Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිම්බාබ්වේ හමුවේ 24 වසරකට පසු ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

තරග 3කින් සමන්විත වුණු ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලියමහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  පසුගිය සිකුරාදා  නිමාවට පත්වුණා. තියුණු මුහුණුවරක් ගත් එම තරගාවලිය අවසානයේ දී තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එය ශ්‍රී ලංකාව වසර 24කට පසුව සිම්බාබ්වේ හමුවේ මව්බිමේ දී ලබාගත් එක ම එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා.

එම තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණේ සතියේ කෙළිබිමෙන් වාර්තා වුණු විශේෂ සිදුවීම් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලියේ තොරතුරු

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දෙවන තරගය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  පසුගිය අඟහරුවාදා පැවැත්වුණා. සිම්බාබ්වේ කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීම සඳහා එම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ මුලින් ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 302ක් ලබා ගත්තා.

එහි දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රේග් අර්වින් පන්දු 98කින් අගනා ලකුණු 91ක් ලබා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබාදුන් සිකන්දර් රාසා පන්දු 46කින් ලකුණු 56ක් ලබා ගත්තා. සිම්බාබ්වේ පිතිකරුවන් පිත්තෙන් දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් හපන්කම් පෑ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 51කට කඩුලු 3ක් දවා ගත්තා.

අර්වින්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ජයග්‍රහණය සඳහා ලකුණු 303ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ ප්‍රබල පන්දු යැවීම ඉදිරියේ දැඩි අසීරු තත්ත්වයකට පත්වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 63ක් තුළ බිඳ වැටුණා. ඉන් නොසැලුණු නායක දසුන් ශානක සහ කමිඳු මෙන්ඩිස් පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවක් ගොඩනැඟුවා.

කමිඳු ලකුණු 57කට දැවීයාමෙන් පසු එම සබඳතාව නිමාවට පත්වුණා. දසුන් ශානකට එකතු වුණු චාමික කරුණාරත්න සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඉන් පසු ප්‍රබල උත්සාහයක නිරත වුණා. එහි දී දසුන් පන්දු 94කදී ලකුණු 102ක් ලබා ගනිමින් සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීම විශේෂත්වයක් වුණා. 

දසුන් ශතකය සම්පූර්ණ කළ අවස්ථාව – gettyimages.com

 

ශතකය ලබා ගත් විගස ම දසුන් දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ වුණා. අවසන් පන්දුවාර කිහිපයේ දී උපක්‍රමශීලී ව පන්දු යැවූ සිම්බාබ්වේ වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම 280/9ක් ලෙසින් සීමා කළා. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ටෙන්ඩෙයි චටාරා සහ බ්ලෙසිංග් මුසර්බානි කඩුලු 3 බැගින් බිඳ දැමුවා. එසේ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 22ක ජයග්‍රහණයක් ලබාගැනීමත් සමඟින් තරගාවලිය 1-1 ලෙස සම තත්ත්වයට පත්වුණා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

සිම්බාබ්වේ- 302/8 (50), (අර්වින්- 91, රාසා- 56, විලියම්ස්- 48, වැන්ඩසේ- 51/3, ප්‍රදීප්- 74/2) 

ශ්‍රී ලංකාව- 280/9 (50), (ශානක- 102, කමිඳු- 57, චාමික- 34, චටාරා- 52/3, මුසර්බානි- 56/3)

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 22ක ජයක් 

තරගයේ වීරයා- ක්‍රේග් අර්වින් 

සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණයේ සතුට සමරමින් (gettyimages.com)

 

තරගාවලියේ තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින තරගයපල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම  පසුගිය සිකුරාදා පැවැත්වුණා. අනපේක්ෂිත අයුරින් දෙවන එක්දින තරගය පරාජයට පත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේ දී සිය අභිමානය රැක ගැනීමේ අරමුණෙන් මෙම තරගය සඳහා අවතීර්ණ වුණා. දඟපන්දු යවන්නන්ට වාසිදායක වුණු තණතීරුවක කාසියේ වාසිය දිනාගත්  ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

ඔහුගේ එම තීරණයට සාධාරණයක් ඉටු කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගළය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාවක් ගොඩනැගුවා. දඟපන්දු යවන්නන්ගේ ආගමනයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු බිඳවැටෙන්නට පටන් ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 107/3 බවට පත්වුණා. 

නිස්සංක අර්ධ ශතක ලබාගත් අවස්ථාව – gettyimages.com

 

ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටුණු මොහොතක වගකීමෙන් සිය පිත්ත හැසිර වූ චරිත් අසලංක අගනා ලකුණු 52ක් ලබා ගත්තා. ඉනිමේ අවසන් පන්දුවාර 10 ආරම්භ වුණු විගස ම අසලංක දැවීයාමත් සමඟින් තරගය දෙපිලට ම විවෘත වුණා.

ඒ මොහොතේ වටිනා ඉනිම් දෙකක් ක්‍රීඩා කළ චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 30ක් සහ 26ක් ලබා ගෙන ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ඉනිම 254/9 ලෙසින් නිමාව දුටුවා.

අසලංකගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ලකුණු 255ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු 2ක තෙවන පන්දු වාරයේ දී බිඳ දැමීමට දුෂ්මන්ත චමීර සමත් වුණා. චමීර ලබා දුන් සාර්ථක ආරම්භය ඔස්සේ ඉදිරියට ගිය ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිම්බාබ්වේ කඩුලු 5ක් ලකුණු 31ක් තුළ දවා ගත්තා. එලෙස කඩා වැටුණු සිම්බාබ්වේ ඉනිම යළි ගොඩනැඟීමට කිසිදු පිතිකරුවකුට හැකි වුණේ නැහැ.

එනිසා පන්දුවාර 24.4ක් තුළ සිම්බාබ්වේ ඉනිම ලකුණු 70කට සීමා වුණා. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තා. රමේෂ් මෙන්ඩිස් සහ දුෂ්මන්ත චමීර අතරේත් කඩුලු 2 බැගින් බෙදී ගියා. 

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන වැන්ඩසේ – gettyimages.com

 

එම තරගයෙන් ලබා ගත් ලකුණු 184ක ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 2-1 ලෙසින් තරගාවලියේ ජයග්‍රහණය හිමි වුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් 1998 වසරෙන් පසුව සිය මව්බිමේ දී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලබා ගත් එක ම එක්දින තරගාවලි ජයග්‍රහණය බවට පත්වීම විශේෂත්වයක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.  

ශ්‍රී ලංකාව- 254/9 (50), (නිස්සංක- 55, අසලංක- 52, කුසල්- 36, චාමික- 30, ගරාවා- 46/2)

සිම්බාබ්වේ- 70/10 (24.4), (කයිටානෝ- 19, වැන්ඩසේ- 10/4, චමීර- 20/2, රමේෂ්- 26/2)

ශ්‍රී ලංකාවට ලකුණු 184ක ජයක් 

තරගයේ වීරයා- චරිත් අසලංක 

තරගාවලියේ වීරයා- පැතුම් නිස්සංක 

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පළමු වටයේ පෙරමුණට 

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පසුගිය ජනවාරි 14 වැනිදා ආරම්භ වුණු යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග ගෙවුණු සතියේ දී නිමාවට පත්වුණා. එහි දී D කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, සහ ස්කොට්ලන්තය පරාජය කරමින් කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත්තා.

එලෙස පළමු වටය යටතේ පැවති තරගවල දී කැපී පෙනෙන දස්කම් දැක්වූ  නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 13ක් බිඳ දැමීමට සමත් වුණා. ඒ අනුව ඔහු තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් ව සිටිනවා. පහතින් දක්වා තිබෙන්නේ පළමු වටයේ තරගවල ප්‍රතිඵල යි. 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම  – gettyimages.com

 

1) ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය- ශ්‍රී ලංකාවට ලකුණු 40ක ජයක් 

ශ්‍රී ලංකාව- 218/10 (45.2), (සකුණ- 85, රවීන්- 30, චමිඳු- 28,  ෆිෂර්- 56/3, ජාවිස්- 27/2)

ස්කොට්ලන්තය- 178/10 (48.4), (ජාවිස්- 55, වෙල්ලාලගේ- 27/5, ඩැනියල්- 16/2)

තරගයේ වීරයා- දුනිත් වෙල්ලාලගේ 

2) ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය- ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් 

ඕස්ට්‍රේලියාව- 175/10 (50), (කැම්බල්- 54, වෙල්ලාලගේ- 28/5, මැතිව්- 32/2, පතිරණ- 34/2)

ශ්‍රී ලංකාව- 177/6 (37), (වෙල්ලාලගේ- 52, අන්ජල- 33, රනුද- 32*, ගානර්- 21/2, විට්නි- 39/2)

තරගයේ වීරයා- දුනිත් වෙල්ලාලගේ 

 පිත්තෙන් සහ පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ වෙල්ලාලගේ (gettyimages.com)

 

3) ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය – ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

කොදෙව්-  250/9  (50), (විකම්- 56, ජෝඩන්- 47, වෙල්ලාලගේ- 39/3, පතිරණ- 67/2)

ශ්‍රී ලංකාව- 251/7 (48.2), (රාජපක්ෂ- 76, අන්ජල- 40, ඩැනියල්- 34, ක්ලාක්- 38/2, ත්‍රෝන්- 41/2,)

තරගයේ වීරයා- සදිෂ රාජපක්ෂ

සදිෂ රාජපක්ෂ – gettyimages.com

 

එලෙස පළමු තරග වටයේ දී සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සුපර් ලීග් අර්ධ අවසන් පූර්ව වටය සඳහා  සුදුසුකම් ලබා ගත්තා. ශ්‍රී ලංකාව යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක දී අවසන් වරට සුපර් ලීග් වටයට සුදුසුකම් ලබාගත්තේ 2016 වසරේ දී යි. ඒ අනුව මෙවර ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් ලබා ගත් ජයග්‍රහණය සුවිශේෂී එකක් වුණා. සුපර් ලීග් තරග වටය එළඹෙන 26 වැනිදා ආරම්භ වෙනවා. පහත දක්වා තිබෙන්නේ එම තරග කාලසටහන යි. 

ජනවාරි 26- එංගලන්තය සහ දකුණු අප්‍රිකාව 

ජනවාරි 27- ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය 

ජනවාරි 28- පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව 

ජනවාරි 29- ඉන්දියාව සහ බංග්ලාදේශය

ශ්‍රී ලංකා පැරණි ක්‍රිකට් තරු කිහිපයක් යළි ක්‍රිකට් පිටියට 

පැරණි ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය ඇතිව පැවැත්වෙන අපූරු ක්‍රිකට් තරගාවලියක් මේ දිනවල ඕමානයේ දී ක්‍රියාත්මක වෙනවා. ලෙජන්ඩ්ස් ලීග් නමින් හැඳින්වෙන එම සුපිරි තරගාවලිය සඳහා ලෝක, ආසියා සහ ඉන්දීය  කණ්ඩායම් එක්ව සිටිනවා. එහි දී ආසියානු කණ්ඩායම වෙනුවෙන් මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, තිලකරත්න දිල්ෂාන්, උපුල් තරංග, සහ නුවන් කුලසේකර යන පැරණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා. ගෙවුණු සතියේ  එම තරගාවලියේ මූලික වටයේ තරග 3ක් ක්‍රියාත්මක වුණා. එහි දී සෑම කණ්ඩායමක් ම තරගය බැගින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. පහතින් දක්වා තිබෙන්නේ එම තරගවල ප්‍රතිඵල යි.

1) ආසියා කණ්ඩායම සහ ඉන්දියාව- ඉන්දීය කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

ආසියාව- 175/7 (20), (තරංග- 66, මිස්බා- 44, කම්රන්- 25, ගෝනි- 45/3, ඉර්ෆාන්- 22/2)

ඉන්දියාව- 179/4 (19.4), (යූසුෆ්- 80, කයිෆ්- 42*, ඉර්ෆාන්- 21*, අක්තාර්- 21/1, ගුල්- 30/1)

තරගයේ වීරයා- යූසුෆ් පතාන් 

යූසුෆ් පතාන් – hindustantimes.com

 

2) ආසියා කණ්ඩායම සහ ලෝක කණ්ඩායම- ආසියා කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

ලෝක- 205/7 (20), (ඕ බ්‍රයන්- 95, මස්ටර්ඩ්- 28, කුලසේකර- 17/2, හෆීස්- 32/2, වාස්- 35/1)

ආසියාව- 209/4, (19.2), (තරංග- 63, දිල්ෂාන්- 52, හෆීස්- 27, මෝර්නි- 38/2, පනෙසාර්- 23/1) 

තරගයේ වීරයා- කෙවින් ඕ බ්‍රයන්

උපුල් තරංග – gettyimages.com

 

3) ඉන්දියාව සහ ලෝක කණ්ඩායම- ලෝක කණ්ඩායමට කඩුලු 3ක ජයක් 

ඉන්දියාව- 209/3 (20), (නාමන් ඕජා- 140,  කයිෆ්- 53*, සයිඩ්බොටම්- 20/2, මෝර්නි- 24/1)

ලෝක- 210/7 (19.3), (පීටර්සන්- 53, තාහීර්- 52, සැමී- 28, බිනී- 22/2, මුනාෆ්- 51/2)

තරගයේ වීරයා- නාමන් ඕජා 

නාමන් ඕජා – gettyimages.com

 

ඉන්දියාව හමුවේ දකුණු අප්‍රිකානුවන් ජයපැන් බොයි 

තරග 3කින් සමන්විත ඉන්දු-දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය කේප්ටවුන් හිදී නිමාව දුටුවා. එම තරගාවලිය යටතේ පැවති තරග තුනේ ම ජයග්‍රහණය දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි වුණා. එය ඉන්දීය කණ්ඩායමක් 2006 වසරෙන් පසුව දකුණු අප්‍රිකානු බිමේ දී ලැබූ දරුණුත ම එක්දින තරගාවලි පරාජය ලෙසින් සටහන් වුණා. පහතින් දක්වා ඇත්තේ තරගවල ප්‍රතිඵල යි. 

1) පළමු තරගය- දකුණු අප්‍රිකාවට ලකුණු 31ක ජයක් 

දකුණු අප්‍රිකාව- 296/4 (50)

ඉන්දියාව- 265/8 (50)

තරගයේ වීරයා- රාසී වෑන් ඩර් ඩූඩන් (ලකුණු 129*- පන්දු 96)

2) දෙවන තරගය- දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක් 

ඉන්දියාව- 287/6 (50)

දකුණු අප්‍රිකාව- 288/3 (48.1)

තරගයේ වීරයා- කුයින්ටන් ද කොක් (ලකුණු 78- පන්දු 66)

3) තෙවන තරගය- දකුණු අප්‍රිකාවට ලකුණු 4ක ජයක් 

දකුණු අප්‍රිකාව- 287/10 (49.5)

ඉන්දියාව- 283/10 (49.2)

තරගයේ වීරයා- කුයින්ටන් ද කොක් (ලකුණු 124- පන්දු 130)

තරගාවලියේ වීරයා- කුයින්ටන් ද කොක් (ලකුණු 229)

ජයග්‍රාහී දකුණු අප්‍රිකානු කණ්ඩායම- gettyimages.com

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා නායක දසුන් ශානක ජයග්‍රාහී කුසලානය අතැතිව - gettyimages.com 

මූලාශ්‍ර:

espncricinfo.com 

howstat.com

Related Articles