Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා දස්කම් මතු වුණු යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි 3ක්

2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී අද (ජනවාරි 14 වැනිදා) ආරම්භ වීමට නියමිත යි. දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම එම තරගාවලිය සඳහා සහභාගි වනවා. පසුගිය කාලයේ  අඛණ්ඩව දස්කම් අතර සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූර බංග්ලාදේශ යොවුන් කණ්ඩායම හමුවේ 5-0ක් ද, එංගලන්ත යොවුන් කණ්ඩායම හමුවේ 3-2ක් ද ලෙසින් එක්දින තරගාවලි ජයග්‍රහණය කිරීමට සමත් වුණා. යොවුන් ක්‍රිකට් ආසියානු කුසලාන අනුශූරතාව ද දිනා ගත්තා. එනිසා මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ බොහෝ දෙනකු අවධානයෙන් පසුවනවා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම – dailynews.lk

 

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසය දෙස ආපසු හැරී බලද්දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් එක් අවස්ථාවක් පිළිබඳ අපගේ මතකයට නැගෙනවා. ඒ 2000 වසරේ ශ්‍රී ලංකාවේ පැවති යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී මලින්ත ගජනායකගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම තරගාවලියේ අනුශූරයන් බවට පත්වීම යි. 2010 සහ 2016 වසරවල පැවති යොවුන් ක්‍රිකට් ලෝක කුසලානවල දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයක් වුණා. ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් ඉස්මතු වුණු එම තරගාවලි ත්‍රිත්වය පිළිබඳ මතකය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

2000 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 

2000 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණා. ඒ සඳහා රටවල් 16ක් සහභාගි වුණා. මූලික වටයේ D කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම, ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ නැමීබියාව රටවල් සමඟින් උරෙනුර ගැටුණා. එහි දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් තරග තුන ම පහසුවෙන් ජය ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. එම තරගවල ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා.

1) ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය – ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් 

අයර්ලන්තය- 134/10 (47.1)

ශ්‍රී ලංකාව- 135/2 (23.2) 

විශේෂ දක්ෂතා- ඉයන් ඩැනියල් (ශ්‍රී ලංකාව)- 72 (76)*

                            අකලංක ගනේගම (ශ්‍රී ලංකාව)- 11/3 (9)

                            කෞෂල්‍ය වීරරත්න (ශ්‍රී ලංකාව)- 26/3 (7)

2) ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය – ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් 

නැමීබියාව- 93/10 (44.2)

ශ්‍රී ලංකාව- 96/3 (20.4)

විශේෂ දක්ෂතා- මලින්ත ගජනායක (ශ්‍රී ලංකාව)- 43 (62)*

                       කෞෂාල් ලොකුආරච්චි (ශ්‍රී ලංකාව)- 24/3 (10)    

1) ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය – ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් 

ඕස්ට්‍රේලියාව- 90/10 (37.1)

ශ්‍රී ලංකාව- 91/2 (27) 

විශේෂ දක්ෂතා- ඉයන් ඩැනියල් (ශ්‍රී ලංකාව)- 40 (78)*

                       කෞෂාල් ලොකුආරච්චි (ශ්‍රී ලංකාව)- 3/2 (4.1)

පළමු වටයේ දී පිත්තෙන් දස්කම් දැක්වූ ඉයන් ඩැනියල් – espncricinfo.com

 

පළමු තරග වටයේ දී ඉහළ දස්කම් පෙන්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පහසුවෙන් සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එම වටයේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය, ඉන්දියාව සහ නේපාලය සමඟින් තරග වැදුණා. එහි දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ හමුවේ පරාජය ලැබුවත් ඉතිරි තරග 2ක ජයග්‍රහණය කිරීමට සමත් වුණා. පහතින් දක්වා තිබෙන්නේ එම තරග ප්‍රතිඵල යි.

1) ශ්‍රී ලංකාව සහ එංගලන්තය – ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් 

නැමීබියාව- 123/10 (47.3)

ශ්‍රී ලංකාව- 124/3 (24.5)

විශේෂ දක්ෂතා- ඉයන් ඩැනියල් (ශ්‍රී ලංකාව)- 46 (54)

                            රනිල් ධම්මික (ශ්‍රී ලංකාව)- 13/4 (9.3)  

                            ප්‍රභාත් නිස්සංක (ශ්‍රී ලංකාව)- 9/2 (7)

රනිල් ධම්මික – sportstar

 

2) ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය – ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් 

නේපාලය- 89/10 (34.2)

ශ්‍රී ලංකාව- 92/1 (18.3) 

විශේෂ දක්ෂතා- ඉයන් ඩැනියල් (ශ්‍රී ලංකාව)- 44 (48)*

                       කෞෂල්‍ය වීරරත්න (ශ්‍රී ලංකාව)- 15/3 (5.2)

3) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය – ඉන්දියාවට ලකුණු 41ක ජයක් 

ඉන්දියාව- 242/7 (50)

ශ්‍රී ලංකාව- 201/10 (45.4)

විශේෂ දක්ෂතා- රිතින්දර් සෝඩි (ඉන්දියාව)- 74 (81)

                            රනිල් ධම්මික (ශ්‍රී ලංකාව)- 43/4 (10)  

                            රෂාන් පීරිස් (ශ්‍රී ලංකාව)- 66 (70)

                            මොහොමඩ් කයිෆ් (ඉන්දියාව)- 29/3 (7.4)

සෝඩිගේ අගනා ඉනිමේ අවස්ථාවක් – sportstar

 

සුපිරි 8 වටයේ දී දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට වරම් ලැබුණා. අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල පාකිස්තාන යොවුන් ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 10ක තියුණු ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

ශ්‍රී ලංකාව- 219/10 (49.1)

පාකිස්තානය- 209/10 (50)

විශේෂ දක්ෂතා- ඉයන් ඩැනියල් (ශ්‍රී ලංකාව)- 58 (493)

                            මුතුමුදලිගේ පුෂ්පකුමාර (ශ්‍රී ලංකාව)- 47 (67) සහ 55/2 (10) 

                            ෆයිසාල් ඉක්බාල්- 53 (71)

අකංලක ගනේගම අවසන් පූර්ව තරගයේ දී – sportstar

 

අවසන් මහා තරගයේ දී ඉන්දු-ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම් යළිත් වරක් උරෙනුර ගැටුණා. එහි දී නැවතත් ශ්‍රී ලංකාව අභිබවා ගිය ඉන්දියාව මුල්ම වරට යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළා. තරගාවලිය පුරාවට දක්ෂ ලෙස තරග වැදුණු ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා. පහතින් දක්වා තිබෙන්නේ අවසන් තරගයේ ප්‍රතිඵලය යි.

ශ්‍රීවාස්තව කඩුල්ලක් දවාගනිමින්  – sportstar

 

ශ්‍රී ලංකාව- 178/10 (48.1)

ඉන්දියාව- 180/4 (40.4)

විශේෂ දක්ෂතා- රිතින්දර් සෝඩි (ඉන්දියාව)- 39 (43)*

                      ජෙහාන් මුබාරක් (ශ්‍රී ලංකාව)- 58 (108)  

                     ෂලාබ් ශ්‍රීවාස්තව (ඉන්දියාව)- 33/3 (9)

ජයග්‍රාහී ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායම – sportstar

 

2010 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය

නවසීලන්තයේ පැවති 2010 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකාව මූලික වටයේ දී C කාණ්ඩය යටතේ තරග වැදුණා. එහි දී නවසීලන්තය, සිම්බාබ්වේ සහ කැනඩාව යන කණ්ඩායම් සමඟින් උරෙනුර ගැටුණු ශ්‍රී ලංකාව තරග 2ක් ජයග්‍රහණය කළා. එම තරගවල ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා.

1) ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය – ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් 

සිම්බාබ්වේ- 121/10 (33.3)

ශ්‍රී ලංකාව- 122/2 (24.2)

විශේෂ දක්ෂතා- භානුක රාජපක්ෂ (ශ්‍රී ලංකාව)- 49 (43)

                       චරිත් ජයම්පති (ශ්‍රී ලංකාව)- 26/4 (7)

                      චතුර පීරිස් (ශ්‍රී ලංකාව)- 14/3 (7)

2) ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර තරගය – ශ්‍රී ලංකාවට ලකුණු 134ක ජයක් 

ශ්‍රී ලංකාව- 276/6 (50)

කැනඩාව- 142/10 (39.3)   

විශේෂ දක්ෂතා- භානුක රාජපක්ෂ (ශ්‍රී ලංකාව)- 68 (83)

                      අක්ෂු ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)- 43 (25)*

                      චතුර පීරිස් (ශ්‍රී ලංකාව)- 25/5 (8.3)  

                     හිරාල් පටෙල් (කැනඩාව)- 69 (110) සහ 45/3 (10)   

3) ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය – නවසීලන්තයට කඩුලු 7ක ජයක් 

ශ්‍රී ලංකාව- 195/10 (49.1)

නවසීලන්තය- 196/3 (43.2)   

විශේෂ දක්ෂතා- හැරී බෝම් (නවසීලන්තය)- 85 (151)*

                       ධනුෂ්ක ගුණතිලක (ශ්‍රී ලංකාව)- 69 (71)

                      ටිම් ජොන්ස්ටන් (නවසීලන්තය)- 36/3 (10)

                     ලෝගන් වෑන් බීක්  (නවසීලන්තය)- 49/3 (9)  

                     ජිමී නීෂම්  (නවසීලන්තය)- 47 (41)

පළමු තරග වටයේ දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එම තරග වටයේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව විශිෂ්ට ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසුණා.   

පළමු වටයේ දී පිත්තෙන් දස්කම් දැක්වූ භානුක රාජපක්ෂ – espncricinfo.com

 

ශ්‍රී ලංකාව- 293/8 (50)

දකුණු අප්‍රිකාව- 145/10 (36.4)

විශේෂ දක්ෂතා- භානුක රාජපක්ෂ (ශ්‍රී ලංකාව)- 79 (78) සහ 24/1 (7)

                            කිත්රුවන් විතානගේ  (ශ්‍රී ලංකාව)- 45 (50)

                            චරිත් ජයම්පති (ශ්‍රී ලංකාව)- 31/4 (8)  

පන්දුවෙන් දස්කම් දැක්වූ චරිත් ජයම්පති – espncricinfo.com

 

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව පැවති අවසන් පූර්ව තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත්තා. එහි දී ඕස්ට්‍රේලියානු නායක මිචෙල් මාෂ් ලබා ගත් අගනා ලකුණු 97 නිසා ඔවුන්ට කඩුලු 2ක තියුණු ජයක් හිමි වුණා. ඒ සමඟ ම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට තිබුණු අවස්ථාව අහිමි වුණා. 

ජෝස් හේසල්වුඩ් පන්දුවෙන් දස්කම් දක්වමින් – espncricinfo.com

 

ශ්‍රී ලංකාව- 205/10 (48.2)

ඕස්ට්‍රේලියාව- 206/8 (48.3)

විශේෂ දක්ෂතා- මිචෙල් මාෂ් (ඕස්ට්‍රේලියාව)- 97 (110)

                            අක්ෂු ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)- 52 (88)

                            ටොම් ට්‍රිෆිට් (ඕස්ට්‍රේලියාව)- 50 (70)

                            ජෝස් හේසල්වුඩ් (ඕස්ට්‍රේලියාව)- 26/4 (10)  

                            චරිත් ජයම්පති (ශ්‍රී ලංකාව)- 34/3 (10) 

මිචෙල් මාෂ්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – espncricinfo.com

 

ඉන් පසු ව තෙවන ස්ථානය තේරීම සඳහා පැවති තරගයේ දී ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් යොවුන් ක්‍රිකට් කණ්ඩායම් තරග වැදුණා. එම තරගයේ දී ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් කඩුලු 4ක ජයක් ලබා ගත්තා. 

ශ්‍රී ලංකාව- 291/6 (50)

කොදෙව් – 294/6 (48.3)

විශේෂ දක්ෂතා- යැනික් කැරියාහ් (කොදෙව්)- 110 (127) සහ 34/1 (9)

                            දෙනුවන් රාජකරුණා (ශ්‍රී ලංකාව)- 94 (118)

                            උදාර ජයසුන්දර (ශ්‍රී ලංකාව)- 77 (106)

                            ජෝන් කැම්බල් (කොදෙව්)- 77 (70)

                            චතුර පීරිස් (ශ්‍රී ලංකාව)- 38/3 (9.3)  

2016 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය

2016 යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය බංගලිදේශයේ දී පැවැත්වුණා. මූලික වටයේ B කාණ්ඩය යටතේ සටන් බිමට පිවිසි ශ්‍රී ලංකාව තරග 2ක් ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. එහි දී ඔවුන් ඇෆ්ගනිස්ථානය සහ කැනඩාව හමුවේ ජයග්‍රහණය ලබන විට ප්‍රබල පාකිස්ථානු කණ්ඩායම හමුවේ පරාජය උරුම කරගත්තා. 

1) ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර තරගය- ශ්‍රී ලංකාවට ලකුණු 196ක ජයක් 

ශ්‍රී ලංකාව- 315/6 (50)

කැනඩාව- 119/10 (39.2)  

විශේෂ දක්ෂතා- චරිත් අසලංක (ශ්‍රී ලංකාව)- 76 (69)

                           සම්මු අශාන්  (ශ්‍රී ලංකාව)- 74 (61)*

                           කවීන් බණ්ඩාර (ශ්‍රී ලංකාව)- 61 (84) 

                           විෂාද් රන්දික (ශ්‍රී ලංකාව)- 51 (47)

2) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය– ශ්‍රී ලංකාවට ලකුණු 33ක ජයක්    

ශ්‍රී ලංකාව- 184/10 (48.1)

ඇෆ්ගනිස්ථානය- 151/10 (44.5)  

විශේෂ දක්ෂතා- චරිත් අසලංක (ශ්‍රී ලංකාව)- 71 (91) සහ 18/2 (6)

                           වහීඩුල්ලා ෂෆාක් (ඇෆ්ගනිස්ථානය)- 47 (47)

                           ෂම්සුර් රහමන්   (ඇෆ්ගනිස්ථානය)-18/3 (10) 

                           කමිඳු මෙන්ඩිස්  (ශ්‍රී ලංකාව)- 36/3 (8)      

3) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය- පාකිස්තානයට ලකුණු 23ක ජයක් 

පාකිස්තානය- 212/10 (48.4)

ශ්‍රී ලංකාව- 189/10 (46.4)

විශේෂ දක්ෂතා- හසන් මෝෂින් (පාකිස්තානය)- 86 (86)

                       කමිඳු මෙන්ඩිස්  (ශ්‍රී ලංකාව)- 68 (104)      

                       ෂඩාබ් ඛාන් (පාකිස්ථානය)- 31/3 (8.4)

මූලික වටයේ දී දස්කම් දැක්වූ චරිත් අසලංක – espncricinfo.com

 

පළමු තරග වටයේ දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය හමුවේ කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළා. ඒ සමඟ ම ඔවුන් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

වනිඳු හසරංගගෙන් දක්ෂ පන්දු යැවීමක් – espncricinfo.com

 

එංගලන්තය- 184/10 (49.2)

ශ්‍රී ලංකාව- 186/4 (35.2)

විශේෂ දක්ෂතා- අවිශ්ක ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)- 95 (96)

                       වනිඳු හසරංග  (ශ්‍රී ලංකාව)- 34/3 (10)      

                       අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව)- 16/2 (6)

අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ට ඉනිම – espncricinfo.com

 

අර්ධ අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට අවසන් පූර්ව තරගයේ දී උරෙනුර ගැටීමට සිදුවුණේ ප්‍රබල ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව යි. එම තරගයේ දී ඉන්දියානුවන් හමුවේ දැඩි පසුබෑමකට ලක්වුණු ශ්‍රී ලංකාවට ලකුණු 97ක පරාජයක් උරුම වුණා. 

ඉන්දියාව- 267/9 (50)

ශ්‍රී ලංකාව- 170/10 (42.4)

විශේෂ දක්ෂතා- අන්මොල්ප්‍රීත් සිං (ඉන්දියාව)- 72 (92)

                       සෆ්රාස් ඛාන් (ඉන්දියාව)- 59 (71)      

                       අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව)- 43/4 (10)

                       මයන්ක් ඩගාර් (ඉන්දියාව)- 21/3 (5.4)

අන්මොල්ප්‍රීත් සිංගේ ඉනිමේ අවස්ථාවක්  – espncricinfo.com

අවසන් පූර්ව තරගය පරාජය වීමෙන් පසුව තෙවන ස්ථානය තේරීම සඳහා පැවති තරගයේ දී ශ්‍රී ලංකාව සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හමුවේ කඩුලු 7කින් පරාජයට පත්වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගාවලියේ සිව්වන ස්ථානය හිමි වුණා.

ශ්‍රී ලංකාව- 214/10 (48.5)

බංග්ලාදේශය- 218/7 (49.3)

විශේෂ දක්ෂතා- චරිත් අසලංක (ශ්‍රී ලංකාව)- 76 (99) 

                       මෙහෙදි හසන්  (බංග්ලාදේශය)- 53 (66) සහ 28/3 (10)

කවරයේ ඡායාරූපය- 2016 තරගාවලියේ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් - espncricinfo.com

මූලාශ්‍ර:

espncricinfo.com 

howstat.com 

sportstar Magazine 

Related Articles