Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ICC T20 ලෝක කුසලාන තරගාවලිය සමඟ පිටිය උණුසුම්

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය සිකුරාදා නිමාවට පත්වුණා. එම තරගාවලිය අවසන් වී දින 2ක් ගතවෙද්දී තවත් සුවිශේෂී ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වුණා. ඒ 2021 – ICC T20 ලෝක කුසලාන තරගාවලිය යි. වසර 5ක දිගු නිහැඬියාවකින් පසුව මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන නිසා ක්‍රීඩා  පිටිය යළිත් වරක් උණුසුම් වී තිබෙනවා. එනිසා එම තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් ඔබ වෙත ගෙන එන්නට අප කල්පනා කළා.  

ස්කොට්ලන්තය සහ ඕමානය ජයග්‍රහණ වාර්තා කරයි 

2021 ICC T20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ වුණා. තරගාවලියේ ආරම්භක දිනයේ පැවති තරගවල දී ඕමානය සහ ස්කොට්ලන්තය ජයග්‍රහණ වාර්තා කළා. එහි දී සත්කාරක ඕමාන කණ්ඩායම පැපුවා නිව් ගිනියාව හමුවේ කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා විට ස්කොට්ලන්ත ක්‍රීඩකයන් බංග්ලාදේශය හමුවේ ලකුණු 6ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළා. එම තරගවල කෙටි ලකුණු පුවරු පහතින් දක්වා තිබෙනවා. 

පළමු තරගය- ඕමානය සහ පැපුවා නිව් ගිනියාව 

පැපුවා නිව්ගිනියාව – 129/9 (20), (වාලා- 56, ඇමිනි- 37, මක්සූඩ්- 20/4, බිලාල්- 16/2, කලීමුල්ලා- 16/2)

ඕමානය- 131/0 (13.4), (ජටින්දර්- 73*, ඉලියාස්- 50* )

ඕමානයට කඩුලු 10ක ජයක්

තරගයේ වීරයා- ශීෂාන් මක්සූඩ්

දෙවන තරගය- ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය

ස්කොට්ලන්තය- 140/9 (20), (ග්‍රීව්ස්- 45, මන්සි- 29, මහෙදි- 19/3, ශකීබ්- 17/2 )

බංග්ලාදේශය- 134/7 (20), (මුෂ්ෆිකර්- 38, මහමදුල්ලාහ්- 23, වීල්- 24/3, ග්‍රීව්ස්- 19/2)

ස්කොට්ලන්තයට ලකුණු 6ක ජයක් 

තරගයේ වීරයා- ක්‍රිස් ග්‍රීව්ස්   

ස්කොට්ලන්ත-බංග්ලාදේශ තරගයේ අවස්ථාවක් – getty images

චෙන්නායි සුපර් කිංග්ස් සිව්වන වරටත් IPL ශූරතාව දිනා ගනියි 

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී  පසුගිය සිකුරාදා පැවැත්වුණා. ඒ සඳහා සුදුසුකම් ලබා තිබුණේ චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන ප්‍රබල කණ්ඩායම් ද්විත්වය යි. ඊට පෙර 2012 IPL තරගාවලියේ දීත් මෙම කණ්ඩායම් දෙක අවසන් තරගයේ දී උරෙනුර ගැටුණා.

එදා චෙන්නායි කණ්ඩායම පරාජයට පත්කරමින් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේ කොල්කටා කණ්ඩායම යි. වසර 9කට පසුව එහි වාඩුව ලබා ගත් චෙන්නායි ක්‍රීඩකයන් මෙවර IPL අවසන් තරගයේ දී කොල්කටා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 27ක ජයග්‍රහණයක් උරුම කරගත්තා. පහත දක්වා තිබෙන්නේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

චෙන්නායි සුපර් කිංග්ස් – 192/3 (20), (ප්ලෙසිස්- 86, මොයින් අලී- 37*, ගයික්වාඩ්- 32, නරීන්- 26/2)

කොල්කටා කොල්කටා නයිට් රයිඩර්ස් – 165/9 (20), (ගිල්- 51, අයියර්- 50, ටාකූර්- 38/3, හේසල්වුඩ්- 29/2, ජඩේජා- 37/2) 

චෙන්නායි කණ්ඩායමට ලකුණු 27ක ජයක් 

තරගයේ වීරයා- ෆෆ් ඩූ ප්ලෙසිස් 

ජයග්‍රාහී චෙන්නායි කණ්ඩායම -The New Indian Express

 

මෙවර චෙන්නායි කණ්ඩායම දිනාගත්තේ සිය සිවු වන IPL ශූරතාව යි. ඊට පෙර ඔවුන් 2010, 2011, සහ 2018 යන වසරවල දී IPL ශූරතාව දිනා ගත්තා. 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පුරාවට සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසකට විවිධ ආකාරයේ සම්මාන හිමි වුණා. ඒ අතුරින් ප්‍රධාන සම්මාන බෙදී ගියේ පහත දක්වා තිබෙන ආකාරයට යි. 

  • තරගාවලියේ වීරයා- හර්ෂාල් පටෙල් (බැංගලෝර්)
  • තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා – රුතුරාජ් ගයික්වාඩ් (චෙන්නායි)- ලකුණු 635
  • තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා- හර්ෂාල් පටෙල් (බැංගලෝර්)- කඩුලු 32 
  • තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා- රුතුරාජ් ගයික්වාඩ් (චෙන්නායි) 
  • තරගාවලියේ විනයගරුකම කණ්ඩායම- රාජස්තාන් රෝයල්ස් 
තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා හර්ෂාල් පටෙල් – Deccan Herald

 

ශ්‍රී ලංකාව 20/20 ලෝක කුසලාන පුහුණු තරග ජය ගනියි 

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග පසුගිය ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වුණා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සහ පැපුවා නිව්ගිනියාව යන කණ්ඩායම් සමඟින් තරග වැදුණා. එම තරග ද්විත්වයේ ම ජයග්‍රහණය හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩාමට යි. ඒ අයුරින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ තරගවල කෙටි ලකුණු පුවරු පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය

බංග්ලාදේශය- 147/7 (20), (සර්කාර්- 34, චමීර- 27/3, ශානක- 17/1, හසරංග- 24/1, කුමාර- 24/1) 

ශ්‍රී ලංකාව- 148/6 (20), (අවිශ්ක- 62*, චාමික- 29*, සර්කාර්- 12/2, මහෙදි- 22/1, ටස්කින්- 25/1)

ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් 

ශ්‍රී ලංකාව සහ පැපුවා නිව් ගිනියාව 

ශ්‍රී ලංකාව- 162/5 (20), (නිස්සංක- 76, අවිශ්ක- 61, මොරියා- 25/4)

පැපුවා- 123/7 (20), (වාලා- 51, හසරංග- 16/2, චමීර- 20/2, ශානක- 5/1, කුමාර- 21/1) 

ශ්‍රී ලංකාවට ලකුණු 39ක ජයක් 

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පුහුණු තරගයේ අවස්ථාවක් – getty images

 

ඒ අයුරින් පුහුණු තරගවල දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව මෙවර 20/20 ලෝක කුසලානයේ දී නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවල්වලට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටිනවා. එම තරග තුන පැවැත්වෙන දින සහ වේලාවන් පිළිබඳව තොරතුරු පහතින් දක්වා තිබෙනවා. 

1) ශ්‍රී ලංකාව සහ නැමීබියාව- ඔක්තෝබර් 18 වැනිදා රාත්‍රී 7.30ට 

2) ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය- ඔක්තෝබර් 20 වැනිදා රාත්‍රී 7.30ට 

3) ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය- ඔක්තෝබර් 22 වැනිදා රාත්‍රී 7.30ට 

සුනිල් චෙට්‍රි – Al Jazeera

ඉන්දියාව 8 වන වරටත් සාෆ් පාපන්දු ශූරතාව දිනාගනියි 

13 වන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය පසුගිය දිනවල මාලදිවයිනේ දී පැවැත්වුණා. බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් පහේ සහභාගිත්වයෙන් පැවති තරගාවලියේ මූලික වටයේ දී සෑම රටක් ම තරග 4කට සහභාගි වුණා. ඒ අයුරින් පැවති මූලික වටයේ තරග අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහන පහත ආකාරයට දිස්වුණා.

  • ඉන්දියාව- ලකුණු 8
  • නේපාලය- ලකුණු 7 
  • මාලදිවයින- ලකුණු 6
  • බංග්ලාදේශය- ලකුණු 5
  • ශ්‍රී ලංකාව- ලකුණු 1

මූලික තරග වටයේ ප්‍රතිඵලවලට අනුව ඉන්දියාව සහ නේපාලය අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. පසුගිය සෙනසුරාදා පැවති එම අවසන් තරගයේ දී දක්ෂ ක්‍රීඩා රටාවක නිරත වුණු ඉන්දීය ක්‍රීඩකයන් ගෝල 3-0ක පහසු ජයක් හිමි කර ගත්තා.

එහි දී ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුනිල් චෙට්‍රි, සුරේෂ් සිං සහ අබ්දුල් සමාඩ් ගෝල වාර්තා කළා. 

8 වන සාෆ් පාපන්දු ශූරතා ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම – India Football Federation

එම ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව මෙවර හිමි කර ගත්තේ සිය 8 වන සාෆ් පාපන්දු ශූරතාවයි. ඊට පෙර ඔවුන් 1993, 1997, 1999, 2005, 2009, 2011, 2015 යන වසරවල සාෆ් පාපන්දු ශූරතාව දිනාගෙන තිබුණා. මෙවර තරගාවලියේ දී ඉන්දියානු ජයග්‍රහණයේ නියමුවා වුණු සුනිල් චෙට්‍රි ගෝල 5ක් වාර්තා කරමින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා.

එනිසා තරගාවලියේ වීරයා සහ වැඩි ම ගෝල ලාභියා සඳහා වන සම්මාන ද්විත්වය ම ඔහුට හිමි වුණා. ඊට අමතර ව හොඳ ම විනය ගරුක කණ්ඩායමට හිමි සම්මානය මාලදිවයිනට හිමි වුණා.

කවරයේ ඡායාරූපය- 20/20 ලෝක කුසලානය (gettyimages)

මූලාශ්‍ර- espncricinfo.com

ipl.com

icc-cricket.com 

sportstar.thehindu.com 

Related Articles