Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර ඔලිම්පික් රන් සටනේ ජය චීනයට හිමි වෙයිද?

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 12 වන දිනයේ තරග නිමාවට පත්වෙද්දී චීනය පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියා. එහි දී චීනය ඔවුන්ගේ ප්‍රධානත ම ප්‍රතිවාදියා වන අමෙරිකාවට වඩා රන් පදක්කම් 7ක් වැඩිපුර ලබා ගෙන තිබීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. මෙවර ඔලිම්පික් උළෙලේ දී ප්‍රදානය කිරීමට තවත් ඉතිරි ව තිබෙන්නේ රන් පදක්කම් 97ක් පමණ යි. එනිසා ඉදිරි දිනවල දී ඔලිම්පික් බිමේ චීන-අමෙරිකා සටන තවත් උග්‍ර වේවි. ගෙවුණු දින තුනේදීත් චීනය සහ අමෙරිකාව පදක්කම් සටහනේ ඉදිරියට පැමිණීම සඳහා ප්‍රබල සටනක නිරත වුණා. මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ගෙවුණු දින තුනේ ඔලිම්පික් බිම උණුසුම් කළ තොරතුරු යි. 

චීනය රනින් බැබළුණු දිනයක් 

අගෝස්තු 2 වැනි සඳුදා ඔලිම්පික් බිමේ තරග ආරම්භ කරද්දී පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටි චීනය රන් පදක්කම් 24ක් ලබාගෙන සිටියා. ඔවුන් සමඟ කරට කර සටනක නිරතව සිටි අමෙරිකාව රන් පදක්කම් 20ක් ලබා ගෙන සිටියා. ජපානය රන් පදක්කම් 17ක් ලබාගෙන තෙවන ස්ථානයේ පසුවුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු ඔලිම්පික් උළෙලේ 10 වන දිනයේ දී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ඔවුන් රන් පදක්කම් 5ක් ලබාගත්තේ මෙවර ඔලිම්පික් උළෙලේ තනි දිනයක දී යම් රටක් ලබාගත් වැඩිම රන් පදක්කම් ප්‍රමාණය වාර්තා කරමින්. 

අගෝස්තු 2 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන
අගෝස්තු 2 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන – olympics.com

චීනයට බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් අහිමි වුණු රන් පදක්කම් ද්විත්වයත් එදින දිනාගැනීමට හැකියාව ලැබුණා  නම් ඔවුන්ට දිනය නිමාවන විට ප්‍රබල ස්ථානයකට පත්වීමට අවස්ථාවක් උදා වී තිබුණා. ඒ අයුරින් චීනය වැඩි දස්කම් දක්වද්දී අමෙරිකාව, කියුබාව සහ ජර්මනිය ද රන් පදක්කම් 2 බැගින් ලබා ගත්තා. පහතින් දක්වා ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ  10 වන දිනයේ දී රටවල් අතර රන් පදක්කම් බෙදී ගිය ආකාරය යි. 

චීනය- 5     (බර ඉසිලීම- 2, ජිම්නාස්ටික්, සයිකල්, ඉලක්කයට වෙඩි තැබීම)

අමෙරිකාව– 2    (මලල ක්‍රීඩා, ජිම්නාස්ටික්)

ජර්මනිය- 2     (මල්ලවපොර, අසුන් හැසිරවීම)

කියුබාව- 2     (මල්ලවපොර- 2)

ග්‍රීසිය- 1     (මලල ක්‍රීඩා)

මහා බ්‍රිතාන්‍යය– 1     (අසුන් හැසිරවීම)

පුවෙටරිකෝ- 1     (මලල ක්‍රීඩා)

නෙදර්ලන්තය- 1     (මලල ක්‍රීඩා)

මොරොක්කෝව–     (මලල ක්‍රීඩා) 

ඩෙන්මාර්කය- 1     (බැඩ්මින්ටන්)

ඉන්දුනීසියාව– 1     (බැඩ්මින්ටන්)

ප්‍රංශය– 1    (ඉලක්කයට වෙඩි තැබීම)

දකුණු කොරියාව– 1     (ජිම්නාස්ටික්)

 

විශේෂ සිදුවීම් 

1984-2016 දක්වා පැවති සියලු ම ඔලිම්පික් උළෙලවල දී පිරිමි මීටර් 3000 බාධක දිවීම ඉසව්ව ජයග්‍රහණය කළේ කෙන්යාව යි. මෙවර ඔලිම්පික් උළෙලේ දී බක්කාලි නම් මොරොක්කෝ ක්‍රීඩකයා එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කළ මොරොක්කෝ ක්‍රීඩකයා
මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කළ මොරොක්කෝ ක්‍රීඩකයා බක්කාලි – gettyimages

 

චීනය සිය ප්‍රතිවාදියාගෙන් තවත් දුරස් වෙයි 

අගෝස්තු 3 වැනිදා මලල ක්‍රීඩා ඉසව් 6ක අවසන් තරග පැවැත්වුණා. එනිසා අමෙරිකාවට වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් හිමි වනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. එම අවසන් තරගවල දී ඔවුන්ට බලාපොරොත්තු වුණු තරම් දස්කම් පෙන්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අතරතුර ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් චීනයට රන් පදක්කම් 2ක් දිනා දුන්නා. කිමිදුම් ක්‍රීඩාවෙන් චීනයට තවත් රන් පදක්කමක් හිමි වුණා. එලෙස චීනයට රන් පදක්කම් 3ක් හිමි වෙද්දී අමෙරිකානුවන්ට හිමිවුණේ රන් පදක්කම් 2ක් පමණ යි. ඒ මලල ක්‍රීඩා සහ මල්ලව පොර යන ක්‍රීඩා යටතේ පැවැත්වුණු තරග ඉසව් දෙකකින්. චීනය සහ අමෙරිකාවට අමතරව ජපානය, නවසීලන්තය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය, හංගේරියාව සහ කියුබාව යන රටවල් 6 ද එදින රන් පදක්කම් 2ක් බැගින් ලබා ගැනීමට සමත් වුණා.

අගෝස්තු 3 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන
අගෝස්තු 3 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන – olympics.com

අගෝස්තු 3 වැනිදා පැවති තරග ඉසව්වල දී රටවල් අතර රන් පදක්ක්කම් බෙදීගියේ පහත දැක්වෙන ආකාරයට යි.

චීනය- 3     (ජිම්නාස්ටික්- 2, කිමිදුම්)

අමෙරිකාව– 2    (මලල ක්‍රීඩා, මල්ලවපොර)

ජර්මනිය- 2     (මලල ක්‍රීඩා, සයිකල්)

කියුබාව- 2     (මල්ලවපොර- 2)

මහා බ්‍රිතාන්‍යය– 2     (රුවල් ඔරු- 2)

නවසීලන්තය- 2     (කැනෝයිං- 2)

ජපානය– 2     (බොක්සිං, ජිම්නාස්ටික්)

හංගේරියාව– 2     (කැනෝයිං, මල්ලවපොර)

නෝර්වේ– 1     (මලල ක්‍රීඩා)

ජැමයිකාව- 1     (මලල ක්‍රීඩා)

ස්වීඩනය- 1     (මලල ක්‍රීඩා)

පෝලන්තය- 1     (මලල ක්‍රීඩා) 

බ්‍රසීලය– 1     (රුවල් ඔරු)

ඉතාලිය– 1    (රුවල් ඔරු)

නෙදර්ලන්තය- 1     (සයිකල්)

රුසියාව– 1    (මල්ලවපොර)

උස්බෙකිස්තානය– 1     (බර ඉසිලීම)

විශේෂ සිදුවීම් 

නෝර්වේ රාජ්‍යයේ කර්ස්ටන් වාහෝම් තත්පර 45.94ක කාලයකින් පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව නිමා කරමින් ලෝක වාර්තාවක් බිහි කළා. එහි දී ඔහු අතින් බිඳ වැටුණේ ඔහුගේම ලෝක වාර්තාව යි.

කර්ස්ටන් වාහෝම්
කර්ස්ටන් වාහෝම් – gettyimages

චීනයට රන් පදක්කම් නොමැති දිනයක් 

අගෝස්තු 4 වැනිදා, ඔලිම්පික් තරග බිමේ දී රන් පදක්කම් 17ක් බෙදා දුන්නා. ඒ අතුරින් එක ම එක රන් පදක්කමක්වත් දිනා ගැනීමට චීනයට නොහැකි වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. චීනය ඒ අයුරින් අසාර්ථක වෙද්දී අමෙරිකාවටත් ලබා ගැනීමට හැකි වුණේ එක් රන් පදක්කමක් පමණ යි. එහි දී අමෙරිකානුවන් තිදෙනකු සහභාගි වුණු පිරිමි මීටර් 200 අවසන් තරගයේ රන් පදක්කම අහිමි වීම කනගාටුදායක සිදුවීමක් වුණා. අමෙරිකාව සහ චීනය එලෙස පසුබෑමකට ලක්වෙද්දී සාර්ථක ප්‍රථිපල නෙළා ගැනීමට සමත් වුණු ජපානය සහ මහා බ්‍රිතාන්‍යය රන් පදක්කම් 2 බැගින් දිනා ගත්තා. ඊට අමතරව තවත් රටවල් 13කට රන් පදක්කම බැගින් හිමි වුණා. 

අගෝස්තු 4 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන
අගෝස්තු 4 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන – olympics.com

 

ජපානය– 2     (ස්කේට්බෝඩිං, මල්ලවපොර)

මහා බ්‍රිතාන්‍ය– 2     (රුවල් ඔරු, අසුන් හැසිරවීම)

අමෙරිකාව– 1    (මලල ක්‍රීඩා)

පෝලන්තය- 1     (මලල ක්‍රීඩා) 

උගන්ඩාව- 1      (මලල ක්‍රීඩා) 

කෙන්යාව- 1     (මලල ක්‍රීඩා) 

කැනඩාව- 1     (මලල ක්‍රීඩා) 

බ්‍රසීලය– 1     (පිහිනුම් මැරතන්) 

ඕස්ට්‍රේලියාව– 1     (රුවල් ඔරු)

කියුබාව- 1   (බොක්සිං)

ඉතාලිය– 1    (සයිකල්)

ඉරානය- 1     (මල්ලවපොර)

යුක්‍රේනය- 1   (මල්ලවපොර)

ජෝර්ජියාව- 1     (බර ඉසිලීම)

රුසියාව– 1    (රිද්මයානුකූල පිහිනුම්)  

සිඩ්නි මැක්ලොක්ලින් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව
සිඩ්නි මැක්ලොක්ලින් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව – gettyimages

විශේෂ සිදුවීම් 

අමෙරිකාවේ සිඩ්නි මැක්ලොක්ලින් තත්පර 51.46ක කාලයකින් කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව නිමා කරමින් ඇයගේ ම ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වුණා. 

 

පිරිමි මීටර් 200 ඉසව්ව තත්පර 19.62ක කාලයකින් අවසන් කළ කැනඩාවේ ඇන්ඩ්‍රේ ඩි ග්‍රාසි රන් පදක්කම දිනාගැනීම සමත් වුණා. ග්‍රාසිට පෙර අවසන් වරට කැනේඩියානු ක්‍රීඩකයකු මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කර තිබුණේ 1928 ඇම්ස්ටර්ඩෑම් ඔලිම්පික් උළෙලේ දීයි. ඒ පර්සි විලියම්ස් නම් ක්‍රීඩකයා යි.

ඇන්ඩ්‍රේ ඩි ග්‍රාසි මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කළ මොහොත
ඇන්ඩ්‍රේ ඩි ග්‍රාසි මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කළ මොහොත – gettyimages

 

කවරයේ ඡායාරූපය- ටෝකියෝ මලල ක්‍රීඩා පිටියේ උණුසුම් අවස්ථාවක් - gettyimages

මූලාශ්‍ර-

olympic.com

Related Articles