිටිනවා.

සංගක්කාර සහ මාලිංග රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමඟින් – rajasthanroals.com

 

ඒ අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින IPL තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

IPL තරගාවලි සටන් බිම

IPL තරගාවලියේ මූලික වටයේ තරග 9ක් පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. එහි දී රාජ්ස්තාන් රෝයල්ස්, ලක්නව් සුපර්ජයන්ට්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් ත්‍රිත්වය ජයග්‍රහණ 2 බැගින් වාර්තා කළා. පහත දක්වා තිබෙන්නේ එම තරගවල ප්‍රතිඵල විසඳුණු ආකාරය යි.

1). 12 වන තරගය- ලක්නව් සුපර් ජයන්ට්ස් සහ හයිද්‍රාබාද්- ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 12ක ජයක් 

2). 13 වන තරගය-රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ රාජස්තාන් රෝයල්ස් – රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 4ක ජයක් 

3). 14 වන තරගය- කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් – කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක් 

4). 15 වන තරගය- ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් – ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

5). 16 වන තරගය- ගුජරාට් ටයින්ටන්ස් සහ පන්ජාබ් කිංග්ස් – ගුජරාට් ටයින්ටන්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

6). 17 වන තරගය- සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් – සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 8ක ජයක් 

7). 18 වන තරගය- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් – බැංගලෝර් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

8). 19 වන තරගය- දිල්ලි කැපිටල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් – දිල්ලි කණ්ඩායමට ලකුණු 44ක ජයක් 

9). 20 වන තරගය- රාජස්තාන් රෝයල්ස් සහලක්නව් සුපර් ජයන්ට්ස් – රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු 3ක ජයක් 

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම – indianexpress.com

 

මෙවර IPL තරගාවලියේ මුල් තරග 20 අවසානයේ දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් යුගළයක් තරගාවලියේ වැඩි ම ලකුණු සහ කඩුලු ලාභීන් බවට පත්ව සිටිනවා. පහතින් දක්වා තිබෙන්නේ මේ වන විට තරගාවලිය තුළ වැඩිම කඩුලු සහ ලකුණු ලබාගෙන සිටින ක්‍රීඩකයන් පිළිබඳව යි. 

වැඩි ම ලකුණු ලාභියෝ 

1). ජෝස් බට්ලර් (රාජස්තාන් රෝයල්ස්)- ලකුණු 218 (ඉනිම්- 4)

2). කුයින්ටන් ද කොක් (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ලකුණු 188 (ඉනිම්- 5)

3). ශුබ්මන් ගිල් (ගුජරාට් ටයින්ටන්ස්)- ලකුණු 180 (ඉනිම්- 3)

4). ඉෂාන් කිශාන් (මුම්බායි ඉන්දියන්ස්)- ලකුණු 175 (ඉනිම්- 4)

5). ෂිම්රන් හෙට්මායර් (රාජස්තාන් රෝයල්ස්)- ලකුණු 168 (ඉනිම්- 4) 

ජෝස් බට්ලර්  – rajasthanroyals.com

වැඩි ම කඩුලු ලාභීහු

1). යුස්වේන්ද්‍ර චහාල් (රාජස්තාන් රෝයල්ස්)- කඩුලු 11 (ඉනිම්- 4)

2). කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)- කඩුලු 10 (ඉනිම්- 4)

3). උමේෂ් යාදව් (කොල්කටා නයිට් රයිඩර්ස්)- කඩුලු 10 (ඉනිම්- 5)

4). වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- කඩුලු 8 (ඉනිම්- 4)

5). ආවේශ් ඛාන් (ලක්නව් සුපර්ජයන්ට්ස්)- කඩුලු 8 (ඉනිම්- 5) 

යුස්වේන්ද්‍ර චහාල් (rajasthanroyals.com)

 

IPL තරග බිමෙන් වාර්තා වුණු විශේෂ පුවත් 

2022 IPL තරගාවලිය යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර පැවති තරගයේ දී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් පැට් කමින්ස් පන්දු 14කින් අර්ධ ශතකයක් වාර්තා කළා. ඒ අනුව IPL තරගාවලි ඉතිහාසයේ වේගවත් ම අර්ධ ශතකයේ සම වාර්තාවට උරුමකම් කීමට ඔහුට අවස්ථාව ලැබුණා.

ඊට පෙර කිංග්ස් XI පංජාබ් කණ්ඩායම නියෝජනය කළ ලෝකේෂ් රාහුල් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහි ව පන්දු 14කින් අර්ධ ශතකයක් වාර්තා කර තිබුණා. එම සිදුවීම වාර්තා වුණේ 2018 2018 IPL තරගාවලිය යටතේ පැවති තරගයක දී යි. 

කමින්ස් අර්ධ ශතකය ලබාගත් මොහොත- cricket.com.au

 

මෙවර 2018 IPL තරගාවලියේ 16 වන තරගය ගුජරාට් ටයිටන්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගයේ දී ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට් කණ්ඩායමටජයග්‍රහණය සඳහා ලකුණු 12ක්  අවසන් පන්දු දෙකේ දී අවශ්‍ය වුණා. ඒ මොහොතේ ක්‍රියාත්මක වුණු රාහුල් තෙවාටියා, ඔඩේන් ස්මිත් හමුවේ පිට පිට ම හයේ පහරවල් 2ක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. 

එවැනි විරළ සිදුවීමක් ඊට පෙර වාර්තා වුණේ 2016 IPL තරගාවලියේ දී යි. එදා රයිසින්ග් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළ මහේන්ද්‍ර සිං දෝනි කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමඟින් පැවති තරගයක දී අක්සාර් පටෙල් හමුවේ එම දස්කම දැක්වීමට සමත් වුණා.

තෙවාටියා සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය මොහොත  – cricket.com.au

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක් 

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් සිල්වර්හුඩ් වසර 2ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත් කර තිබෙනවා. 1996-2002 කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි සිල්වර්හුඩ්, එංගලන්තය නියෝජනය කරමින් ටෙස්ට් තරග 6කට සහ එක්දින තරග 7කට ක්‍රීඩා කර තිබෙනවා.

සිල්වර්හුඩ් මුල් ම වරට පුහුණුකරු තනතුරකට පත් වුණේ 2010 වසරේ දී යි. ඒ, එසෙක්ස් ප්‍රාන්ත වේග පන්දු පුහුණුකරුවා ලෙස යි. 2016 දී එසෙක්ස් ප්‍රාන්ත ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වුණු සිල්වර්හුඩ් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන ගියා.

ක්‍රිස් සිල්වර්හුඩ් එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින්  – gettyimages.com

 

2018 ජනවාරි මාසයේ එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා බවට පත්වුණු සිල්වර්හුඩ් 2019 ඔක්තෝබරයේ දී එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා බවට ද පත්වුණා. 2021/22 අළු බඳුන තරගාවලියේ දී ඔහු ගත් සමහර දුර්වල තීරණ නිසා එංගලන්තයට තරග 4-0ක දරුණු පරාජයක් උරුම වුණා. ඒ සමඟ ම සිල්වර්හුඩ්ට විවේචන රැසක් එල්ල වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්ඔහු එංගලන්ත පුහුණුකරු තනතුරෙන් 2022 පෙබරවාරියේ දී  ඉවත් වුණා. ඉන් අනතුරු ව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් එක් වීමට කැමැත්ත පළ කළා. මේ වන විට යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ වගකීම සිල්වර්හුඩ් වෙත පැවරී තිබෙන බව මෙහි දී කිව යුතු යි.

සිල්වර්හුඩ් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරමින් – gettyimages.com

 

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තොරතුරු

යුරෝපයේ පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු අර්ධයේ තරගය ගෙවුණු සතියේ දී නිමාවට පත්වුණා. එම තරගවල දී ස්පාඤ්ඤයේ රියාල් මැඩ්‍රිඩ්, එංගලන්තයේ ලිවර්පූල්, ස්පාඤ්ඤයේ විලාරියල්, එංගලන්තයේ මැංචෙස්ටර් සිටි යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා. එම තරගවල ප්‍රතිඵල සටහන් වුණේ  පහත දැක්වෙන ආකාරයට යි.

1). රියාල් මැඩ්‍රිඩ් සහ චෙල්සි- 3-1 

2). ලිවර්පූල් සහ බෙන්ෆිකා- 3-1  

3). මැංචෙස්ටර් සිටි සහ ඇත්ලෙටිකෝ මැඩ්‍රිඩ්- 1-0 

4). විලාරියල් සහ බයෙන් මියුනික්- 1-0 

චෙල්සි කණ්ඩායමට එරෙහිව ත්‍රිත්ව ගෝලයක් වාර්තා කළ කරීම් බෙන්සිමා – dnaindia.com

 

පාකිස්තානය හමුවේ ඕස්ට්‍රේලියාවට 20/20 තරගාවලි ජයක් 

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවති 20/20 තරගාවලිය ගෙවුණු සතියේ දී නිමාවට පත් වුණා. එම තරගාවලිය යටතේ පැවති එක ම 20/20 තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 3ක ජයක් හිමි වුණා. පහතින් දක්වා තිබෙන්නේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

පාකිස්තානය- 162/8 (20), (අසාම්- 66, කුෂ්දිල්- 24, එලිස්- 28/4, ග්‍රීන්- 16/2, ඇබට්- 28/1)

ඕස්ට්‍රේලියාව- 163/7 (19.1), (ෆින්ච්- 55, හෙඩ්- 26, ඉංග්ලිෂ්- 24, අෆ්රීඩි- 21/2, වසීම්- 30/2)

ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා- ඇරොන් ෆින්ච් 

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය- මාලිංග රාජස්තාන් ක්‍රීඩකයන්ට පුහුණුව ලබාදෙමින් - rajasthanroyals.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

Related Articles