Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ ක්‍රිකට් තරු බැබළුණු සතියක්

ඕමානයේ දී පසුගිය දිනවල පැවති ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලෝක කණ්ඩායමට හැකියාව ලැබුණා. අර්ජුන රණතුංගගේ පුහුණුකාරීත්වය යටතේ තරග බිමට පිවිසි ආසියානු කණ්ඩායමට එහි අනුශූරතාව හිමි වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, තිලකරත්න දිල්ෂාන්, දිල්හාර ප්‍රනාන්දු, උපුල් තරංග, රොමේෂ් කළුවිතාරණ, නුවන් කුලසේකර එහි දී ආසියානු කණ්ඩායම නියෝජනය කළා. ඔවුන් තරගාවලිය පුරාවට දැක්වූ සුපිරි දස්කම් මෙරට ක්‍රිකට් ලෝලීන්ට විශාල ආස්වාදයක් ගෙන දුන්නා. 

ඒ අයුරින් නිමාවට පත්වුණු ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳව මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

ලෙජන්ඩ්ස් ලීග් ශූරතාව ලෝක කණ්ඩායමට 

ලෙජන්ඩ් ලීග් ශූරතාවලියේ අවසන් තරගය ආසියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර  පසුගිය සෙනසුරාදා පැවැත්වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ලෝක කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබාගත්තා. එහි දී අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කොරී ඇන්ඩර්සන් දැවැන්ත හයේ පහර 8ක් සමඟින් පන්දු 43කදී නොදැවී වේගවත් ලකුණු 94ක් ලබා ගත්තා. ඒ අයුරින් ඇන්ඩර්සන් පිත්තෙන් දස්කම් දක්වද්දී පන්දුවෙන් හපන්කම් පෑ නුවන් කුලසේකර ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තා. 

කොරී ඇන්ඩර්සන් – gettyimages.com

 

ලකුණු 257ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ආසියානු කණ්ඩායම වෙනුවෙන් සනත් ජයසූරිය සහ තිලකරත්න දිල්ෂාන් ලකුණු 57ක සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. එහි දී ජයසූරිය ඔහුට හුරු පුරුදු පහරවල් එල්ල කරන ආකාරය දැකගන්නට ලැබුණා. ආරම්භක සබඳතාව බිඳවැටීමෙන් පසුව ආසියානු කණ්ඩායමේ කඩුලු කිහිපයක් ඉක්මනින් ම දැවී ගියා.

එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු පුවරුව 122/5 බවට පත්වුණා. ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට අකමැති වුණු ආසියානු කණ්ඩායමේ පිතිකරුවන් සටන්කාමී පිතිහරඹයක නිරත වුණා. එනිසා නියමිත පන්දුවාර 20 අවසානයේ ආසියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 231ක් ලබා ගත්තා. එම තරගයේ කෙටි ලකුණු පුවරුව පහතින් දක්වා තිබෙනවා.

සනත් ජයසූරිය (gettyimages.com)

 

කෙටි ලකුණු පුවරුව 

ලෝක පිල- 256/5 (20), (ඇන්ඩර්සන්- 94*, පීටර්සන්- 48, සැමී- 38, හැඩින්- 37, කුලසේකර- 45/3)

ආසියානු පිල- 231/8 (20), (යූසුෆ්- 39, ජයසූරිය- 38, ඇල්බි- 35/3, පනෙසාර්- 40/2)

ලෝක කණ්ඩායමට ලකුණු 25ක ජයක් 

තරගයේ වීරයා- කොරී ඇන්ඩර්සන් 

තරගාවලියේ වීරයා- මෝර්නි මෝකල්   

 ජයග්‍රාහී ලෝක කණ්ඩායම – newsupdate.uk

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දස්කම්

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ තරග පසුගිය සතියේ දී නිමාවට පත්වුණා. එහි දී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 4ක අනපේක්ෂිත පරාජයක් හිමිවීම කනගාටුදායක සිදුවීමක් වුණා. ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිබුණු අවස්ථාව අහිමි ව වෙද්දී ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, සහ ඇෆ්ගනිස්ථානය, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා.

1) පළමු අර්ධ අවසන් පූර්ව තරගය- දකුණු අප්‍රිකාව සහ එංගලන්තය

දකුණු අප්‍රිකාව- 209/10 (43.4), (බ්‍රෙවිස්- 97, අහමඩ්- 48/4, බොයිඩන්- 31/2, සේල්ස්- 33/2)

එංගලන්තය- 212/4 (31.2), (බෙතල්- 88, ලක්ස්ටන්- 47*, බ්‍රෙවිස්- 40/2)

එංගලන්තයට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- ජාකොබ් බෙතල් 

බෙතල්ගේ ඉනිමේ අවස්ථාවක් (espncricinfo.com)

 

2) දෙවන අර්ධ අවසන් පූර්ව තරගය- ඉන්දියාව සහ බංග්ලාදේශය

බංග්ලාදේශය- 111/10 (37.1), (මෙහෙරොබ්- 30, රවී- 14/3, ඔට්ස්වාල්- 25/2)

ඉන්දියාව- 117/5 (30.5), (රගුවන්ෂි- 44, රෂීඩ්- 26, ඩල්- 20*, මොන්ඩල්- 31/4)

ඉන්දියාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- රවී කුමාර් 

රවී කුමාර් පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

3) තෙවන අර්ධ අවසන් පූර්ව තරගය- ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය 

ඕස්ට්‍රේලියාව- 276/7 (50), (වයිලි- 71, මිලර්- 64, කැම්බල්- 47, අක්‍රම්- 40/3, අවයිස්- 46/2)

පාකිස්ථානය- 157/10 (35.1), (මුම්ටාස්- 29, ෆසී- 28, සල්ස්මන්- 37/3, විට්නි- 31/2, සින්ෆීල්ඩ්- 34/2)

ඕස්ට්‍රේලියාවට ලකුණු 119ක ජයක් 

තරගයේ වීරයා- ටේග් වයිලි 

වයිලිගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

4) සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය- ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය

ඇෆ්ගනිස්ථානය- 134/10 (47.1), (හයිඩි- 37, අහමඩ්- 30, රන්පුල්- 10/5, වෙල්ලාලගේ- 36/3)

ශ්‍රී ලංකාව- 130/10, (46), (වෙල්ලාලගේ- 34, රවීන්- 21, සාමි- 33/2, නවීඩ්- 19/1, අහමඩ්- 20/1)

ඇෆ්ගනිස්ථානයට ලකුණු 4ක ජයක් 

තරගයේ වීරයා- නූර් අහමඩ් 

නූර් අහමඩ් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

 

ඒ අයුරින් ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත්වුණු ශ්‍රී ලංකාව ඊයේ දිනයේ දී තවත් තරගයකට සහභාගි වුණා. ඒ පස්වන ස්ථානය තේරීම සඳහා පැවති අවසන් පූර්ව තරගයට යි. දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි ව පැවති එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 65ක පහසු ජයක් හිමි වුණා. එහි දී ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ අගනා ලකුණු 113ක් ලබා ගෙන කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ශ්‍රී ලංකාව- 232/6 (50), (වෙල්ලාලගේ- 113, රනුද- 57*, මපාකා- 60/3, බෝස්ට්- 21/2)

දකුණු අප්‍රිකාව- 167/10 (37.3), (මරී- 44, හර්මන්- 34, රවීන්- 14/2, ඩැනියල්- 28/2, මැතිව්- 41/2)

ශ්‍රී ලංකාවට ලකුණු 65ක ජයක් 

තරගයේ වීරයා- දුනිත් වෙල්ලාලගේ 

වෙල්ලාලගේ පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

එංගලන්තය හමුවේ කොදෙවෝ ජයපැන් බොති

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 5කින් සමන්විත T20 තරගාවලියක් පසුගිය දිනවල බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවැත්වුණා. එම තරගාවලියේ මුල් තරග 4 අවසන් වෙද්දී දෙපිල ම තරග 2 බැගින් ජයග්‍රහණය කර තිබුණා. එනිසා පස්වන 20/20 තරගයේ ප්‍රතිඵලය මත ජයග්‍රාහී කණ්ඩායම තීරණය වීමට නියමිත ව තිබුණා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 1.30ට ආරම්භ වුණු එම තරගය ලකුණු 17කින් ජයග්‍රහණය කළ කොදෙව්වන් තරගාවලිය 3-2ක් ලෙසින් ජය ගත්තා. එහි දී  කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් පිට පිට ම පන්දු 4කින් කඩුලු 4ක් දවා ගෙන කැපී  පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. ඔහුට පෙර ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්, අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් එම දස්කම දක්වා තිබුණා.

ජේසන් හෝල්ඩර් පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages.com)

 

ඒ අයුරින් නිමාවට පත්වුණු බටහිර ඉන්දීය කොදෙව්-එංගලන්ත 20/20 තරගාවලියේ ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා.

1) පළමු තරගය- කොදෙව්වන්ට කඩුලු 9ක ජයක් 

එංගලන්තය- 103/10 (19.4)

කොදෙව්- 104/1 (17.1)

තරගයේ වීරයා- ජේසන් හෝල්ඩර් (කොදෙව්)- 7/4 (3.4)

2) දෙවන තරගය- එංගලන්තයට ලකුණු 1ක ජයක් 

එංගලන්තය- 171/8 (20)

කොදෙව්- 170/8 (20)

තරගයේ වීරයා- මොයින් අලී (එංගලන්තය)- 31 (24) සහ 24/3 (4)

3) තෙවන තරගය- කොදෙව්වන්ට ලකුණු 20ක ජයක් 

කොදෙව්- 224/5 (20)

එංගලන්තය- 204/9 (20)

තරගයේ වීරයා- රොව්මන් පවෙල් (කොදෙව්)- 107 (53)

පවෙල් ශතකය වාර්තා කළ අවස්ථාව – gettyimages.com

 

4) සිව්වන තරගය- එංගලන්තයට ලකුණු 34ක ජයක් 

එංගලන්තය- 193/6 (20)

කොදෙව්- 159/5 (20)

තරගයේ වීරයා- මොයින් අලී (එංගලන්තය)- 63 (28) සහ 28/2 (4)

එංගලන්තය වෙනුවෙන් දස්කම් දැක්වූ මොයින් අලී – gettyimages.com

 

5) පස්වන තරගය- කොදෙව්වන්ට ලකුණු 17ක ජයක් 

කොදෙව්- 179/4 (20)

එංගලන්තය- 162/10 (19.5)

තරගයේ වීරයා- ජේසන් හෝල්ඩර් (කොදෙව්)- 27/5 (2.5)

තරගාවලියේ වීරයා- ජේසන් හෝල්ඩර් 

ජයග්‍රාහී කොදෙව් කණ්ඩායම – gettyimages.com

 

නඩාල් සහ බාටි ඕස්ට්‍රේලියානු ටෙනිස් ශූරතා දිනා ගනියි 

ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක් වන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඊයේ දිනයේ දී නිමාවට පත්වුණා. එහි දී යළිත් වරක් දස්කම් අතරට පිවිසි ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් 2009 වසරට පසුව පිරිමි ඒකල ශූරතාවය දිනාගත්තා.

එහි දී ඔහු රුසියානු ක්‍රීඩක  ඩැනිල් මෙඩ්වෙඩෙව් හමුවේ තරග වට 3-2ක ජයක් හිමි කර ගත්තා. එම තරගයේ පළමු තරග වට දෙක මෙඩ්වෙඩෙව් ජයග්‍රහණය කළා. නමුත් තරගයට ඉන් අනතුරුව අවතීර්ණ වුණු නඩාත් ඉතිරි තරග වට තුන ජයග්‍රහණය කරමින් ශූරතාව දිනා ගත්තා.

නඩාල් ජයග්‍රාහී කුසලානය සමඟින් – gettyimages.com

 

මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ඒකල කිරුළ ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටි දිනා ගත්තා. එහි දී ඇය අමෙරිකානු ක්‍රීඩිකා ඩැනියෙලා කොලින්ස් හමුවේ තරග වට 2-0ක පහසු ජයක් හිමි කර ගත්තා.

එහි දී ලකුණු තත්ත්වය 6-3ක් සහ 7-6ක් ලෙසින් සටහන් වුණා. ඒ අනුව ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලි ඉතිහාසයේ සත්කාරක රටේ ක්‍රීඩිකාවක් කාන්තා ඒකල කිරුළ ජයග්‍රහණය කළේ වසර 44කට පසුව යි. අවසන් වරට 1978 තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ක්‍රිස්ටියන් ඕ නීල් එම දස්කම දක්වා තිබුණා.

කාන්තා ඒකල ශූරිය ඈෂ්ලි බාටි- gettyimages.com

කවරයේ ඡායාරූපය- ලෙජන්ඩ් ලීග් තරගාවලියට එක් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තරු - newswire.lk

මූලාශ්‍ර:

espncricinfo.com 

howstat.com 

ausopen.com 

Related Articles