Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් තීරණාත්මක ඔලිම්පික් බිමේ චීන – අමෙරිකා සටන

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දින 14ක් ගෙවී අවසන් වන විට රටවල් 63ක් අතරේ රන් පදක්කම් 292ක් බෙදී ගොස් අවසන්. ඉතිරි දින දෙකේ දී තවත් බෙදා දීමට ඉතිරිව තිබෙන්නේ රන් පදක්කම් 47ක් පමණ යි. මේ වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින චීනය රන් පදක්කම් 36ක් ලබාගනිද්දී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන අමෙරිකාව රන් පදක්කම් 31ක් ලබාගෙන සිටිනවා. ඉදිරි දින දෙකේ දී අමෙරිකාවට වාසිදායක ඉසව් කිහිපයක් ම පැවැත්වීමට   තිබෙන නිසා මෙවර ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහකයා කවුරුන් දැයි තවමත් අනුමාන කරන්නට අපහසු යි. ඒ අයුරින් ඔලිම්පික් බිම උණුසුම් වී තිබෙන මොහොතක මෙලෙසින් ඔබට ඉදිරිපත් කරන්නේ අගෝස්තු 5 සහ 6 යන දිනවල දී ඔලිම්පික් පිටියේ සිදුවුණු දේ පිළිබඳව යි.

චීනය අභිබවා අමෙරිකාව ඉදිරියට පැමිණි දිනයක් 

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 13 වන දිනය ආරම්භ වෙද්දී චීනය රන් පදක්කම් 32ක් ලබාගෙන පෙරමුණේ පසු වුණා. චීනයට කරට කර සටනක් ලබාදෙමින් සිටි අමෙරිකාව රන් පදක්කම් 25ක් ලබා ගෙන සිටියා. එවැනි වටපිටාවක ආරම්භ වුණු 13 වන දිනයේ දී වැඩි ම රන් පදක්කම් ප්‍රමාණයක් හිමිවුණේ අමෙරිකාවට යි. එහි දී අමෙරිකානුවන් මලල ක්‍රීඩා, කැනෝයිං සහ මල්ලවපොර යන ක්‍රීඩාවලින් රන් පදක්කම් 4ක් දිනා ගනිද්දී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිනාගැනීමට හැකියාව ලැබුණේ රන් පදක්කම් 2ක් පමණ යි. ඊට අමතර ව ඕස්ට්‍රේලියාව, රුසියාව, ස්පාඤ්ඤය, යන රටවල් ද රන් පදක්කම් 2 බැගින් ලබා ගත්තා. තවත් රටවල් 13ක් අතරේ රන් පදක්කම බැගින් බෙදී ගියා. පහත දැක්වෙන්නේ අගෝස්තු 13 වැනිදා රටවල් 16ක් අතරේ රන් පදක්කම් 27ක් බෙදී ගිය ආකාරය යි. 

අගෝස්තු 5 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන
අගෝස්තු 5 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන (olympics.com)

අමෙරිකාව– 4   (මලල ක්‍රීඩා- 2, කැනෝයිං, මල්ලවපොර)

චීනය- 2     (කිමිදුම්, මේසපන්දු)

රුසියාව– 2   (මල්ලවපොර, බොක්සිං)

ඕස්ට්‍රේලියාව– 2    (ස්කේට්බෝඩිං, කැනෝයිං)

ස්පාඤ්ඤය- 2     (කරාතේ, ස්පෝර්ට් ක්ලයිම්බින්ග්)

බෙල්ජියම- 2     (මලල ක්‍රීඩා, හොකී)

ජර්මනිය- 1     (මැරතන් පිහිනුම්)

ජැමයිකාව- 1     (මලල ක්‍රීඩා)

කැනඩාව- 1     (මලල ක්‍රීඩා) 

ඉතාලිය– 1    (මලල ක්‍රීඩා)

බහාමාස්– 1       (මලල ක්‍රීඩා)

පෘතුගාලය– 1     (මලල ක්‍රීඩා)

නවසීලන්තය- 1     (කැනෝයිං)

ජපානය– 1     (මල්ලවපොර)

හංගේරියාව– 1     (කැනෝයිං)

මහා බ්‍රිතාන්‍යය– 1     (සයිකල්)

නෙදර්ලන්තය- 1     (සයිකල්)

ප්‍රංශය– 1    (කරාතේ)

බල්ගේරියාව– 1     (කරාතේ)

 

විශේෂ සිදුවීම් 

ෆබ්‍රිස් සැන්ගෝ පිරිමි තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් බර්කිනා ෆාසෝ රාජ්‍යයට ඉතිහාසයේ මුල් ම වරට ඔලිම්පික් පදක්කමක් උරුම කර දුන්නා. එහි දී ඔහු පිනු දුර ප්‍රමාණය මීටර් 17.47ක් ලෙසින් සටහන් වුණා. 

ෆබ්‍රිස් සැන්ගෝ ලෝකඩ පදක්කම දිනාගැනීමෙන් පසුව – gettyimages

ඉන්දියානු පිරිමි හොකී කණ්ඩායම මෙවර ඔලිම්පික් උළෙලේ හොකී ලෝකඩ පදක්කම දිනා ගත්තා. එය වසර 41ට පසුව ඉන්දියාවට ලැබුණු එකම ඔලිම්පික් හොකී පදක්කම යි. අවසන් වරට 1980 මොස්කව් ඔලිම්පික් උළෙලේ දී ඉන්දියාව දිනාගත්තේ පිරිමි හොකී රන් පදක්කම වීම විශේෂත්වයක්.

ලෝකඩ පදක්කම දිනා ගත් ඉන්දියානු හොකී කණ්ඩායම – getty images

මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි යගුලිය විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම අමෙරිකාවේ රයන් ක්‍රවුසර්ට ද, රිදී පදක්කමත් අමෙරිකාවේ ම ජෝ කොවැක්ස්ට ද, ලෝකඩ පදක්කම නවසීලන්තයේ ටොම් වොල්ෂ්ට ද හිමි වුණා. 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දීත් මේ ක්‍රීඩකයන් තිදෙනා මේ පිළිවෙළට ම යගුලිය විසි කිරීමේ ඉසව්වේ පදක්කම් දිනා ගත්තා. ඔලිම්පික් ඉතිහාසයේ ඒකල තරග ඉසව්වක දී එකම ක්‍රීඩකයන් තිදෙනා පිට පිට ම පැවති ඔලිම්පික් තරගාවලි දෙකක දී එකම අයුරින් පදක්කම් දිනා ගත් මුල් ම අවස්ථාව ලෙසින් එය ඉතිහාසගත වුණා.

පිරිමි යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් පදක්කම් ලබා ගත් ක්‍රීඩකයන් තිදෙනා – getty images

චීන-අමෙරිකා ඔලිම්පික් සටන තියුණු අතට 

ඔලිම්පික් බිමේ 14 වන දිනයේ දී චීනය සහ අමෙරිකාව අතර රන් පදක්කම් පරතරය තවත් අඩුවනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. නමුත් අමෙරිකාව රන් පදක්කම් 2ක් දිනාගනිද්දී, චීනයත් රන් පදක්කම් 2ක් දිනා ගත් නිසා දිනය නිමාව දකිද්දී රටවල් දෙක අතර රන් පදක්කම් 5ක පරතරයක් පැවතුණා. 14 වන දිනයේ දී වඩාත් ම සාර්ථක රට බවට පත් වුණු  ඉතාලිය රන් පදක්කම් 3ක් ජයග්‍රහණය කළා. ඊට අමතර ව මහා බ්‍රිතාන්‍යය සහ නෙදර්ලන්තය රන් පදක්කම් දෙක බැගින් දිනා ගෙන දස්කම් දැක්වීමට සමත් වුණා. තවත් රටවල් 12ක් අතරේ රන් පදක්කම බැගින් බෙදී ගියා. අගෝස්තු 6 වැනිදා පැවති තරග ඉසව්වල දී රටවල් අතර රන් පදක්කම් බෙදී ගියේ පහත දක්වා තිබෙන ආකාරයට යි.

අගෝස්තු 6 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන – olympics.com

ඉතාලිය– 3    (මලල ක්‍රීඩා- 2, කරාතේ)

අමෙරිකාව- 2  (බීච් වොලිබෝල්, මල්ලවපොර)

චීනය- 2     (මලල ක්‍රීඩා, මේසපන්දු)

මහා බ්‍රිතාන්‍යය– 2     (සයිකල්, පංච ප්‍රයාම)

නෙදර්ලන්තය- 2     (සයිකල්, හොකී )

ජැමයිකාව- 1     (මලල ක්‍රීඩා)

කැනඩාව- 1     (පාපන්දු) 

බහාමාස්– 1       (මලල ක්‍රීඩා)

පෝලන්තය- 1     (මලල ක්‍රීඩා) 

උගන්ඩාව– 1      (මලල ක්‍රීඩා) 

කෙන්යාව- 1     (මලල ක්‍රීඩා)

කියුබාව- 1   (බොක්සිං)

සර්බියාව- 1     (කරාතේ)

ජපානය– 1     (මල්ලවපොර)

රුසියාව– 1   (මල්ලවපොර)

ස්පාඤ්ඤය- 1    (කරාතේ)

ස්ලෝවේනියාව- 1     (ස්පෝර්ට් ක්ලයිම්බින්ග්)

කාන්තා මීටර් 1500 ඉසව්ව ජයගත් කෙන්යානු ක්‍රීඩිකා කිප්යිගොන් – getty images

විශේෂ සිදුවීම් 

කෙන්යානු මැදි දුර ධාවන ශූරියක වන ෆේත් කිප්යිගොන් 1988 සෝල් ඔලිම්පික් උළෙලේ දී රුමේනියාවේ පෝලා ඉවාන් පිහිටුවා තිබුණු කාන්තා මීටර් 1500 ඉසව්වේ ඔලිම්පික් වාර්තාව බිඳ දැමීමට සමත් වුණා. එහි දී ඇය සිය තරග ඉසව්ව නිමා කිරීම සඳහා විනාඩි 3:53.11ක කාලයක් ගත කළා. 

 

ඉතාලි ක්‍රීඩකයන් දෙදෙනකු මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් දිනා ගත් සතුට සමරමින් – getty images

ඉතාලිය මේ වන විට මෙවර ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා රන් පදක්කම් 5ක් දිනාගෙන තිබෙනවා. එය ඉතාලිය ඔලිම්පික් උළෙලක දී දිනාගත් වැඩි ම මලල ක්‍රීඩා රන් පදක්කම් ප්‍රමාණය යි. ඊට පෙර 1980 සහ 1984 ඔලිම්පික් උළෙලවල දී ඔවුන් මලල ක්‍රීඩා රන් පදක්කම් 3 බැගින් දිනාගැනීමට සමත් වුණා.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 සහාය ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වුණේ ඉතාලි කණ්ඩායම යි. එය ඔවුන් පිරිමි මීටර් 100 සහාය ඉසව්වෙන් වසර 73කට පසුව දිනාගත් එකම ඔලිම්පික් පදක්කමක යි. ඊට පෙර 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී පිරිමි මීටර් 100 සහාය ඉසව්වෙන් ඉතාලියට ලෝකඩ පදක්කමක් හිමිව තිබුණා. 

ජයග්‍රාහී ඉතාලි කණ්ඩායම – getty images

කවරයේ ඡායාරූපය- චීනය සහ අමෙරිකාව ඔලිම්පික් බිමේ දී උරෙනුර ගැටුණු අවස්ථාවක් - getty images

මූලාශ්‍ර- 

olympic.com

Related Articles