Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මඩුගල්ලේ නම ඉදිරියේ ලියැවුණු තරග 200ක තීරක වාර්තාව

ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ දිනයේ දී ආරම්භ වුණා. රංජන් මඩුගල්ලේ එම තරගයේ තරග තීරකවරයා වශයෙන් කටයුතු කරනවා. එය රංජන් තරග තීරකවරයකු වශයෙන් කටයුතු කරන 200 වන ටෙස්ට් තරගය යි. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරග 200ක තරග තීරකවරයා ලෙසින් කටයුතු කළ මුල් ම පුද්ගලයා වීමේ අවස්ථාව රංජන්ට හිමි වුණා. එම පුවතත් සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දුන් මඩුගල්ලේ 

1979-1988 කාල සමයේ ජාත්‍යන්තර තරග 84ක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රංජන් මඩුගල්ලේ 1993 දී තරග තීරකවරයකු ලෙසින් රාජකාරි ආරම්භ කළා. එහි දී ඔහු මුලින් ම ටෙස්ට් තරග තීරකවරයකු වශයෙන් කටයුතු කළේ 1993 පාකිස්තාන -සිම්බාබ්වේ කරච්චි ටෙස්ට් තරගයේ දී යි. එදා සිට ටෙස්ට් තරගවල දී තරග තීරකවරයකු ලෙසින් කටයුතු කළ මඩුගල්ලේ ඊයේ දිනයේ දී ටෙස්ට් තරග 200ක තරග තීරකවරයා ලෙසින් කටයුතු කළ මුල් ම පුද්ගලයා ලෙසින් ඉතිහාසගත වුණා. පහතින් දක්වා තිබෙන්නේ මේ වන විට වැඩි ම ටෙස්ට් තරග ප්‍රමාණයක තරග තීරකවරයා ලෙසින් කටයුතු කර තිබෙන පුද්ගලයන් පිළිබඳව යි. 

1) රංජන් මඩුගල්ලේ (ශ්‍රී ලංකාව)- තරග 200

2) ක්‍රිස් බ්‍රෝඩ් (එංගලන්තය)- තරග 113

3) ජෙෆ් ක්‍රෝ (නවසීලන්තය)- තරග 103

4) ඇන්ඩි පයික්‍රොෆ්ට් (සිම්බාබ්වේ)- තරග 81

5) රොෂාන් මහානාම (ශ්‍රී ලංකාව)- තරග 61 

6) ඩේවිඩ් බූන් (ඕස්ට්‍රේලියාව)- තරග 61 

රංජන් මඩුගල්ලේ  – gettyimages.com

 

ශ්‍රී ලංකා-කොදෙව් පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි 

ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පන්දුවට මුලින් ම පහරදීමට තීරණය කළා.

ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139ක සබඳතාවක් ගොඩනැගුවා. ඒ අයුරින් ලැබුණු සාර්ථක ආරම්භය නිසා පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 267ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව ලැබුණා. 

දිමුත් ශතකය ලබාගත් අවස්ථාව – gettyimages.com

 

එහි දී නායකත්වයයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත්, දිනය නිමාවන තුරු නොදැවී පන්දුවට පහරදෙමින් ලකුණු 132ක් ලබා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් පැතුම් සහ ධනංජය ලකුණු 56 බැගින් වාර්තා කළා. තරගයේ පළමු දිනයේ දී දක්නට ලැබුණු අනිකුත් සුවිශේෂී සිදුවීම වුණේ සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වුණු කොදෙව් ක්‍රීඩක ජෙරෙමි සොලොසානෝ හදිසි අනතුරකට ලක් ව රෝහල් ගත කිරීම යි. ඊයේ දිනය අවසානයේ දී රෝහල් ආරංචි මාර්ග පවසා සිටියේ ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව යි. 

අගමැති කුසලාන පාපන්දු තරගාවලියේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට 

කොළඹ තුරඟ තරග පිටිය ආශ්‍රිත ව සිව්කොන් පාපන්දු තරගාවලියක් පසුගිය දිනවල  ක්‍රියාත්මක වුණා. අගමැති කුසලානය ලෙස නම් කර තිබුණු එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය සහ සීෂෙල්ස් යන කණ්ඩායම් සහභාගි වුණා. මූලික වටය යටතේ පැවති තරගවල දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් යන කණ්ඩායම් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එහි දී ශ්‍රී ලංකාව අවසන් තරගය සඳහා රැගෙන යාමට සුවිශේෂී මෙහෙයක් සිදුකළ වසීම් රාසික් ගෝල 6ක් වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

වසීම් රාසික් මාලදිවයින් තරගයේ දී -The Island.lk

 

තරගාවලියේ අවසන් තරගය පසුගිය සිකුරාදා ක්‍රියාත්මක වුණා. එම තරගය ආරම්භ වුණු මොහොතේ සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වුණා. එනිසා 84 වන විනාඩිය අවසන් වෙද්දී ශ්‍රී ලංකාව ගෝල 3-1ක් ලෙසින් තරගයේ ඉදිරියෙන් සිටියා. නමුත් 85 වන විනාඩියේ දී ශ්‍රී ලංකා ආරක්ෂ පෙළ ක්‍රීඩක අසිකුර් රහුමාන් අත්වැරැදීමකින් ලබා දුන් ගෝලය නිසා සීෂෙල්ස් ක්‍රීඩකයන් යළි තරගයට අවතීර්ණ වුණා.

ඉන් විනාඩි 5කට පසුව එනම් 90 වැනි විනාඩියේ දී සීෂෙල්ස් ක්‍රීඩකයන් නැවත වරක් ගෝලයක් ලබාගැනීම හේතුවෙන් නියමිත කාලය අවසන් වෙද්දී ගෝල තත්ත්වය 3-3ක් ලෙසින් සටහන් වුණා. 

තරගයේ තියුණු අවස්ථාවක් – papare.com

 

එහි ප්‍රතිඵලයක් වශයෙන්  දඬුවම් පහර මඟින් තරගයේ ජයග්‍රාහකයන් තේරීමට සිදුවුණා. එහි දී දඬුවම් පහර 3-1ක් ලෙසින් තරගයේ ජයග්‍රහණය සීෂෙල්ස් කණ්ඩායමට හිමි වුණා. තරගාවලිය පුරාවට සුපිරි දස්කම් දැක්වූ වසීම් රාසික් ගෝල 7ක් ලබාගෙන තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා වශයෙන් සම්මාන ලැබුවා.

ඒ අයුරින් ක්‍රියාත්මක වුණු පාපන්දු තරගාවලියේ තරග ක්‍රියාත්මක වුණු තුරඟ තරග ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරග පැවැත්වීම සුදුසු දැයි යන කාරණය පිළිබඳ ව බොහෝ පාපන්දු ප්‍රේක්ෂකයන් කතා කළා. එනිසා අප රටේ පාපන්දු ක්‍රීඩකයන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු සංකීර්ණයක් ඉදිකර දීමට අදාළ බලධාරීන් වග බලා ගත යුතු යි. එවිට ශ්‍රී ලංකා පාපන්දු තවත් ඉදිරියට ගමන් කරනු ඇති බවට සැකයක් නැහැ.

20/20 ක්‍රිකට් පිටිය යළිත් කාර්යබහුල යි 

20/20 ලෝක කුසලානය අවසන් වී සතියක් ගෙවී යාමටත් පෙර තවත් 20/20 තරගාවලි 2ක් ආරම්භ වුණා. ඉන් එක් තරගාවලියක් ඉන්දියානු බිමේ දී ඉන්දියාව සහ නවසීලන්තය අතර ක්‍රියාත්මක වුණා. තරග 3කින් සමන්විත වුණු එම තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායම යි.

කේන් විලියම්සන් එම තරගාවලිය සඳහා සහභාගි නොවුණු නිසා ටිම් සවුති නවසීලන්ත කණ්ඩායම මෙහෙයවද්දී රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ ඉන්දියානුවන් තරග බිමට පිවිසියා. ඒ අයුරින් නිමා වුණු තරගවල කෙටි ලකුණු පුවරු පහතින් දක්වා තිබෙනවා.

ශූරතාවය දිනාගත් ඉන්දීය කණ්ඩායම – gettyimages.com

පළමු තරගය 

නවසීලන්තය- 164/6 (20), (ගප්ටිල්- 70, චැප්මන්- 63, අශ්වින්- 23/2, බුවනේෂ්වර්- 24/2)

ඉන්දියාව- 166/5 (19.4), (සූර්යකුමාර්- 62, රෝහිත්- 48, බෝල්ට්- 31/2, මිචෙල්- 11/1)

ඉන්දියාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- සූර්යකුමාර් යාදව්  

දෙවන තරගය 

නවසීලන්තය- 153/6 (20), (පිලිප්ස්- 34, ගප්ටිල්- 31, හර්ෂාල්- 25/2, අශ්වින්- 19/1)

ඉන්දියාව- 155/3 (17.2), (රාහුල්- 65, රෝහිත්- 55, සවුති- 16/3)

ඉන්දියාවට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- හර්ෂාල් පටෙල් 

තෙවන තරගය 

ඉන්දියාව- 184/7 (20), (රෝහිත්- 56, කිෂාන්- 29, සැන්ට්නර්- 27/3, බෝල්ට්- 31/1)

නවසීලන්තය- 111/10 (17.2), (ගප්ටිල්- 51, අක්සාර්- 9/3, හර්ෂාල්- 26/2, අයියර්- 12/1)

ඉන්දියාවට ලකුණු 73ක ජයක් 

තරගයේ වීරයා- අක්සාර් පටෙල් 

තරගාවලියේ වීරයා- රෝහිත් ෂර්මා 

තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් රෝහිත් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර මීර්පූර් හිදී පැවැත්වෙන තරග 3කින් සමන්විත T20  තරගාවලිය කල් ඇතිව ම ජයග්‍රහණය කිරීමට පාකිස්තාන කණ්ඩායමට හැකියාව ලැබුණා. එහි දී ඔවුන් තරගාවලියේ මුල් තරග 2 ම ජයග්‍රහණය කළා. එම තරගවල ලකුණු පුවරු පහතින් දක්වා තිබෙනවා.  

පළමු තරගය 

බංග්ලාදේශය- 127/7 (20), (අෆීෆ්- 36, මහෙදි- 30*, හසන්- 22/3, වසීම්- 24/2)

පාකිස්තානය- 132/6 (19.2), (සමාන්- 34, කුෂ්දිල්- 34, ටස්කින්- 31/2, මහෙදි- 17/1)

පාකිස්තානට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- හසන් අලී 

දෙවන තරගය 

බංග්ලාදේශය- 108/7 (20), (ෂැන්ටෝ- 40, අෆීෆ්- 20, අෆ්රිඩී- 15/2, ෂඩාබ්- 22/2, වසීම්- 9/1)

පාකිස්තානය- 109/2 (18.1), (සමාන්- 57*, රිස්වාන්- 39, රහමාන්- 12/1, ඉස්ලාම්- 30/1)

පාකිස්තානයට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- ෆකර් සමාන් 

තරග ද්විතයේ දීම පිත්තෙන් දස්කම් දැක්වූ සමාන් – gettyimages.com

කවරයේ ඡායාරූපය- රන්ජන් මඩුගල්ලේ - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com 

howstat.com 

dailynews.lk 

Related Articles