Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම IPL සටනේ පෙරමුණට

2022 IPL තරගාවලිය ඉන්දියාවේ ක්‍රීඩාංගණ 4ක් ආශ්‍රිත ව මේ දිනවල  ක්‍රියාත්මක වෙනවා. එම තරගාවලියේ මූලික වටයේ තරග 37ක් අවසන් වෙද්දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. එහි දී තරග 7කට සහභාගි වුණු ගුජරාට් කණ්ඩායම එයින් තරග 6ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා.

ඔවුන්ට හොඳ තරගයක් ලබාදෙමින් සිටින සන්රයිස් හයිද්‍රාබාද්, රාජස්තාන් රෝයල්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් ත්‍රිත්වය තරග 5 බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 10 සීමාවේ රැඳී සිටිනවා.    

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම – hindustannewshub.com

 

ඒ අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින IPL තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

IPL සටනේ නවත ම තොරතුරු 

IPL තරගාවලියේ මූලික වටයේ තරග 8ක් පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. එහි දී රාජ්ස්තාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණ 2ක්  වාර්තා කළා. එම තරගවල ප්‍රතිඵල විසඳුණු ආකාරය පහත දක්වා තිබෙනවා.

1). 30 වන තරගය- රාජස්තාන් රෝයල්ස්  සහ කොල්කටා නයිට් රයිඩර්ස් – රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු 7ක ජයක් 

2). 31 වන තරගය- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ ලක්නව් සුපර්ජයන්ට්ස්- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්  කණ්ඩායමට ලකුණු  18ක ජයක් 

3). 32 වන තරගය- දිල්ලි කැපිටල්ස් සහ පංජාබ් කිංග්ස්- දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 9ක ජයක් 

4). 33 වන තරගය- චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස්- චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක් 

5). 34 වන තරගය- රාජස්තාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් – රාජස්තාන් රෝයල්ස්  කණ්ඩායමට ලකුණු 15ක ජයක් 

6). 35 වන තරගය- ගුජරාට් ටයිටන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් – ගුජරාට් ටයිටන්ස්  කණ්ඩායමට ලකුණු 8ක ජයක් 

7). 36 වන තරගය- සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- සන්රයිසස්  හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 9ක ජයක් 

8). 37 වන තරගය- ලක්නව් සුපර්ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් – ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 36ක ජයක් 

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම – onmanorama.com

 

මෙවර IPL තරගාවලියේ මුල් තරග 37 අවසානයේ දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ජෝස් බට්ලර් සහ යුස්වේන්ද්‍ර චහාල් තවදුරටත් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ කඩුලු ලාභියා ලෙසින් වැජඹෙනවා. පහතින් දක්වා තිබෙන්නේ මේ වන විට තරගාවලිය තුළ වැඩිම කඩුලු සහ ලකුණු ලබාගෙන සිටින ක්‍රීඩකයන් පිළිබඳව යි. 

වැඩි ම ලකුණු ලාභියෝ 

1). ජෝස් බට්ලර් (රාජස්තාන් රෝයල්ස්)- ලකුණු 491 (ඉනිම්- 7)

2). ලෝකේෂ් රාහුල් (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ලකුණු 368 (ඉනිම්- 8)

3). හාර්ඩික් පාණ්ඩ්‍යා (ගුජරාට් ටයින්ටන්ස්)- ලකුණු 295 (ඉනිම්- 6)

4). තිලක් වර්මා (මුම්බායි ඉන්දියන්ස්)- ලකුණු 272 (ඉනිම්- 8)

ජෝස් බට්ලර් (tribuneindia.com)

වැඩි ම කඩුලු ලාභීහු 

1). යුස්වේන්ද්‍ර චහාල් (රාජස්තාන් රෝයල්ස්)- කඩුලු 18 (ඉනිම්- 7)

2). තංගරාසු නටරාජන් (සන්රයිසස් හයිද්‍රාබාද්)- කඩුලු 15 (ඉනිම්- 7)

3). කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)- කඩුලු 13 (ඉනිම්- 7)

4). ඩ්වේන් බ්‍රාවෝ (චෙන්නායි සුපර් කිංග්ස්)- කඩුලු 12 (ඉනිම්- 7)

යුස්වේන්ද්‍ර චහාල් (dnaindia.com) 

 

IPL තරග බිමෙන් වාර්තා වුණු විශේෂ පුවත් 

ගෙවුණු සතියේ IPL තරග බිමේ ක්‍රියාත්මක වුණු මූලික වටයේ තරගවල දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජෝස් බට්ලර් ශතක 2ක් වාර්තා කළා. එහි දී ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් හමුවේ පිළිවෙලින් ලකුණු 103ක් සහ 116ක් වාර්තා කළා. ඒ අනුව IPL තරගාවලි ඉතිහාසයේ පිට පිටම ක්‍රීඩා කළ තරග දෙකක දී ශතක ලබාගත් දෙවන පිතිකරුවා ලෙසින් බට්ලර් ඉතිහාසගත වුණා.

ඔහුට පෙර එම දස්කම දැක්වූයේ 2020 IPL තරගාවලියේ දී දිල්ලි කණ්ඩායම නියෝජනය කළ ශිකර් ධවාන් නම් පිතිකරුවා යි. එහි දී ධවාන් චෙන්නායි සුපර් කිංග්ස් සහ කිංග්ස් XI පංජාබ් යන කණ්ඩායම් හමුවේ පිළිවෙලින් ලකුණු 101ක් සහ 106ක් වාර්තා කළා. එම ඉනිම් දෙකේ දීම ඔහු නොදැවී සිටීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

ෂිකර් ධවාන් IPL ශතකයක් වාර්තා කළ අවස්ථාවක් – crickettimes.com

 

2022 IPL තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය ගෙවුණු සතියේ දී වාර්තා වුණා. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන යුස්වේන්ද්‍ර චහාල් එහි හිමිකරුවා වුණා. ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ පැවති තරගයේ දී ෂ්‍රෙයාස් අයියර්, සිවම් මාවි, සහ පැට් කමින්ස් යන පිතිකරුවන් දවාගනිමින් එම කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා. එම ඉනිමේ දී චහාල්ගේ පන්දු යැවීම 40/5ක් ලෙසින් සටහන් වුණා. 

මෙවර IPL තරගාවලියේ 35 වන තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගයේ ගුජරාට් ඉනිමේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ඇන්ඩ්‍රේ රසල් කඩුලු 4ක් දවා ගත්තා. යම් පන්දු යවන්නෙක් IPL තරගයක අවසන් පන්දු වාරයක දී කඩුලු 4ක් දවා ගත් මුල් ම අවස්ථාව ලෙසින් එය ඉතිහාසගත වුණා. 

ඇන්ඩ්‍රේ රසල් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – sportslumo.com

 

වර්තමානය වන විට 20/20 පිටියේ සිටින දක්ෂත ම පන්දු යවන්නකු වන රෂීඩ් ඛාන් මෙවර IPL තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරනවා. කොල්කටා නයිට් රයිඩර්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර ගෙවුණු සතියේ පැවති තරගයේ දී රෂීඩ් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.

එහි දී ඔහු ලකුණු 22කට කඩුලු 2ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. එම ඉනිමේ දී සිය IPL තරග දිවියේ 100 වන කඩුල්ල බිඳ දැමීමට රෂීඩ්ට හැකි වුණා.

රෂීඩ් සිය 100 වන IPL කඩුල්ල දවාගත් මොහොත – facebook.com

 

එහි දී 100 වන කඩුල්ල ලෙසින් ඔහුට ගොදුරු වුණේ වෙන්කටේෂ් අයියර් නම් පිතිකරුවා යි. ඒ අනුව IPL තරගාවලි ඉතිහාසයේ කඩුලු 100 කඩඉම ඉක්මවා ගිය සිව්වන විදෙස් පන්දු යවන්නා වීමේ අවස්ථාව ඔහුට හිමි වුණා. ලසිත් මාලිංග, ඩ්වේන් බ්‍රාවෝ සහ සුනිල් නරීන් යන පන්දු යවන්නන් තිදෙනා ඔහුට පෙර එම දස්කම දක්වා තිබුණා. 

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් යෝක්ෂයර් කණ්ඩායමට 

2022 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ගෙවුණු සතියේ දී එම තරගාවලියට එක් වුණා.

එහි දී ඔහු එකතු වුණේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ යි. යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබාගත් මුල් ම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ද ඔහු ඉතිහාසගත වුණා.

දිමුත් යෝක්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් – gettyimages.com

 

ගෙවුණු සතියේ දී යෝක්ෂයර් සහ නොදම්ටන්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී දිමුත් යෝක්ෂයර් කණ්ඩායම වෙනුවෙන් මුල් ම වරටතරග බිමට පිවිසුණා. නමුත් එම තරගයේ දී ඔහුට සුපුරුදු දස්කම් අතරට පිවිසීමට හැකියාව ලැබුණේ නැහැ. එහි දී යෝක්ෂයර් පළමු ඉනිමේ ලකුණු 13කට දැවී ගිය දිමුත් දෙවන ඉනිමේ දී ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුණා. 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් තවත් පිම්මක් 

2021-22 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වන සතියේ තරග පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. ඒ යටතේ පැවති තරගයක දී ආසනල් කණ්ඩායම ප්‍රබල මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හමුවේ ගෝල 3-1ක ජයක් වාර්තා කළා.

එහි දී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ලබාගත් එකම ගෝලයේ හිමිකරුවා බවට පත්වුණේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම් සුපිරි පාපන්දු තරුව යි. එය ඔහු එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගවල දී ලබා ගත් 100 වන ගෝලය ලෙස සටහන් වුණා. එම කඩඉම පසුකර යාම සඳහා ඔහුට තරග 223ක් වැය වී තිබුණා. 

රොනාල්ඩෝ සිය 100 වන ගෝලය වාර්තා කළ මොහොත – gettyimages.com

කවරයේ ඡායාරූපය- ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම - outlookindia.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

epl.com 

Related Articles