Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත – ශ්‍රී ලංකා 20-20 තරග පුරාණය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය එංගලන්තයේදී මේ දිනවල පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය 20-20 තරග සඳහා 9 වරක් එකිනෙකා මුණ ගැසුණා. එයින් තරග 5 ක ජය එංගලන්තය සතුවෙද්දී ශ්‍රි ලංකාවත් තරග 5 ක්‌ ජයගෙන තිබෙනවා. තරග තුනකින් සමන්විත සිංහ පුතුන්ගේ එංගලන්ත සංචාරයට සමගාමීව අප ඔබ වෙත ගෙන එන්නේ එංගලන්ත – ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් තරග පුරාණයයි.

පළමු තරගයේ ජය සිංහ පුතුන්ට

2005 වසරේ දී ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) 20-20 තරග රටාව හදුන්වා දීමත් සමඟ තරගකාරී වේගවත් ක්‍රිකට් යුගයක ආරම්භය සනිටුහන් වූවා. ඒ අනුව ලෝක 20-20 තරග රටාවේ හත්වැන්න තරගය ලෙස ඇරඹි එංගලන්තය – ශ්‍රී ලංකා පළමු 20-20 තරගය එංගලන්තයේ southampton හිදී ආරම්භ වන්නේ එංගලන්තය – ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවට නව තරග රටාවක් හඳුන්වා දෙමින්. කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කීරීමට ආරම්භක පිතිකරු යුගළය වූ ‘මාස්ටර් බ්ලාස්ටර්’ සනත් ජයසූරිය සමඟ පිටියට පිවිසි උපුල් තරංග සමත්වූයේ පන්දුවාර 7ක දී වේගවත් ලකුණු 75 ක් ලබා ගනිමින්. ලද ආරම්භය සාර්ථක නොවූයේ නායක මහේල ලක් වූ අවාසනාවන්ත දුවද්දී දැවීයාමත් සමඟයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු පුවරුව 84-4 දක්වා අසරණ තත්වයකට පත්වූවා. කුමාර් සංගග්කාර සහ චාමර කපුගෙදර පිළිවෙළින් ලබා ගත් ඉවසිලිවන්ත ලකුණු 21,22 ත් නවවෙනි පිතිකරු ලෙස පැමිණ ලසිත් මාලිංග ලබා ගත් ලකුණු 13 ත් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 20ක දී සියල්ලන් දැවී 163 ක් ලෙස දැක්වුණා. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පෝල් කොලින්වුඩ් ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්දෙනෙකු ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වේ ලකුණු 22 ක් පමණක් ලබා දෙමින්. ඊට අමතරව ලයිම් ප්ලන්කට්, සජීඩ් මොහොමඩ්, ජිමී ඩල්විම්පල් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා වෙමින්
තරගයේ වීරයා වූ සනත් ජයසූරිය – espncricinfo.com  

ජයග්‍රහණය සදහා ලකුණු 164 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්තය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගන්නට ආරම්භක පිතිකරු යුගළට හැකි වූයේ තරග ඉතිහාසය තුළ ලබා ගත් පළමු අර්ධ ශතකය ලෙස ලකුණු 72 ක් ලබා ගත් එංගලන්ත ආරම්භක පිතිකරු මාකස් ට්‍රෙස්කොතික් නිසායි. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 14 කුත් පන්දු 3 ක් තුළ එංගලන්තය කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 109ක් රැස්කර ගැනීමට සමත් වන විට බොහෝ විචාරක මතය වූයේ එංගලන්තය පහසු ජයක් ලබනු ඇති බවයි. සියල්ල කනපිට හරවමින් දැඩි පාලනයකින් යුක්තව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රියාත්මක කළ අවසාන පන්දුවාර කිහිපය හේතුවෙන් ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සනත් ජයසූරිය කඩුළු 2 ක් බිද හෙළූ අතර ඩිල්ශාන් සහ දිල්හාර අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා. තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ පන්දුවෙන් හා පිත්තෙන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය සනත් ජයසූරියයි.

දෙවෙනි තරගයේ ජය එංගලන්තයට

වසර හතරකට ආසන්න කාලයක් පැවති ශ්‍රී ලංකා – එංගලන්ත 20-20 තරග ඉඩෝරය නිමා කරමින් දෙවෙනි 20-20 තරගය 2010 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි දී ආරම්භ වන්නේ 20-20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක් ලෙසටයි.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරගේ තීරණයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වූයෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 128 කට සීමා කරන්නට ස්ටුවර්ට් බ්‍රෝඩ් ප්‍රමුඛ එංගලන්ත පන්දු බළ ඇණිය සමත් වෙද්දී හුදෙකලා සටනක නියැළුණු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 48 කින් ලකුණු 58 ක් රැස් කිරීමට සමත් වුණා.

(ශ්‍රී ලංකා පිතිකරණය )

ඇන්ජලෝ මැතිව්ස් 58 (45)

කුමාර් සංගක්කාර 16 (27)

(එංගලන්ත පන්දු යැවිම)

ස්ටුවර්ඩ් බ්‍රෝඩ් 21/2

ග්‍රැහැම් ස්වෝන් 20/1

ලකුණු 129 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි එංගලන්තය වෙනුවෙන් මයිකල් ලැම්බ් සහ ක්‍රැයින් කීස්වෙටර් පිළිවෙළින් රැස්කළ ලකුණු 39 සහ 33 සමඟින් එංගලන්ත පිලට සාර්ථක ආරම්භයක් ලබා දෙන්නට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි කෙවින් පීර්ටසන් පන්දු 26 කින් රැස් කළ ලකුණු 42 ත් සමඟ පන්දුවාර 16 ක දී ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය තම මංගල 20-20 ජය ලබන්නේ ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා දොරගුලු විවෘත කර ගනිමින්.

කෙවින් පිර්ටසන් තරගය අතරතුර
කෙවින් පීර්ටසන් – espncricinfo.com 

(එංගලන්ත පිතිකරණය)

කෙවින් පීර්ටසන් 42 (පන්දු 26)

ක්‍රැයින් කීස්වෙටර් 39 (පන්දු 29)

(ශ්‍රී ලංකා පන්දු යැවීම )

තිසර පෙරේරා 19/2

ලසිත් මාලිංග 33/1

ජයග්‍රහණ ද්විත්වයක්

2010 වසරේදි ලද පරාජය සමඟ නැවත වරක් 2011 වසරේදී එංගලන්තයේදීම මුණගැසෙන ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීම සදහා එංගලන්තයට ආරාධනා කර සිටියා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 136 කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. පන්දු යවන්නන් ලබා දුන් සහයෝගයට සාධාරණය ඉටු කළ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර පන්දුවාර 17 කුත් පන්දු 2ක් තුළ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූයේ එක් කඩුල්ලක් පමණක් එංගලන්ත පන්දු යවන්නන්ට ලබා දෙමින්.

(එංගලන්ත පිතිකරණය)

ඉයන් මෝර්ගන් 47(පන්දු 27)

කෙවින් පීර්ටසන් 41(පන්දු 27)

(ශ්‍රී ලංකා පන්දු යැවීම)

ලසිත් මාලිංග 15/2

සනත් ජයසූරිය 18/2

(ශ්‍රී ලංකා පිතිකරණය)

මහේල ජයවර්ධන 72(පන්දු 57)

කුමාර් සංගක්කාර 43(පන්දු 39)

(එංගලන්ත පන්දු යැවීම)

ජේඩ් ඩර්ෆ්බර්ච් 18/1

පිට පිට ලබන දෙවෙනි ජයග්‍රහණය 2012 ලෝක කුසලාන තරග මාලාවේදි ලබන්නට ශ්‍රී ලංකාව සමත් වූයේ පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 169ක් ලබා 170 ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්තය වෙත ලබා දෙමින්. 170 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත ඉනිම සුනු විසුණු කර දැමු ලසිත් මාලිංග ලකුණු 31 කට කඩුලු 5 ක් බිඳ හෙළූ අතර හුදෙකලා සටනක යෙදුණු ස්මිත් පටේල් එංගලන්ත වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 67 ක් රැස් කිරීමට සමත් වූවා. එනමුදු එය ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් නොවූයෙන් එංගලන්ත – ශ්‍රී ලංකා සිව්වන 20-20 තරග ජය ලකුණු 19 කින් තමා සතු කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.

එංගලන්තය පන්දුවට පහර දෙමින්
ස්මිත් පටේල්ගේ හුදකලා ඉනිම – espncricinfo.com

(ශ්‍රී ලංකා පිතිකරණය)

මහේල ජයවර්ධන 42(පන්දු 38)

ඇන්ජලෝ මැතිව්ස් 28( පන්දු19)

(එංගලන්ත පන්දු යැවීම)

ස්ටුවර්ට් බ්‍රෝඩ් 32/3

ග්‍රැහැම් ස්වෝන් 26/2

(එංගලන්ත පිතිකරණය)

ස්මිත් පටේල් 67 ( පන්දු 48)

ග්‍රැහැම් ස්වෝන් 34 (පන්දු 20)

(ශ්‍රී ලංකා පන්දු යැවීම)

ලසිත් මාලිංග 31/5

අකිල ධනංජය 26/2

නොසිතූ පරාජයක්

2014 ලෝක කුසලානයේ 22 වන තරගයේදී නැවත වරක් එංගලන්තය හමුවන ශ්‍රී ලංකාව එංගලන්ත ඇරියුමෙන් පන්දුවට පහර දෙමින් කඩුළු 4කට 189 ක් රැස් කිරීමට සමත් වූයේ දෙරට අතර 20-20 නව තරග වාර්තා රැසක්ද පිහිටුවමින්. කෙසේ වුවත් එම වාර්තා පැය කිහිපයකට සීමා කරන්නට එංගලන්ත පිතිකරුවන් සමත් වුණා. ඇලෙක්ස් හේල්ස් රැස්කළ ශතකයෙන් සවිමත් වුණු එංගලන්තය ජයග්‍රාහී ලකුණු 190 පහසුවෙන් හඹා ගියේ කඩුලු 4ක් පමණක් වැය කරමින්.

ඇලෙක් හේල්ස් ශතකය සමරමින්
ඇලෙක්ස් හේල්ස් තමාගේ ශතකය සමරමින් – espncricinfo.com

(ශ්‍රී ලංකා පිතිකරණය)

මහේල ජයවර්ධන 89( පන්දු 51)

තිලකරත්න ඩිල්ශාන් 55( පන්දු 47)

(එංගලන්ත පන්දු යැවීම)

ක්‍රිස් ජෝර්ඩන් 28/2

ජේඩ් ඩර්න්බර්ඩ් 42/2

(එංගලන්ත පිතිකරණය)

ඇලෙක්ස් හේල්ස් 116 (පන්දු 64)

ඉයන් මෝර්ගන් 57 (පන්දු 38)

මේ අවසාන ජයග්‍රහණයයි

2014 වසරේදීම නැවත 20-20 තරගයකට එංගලන්තයේ THE OVAL පිටියේදි මුහුණ දෙන ශ්‍රී ලංකාව එංගලන්තය ලකුණු 9 කින් පරාජයට පත් කරන්නට සමත් වනුයේ එංගලන්තට එරෙහිව 20-20 තරගයක ලද අවසාන ජයග්‍රහණය වාර්තා කරමින්. එහිදී තිසර පෙරේරා වේගවත් ලකුණු 49 රැස් කරනුයේ පන්දු 20 කට පමණක් මුහුණ දෙමින්.

තිසර පෙරේරා ලකුණු රැස් කරමින්
තිසර පෙරේරා ලකුණු රැස් කරමින් – espncricinfo.com 

(ශ්‍රී ලංකා පිතිකරණය)

ලහිරු තිරිමාන්න 40 (පන්දු 32)

තිසර පෙරේරා 49 ( පන්දු 20)

(එංගලන්ත පන්දු යැවීම)

හැරී ගුර්නි 26/2

(එංගලන්තය පිතිකරණය)

ඇලෙක්ස් හේල්ස් 66 (පන්දු 41)

රවී බොපාරා 28 (පන්දු 15)

(ශ්‍රී ලංකා පන්දු යැවීම)

ලසිත් මාලිංග 28/3

ජයග්‍රහණ ඉඩෝරයක ආරම්භය

2014 වසරේදී එංගලන්ත භූමියේදීම ඔවුන් පරාජය කළ ද එතැන් සිට වසර 7 ක් වැනි කාලයක් තුළ එංගලන්ත හමුවේ තරග 3 කට මුහුණ දෙමින් පරාජයේ අමිහිරි අත්දැකීම් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.

2016 ලෝක කුසලාන තරගය
2016 ලෝක කුසලාන 20-20 තරගය, වැන්ඩසේ කඩුල්ලක් දවා ගනිමින් – espncricinfo.com  

2016 වසරේ ලෝක කුසලාන 20-20 තරගමාලාවේ පැවති තරගයේ ශ්‍රී ලංකා ඇරියුමෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 4 කට ලකුණු 171 ක් රැස් කිරීමට සමත් වූයේ ජෝස් බට්ලර් පන්දු 37 කින් රැස් කළ ලකුණු 66 ත් සමඟයි. ලකුණු 170 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම විටෙක කඩුලු 4 කට ලකුණු 15 ක් ලෙස දිස් විය. ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර 5ක් සමඟ ගෙන ගිය සටන්කාමී ඉනිම නිසා කඩුලු 5කට ලකුණු 137 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිලට හැකි වුණා. මැතිව්ස් ක්‍රීඩා කළ ඉනිම හුදෙකලා ඉනිමක් බවට පත් කරමින් ලකුණු 10 ක ජයක් ලැබීමට එංගලන්තය සමත් වූවා.

(එංගලන්ත පිතිකරණය)

ජෝස් බට්ලර් 66(පන්දු 37)

ජේසන් රෝයි 42 (පන්දු 39)

(ශ්‍රී ලංකා පන්දු යැවීම)

ජෙෆ්රි වැන්ඩසේ 26/2

(ශ්‍රී ලංකා පිතිකරණය)

ඇන්ජලෝ මැතිව්ස් 73 (පන්දු 54)

චාමර කපුගෙදර 30 (පන්දු 27)

(එංගලන්ත පන්දු යැවීම)

ක්‍රිස් ජෝර්ඩන් 28/4

ඩේවිඩ් විලී 26/2

ඊළඟ තරගය එම වසරේදීම එංගලන්තයේදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.එය කඩුලු 2 ක් පමණක් දැවී ලබා තරගය ජය ගන්නට එංගලන්තය සමත් වූයේ නැවත වරක් සාර්ථක වූ ජෝස් බට්ලර් පන්දු 49 කින් රැස්කළ ලකුණු 73 නිසායි.

(ශ්‍රී ලංකා පිතිකරණය)

දනුෂ්ක ගුණතිලක 26 (පන්දු 16)

දිනේෂ් චන්දිමාල් 23 (පන්දු 22)

(එංගලන්ත පන්දු යැවීම)

ක්‍රිස් ජෝර්ඩන් 29/3

ලයිම් ඩෝසන් 27/3

(එංගලන්ත පිතිකරණය)

ජෝස් බට්ලර් 73 (පන්දු 49)

ඉයන් මෝර්ගන් 47 (පන්දු 39)

(ශ්‍රී ලංකා පන්දු යැවීම)

ඇන්ජලෝ මැතිව්ස් 27/2

අවසන් වරට එංගලන්තය 2018 වසරේදි මුණ ගැසෙන ශ්‍රී ලංකාව ලකුණු 30 ක පරාජයක් උරුම කර ගනිද්දී ඒ සමඟ එංගලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිට ලද තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දැන් පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 තරග තරගමාලාව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දීර්ඝතම 20-20 තරගමාලාව යි. මේ තරග මාලාවේ පළමු තරග දෙක ජය ගන්නට එංගලන්තය සමත්ව සිටිනවා. එහි අවසන් තරගය හෙට (26 වැනිදා) පැවැත්වීමට නියමිතයි.

කවරයේ ඡායාරූපය: විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග - espncricinfo.com  

 මූලාශ්‍ර: espncricinfo.com   

Related Articles