Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අළුබඳුන තරගාවලියක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් පස් දෙනෙක්

2019 අළුබඳුන තරගාවලිය නිමාවට පත්වුණේ කණ්ඩායම් දෙකම තරග 2ක බැගින් ජයග්‍රහණය කරමින්. ඒ අනුව 2001 වසරට පසුව එංගලන්ත බිමේ දී අළුබඳුන තරගාවලියක් පරාජය නොවී සිටීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවුණා. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්වුණේ තරග 4ක දී ලකුණු 774ක් ස්ටීව් ස්මිත්. එලෙස සුපිරි දස්කම් දැක්වූ ස්මිත් තනි අළුබඳුන තරගාවලියක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් පස්දෙනා අතරට එක්වුණා. මෙම ලිපිය වෙන්වන්නේ තනි අළුබඳුන තරගාවලියක වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවන් පස්දෙනා සඳහා යි.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව) – ලකුණු 974 (1930 අළුබඳුන තරගාවලිය)

1930 වසරේ දී එංගලන්ත බිමේ පැවති  අළුබඳුන තරගාවලිය හඳුන්වන්නේ බ්‍රැඩ්මන්ගේ අළුබඳුන තරගාවලිය ලෙස යි. එදා මුල්ම වරට එංගලන්ත බිමට පය ගැසූ බ්‍රැඩ්මන් විශිෂ්ඨ දස්කම් දැක්වූයේ වසර 6කට පසුව සිය රටට අළුබඳුන කුසලානය දිනාදෙමින්. එහිදී තරග 5ක් තුළ ඉනිම් 7ක් ක්‍රීඩාකළ බ්‍රැඩ්මන්, ලකුණු 974ක් ලබාගත්තේ 139.14ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එය යම් පිතිකරුවෙකු ටෙස්ට් තරගාවලියක වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් තවමත් වාර්තා අතර රැඳී පවතිනවා. එසේම හෙඩිංලි පිටියේ දී  බ්‍රැඩ්මන් ලබාගත් ලකුණු 334 එම අවදියේ ටෙස්ට් ඉනිමක වාර්තා වුණු ඉහළම ලකුණු ප්‍රමාණය බවට පත්වුණා. බ්‍රැඩ්මන් එම තරගාවලිය තුළ ශතක 4ක් ලබාගත්තේ පහත ආකාරයට යි.

1) 131 (287) ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී 

2) 254 (376) ලෝඩ්ස් පිටියේ දී 

3) 334 (449) හෙඩිංලි පිටියේ දී 

4) 232 (417) කෙනිංටන් ඕවල් පිටියේ දී 

බ්‍රැඩ්මන් ලකුණු 334 රැස්කළ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

වොලී හැමන්ඩ් (එංගලන්තය) – ලකුණු 905 (1930 අළුබඳුන තරගාවලිය)

1928/29 අළුබඳුන තරගාවලිය වොලී හැමන්ඩ් ක්‍රීඩාකළ මුල්ම අළුබඳුන තරගාවලිය යි. එසේම එය ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ද මුල්ම අළුබඳුන තරගාවලිය බවට පත්වුණා. එදා ඕස්ට්‍රේලියානු බිමේ දී 4-1 ලෙසින් එංගලන්තය ලබාගත් ජයග්‍රහණයට යෝධ ශක්තියක් වුණු හැමන්ඩ් ඉනිම් 9ක් තුළ ලකුණු 905ක් ලබාගත්තේ 113.12ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එම තරගාවලියේ දී ශතක 4ක් වාර්තා කළ හැමන්ඩ් සිය මංගල ටෙස්ට් ශතකය ලෙසින් ලකුණු 251ක් ලබාගත්තා. එම තරගාවලිය තුළ හැමන්ඩ්ගේ පිත්තෙන් ශතක වාර්තා වුණේ පහත ආකාරයට යි.

1) 251 (605) සිඩ්නි පිටියේ දී 

2) 200 (472) මෙල්බර්න් පිටියේ දී 

3) 119* (374) ඇඩ්ලේඩ් පිටියේ දී 

4) 177 (603) ඇඩිලේඩ් පිටියේ දී 

වොලී හැමන්ඩ් (gettyimages)

මාක් ටේලර් (ඕස්ට්‍රේලියාව) – ලකුණු 839 (1989 අළුබඳුන තරගාවලිය)

1987/88 අළුබඳුන තරගාවලිය සිය මව්බිමේ දීම පරාජය වුණු ඕස්ට්‍රේලියානුවන් 1989 වසරේ එංගලන්ත බිමේ පැවති අළුබඳුන තරගාවලිය සඳහා අවතීර්ණ වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්.එම තරගාවලිය සඳහා සහභාගි වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එක් ආරම්භක පිතිකරුවෙකු වුණු මාක් ටේලර් ඒ වන විට සහභාගි වී තිබුණේ ටෙස්ට් තරග 2කට පමණ යි. එදා එංගලන්තය පරාජය කරමින් ඕස්ට්‍රේලියානුවන් 4-0ක් ලෙස ලැබූ තරගාවලි ජයග්‍රහණයට ප්‍රබල ම දායකත්වයක් දැක්වූයේ මාක් ටේලර් ලකුණු 839ක් ලබාගත්තේ 83.90ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එහිදී ටේලර් ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් ලබාගත්තේ පහත ආකාරයට යි.

1) 136 (315) හෙඩිංලි පිටියේ දී 

2) 60 (112) හෙඩිංලි පිටියේ දී 

3) 62 (162)  ලෝඩ්ස් පිටියේ දී 

4) 51 (148) එජ්බැස්ටන් පිටියේ දී 

5) 85 (180) ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී 

6) 219 (461) ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී 

7) 71 (125) කෙනිංටන් ඕවල් පිටියේ දී 

මාක් ටේලර් ද්විත්ව ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව) – ලකුණු 810 (1930 අළුබඳුන තරගාවලිය)

බ්‍රැඩ්මන් මුල්ම වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත්වුණේ 1936/37 අළුබඳුන තරගාවලියේ දී යි. එම තරගාවලියේ මුල් තරග 2ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්වුණේ බ්‍රැඩ්මන් අසාර්ථක වීම නිසා යි. නමුත් ඉන් අනතුරුව පැවැත්වුණු ටෙස්ට් තරග 3දී ම බ්‍රැඩ්මන් ශතක 3ක් ලබාගත්තේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්. එහිදී තරගාවලිය තුළ ලකුණු 810ක් ලබාගත් බ්‍රැඩ්මන් 90.00ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත්තා. එම තරගාවලිය තුළ බ්‍රැඩ්මන්ගේ පිත්තෙන් ශතක 3ක් සහ අර්ධ ශතකයක් වාර්තා වුණේ පහත ආකාරයට යි. 

1) 82 (140) සිඩ්නි පිටියේ දී 

2) 270 (375) මෙල්බර්න් පිටියේ දී 

3) 212 (395) ඇඩිලේඩ් ඕවල් පිටියේ දී 

4) 169 (191) මෙල්බර්න් පිටියේ දී 

බ්‍රැඩ්මන් ලකුණු 270ක් රැස්කළ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ස්ටීව් ස්මිත්  (ඕස්ට්‍රේලියාව) – ලකුණු 774 (2019 අළුබඳුන තරගාවලිය)

2005 වසරේ සිට එංගලන්ත බිමේ දී අළුබඳුන තරගාවලි 4ක් පරාජය වී සිටි ඕස්ට්‍රේලියානුවන් 2019 තරගාවලිය සඳහා අවතීර්ණ වුණේ තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අරමුණ සිතේ දරාගෙන යි. අවසානයේ දී  ඕස්ට්‍රේලියානුවන්ට එම අරමුණ ඉටු කරගැනීමට නොහැකි වුණත් ඔවුන් තරගාවලිය පරාජය නොවුණේ ස්ටීව් ස්මිත්ගේ දක්ෂ පිතිහරඹය නිසා යි. එහිදී ඉනිම් 7ක් තුළ ලකුණු 774ක් ලබාගත් ස්මිත් 110.57ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගැනීමට සමත්වුණා. එම ලකුණු 774 වෙනුවෙන් ස්මිත්ගේ පිත්තෙන් ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් වාර්තා වුණේ පහත ආකාරයට යි. 

1) 144 (219) එජ්බැස්ටන් පිටියේ දී 

2) 142 (207) එජ්බැස්ටන් පිටියේ දී 

3) 92 (161) ලෝඩ්ස් පිටියේ දී 

4) 211 (319) ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී 

5) 82 (92) ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී 

6) 80 (145) කෙනිංටන් ඕවල් පිටියේ දී 

ස්ටීව් ස්මිත් ද්විත්ව ශතකය ලබාගත් අවස්ථාව  (gettyimages)

කවරයේ ඡායාරූපය - ස්ටීව් ස්මිත් 2019 අළුබඳුන තරගාවලියේ දී (gettyimages)  

Related Articles