Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රග්බි ලෝක කුසලාන අවසන් තරගවල දී හමුවන අවාසනාවන්තම කණ්ඩායම

1987 වසරේ දී රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වුණා. එදා සිට අද දක්වා රග්බි ලෝක කුසලාන තරගාවලි 8ක් පවත්වා තිබෙනවා. එහිදී නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, සහ එංගලන්තය යන රටවල් රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා. එලෙස ඉහත රටවල් රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කරන විට එක් රටක් රග්බි ලෝක කුසලානය තෙවරක් අහිමි කරගත්තේ ඉතාමත් අවසනාවන්ත අයුරින්. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් තරගවල දී හමුවන අවාසනාවන්තම කණ්ඩායම වන ප්‍රංශය  ලැබූ එම අවාසනාවන්ත පරාජයන් ගැන කතා කිරීමට යි.

මුල්ම වරට ප්‍රංශයට අවාසනාව උදාවුණු 1987 රග්බි ලෝක කුසලාන තරගාවලිය

ප්‍රංශ කණ්ඩායම 1987 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දී තරග කළේ සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, සහ රුමේනියාව යන රටවල් සමග යි. එම තරගවල දී ප්‍රංශ කණ්ඩායම ලබාගත් ප්‍රතිඵල මෙසේ යි.

ප්‍රංශය 20 – 20 ස්කොට්ලන්තය

ප්‍රංශය 55 – 12 රුමේනියාව 

ප්‍රංශය 70 – 12 සිම්බාබ්වේ 

මූලික වටයේ තරග අවසානයේ දී 4 වැනි කාණ්ඩයේ පෙරමුණ ගත් ප්‍රංශයට අර්ධ අවසන් පූර්ව තරගයේ දී හමුවුණේ 3 වැනි කාණ්ඩයේ දෙවන ස්ථානය දිනාගත් ෆීජි කණ්ඩායම යි.

ප්‍රංශ-ෆිජී අර්ධ අවසන් පූර්ව තරගය 

පළමු වටයේ දී එතරම් දස්කම් පෙන්වීමට අසමත් වුණු ෆිජී කණ්ඩායම සමග පැවැත්වුණු මෙම තරගය ප්‍රංශයට එතරම් අපහසු එකක් වුණේ නැහැ. එම නිසාම තරගයේ පළමු භාගය අවසන් වන විට 16-7ක් ලෙස ලෙස ඉදිරියෙන් සිටි ප්‍රංශය අවසානයේ දී 31-16 ලෙසින් පහසු ජයක් ලැබුවා. 

ෆිජී කණ්ඩායමට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව ජයග්‍රහණය කිරීමෙන් පසුව අවසන් පූර්ව තරගයේ දී ප්‍රංශයට තරග වැදීමට සිදුවුණේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව යි.

ප්‍රංශ-ඕස්ට්‍රේලියා අවසන් පූර්ව තරගය 

1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ එක් සත්කාරක රටක් බවට පත්වුණු ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති මෙම අවසන් පූර්ව තරගයේ පළමු භාගය අවසන් වන විට ඕස්ට්‍රේලියාව 9-6ක් ලෙස පෙරමුණේ පසුවුණා. නමුත් දෙවන භාගයේ දී ප්‍රබල තරග රටාවක නිරත වුණු ප්‍රංශය අවසානයේ දී තරගය ජයග්‍රහණය කළේ 30-24ක් ලෙස ලකුණු ලබාගනිමින්.

ප්‍රංශ-ඕස්ට්‍රේලියා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ ප්‍රංශය ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබුණු අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

ප්‍රංශ-නවසීලන්ත අවසන් තරගය 

ප්‍රංශ කණ්ඩායම ඉතාමත් දක්ෂ අයුරින් තරග වදිමින් මංගල රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දක්වා පැමිණියා. එහිදී ප්‍රංශය තරග වැදුණේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමග යි. එම තරගයේ පළමු භාගය තුළ කරට කර සටනක් ලබාදුන් ප්‍රංශ කණ්ඩායම නවසීලන්තයට ලබාදුන්නේ ලකුණු 3ක් පමණ යි. නමුත් දෙවන භාගයේ දී ප්‍රංශය ලකුණු 9ක් ලබාගන්නා විට නවසීලන්තය ලකුණු 26ක් ලබාගනිමින් මංගල රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළා.

 ප්‍රංශ-නවසීලන්ත අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී නැවතත් ප්‍රංශයට කිරුළ අහිමි වෙයි 

1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රංශයට තරග වැදීමට සිදුවුණේ C කාණ්ඩය යටතේ යි. එහිදී ෆිජී, කැනඩාව, සහ නැම්බියාව යන රටවල් ප්‍රංශය සමග තරග කළා. එම තරගවල දී  ප්‍රංශ කණ්ඩායම ලබාගත් ප්‍රතිඵල මෙසේ යි.

ප්‍රංශය 33 – 20 කැනඩාව 

ප්‍රංශය 47 – 13 නැම්බියාව  

ප්‍රංශය 28 – 19 ෆිජී  

මූලික වටයේ තරග අවසානයේ දී C කාණ්ඩයේ පෙරමුණ ගත් ප්‍රංශයට අවසන් පූර්ව තරගයේ දී හමුවුණේ ආජන්ටිනා  කණ්ඩායම යි.

ප්‍රංශ-ආජන්ටිනා  අර්ධ අවසන් පූර්ව තරගය

ඉතාමත් අසීරුවෙන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා එක්වුණු ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගයේ පළමු භාගය වසන් වන විට ප්‍රංශය 27-20ක් ලෙසින් පෙරමුණේ පසුවුණා. ඉන් පසුව දෙවන භාගය තුළ වඩාත් උද්වේගකර තරග රටාවක නිරත වුණු ප්‍රංශ කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ 47-26ක් ලෙසින්.

ප්‍රංශ-ආජන්ටිනා අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

ආජන්ටිනාවට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ ප්‍රංශ කණ්ඩායමට අවසන් පූර්ව තරගයේ දී හමුවුණේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම යි. රග්බි පිටියේ සිටින ප්‍රබලම කණ්ඩායමක් වුණු නවසීලන්තය මෙම තරගය පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇති බවට බොහෝ දෙනෙකු විශ්වාස කළා.

ප්‍රංශ-නවසීලන්ත අවසන් පූර්ව  තරගය 

ආරම්භයේ සිටම කරට කර සටනක් දක්නට ලැබුණු මෙම තරගයේ 22 වැනි විනාඩිය වන විට ප්‍රංශය 10-9ක් ලෙසින් පෙරමුණේ පසුවුණා. නමුත් එම අවස්ථාවේ ජෝනා ලොමූ නවසීලන්තය වෙනුවෙන් ලබාගත් උත්සාහක දිනුම නිසා පළමු භාගය අවසන් වන විට ඔවුන් 17-10ක් ලෙස ඉදිරියෙන් සිටියා. ඉන් අනතුරුව ආරම්භ වුණු දෙවන භාගයේ නැවතත් ක්‍රියාත්මක වුණු ලොමූ උත්සාහක දිනුමක් වාර්තා කරමින් නවසීලන්තය 24-10ක් ලෙසින් ප්‍රබල තත්වයකට පත්කළා. නමුත් ඉන් නොසැලුණු ප්‍රංශ ක්‍රීඩකයන් ඉතාමත් සටන්කාමී ව තරග කරමින් ලකුණු 43-31ක ජයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ප්‍රංශ-නවසීලන්ත අවසන් පූර්ව  තරගයේ අවස්ථාවක් (gettyimages)

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ ප්‍රංශය ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබුණු අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

ප්‍රංශ-ඕස්ට්‍රේලියා අවසන් තරගය 

තරග ආරම්භයේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩාකළ ප්‍රංශ කණ්ඩායම 11 වැනි විනාඩිය වන විට 6-3ක් ලෙස ඉදිරියෙන් සිටියා. නමුත් ඉන් පසුව ප්‍රබල තරග රටාවක නිරත වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු භාගය අවසන් වන විට 12-6 ලෙස පෙරමුණේ පසුවුණා. මෙම තරගයේ දී ත් අවසන් පූර්ව තරගයේ දී මෙන් ම ප්‍රංශය දෙවන භාගයේ දී තරගයට අවතීර්ණ වනු ඇතැයි ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් විශ්වාස කළා. නමුත් එම බලාපොරොත්තු බිඳ දැමූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 35-12ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළේ ප්‍රංශ ප්‍රේක්ෂකයන් හඬවමින්. 

ප්‍රංශ-ඕස්ට්‍රේලියා අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රංශය නැවතත් අවාසනාවන්ත වෙයි 

2011 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රංශයට තරග වැදීමට සිදුවුණේ A කාණ්ඩය යටතේ යි. එහිදී ටොංගා, නවසීලන්තය, ජපානය, සහ කැනඩාව යන රටවල් ප්‍රංශය සමඟ තරග කළා. එම තරගවල දී  ප්‍රංශ කණ්ඩායම ලබාගත් ප්‍රතිඵල මෙසේ යි.

ප්‍රංශය  47 – 21 ජපානය  

ප්‍රංශය  46 – 19 කැනඩාව  

නවසීලන්තය 37 – 17  ප්‍රංශය  

ටොංගා  19-14 ප්‍රංශය

මූලික වටයේ තරග 2ක් පරාජය වුණු ප්‍රංශය A කාණ්ඩයේ දෙවන ස්ථානය දිනාගත්තේ ටොංගා කණ්ඩායමට සමග කරට කර සටනක් කරමින්. එලෙස අසීරුවෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ප්‍රංශයට එහිදී තරග වැදීමට සිදුවුණේ B කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගත් ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමග යි.

ප්‍රංශ-එංගලන්ත අර්ධ අවසන් පූර්ව තරගය 

ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගය උද්වේගකර තරගයක් වනු ඇතැ යි බොහෝදෙනා විශ්වාස කළත් පළමු භාගය අවසන් වන විට ප්‍රංශය 16-0ක් ලෙසින් පෙරමුණේ පසුවුණා. ඉන් අනතුරුව දෙවන භාගය ආරම්භයේ දීම බෙන්ජමින් ෆෝඩ්න් එංගලන්තය වෙනුවෙන් ලබාගත් උත්සාහයක දිනුමක් වාර්තා කළත් අවසානයේ දී ප්‍රංශයට හිමිවුණේ 19-7ක ජයක්.

ප්‍රංශ-එංගලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව තරගය සඳහා පිවිසි ප්‍රංශ කණ්ඩායමට එම තරගයේ දී තරග වැදීමට සිදුවුණේ වේල්ස් කණ්ඩායම සමග යි.

ප්‍රංශ-වේල්ස් අවසන් පූර්ව තරගය 

වේල්සයට එරෙහිව පැවති මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට ප්‍රංශය 6-3ක් ලෙසින් පෙරමුණේ පසුවුණා. ඉන් පසුව දෙවන භාගයේ උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ ලකුණු තත්ත්වය 58 වැනි විනාඩිය වන විට සටහන් වුණේ 9-8ක් ලෙස ප්‍රංශය ඉදිරියෙන් තබමින්. එලෙස ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ අවසන් භාගයේ දී  කණ්ඩායම් 2ම ලකුණු ලබාගැනීමට අපොහොසත් වුණු නිසාම ප්‍රංශය 9-8ක් ලෙස ලකුණු ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළා.

ප්‍රංශ-වේල්ස් අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

වේල්ස් කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ ප්‍රංශය ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබුණු අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

ප්‍රංශ-නවසීලන්ත අවසන් තරගය 

කණ්ඩායම් 2ම මුල සිටම කරට කර සටනක නිරත වුණු මෙම තරගයේ පළමු භාගය නිමා වන විට නවසීලන්තය 5-0ක් ලෙසින් පෙරමුණේ පසුවුණේ ටෝනි වුඩ්කොක් ලබාගත් උත්සාහක දිනුම නිසා යි. ඉන් පසුව දෙවන භාගය ආරම්භයේ දීම ස්ටෙපන් ඩොනල්ඩ් දඩුවම් පහරක් මඟින් නවසීලන්තයට ලබාදුන් ලකුණු 3 නිසා ලකුණු තත්ත්වය 8-0ක් ලෙසින් දිස්වුණා. නමුත් ඉන් නොසැලුණු ප්‍රංශ ක්‍රීඩකයන් 47 වැනි විනාඩියේ දී ලබාගත් ගෝල දිනුම නිසා ලකුණු තත්ත්වය 8-7ක් බවට පත්වුණා. එම අවස්ථාව වන විට දෙපිලම ප්‍රබල තරග රටාවක නිරත වෙමින් ලකුණු ලබාගැනීමට උත්සහ කළත් නැවත වතාවක් අවාසනාවන්ත වුණු ප්‍රංශ කණ්ඩායමට අවසානයේ දී 8-7ක පරාජයක් උරුම වුණා.  

ප්‍රංශ-නවසීලන්ත අවසන් තරගයේ අවස්ථාවක්  (gettyimages)

කවරයේ ඡායාරූපය - ප්‍රංශ කණ්ඩායම 1999 රග්බි ලෝක කුසලාන අවසන් තරගය පරාජය වීමෙන් පසුව (gettyimages)

Related Articles