Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

17 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය මෙවරත් ඇමරිකානුවන්ට

17 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය ඉරිදා කටාර් රාජ්‍යයේ දෝහා නුවර දී නිමාවට පත් වුණා.    තරග ඉසව් 49ක් යටතේ රටවල් 209ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1972ක් තරග වැදුණු මෙම තරගාවලියේ ශූරතාවය හිමි වුණේ රන් පදක්කම් 14ක් සමගින් සමස්ත පදක්කම් 29ක් දිනාගත් ඇමරිකා එක්සත් ජනපදයට යි. ඇමරිකා එක්සත් ජනපදය එලෙස ශූරතාවය දිනාගන්නා විට දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් දිනාගත්තේ කෙන්යාව සහ ජැමයිකාව යි.

කෙටි දුර ධාවන ඉසව්වල දී ඇමරිකානුවන්ගෙන් වැඩි දස්කම් 

මීටර් 100, 200 සහ 400 යන ඉසව් කෙටි දුර ධාවන ඉසව්වලට අයත් වනවා. මෙවරත් කෙටි දුර ධාවන ඉසව්වල වැඩි ගෞරවයක් හිමි වුණේ ඇමරිකා එක්සත් ජනපදයට යි. එහි දී රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක්, සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුණා.

පිරිමි මීටර් 100  

රන්- ක්‍රිස්ටියන් කෝල්මන් (ඇමරිකාව), රිදී- ජස්ටින් ගැට්ලින් (ඇමරිකාව), ලෝකඩ- ඇන්ඩ්‍රේ ද ග්‍රෑස් (කැනඩාව)

කාන්තා මීටර් 100

රන්- ෂෙලී ඈන් ෆ්රේසර් (ජැමයිකාව), රිදී- ඩිනා ඈෂර්- ස්මිත් (මහා බ්‍රිතාන්‍ය)

ලෝකඩ- මේරි ජෝසී ටා ලූ (අයිවරි කෝස්ට්)

පිරිමි මීටර් 200  

රන්- නෝආ ලයිලස් (ඇමරිකාව), රිදී- ඇන්ඩ්‍රේ ද ග්‍රෑස් (කැනඩාව)

ලෝකඩ- ඇලෙක්ස් මාටිනෙස් (ඉක්වදෝරය)

කාන්තා මීටර් 200

රන්- ඩිනා ඈෂර්-ස්මිත් (මහා බ්‍රිතාන්‍ය), රිදී- බ්‍රිට්නි බ්‍රවුන් (ඇමරිකාව)

ලෝකඩ- මුජින්ගා කබුන්ජි (ස්විට්සර්ලන්තය)

පිරිමි මීටර් 400

රන්- ස්ටීවන් ගාඩිනර් (බහාමාස්), රිදී- ඇන්තනී සැම්බ්‍රානෝ (කොලොම්බියාව)

ලෝකඩ- ෆ්රෙඩ් කර්ලි (ඇමරිකාව)

කාන්තා මීටර් 400

රන්- සල්වා නාසර් (බහරේන්), රිදී- ෂෝනේ මිලර්-උයිබෝ (බහාමාස්)

ලෝකඩ- ෂෙරිකා ජැක්සන් (ජැමයිකාව)

පිරිමි මීටර් 100 රන් පදක්කම දිනාගත් ක්‍රිස්ටියන් කෝල්මන් (gettyimages)

මැදි දුර ධාවන ඉසව්වල දී ඇමරිකාව සහ කෙන්යාව කරට කර සටන් කරයි  

මැදි දුර ධාවන ඉසව්වලට අයත් වන්නේ මීටර් 800 සහ මීටර් 1500 යන ඉසව් 2යි. මෙම ඉසව්වල දී ඇමරිකාවට සහ කෙන්යාවට පදක්කම් 3 බැගින් හිමි වුණා.

පිරිමි මීටර් 800

රන්- ඩොනවන් බ්‍රේසියර් (ඇමරිකාව), රිදී- අමෙල් ටුකා (බොස්නියා සහ හර්සගෝවිනා)

ලෝකඩ- ෆර්ගසන් රොටික් (කෙන්යාව)

කාන්තා මීටර් 800

රන්- හලීමා නකායි (උගන්ඩාව), රිදී- රේවින් රොජර්ස් (ඇමරිකාව)

ලෝකඩ- ඇජී විල්සන් (ඇමරිකාව)

පිරිමි මීටර් 1500

රන්- තිමොති චෙරියොට් (කෙන්යාව), රිදී- ටවුෆික් මැක්ලොෆි (ඇල්ජීරියාව)

ලෝකඩ- මාකින් ලෙවන්ඩොව්ස්කි (පෝලන්තය)

කාන්තා මීටර් 1500

රන්- සිෆන් හසන් (නෙදර්ලන්තය), රිදී- ෆේත් කිප්යිගොන් (කෙන්යාව)

ලෝකඩ- ගුඩාෆ් ඩෙස්ටා (ඉතියෝපියාව)

කාන්තා මීටර් 800 ඉසව්ව ජයගත් උගන්ඩාවේ හලීමා නකායි (gettyimages)

දිගු දුර ධාවන ඉසව්වල වැඩි දස්කම් අප්‍රිකානුවන්ගෙන් 

දිගු දුර ධාවන ඉසව්වලට අයත් වන්නේ මීටර් 3000 බාධක දිවීම, මීටර් 5000, සහ මීටර් 10,000 යන ඉසව් 3 යි. එම ඉසව් සඳහා පිරිනැමුණු රන් පදක්කම් හයෙන් 5ක්ම අප්‍රිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගනු ලැබුවා.

පිරිමි මීටර් 3000 බාධක දිවීම 

රන්- කොන්සෙස්ලස් කිප්රුටෝ (කෙන්යාව), රිදී- ලමේකා ගිර්මා (ඉතියෝපියාව)

ලෝකඩ- සොෆින් අල් බකාලි (මොරොක්කෝව)

කාන්තා මීටර් 3000 බාධක දිවීම 

රන්- බියට්‍රිස් චෙපොකිච් (කෙන්යාව), රිදී- එමා කෝබන් (ඇමරිකාව)

ලෝකඩ- ගෙසා ක්‍රෝස් (ජර්මනිය)

පිරිමි මීටර් 5000

රන්- මුක්ටාර් එඩ්‍රිස් (ඉතියෝපියාව), රිදී- සෙලෙමොන් බරේගා (ඉතියෝපියාව)

ලෝකඩ- මොහොමඩ් අහමඩ් (කැනඩාව)

කාන්තා මීටර් 5000

රන්- හෙලන් ඔබිරි (කෙන්යාව), රිදී- මාග්‍රට් කිප්කිම්බෝයි (කෙන්යාව)

ලෝකඩ- කොන්ස්ටයන්ස් ක්ලොස්ටර්හෝෆන් (ජර්මනිය)

පිරිමි මීටර් 10000

රන්- ජෝෂුවා චෙප්ටජෙයි (උගන්ඩාව), රිදී- යොමිෆ් කජෙල්කා (ඉතියෝපියාව)

ලෝකඩ- රොනෙක්ස් කිප්රුටෝ (කෙන්යාව)

කාන්තා මීටර් 10000

රන්- සිෆාන් හසන් (නෙදර්ලන්තය), රිදී- ලෙටෙසෙන්බට් ගිඩී (ඉතියෝපියාව)

ලෝකඩ- ඇග්නස් ටිරෝප් (කෙන්යාව)

කාන්තා මීටර් 10000 ඉසව්ව ජයගත් නෙදර්ලන්තයේ සිෆන් හසන් (gettyimages)

මැරතන් ඉසව්ව සුපුරුදු පරිදි අප්‍රිකානු ආධිපත්‍යයට නතුවෙයි 

කාන්තා සහ පිරිමි මැරතන් ඉසව් සඳහා පිරිනැමුණු පදක්කම් හයෙන් 5ක්ම අප්‍රිකානු රටවල් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගනු ලැබුවා.

පිරිමි මැරතන් 

රන්- ලෙලිසා ඩෙසිසා (ඉතියෝපියාව), රිදී- මොසිනෙට් ග්‍රිමිව් (ඉතියෝපියාව)

ලෝකඩ- ආමෝස් කිප්රුටෝ (කෙන්යාව)

කාන්තා මැරතන්

රන්- රූත් චෙපන්ජෙඩික් (කෙන්යාව), රිදී – රෝස් චෙලිමෝ (බහරේන්)

ලෝකඩ- හෙලාලියා ජොහැනස් (නැම්බියාව)

පිරිමි මැරතන් ඉසව්ව ජයගත් ඉතියෝපියාවේ ලෙලිසා ඩෙසිසා (gettyimages)

කඩුලු පැනීමේ ඉසව්වල වැඩි දස්කම් ඇමරිකානුවන්ගෙන් 

කඩුලු පැනීමේ ඉසව් සඳහා පිරිනැමුණු රන් පදක්කම් හතරෙන් 3ක්ම හිමි වුණේ ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යි.

පිරිමි මීටර් 110 කඩුලු පැනීම 

රන්- ග්‍රාන්ට් හොලොවේ (ඇමරිකාව), රිදී- සර්ජි ෂුබෙන්කොව් (රුසියාව)

ලෝකඩ- පැස්කල් ලගාඩ් (ප්‍රංශය), ඕලන්ඩෝ ඔර්ටෙගා (ස්පාඤ්ඤය)           

කාන්තා මීටර් 100 කඩුලු පැනීම

රන්- නියා අලී (ඇමරිකාව), රිදී- කෙන්ඩ්‍රා හැරිසන් (ඇමරිකාව)

ලෝකඩ- ඩැනියෙලා විලියම්ස් (ජැමයිකාව)

පිරිමි මීටර් 400 කඩුලු පැනීම 

රන්- කර්ස්ටන් වර්හෝම් (නෝර්වේ), රිදී- රායි බෙන්ජමින් (ඇමරිකාව)

ලෝකඩ- ඇබ්ඩර්මන් සැම්බා (කටාර්)

කාන්තා මීටර් 400 කඩුලු පැනීම

රන්- ඩලිලා මුහමඩ් (ඇමරිකාව), රිදී – සිඩ්නි මැක්ලෝලින් (ඇමරිකාව)

ලෝකඩ- රුෂෙල් ක්ලේටන් (ජැමයිකාව)

කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව ජයගත් ඇමරිකාවේ නියා අලී (gettyimages)

ඇවිදීමේ ඉසව්වල සියලුම රන් පදක්කම් ආසියානුවන්ට 

ඇවිදීමේ තරග යටතේ පැවති කිලෝමීටර් 20 සහ කිලෝමීටර් 50 ඇවිදීමේ තරගවල රන් පදක්කම් චීන සහ ජපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වුණා.

පිරිමි කිලෝමීටර් 20 ඇවිදීම 

රන්- ටොෂිකසු යමනිෂි (ජපානය), රිදී- වැසීලි මිසිනොව් (රුසියාව)

ලෝකඩ- පර්සියුස් කාල්ස්ට්‍රෝම් (ස්වීඩනය)

කාන්තා කිලෝමීටර් 20 ඇවිදීම 

රන්- ලියු හොන්ග් (චීනය), රිදී- කියැන්ග් ෂෙන්ජි (චීනය)

ලෝකඩ- යෑන්ග් ලියුජින්ග් (චීනය)

පිරිමි කිලෝමීටර් 50 ඇවිදීම 

රන්- යුසුකි සුසුකි (ජපානය), රිදී- ජාඕ වියාරා (පෘතුගාලය)

ලෝකඩ- ඉවන් ඩන්ෆී (කැනඩාව)

කාන්තා කිලෝමීටර් 50 ඇවිදීම 

රන්- ලියෑන්ග් රුයි (චීනය), රිදී- ලී මාඕකු (චීනය)

ලෝකඩ- එලෙනෝරා ගිඕජි (ඉතාලිය)

පිරිමි කිලෝමීටර් 50 ඇවිදීමේ ඉසව්ව ජයගත් ජපානයේ යුසුකි සුසුකි (gettyimages)

සහාය දිවීමේ ඉසව්වල වැඩි ගෞරව හිමි වුණේ ඇමරිකානුවන්ට යි 

සහාය දිවීමේ තරග යටතේ පැවැත්වුණු 4×100 සහ 4×400 ඉසව්වලින් රන් පදක්කම් 3ක්ම හිමි වුණේ ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යි.

පිරිමි මීටර් 4×100 සහාය දිවීම 

රන්- ඇමරිකාව, රිදී- මහා බ්‍රිතාන්‍යය, ලෝකඩ- ජපානය 

කාන්තා මීටර් 4×100 සහාය දිවීම 

රන්- ජැමයිකාව, රිදී- මහා බ්‍රිතාන්‍යය, ලෝකඩ- ඇමරිකාව  

පිරිමි මීටර් 4×400 සහාය දිවීම 

රන්- ඇමරිකාව, රිදී- ජැමයිකාව, ලෝකඩ- බෙල්ජියම 

කාන්තා මීටර් 4×400 සහාය දිවීම

රන්- ඇමරිකාව, රිදී- පෝලන්තය, ලෝකඩ- ජැමයිකාව 

4×100 ඉසව්ව ජයග්‍රහණය කළ ජැමයිකානු කාන්තා කණ්ඩායම (gettyimages)

පැනීමේ ඉසව්වල දී ඇමරිකාව සහ රුසියාව කරට කර සටන් කළා 

පැනීමේ ඉසව්වල දී රුසියාව සහ ඇමරිකාව රන් පදක්කම් 2ක බැගින් දිනාගනු ලැබුවා. එලෙස ලබාගත් රන් පදක්කම් 2ට අමතරව තවත් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වුණා. ඒ අනුව පැනීමේ ඉසව්වලින් වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමි වුණේ, ඇමරිකා එක්සත් ජනපදයට යි.

පිරිමි උස පැනීම 

රන්- මුටාස් බාෂිම් (කටාර්), රිදී- මිහායිල් අකිමෙන්කෝ (රුසියාව)

ලෝකඩ- දිමිත්‍රියෙවිච් ඉවන්යුක් (රුසියාව)

කාන්තා උස පැනීම 

රන්- මාරියා ලැසිස්ට්ස්කේන් (රුසියාව), රිදී- යරොස්ලාවා මහුචික් (යුක්රේනය) 

ලෝකඩ- වෂ්ටි කනිංහැම් (ඇමරිකාව)

පිරිමි රිටි පැනීම 

රන්- සෑම් කෙන්ඩ්‍රික්ස් (ඇමරිකාව), රිදී- ආමන්ඩ් ඩප්ලෙන්ටිස් (ස්වීඩනය)

ලෝකඩ- පියොටර් ලිසෙක් (පෝලන්තය)

කාන්තා රිටි පැනීම

රන්- ඇන්ෂෙලිකා සිඩරෝවා (රුසියාව), රිදී- සැන්ඩි මොරිස් (ඇමරිකාව)

ලෝකඩ- කැතරිනා ස්ටෙෆනිඩි (ග්‍රීසිය)

පිරිමි දුර පැනීම 

රන්- ටිජේ ගේල් (ජැමයිකාව), රිදී- ජෙෆ් හෙන්ඩර්සන් (ඇමරිකාව)

ලෝකඩ- ජුවාන් මිගෙල් (කියුබාව)

කාන්තා දුර පැනීම 

රන්- මලයිකා මිහම්බෝ (ජර්මනිය), රිදී- මරියානා බෙක්-රොමන්චුක් (යුක්රේනය)

ලෝකඩ- ඇසේ බෘම් (නයිජීරියාව)

පිරිමි තුන් පිම්ම  

රන්- ක්‍රිස්ටියන් ටේලර් (ඇමරිකාව), රිදී- විල් ක්ලේ (ඇමරිකාව)

ලෝකඩ- හියුස් සැන්ගෝ (බර්කිනා ෆාසෝ)

කාන්තා තුන් පිම්ම  

රන්- යුලිමාර් රෝජාස් (වෙනිසියුලාව), රිදී- ෂැනිකා රිකට්ස් (ජැමයිකාව)

ලෝකඩ- කැතරින් මෙනා (කොලොම්බියාව)

පිරිමි දුර පැනීමේ රන් පදක්කම දිනාගත් ජැමයිකාවේ ටිජේ ගේල් (gettyimages)

විසි කිරීමේ ඉසව්වලින් වැඩිම පදක්කම් ප්‍රමාණයක් චීනයට 

විසි කිරීමේ ඉසව් යටතේ පැවත්වුණු ඉසව්වල දී වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමි කරගනු ලැබුවේ චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනු යි. එහි දී ඔවුන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගනු ලැබුවා. 

පිරිමි යගුලිය විසිකිරීම  

රන්- ජෝ කොවැක්ස් (ඇමරිකාව), රිදී- රයන් කෘසර් (ඇමරිකාව)

ලෝකඩ- තෝමස් වොල්ෂ් (නවසීලන්තය)

කාන්තා යගුලිය විසිකිරීම  

රන්- ගොන්ග් ලිජීඕ (චීනය), රිදී- ඩැනියල් තෝමස්-ඩොඩ් (ජැමයිකාව)

ලෝකඩ- ක්‍රිස්ටිනා ෂැවනිට්ස් (ජර්මනිය)

පිරිමි කවපෙත්ත විසිකිරීම  

රන්- ඩැනියල් ස්ටෝල් (ස්වීඩනය), රිදී- ෆෙඩ්‍රික් ඩැක්‍රස් (ජැමයිකාව)

ලෝකඩ- ලුකාස් වීස්හයිඩින්ගර් (ඔස්ට්‍රියාව)

කාන්තා කවපෙත්ත විසිකිරීම  

රන්- යෙමි පෙරේස් (කියුබාව), රිදී- ඩෙනියා කැබලෙරෝ (කියුබාව)

ලෝකඩ- සැන්ඩ්‍රා පර්කොවික් (ක්‍රොයේෂියාව)

පිරිමි හෙල්ල විසිකිරීම  

රන්- ඇන්ඩර්සන් පීටර්ස් (ග්‍රෙනෙඩා), රිදී- මැග්නස් කර්ට් (එස්තෝනියාව)

ලෝකඩ- ජොහැනස් වෙටර් (ජර්මනිය)

කාන්තා හෙල්ල විසිකිරීම  

රන්- කෙල්සි බාබර් (ඕස්ට්‍රේලියාව), රිදී- ලියු ෂින්ග් (චීනය)

ලෝකඩ- ලූ හුයිහුයි (චීනය)

පිරිමි මිටිය විසිකිරීම  

රන්- පවෙල් පැඩෙක් (පෝලන්තය), රිදී- ක්වීන්ටින් බිගොට් (ප්‍රංශය)

ලෝකඩ- බෙන්ස් හලාස් (හංගේරියාව)

කාන්තා මිටිය විසිකිරීම  

රන්- ඩියානා ප්‍රයිස් (ඇමරිකාව), රිදී- ජොආනා ෆියෝඩ්‍රෝව් (පෝලන්තය)

ලෝකඩ- වෑන්ග් චෙන්ග් (චීනය)

මීට අමතරව පැවැත්වුණු දස ප්‍රයාම සහ සත් ප්‍රයාම ඉසව්වලින් මහා බ්‍රිතාන්‍යයට සහ ජර්මනියට රන් පදක්කම බැගින් හිමි වුණා.

මෙවර තරගාවලියට ඇතුළත් වුණු අමුතුම ඉසව්ව 

මෙවර තරගාවලිය සඳහා ඉතාමත් ආකර්ෂණීය ඉසව්වක් එකතු කර තිබුණා. එහි දී මීටර් 4×400 ඉසව්ව ක්‍රීඩිකයන් දෙදෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි කරවාගෙන මිශ්‍ර ඉසව්වක් ලෙසින් පැවැත්වුණා. එහි දී රන් පදක්කම දිනාගනු ලැබුවේ ඇමරිකානු කණ්ඩායම යි.

රන්- ඇමරිකාව, රිදී- ජැමයිකාව, ලෝකඩ- බහරේන් 

ඇමරිකාව පදක්කම් සටහනේ පෙරමුණට 

මෙවර තරගාවලියේ සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ලබාගත් ඇමරිකා එක්සත් ජනපදය යි. එහි දී රන් පදක්කම් 14ක් සමගින් පදක්කම් 29ක් දිනාගැනීමට ඔවුන් සමත් වුණා. තරගාවලියේ මුල් ස්ථාන ලබාගත් රටවල් හතර පදක්කම් ලබාගත් ආකාරය පහත දැක්වෙනවා.

ඇමරිකාව 

රන් පදක්කම්- 14, රිදී පදක්කම්- 11, ලෝකඩ පදක්කම්- 4

කෙන්යාව 

රන් පදක්කම්- 5, රිදී පදක්කම්- 2, ලෝකඩ පදක්කම්- 4

ජැමයිකාව

රන් පදක්කම්- 3, රිදී පදක්කම්- 5, ලෝකඩ පදක්කම්- 4

චීනය  

රන් පදක්කම්- 3, රිදී පදක්කම්- 3, ලෝකඩ පදක්කම්- 3

කවරයේ ඡායාරූපය- 4x400 මිශ්‍ර සහාය ඉසව්ව ජයග්‍රහණය කළ ඇමරිකානුවන් (gettyimages)

Related Articles