Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවාසනාවන්ත පරාජයකින් නිමා වුණු ෆෙඩරර්ගේ ටෙනිස් දිවිය

ලෝක ටෙනිස් ඉතිහාසය තුළ බිහි වුණු විශිෂ්ටත ම ක්‍රීඩකයෙකa වන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පසුගිය සෙනසුරාදා සිය ටෙනිස් තරග දිවියේ අවසන් තරගයට සහභාගි වුණා. ඒ ලේවර් කුසලාන ටෙනිස් තරගාවලිය යටතේ පැවති පිරිමි යුගළ තරග ඉසව්වට යි. එහි දී ඔහු ස්පාඤ්ඤ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් සමඟින් එම තරග ඉසව්ව සඳහා සහභාගි වුණා.

එම තරගයේ දී ඔවුන් දෙපළ අමෙරිකානු ක්‍රීඩක යුගළයක් හමුවේ තරග වට 2-1ක පරාජයක් ලැබුවා. ඒ අනුව රොජර් ෆෙඩරර් නම් සුපිරි ටෙනිස් ක්‍රීඩකයාගේ කීර්තිමත් ක්‍රීඩා දිවිය නොසිතූ පරාජයකින් අවසන් වුණා. 

රොජර් ෆෙඩරර් ටෙනිස් දිවියෙන් සමුගත් මොහොත – gettyimages.com

 

ෆෙඩරර්ගේ ටෙනිස් දිවියේ අවසන් තරගය 

යුරෝපා ටෙනිස් කණ්ඩායම සහ ලෝක ටෙනිස් කණ්ඩායම අතර පැවැත්වෙන ලේවර් කුසලාන ටෙනිස් තරගාවලිය එංගලන්තයේ ලන්ඩන් නුවර දී පසුගිය සිකුරාදා ආරම්භ වුණා.

එහි දී යුරෝපා ටෙනිස් කණ්ඩායම නියෝජනය කළ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පිරිමි යුගළ ඉසව්ව සඳහා සහභාගි වුණා. එම තරග ඉසව්වේ දී ඔහුගේ සහායකයා බවට පත් වුණේ එක්තරා යුගයක ටෙනිස් පිටියේ දී ඔහුගේ ප්‍රබලත ම ප්‍රතිවාදියා වුණු ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්. 

ෆෙඩරර් සහ නඩාල් එක්ව තරග වදිමින් – gettyimages.com

 

එහි දී රොජර් ෆෙඩරර් සහ රෆායල් නඩාල් අමෙරිකානු ටෙනිස් ක්‍රීඩකයන් වුණු ජැක් සොක් සහ ෆ්රාන්සස් ටියාෆෝ සමඟින් තරග වැදුණා. ආරම්භයේ සිට තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ මුල් තරග වටය ලකුණු 6-4ක් ලෙස ජයග්‍රහණය කිරීමට ෆෙඩරර් සහ නඩාල් සමත් වුණා. නමුත්

ඉන් අනතුරු ව තරගයට හොඳින් අවතීර්ණ වුණු සොක් සහ ටියාෆෝ දෙවන තරග වටය තියුණු සටනකින් පසුව ලකුණු 7-6ක් ලෙස ජයග්‍රහණය කළා. 

තරගය අතරතුර තියුණු අවස්ථාවක් – gettyimages.com

 

එම තරග වටයෙන් පසුව ආරම්භ වුණේ තීරණාත්මක තෙවන තරග වටය යි. එම වටයේ දී දෙපාර්ශවය ම කරට කර සටනක නිරත වුණා. වරින් වර දෙපසට දෝලනය වුණු එම තරග වටය අවසානයේ දී ලකුණු 11-9 ක් ලෙසින් ජයග්‍රහණය කළේ සොක් සහ ටියාෆෝ යන ක්‍රීඩක යුගළය යි.

එම තරගයේ ජයග්‍රහණය තරග වට 2-1ක් ලෙසින් හිමි වුණේ ජැක් සොක් සහ ෆ්රාන්සස් ටියාෆෝ යන ක්‍රීඩකයන් දෙදෙනාට යි. 

තරගය අවසන් වීමෙන් පසුව – gettyimages.com

 

එම අවාසනාවන්ත පරාජයත් සමඟින් රොජර් ෆෙඩරර් නම් විශිෂ්ටයාගේ 24 වසරක ටෙනිස් ක්‍රීඩා දිවිය අවසන් වුණා. මෙම විශිෂ්ට ක්‍රීඩකයා තම ටෙනිස් තරග දිවිය තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20ක් ඇතුළු ව ටෙනිස් තරගාවලි 103ක් ජයග්‍රහණය කිරීම විශේෂත්වයක් වුණා.

 සිය ටෙනිස් තරග දිවියේ අවසන් තරගය ක්‍රීඩා කළ ෆෙඩරර් එම තරගය අවසානයේ දී ප්‍රේක්ෂකයන් අමතා ඔවුන්ට ස්තූති කිරීමට ද අමතක කළේ නැහැ. 

ෆෙඩරර් සිය රසිකයන් හමුවේ සංවේදී වෙමින් – gettyimages.com

 

ඉන්දියාව හමුවේ ඕස්ට්‍රේලියාවට 20/20 තරගාවලි පරාජයක් 

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියා අතර පැවති තරග 3 කින් සමන්විත 20/20 ක්‍රිකට් තරගාවලිය හයිද්‍රාබාද් හි දී ඊයේ දිනයේ නිමාවට පත් වුණා. එහි දී සුපුරුදු දස්කම් අතරට පිවිසි සත්කාරක ඉන්දීය කණ්ඩායම තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළා.

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එම තරග ත්‍රිත්වයේ දී ලකුණු හඹා ගිය කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා. එම තරග ත්‍රිත්වයේ ම ප්‍රතිඵලය අවසන් පන්දුවාරයේ දී විසඳීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම තරගාවලිය යටතේ පැවති තරගවල කෙටි ලකුණු පුවරුයි මේ. 

ඉන්දීය නායක රෝහිත් ෂර්මා ජයග්‍රාහී කුසලානය සමඟ – gettyimages.com

පළමු තරගය  

ඉන්දියාව- 208/6 (20), (හාර්ඩික්- 71*, රාහුල්- 55, සූර්යකුමාර්- 46, එලිස්- 30/3, හේස්ල්වුඩ්- 39/2)

ඕස්ට්‍රේලියාව- 211/6 (19.2), (ග්‍රීන්- 61, වේඩ්- 45*, ස්මිත්- 35, අක්සාර්- 17/3, උමේෂ්- 27/2)

ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- කැමරන් ග්‍රීන්  

 සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කැමරන් ග්‍රීන් (gettyimages.com)

දෙවන තරගය 

ඕස්ට්‍රේලියාව- 90/5 (8), (ෆින්ච්- 31, වේඩ්- 43*, අක්සාර්- 13/2, බූම්රා- 23/1)

ඉන්දියාව- 92/4 (7.2), (රෝහිත්- 46*, කාර්තික්- 10*, සැම්පා- 16/3, කමින්ස්- 23/1)

ඉන්දියාවට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- රෝහිත් ෂර්මා 

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා – gettyimages.com

 

තෙවන තරගය 

ඕස්ට්‍රේලියාව- 186/7 (20), (ඩේවිඩ්- 54, ග්‍රීන්- 52, අක්සාර්- 33/3, හර්ෂාල්- 18/1, චහාල්- 22/1)

ඉන්දියාව- 187/4 (19.5), (සූර්යකුමාර්- 69, කෝලි- 63, හාර්ඩික්- 25*,  සෑම්ස්- 33/2)

ඉන්දියාවට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- සූර්යකුමාර් යාදව් 

තරගාවලියේ වීරයා අක්සාර් පටෙල් 

පිත්තෙන් දස්කම් දැක්වූ සූර්යකුමාර් යාදව් – gettyimages.com

 

තරගාවලිය පුරාවට පිත්තෙන් දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු කැමරන් ග්‍රීන් ඉනිම් 3කදී ලකුණු 118ක් ලබා ගෙන තරගාවලියේ වැඩි ම ලකුණුලාභියා බවට පත් වුණා.

ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක අක්සාර් පටෙල් තරග 3කදී කඩුලු 8ක් දවා ගෙන තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණා. 

තරගාවලියේ වීරයා වුණු අක්සාර් පටෙල් – gettyimages.com

නවසීලන්තයට තවත් රග්බි තරගාවලි ජයග්‍රහණයක් 

නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ආජන්ටිනාව දක්ෂිණ අර්ධ ගෝලයේ පිහිටා තිබෙන රග්බි ක්‍රීඩාවේ නිරත වන ප්‍රධාන රටවල් 4ක්. එම රටවල් අතර වාර්ෂික ව The Rugby Championship යන නමින් රග්බි තරගාවලියක් පැවැත්වෙනවා.

මෙවර 10 වන වරටත් පැවති එම තරගාවලිය පසුගිය සෙනසුරාදා නිමාවට පත් වුණා. එම තරගාවලියේ දී සෑම රටක් ම අනිකුත් රටවල් තුන සමඟින් දෙවරක් තරග වදිනවා. ඒ අනුව තරගාවලිය තුළ සෑම රටකට ම තරග 6 බැගින් හිමි වෙනවා.

තරගාවලියේ උද්වේගකර අවස්ථාවක් – telegraph.co.uk

 

එසේ පැවැත්වුණු තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දැක්වූ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ජයග්‍රහණ 4 බැගින් වාර්තා කළා. නවසීලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාවට වඩා එක බෝනස් ලකුණක් වැඩිපුර ලබා ගත්තා.

එනිසා අවසන් ප්‍රසාද ලකුණු සටහනට අනුව නවසීලන්තයට ලකුණු 19ක් හිමි වෙද්දී දකුණු අප්‍රිකාවට හිමි වුණේ ලකුණු 18ක් පමණ යි. ඒ අනුව නවසීලන්තය 8 වන වරටත් The Rugby Championship රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. 

ශූරතාවය දිනාගත් නවසීලන්ත රග්බි කණ්ඩායම – twitter.com/All Black Rugby Fans

 

කෙන්යාවේ එලුයිඩ් කිප්චෝග් පිරිමි මැරතන් වාර්තාව යළි අලුත් කරයි 

කෙන්යාවේ එලුයිඩ් කිප්චෝග් එදා මෙදාතුර බිහිවුණු දක්ෂත ම මැරතන් ශූරයන් අතර ඉදිරියෙන් ම සිටින ක්‍රීඩකයෙක්. 2018 වසරේ සිට පිරිමි මැරතන් තරග ඉසව්වේ ලෝක වාර්තාවේ හිමිකරුවා වන කිප්චෝග් ඊයේ දිනයේ දී සිය ලෝක වාර්තාව යළි අලුත් කිරීමට සමත් වුණා.

ඒ 2022 බර්ලින් මැතරන් තරගයේ දී පැය 2 විනාඩි 1 තත්පර 9ක කාලයකින් එම ඉසව්ව නිමාවට පත්කරමින්. එහි දී කිප්චෝග් අභිබවා ගියේ ඔහු ම 2018 බර්ලින් මැරතන් තරගයේ දී පැය 2 විනාඩි 1 තත්පර 39ක කාලයක් වාර්තා කරමින් තබා තිබුණු ලෝක වාර්තාව යි.

එලුයිඩ් කිප්චෝගේ නව ලෝක වාර්තාව බිහි කළ මොහොත  – gettyimages.com

 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3කට දකුණු අප්‍රිකා 20/20 ලීග් වරම් 

2022-23 දකුණු අප්‍රිකා 20/20 ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය සතියේ දී නිමාවට පත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස් සහ දිල්ෂාන් මදුසංක එහි දී අලෙවි වුණා. ඒ අතුරින් කුසල් දකුණු අප්‍රිකානු රෑන්ඩ් 425000කට (ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 86ක්) ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම මිල දී ගත්තා.

 ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුසංක දකුණු අප්‍රිකානු රෑන්ඩ් 275000 කට (ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 56ක්) ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම  මිල දී ගත්තා. 

කුසල් මෙන්ඩිස් – gettyimages.com

 

මෙම වෙන්දේසියට පෙර පැවති ක්‍රීඩක ලංසු තැබීමේ දී ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මිල දී ගත්තා.

ඒ අනුව මෙවර දකුණු අප්‍රිකා 20/20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් එක්ව සිටිනවා. එම තරගාවලිය 2023 ජනවාරියේ දී ආරම්භ වීමට නියමිත යි.  

 මහීෂ් තීක්ෂණ – gettyimages.com

කවරයේ ඡායාරූපය- ෆෙඩරර් ටෙනිස් පිටියෙන් සමුගත් මොහොත - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

super.rugby/therugbychampionship

rogerfederer.com

bmw-berlin-marathon.com

cricclubs.com 

Related Articles