Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

LPL අවසන් සටනට ගෝල් ග්ලැඩියේටර්ස් සූදානම්

ලංකා ප්‍රිමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ පැවති Qualifier 1 තරගයේ දී පසුගිය වසරේ ශූරයන් වුණු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හමුවේ ලකුණු 64ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත්වුණා. එම තරගාවලියේ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

LPL තරගාවලියේ තොරතුරු 

දෙසැම්බර් 5 වැනිදා ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ තරග 20ක් ක්‍රියාත්මක වුණා. එම වටයේ සියලු ම තරග පසුගිය සිකුරාදා වන විට අවසන් වුණා. තියුණු මුහුණුවරක් ගත් පළමු තරග වටය අවසානයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිද්දී ගෝල් ග්ලැඩියේටර්ස් සහ කළම්බු ස්ටාර්ස් කණ්ඩායම් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත්තා. පහතින් දක්වා තිබෙන්නේ ප්‍රසාද ලකුණු සටහන යි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම – gettyimages.com

 

ප්‍රසාද ලකුණු සටහන 

1) ජැෆ්නා කිංග්ස්- ලකුණු 12   (තරග 8)

2) ගෝල් ග්ලැඩියේටර්ස්- ලකුණු 9   (තරග 8)

3) කළම්බු ස්ටාර්ස්- ලකුණු 8   (තරග 8)

4) දඹුල්ල ජයන්ට්ස්- ලකුණු 7   (තරග 8)

5) කැන්ඩි වොරියර්ස්-ලකුණු 4   (තරග 8)

මූලික වටයේ තරගවල දී වැඩිම කඩුලු ලාභියා වුණු සමිට් පටෙල් – gettyimages.com

 

තරගාවලියේ අවසන් වටයේ තරග ඊයේ (19) දිනයේ දී ආරම්භ වුණා. ඒ යටතේ පැවැත්වුණු Eliminator තරගයේ දී කළම්බු ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් ලබා ගත්තා. Qualifier 1 තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 64ක ජයක් හිමි කර ගත්තා. එම තරගවල කෙටි ලකුණු පුවරු පහතින් දක්වා තිබෙනවා.

Eliminator තරගය 

කළම්බු ස්ටාර්ස්- 145/6 (20), (මැතිව්ස්- 50*, නිස්සංක- 42, ප්‍රදීප්- 23/2, තාහීර්- 25/2)

දඹුල්ල ජයන්ට්ස්- 146/4 (18.5), (ලියනගේ- 56*, නජිබුල්ලා- 34, සෝල්ට්- 32, චමීර- 24/1)

දඹුල්ල කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- ජනිත් ලියනගේ 

ජනිත්ගේ ඉවලිවන්ත ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

Qualifier 1 තරගය 

ගෝල් ග්ලැඩියේටර්ස්- 188/5 (20), (මෙන්ඩිස්- 85, ගුණතිලක- 55, තිසර- 36/2, වහාබ්- 39/2)

ජැෆ්නා කිංග්ස්- 124/10 (16.5), (ගුර්බාස්- 59, හසරංග- 29, තුෂාර- 13/5, අන්වර්- 3/1, පුලින- 13/1) 

ගෝල් ග්ලැඩියේටර්ස්  කණ්ඩායමට ලකුණු 64ක ජයක් 

තරගයේ වීරයා- කුසල් මෙන්ඩිස්  

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නුවන් තුෂාර – gettyimages.com

 

තරගාවලියේ වැඩි ම ලකුණු ලාභීහු 

මෙවර LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීම සඳහා ගාල්ල කණ්ඩායමේ කුසල් සහ දඹුල්ල කණ්ඩායමේ සෝල්ට් අතර තියුණු තරගයක් පවතිනවා. Qualifier 1 තරගය අවසන් වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් පිළිබඳව පහතින් දක්වා තිබෙනවා. 

1) කුසල් මෙන්ඩිස් (ගෝල් ග්ලැඩියේටර්ස්)- ලකුණු 288 (ඉනිම්- 9)

2) ෆිල් සෝල්ට් (දඹුල්ල ජයන්ට්ස්)- ලකුණු 279 (ඉනිම්-9)

3) දිනේෂ් චන්දිමාල් (කළම්බු ස්ටාර්ස්)- ලකුණු 277 (ඉනිම්-9)

4) කෝලර්-කැඩ්මෝර් (ජැෆ්නා කිංග්ස්)- ලකුණු 224 (ඉනිම්- 9)

5) ඇන්ජලෝ මැතිව්ස් (කළම්බු ස්ටාර්ස්)- ලකුණු 191 (ඉනිම්-5)

කුසල් මෙන්ඩිස් පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

තරගාවලියේ වැඩි ම කඩුලු ලාභීන් 

මෙවර LPL තරගාවලියේ වැඩි ම ලකුණු කඩුලු බවට පත්වීම සඳහා ගාල්ල කණ්ඩායමේ සමිට් සහ දඹුල්ල කණ්ඩායමේ තාහීර් අතර තියුණු තරගයක් පවතිනවා. Qualifier 1 තරගය අවසන් වන විට තරගාවලියේ වැඩි ම කඩුලු ලබාගත් පන්දු යවන්නන් පිළිබඳ පහතින් දක්වා තිබෙනවා. 

1) ඉම්රාන් තාහීර් (දඹුල්ල ජයන්ට්ස්)- කඩුලු 15 (ඉනිම්- 8)

2) සමිට් පටෙල් (ගෝල් ග්ලැඩියේටර්ස්)- කඩුලු 15 (ඉනිම්- 9)

3) මහීෂ් තීක්ෂණ (ජැෆ්නා කිංග්ස්)-  කඩුලු 13 (ඉනිම්- 8)

4) සීක්කුගේ ප්‍රසන්න (කළම්බු ස්ටාර්ස්)-  කඩුලු 13 (ඉනිම්- 8)

5) දුෂ්මන්ත චමීර (කළම්බු ස්ටාර්ස්)-  කඩුලු 13 (ඉනිම්- 9)

ඉම්රාන් තාහීර් පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

සර්ජියෝ ඇගියුරෝ පාපන්දු දිවියට සමු දෙයි 

ආජන්ටිනාවෙන් බිහිවුණු සුපිරි පාපන්දු තරුවක් වන සර්ජියෝ ඇගියුරෝ මීට මාසයකට පමණ පෙර හෘදයාබාධයකට ගොදුරු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට පාපන්දු පිටියට සමුදීමට සිදුව තිබෙනවා.

ඒ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත යි. එනිසා පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවක් කැඳ වූ මෙම සුපිරි ක්‍රීඩකයා කඳුළු පිරි දෙනෙතින් යුතු ව සිය සමුගැනීම ප්‍රකාශයට පත් කළා. 

ඇගියුරෝ පාපන්දු දිවියට සමුදුන් මොහොත – gettyimages.com

 

මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන ඇගියුරෝ 2006-2021 කාල සමයේ ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරමින් තරග 101කට සහභාගි වෙමින් ගෝල 41ක් වාර්තා කිරීමට සමත් වුණා. ඔහු 2014 ලෝක කුසලාන පාපන්දු අනු ශූරතාව දිනාගත් ආජන්ටිනා කණ්ඩායමේ සාමාජිකයකු ද වුණා.

2003-2021 කාල සමයේ දී පාපන්දු ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කළ ඇගියුරෝ බාර්සිලෝනා, මැංචෙස්ටර් සිටි සහ ඇත්ලෙටිකෝ මැඩ්‍රිඩ් යන ජනප්‍රිය පාපන්දු ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කළා. එහි දී ඔහු තරග 508කට සහභාගි වෙමින් ගෝල 282ක් වාර්තා කළා. ඒ අතුරින් ඔහු ගෝල 184ක් මැංචෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

ඇගියුරෝ ආජන්ටිනාව වෙනුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

සාන්තුවරයන්ගේ සටනේ වැඩි ගෞරව ශාන්ත ජෝශප් විදුහලට

ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන සාන්තුවරයන්ගේ සටන කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පසුගිය දිනවල ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයන් රැසක් දායාද කළ මෙම පාසල් දෙක අතර මෙවර වාර්ෂික ක්‍රිකට් ගැටුම පැවැත්වුණේ 87 වන වතාවට යි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එක් වීම හේතුවෙන් විදුහල් දෙකේ ම ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකුට මෙවර මහා සටනට සහභාගි වීමේ වරම අහිමි වුණා. දින 2ක් පුරා පැවති තරගය අවසානයේ දී ජය පරාජයෙන් තොරව නිමා වුණා. එහි දී වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වුණේ ශාන්ත ජෝශප් විදුහල යි. තරගයේ කෙටි ලකුණු පුවරුව පහතින් දක්වා තිබෙනවා.

කණ්ඩායම් දෙකේ නායකයන් කුසලානය සමඟ – Dialog Axiata

 

ජෝශප් පළමු ඉනිම- 261/7, (යෙසිත්- 57, හිරාන්- 53*, ෂෙරාන්- 52, උමේෂ්- 56/3 ලෂේන්- 48/2)

පීතර පළමු ඉනිම- 138/10, (ෂෙනාල්- 62, නිපුනක- 19, ෂේනුක- 25/3, අමරසේකර- 40/3)

පීතර දෙවන ඉනිම- 82/2, (දෙවටගේ- 50*, ෂෙනාල්- 23, යෙසිත්- 19/1, ෂේනුක- 21/1) 

සම්මාන 

1) තරගයේ වීරයා- ෂෙරාන් ෆොන්සේකා (ශාන්ත ජෝශප්)

2) හොඳ ම පිතිකරුවා- ෂෙනාල් බොතේජු (ශාන්ත පීතර)

3) හොඳ ම පන්දු යවන්නා- ෂේනුක ද සිල්වා (ශාන්ත ජෝශප්)

4) හොඳ ම තුන් ඉරියව් ක්‍රීඩකයා- යෙසිත් රූපසිංහ (ශාන්ත ජෝශප්)

5) හොඳ ම පන්දු රකින්නා- ෂෙනාල් බොතේජු (ශාන්ත පීතර)

සම්මාන දිනාගත් ක්‍රීඩකයෝ – Dialog Axiata 

 

ශාන්තුවරයන්ගේ සටන අවසන් වීමෙන් පසුව එම විදුහල්  අතර පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ම පැවැත්වුණා. 47 වන වතාවට පැවති එම තරගය ලකුණු 85කින් ජයගැනීමට ශාන්ත ජෝශප් විදුහලට හැකිවුණා.

එය ඔවුන් වාර්ෂික එක්දින තරගය ජයගත් 24 වන අවස්ථාව ලෙසින් සටහන් වුණා. ශාන්ත ජෝශප් විදුහල තරග 24ක් ජයග්‍රහණය කරද්දී ශාන්ත පීතර විදුහලට ජයග්‍රහණය කිරීමට හැකි ව තිබෙන්නේ තරග 20ක් පමණ යි. පහතින් දක්වා තිබෙන්නේ මෙවර තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ජයග්‍රාහී ශාන්ත ජෝශප් කණ්ඩායම (papare.com)

ශාන්ත ජෝශප්- 200/10 (49.1), (හිරාන්- 58, මිතිර- 52, දිනාල්- 30, චමෙල්ක- 27/2, ධනාල්- 30/2)

ශාන්ත පීතර- 115/10 (35.2), (ෂෙනාල්- 48, නිපුනක- 31, අමරසේකර- 36/5, දේශාන්- 14/2, යෙසිත්- 17/2)

සම්මාන 

1) තරගයේ වීරයා- ළහිරු අමරසේකර  (ශාන්ත ජෝශප්)

2) හොඳ ම පිතිකරුවා- හිරාන් ජයසුන්දර (ශාන්ත ජෝශප්)

3) හොඳ ම පන්දු යවන්නා- ධනාල් හේමනන්ද (ශාන්ත පීතර)

4) හොඳ ම පන්දු රකින්නා- ෂෙරාන් ෆොන්සේකා  (ශාන්ත ජෝශප්)

තරගයේ වීරයා බවට පත්වුණු ළහිරු අමරසේකර- papare.com

පාකිස්තානය කොදෙව්වන් හමුවේ ජය පැන් බොයි 

පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරග 3කින් සමන්විත 20/20 තරගාවලියක් පසුගිය සතියේ දී පැවැත්වුණා. කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වුණු එම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායමට හැකිවුණා. එම තරගවල කෙටි ලකුණු පුවරු පහතින් දක්වා තිබෙනවා.

ජයග්‍රාහී පාකිස්ථානු කණ්ඩායම (gettyimages.com)

 

පළමු තරගය- පාකිස්තානයට ලකුණු 63ක ජයක්  

පාකිස්තානය- 200/6 (20), (රිස්වාන්- 78, හයිඩර්- 68, නවාස්- 30*, ෂෙපර්ඩ්- 43/2)

කොදෙව්- 137/10 (19), (හෝප්- 31, ඔඩේන්- 24, වසීම්- 40/4, ෂඩාබ්- 17/3)

තරගයේ වීරයා- හයිඩර් අලී    

දෙවන තරගය- පාකිස්තානයට ලකුණු 9ක ජයක්  

පාකිස්තානය- 172/8 (20), (රිස්වාන්- 38, අහමඩ්- 32, ෂඩාබ්- 28*, ඔඩේන්- 24/2)

කොදෙව්- 163/10 (20), (කිං- 67, ෂෙපර්ඩ්- 35, අෆ්රීඩි- 26/3, නවාස්- 36/2)

තරගයේ වීරයා- ෂඩාබ් ඛාන්    

තෙවන තරගය- පාකිස්තානයට කඩුලු 7ක ජයක්  

කොදෙව්- 207/3 (20), (පූරන්- 64, බෘක්ස්- 49, කිං- 43, වසීම්- 44/2, ධහානි- 23/1)

පාකිස්තානය- 208/3 (18.5), (රිස්වාන්- 87, අසාම්- 79, අසීෆ්- 21*, ඔඩේන්- 34/1)

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා- මොහොමඩ් රිස්වාන් 

තරගාවලියේ වීරයා මොහොමඩ් රිස්වාන් – gettyimages.com

කවරයේ ඡායාරූපය- ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම (gettyimages.com) 

මූලාශ්‍ර: 

espncricinfo.com 

fifa.com 

thepaparefide.com 

Related Articles