Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් පිටිය උණුසුම් කළ ආරාධිත 20/20 ලීග් ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් පවත්වන ආරාධිත 20/20 ලීග් ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පසුගිය අගෝස්තු 8 වැනිදා ආරම්භ වුණා. එම තරගාවලිය සඳහා SLC Greys, SLC Greens, SLC Reds සහ  SLC Blues යන කණ්ඩායම් එක් වුණා.

රවුන්ඩ් රොබින් ක්‍රමය යටතේ පැවති තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය සතියේ දී නිමාවට පත්වුණා. 

කණ්ඩායම්වල නායකයන් සිව් දෙනා තරගාවලිය ආරම්භයේ දී – facebook.com

 

එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වූ SLC Reds සහ  SLC Blues යන කණ්ඩායම් දෙක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එම අවසන් තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත යි. මේ තරගාවලියේ මූලික වටයේ තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි. 

1). SLC Greys සහ SLC Reds (SLC Redsට කඩුලු 6ක ජයක්)

SLC Greys- 120/9 (20)

SLC Reds- 121/4 (16.5)

තරගයේ වීරයා- අසිත ප්‍රනාන්දු (පන්දුවෙන්- 22/4)

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන අසිත ප්‍රනාන්දු – facebook.com

 

2). SLC Greens සහ SLC Blues (SLC Bluesට ලකුණු 32ක ජයක්)

SLC Blues- 122/9 (20)

SLC Greens- 90/10 (18.3)

තරගයේ වීරයා- දිල්ෂාන් මදුසංක (පන්දුවෙන්- 22/2)

කඩුල්ලක් දවාගත් මදුසංකට සුබ පතන සෙසු ක්‍රීඩකයන් – srilankacricket.lk

 

3).  SLC Greens සහ SLC Reds (SLC Greensට ලකුණු 8ක ජයක්)

SLC Greens- 161/6 (20)

SLC Reds- 153/5 (20)

තරගයේ වීරයා- නිරෝෂන් දික්වැල්ල (පිත්තෙන්- ලකුණු 76)

Greens කණ්ඩායම තරගය ජයග්‍රහණය කළ අවස්ථාව  – srilankacricket.lk

 

4). SLC Greys සහ SLC Blues (SLC Bluesට කඩුලු 4ක ජයක්)

SLC Greys- 115/9 (20)

SLC Blues- 119/6 (18.3)

තරගයේ වීරයා- ප්‍රවීන් ජයවික්‍රම (පන්දුවෙන්- 13/3)

තරගයේ වීරයා සම්මානය දිනාගත් ප්‍රවීන් ජයවික්‍රම – srilankacricket.lk

 

5). SLC Greys සහ SLC Greens (SLC Greysට ලකුණු 81ක ජයක්)

SLC Greys- 166/7 (20)

SLC Greens- 81/10 (15.5)

තරගයේ වීරයා- තනුක දාබරේ (පිත්තෙන්- ලකුණු 66)

පළමු කඩුල්ලට ලකුණු 119ක සබඳතාවයක් ගොඩනැගූ අධිකාරි සහ දාබරේ – srilankacricket.lk

 

6). SLC Reds SLC Blues (SLC Redsට ලකුණු 33ක ජයක්)

SLC Reds- 178/4 (20)

SLC Blues- 145/6 (20)

තරගයේ වීරයා- වනිඳු හසරංග (පිත්තෙන්- නොදැවී ලකුණු 69, පන්දුවෙන්- 18/2)

තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වූ හසරංග – facebook.com

 

මෙම තරගාවලියේ පළමු වටයේ තරගවල දී පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ SLC Reds කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ඉනිම් 3කදී ලකුණු 150ක් ලබා ගෙන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් ව සිටිනවා. එම කණ්ඩායමේ ම අසිත ප්‍රනාන්දු තරගාවලිය පුරාවට පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් කඩුලු 8ක් බිඳ දමමින් තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් ව සිටිනවා. 

පාපන්දු වසන්තය යුරෝපයට යළි උදා වෙයි 

යුරෝපා රටවල් කිහිපයක ම පළමු පෙළ පාපන්දු තරගාවලි පසුගිය සතිවල දී ආරම්භ වුණා. ඒ අතුරින් ප්‍රංශ පළමු පෙළ පාපන්දු තරගාවලිය වන Ligue 1, එංගලන්තයේ පළමු පෙළ පාපන්දු තරගාවලිය වන EPL සහ ජර්මානු පළමු පෙළ පාපන්දු තරගාවලිය වන Bundesliga පසුගිය අගෝස්තු 5 වැනිදා ආරම්භ වුණා. ස්පාඤ්ඤ පළමු පෙළ පාපන්දු තරගාවලිය වන la liga සහ ඉතාලි පළමු පෙළ පාපන්දු තරගාවලිය වන serie a පිළිවෙළින් අගෝස්තු 12 වැනිදා සහ 13 වැනිදා ආරම්භ වුණා.

2022/23 ස්පාඤ්ඤ පළමු පෙළ පාපන්දු තරගාවලියේ තරගයක් අතරතුර – gettyimages.com

එම පාපන්දු තරගාවලිවල ආරම්භයත් සමඟ ම යුරෝපා පාපන්දු වසන්තය යළි උදා වී තිබෙනවා. මේ පසුගිය අගෝස්තු 15 වැනිදා වන විට එක් එක් පළමු පෙළ පාපන්දු ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් ම සිටි කණ්ඩායම් පිළිබඳ තොරතුරු යි. 

1). එංගලන්ත පළමු පෙළ පාපන්දු තරගාවලිය (EPL)- මැන්චෙස්ටර් සිටි 

2). ස්පාඤ්ඤ පළමු පෙළ පාපන්දු  තරගාවලිය  (la liga)- විලාරියල්  

3). ජර්මානු පළමු පෙළ පාපන්දු  තරගාවලිය (Bundesliga)- බයෙන් මියුනික්  

4). ඉතාලි පළමු පෙළ පාපන්දු  තරගාවලිය (serie a)- AC මිලාන්  

5). ප්‍රංශ පළමු පෙළ පාපන්දු තරගාවලිය (Ligue 1)- PSG කණ්ඩායම 

මැන්චෙස්ටර් සිටි කණ්ඩායම දස්කම් දක්වමින් – gettyimages.com

නවසීලන්තයට 20/20 තරගාවලි ජයග්‍රහණයක් 

තරග 3කින් සමන්විත වුණු බටහිර ඉන්දීය කොදෙව්-නවසීලන්ත 20/20 තරගාවලිය ජැමයිකාවේ කිංග්ස්ටන් හි සබීනා පාක් පිටියේ දී ඊයේ දිනයේ නිමාවට පත්වුණා. එම තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ සංචාරක නවසීලන්ත කණ්ඩායම යි. එය නවසීලන්ත කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී ලබා ගත් මුල් ම 20/20 තරගාවලි ජයග්‍රහණය ලෙසින් වාර්තා අතරට එක් වුණා.

ඊට පෙර 2014 දී කොදෙව් දූපත්වල පැවති 20/20 තරගාවලිය තරග 1-1ක් ලෙස අවසන් කිරීමට නවසීලන්තයට හැකි වුණා. මේ මෙවර තරගාවලිය යටතේ පැවති තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

පළමු තරගය- නවසීලන්තයට ලකුණු 13ක ජයක් 

නවසීලන්තය- 185/5 (20)

බටහිර ඉන්දීය කොදෙව්- 172/7 (20)

තරගයේ වීරයා- මිචෙල් සැන්ට්නර් (පන්දුවෙන්- 19/3)

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මිචෙල් සැන්ට්නර් – gettyimages.com

 

දෙවන තරගය- නවසීලන්තයට ලකුණු 90ක ජයක් 

නවසීලන්තය- 215/5 (20)

බටහිර ඉන්දීය කොදෙව්- 125/9 (20)

තරගයේ වීරයා- ග්ලේන් පිලිප්ස් (පිත්තෙන්- ලකුණු 76)

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් පිලිප්ස් – gettyimages.com

 

තෙවන තරගය- බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 8ක ජයක් 

නවසීලන්තය- 145/7 (20)

බටහිර ඉන්දීය කොදෙව්- 150/2 (19)

තරගයේ වීරයා- බ්‍රැන්ඩන් කිං (පිත්තෙන්- ලකුණු 53)

තරගාවලියේ වීරයා- ග්ලේන් පිලිප්ස් (පිත්තෙන්- ලකුණු 134)

තරගාවලිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම – gettyimages.com

 

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් (සුපර් ලීග්) චෙස් ශූරතාවලිය 

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් (සුපර් ලීග්) චෙස් ශූරතාවලිය ඊයේ (14) දිනයේ දී නිමාවට පත්වුණා. කොළඹ 7, ශ්‍රී ලංකා ජාතික චෙස් සම්මේලන මූලස්ථානයේ දින 5ක් පුරාවට පැවති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 10ක් සහභාගි වුණා. මේ එම චෙස් ක්‍රීඩා සමාජ 10 යි. 

Super Knights චෙස් ක්‍රීඩා සමාජය 

Kandyan Lions චෙස් ක්‍රීඩා සමාජය 

Sri Lanka Navy චෙස් ක්‍රීඩා සමාජය 

Anandians චෙස් ක්‍රීඩා සමාජය 

Maroons චෙස් ක්‍රීඩා සමාජය 

Grand Prix චෙස් ක්‍රීඩා සමාජය 

Sokians චෙස් ක්‍රීඩා සමාජය 

Blue and Gold චෙස් ක්‍රීඩා සමාජය 

Mayor චෙස් ක්‍රීඩා සමාජය 

Kandy YMCA චෙස් ක්‍රීඩා සමාජය 

චෙස් තරගාවලිය පැවැත්වුණු ආකාරය – facebook.com

 

මෙම තරගාවලිය ක්‍රියාත්මක වුණේ රවුන්ඩ් රොබින් ක්‍රමය යටතේ යි. ඒ අනුව සෑම කණ්ඩායමකට ම සෙසු කණ්ඩායම් 9 සමඟින් තරග වැදීමට සිදුවුණා. එලෙස පැවති තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා ප්‍රබල සටනක් පැවතුණේ Super Knights චෙස් ක්‍රීඩා සමාජය සහ Anandians චෙස් ක්‍රීඩා සමාජය අතර යි.

එහි දී එම කණ්ඩායම් ද්විත්වය ම තරග වට 9න් 8 බැගින් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 16 සීමාවට පැමිණියා. එම අවස්ථාවේ සමතාව බිඳීමෙන් (Tie-Break) පසුව ශූරතාව හිමිවුණේ Super Knights චෙස් ක්‍රීඩා සමාජයට යි. 

Anandians චෙස් ක්‍රීඩා සමාජ කණ්ඩායම – facebook.com

 

තරග වට 6 බැගින් ජයග්‍රහණය කළ  Kandyan Lions චෙස් ක්‍රීඩා සමාජය සහ Sri Lanka Navy චෙස් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 12 සීමාවට පැමිණියා. එම අවස්ථාවේ සමතාව බිඳීමෙන් (Tie-Break) පසුව තෙවන ස්ථානය හිමිවුණේ Kandyan Lions චෙස් ක්‍රීඩා සමාජයට යි. 

කණ්ඩායම් කරට කර සටනක නිරතවෙමින් – facebook.com

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුවට

මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පසුගිය අප්‍රේල් මාසයේ දී ඉල්ලා අස් වුණා. ඒ සමඟ ම පුරප්පාඩු වුණු ජාතික ක්‍රීඩා සභාවේ තනතුරු සදහා නව නිලධාරින් පත් කිරීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ටොරිංටන් හි ජාතික ක්‍රීඩා සභාවේ දී පසුගිය අගෝස්තු 10 වැනි දා සිදු කෙරුණා.

එහි දී හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවක් පත් කෙරුණා. මේ අලුතින් පත් කරන ලද ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් 15 දෙනායි.

1). අර්ජුන රණතුංග – සභාපති
2). සුජානි බෝගෝල්ලාගම මිය – ලේකම්
3). ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්.ලියනගේ – සාමාජික
4). එයාර් මාෂල් එස්.කේ. පතිරණ – සාමාජික
5). වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න – සාමාජික
6). අමල් එදිරිසූරිය – නිල සාමාජික
7). මේජර් ජෙනරල් රජිත අම්පේමොහොට්ටි – සාමාජික
8). වෛද්‍ය මයියා ගුණසේකර – සාමාජික
9). ශ්‍රියානි කුලවංශ – සාමාජික
10). නීතිඥ අජිත් පතිරණ – සාමාජික
11). සුනිල් ජයවීර – සාමාජික
12). ක්‍රිෂාන්ත මෙන්ඩිස් – සාමාජික
13). ලසිත ගුණරත්න – සාමාජික
14). නලින්ද ඉලංගකෝන් – සාමාජික
15). සුදත් චන්ද්‍රසේකර – සාමාජික

ඡායාරූපය- අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුර සඳහා පත් කළ අවස්ථාව – Roshan Ranasinghe- Official Facebook Page

 

ඒ අයුරින් පත් කළ ජාතික ක්‍රීඩා සභාවට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ රටේ ක්‍රීඩාව සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම යි.

මෙවර ජාතික ක්‍රීඩා සභාව සඳහා අත්දැකීම් බහුල නිලධාරි මණ්ඩලයක් පත් කර තිබෙනවා. එය මෙරට ක්‍රීඩාවේ අනාගතයට සුබ ලකුණක් වනු ඇති බවට සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- SLC Blues සහ SLC Reds අතර තරගයේ අවස්ථාවක් - facebook.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

chessresults.com

eurosports.com

 

Related Articles