Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවෙන් පිට ඉන්න ලාංකිකයින්ට බලන්න වීඩියෝ කිහිපයක්

ලංකාවේ ඉන්න අය විතරක් නෙමෙයි, ලංකාවට ඉඳල හිටලා පොඩි කාලෙකට වත් ඇවිල්ල මේ රට ඇස් දෙකින් දැකපු ඕනෑම කෙනෙක් දන්නවා මේ පොඩි රටේ තියෙන අසිරිය. මේ ආශ්චර්යජනක භාවය කේන්ද්‍රකරගෙන හදපු චිත්‍රපට, ෆොටෝ වගේ දේවල් දකිනකොටත් ලාංකිකයන්ගේ ඇස්වලට කඳුළු උනන්නේ ඉතින් දුකට නම් නෙමෙයි. ඒ  වචනයෙන් විස්තර කරන්න බැරි ආඩම්බරයකුත්, ආදරයකුත් හිතට නැගෙන කොට තමයි.

මේ ලිපියට අපි යොදාගත්තේ මෙවන් වීඩියෝ කිහිපයක්. ඔබ රටින් පිට ඉන්න ලාංකිකයෙක් නම් මේක පොඩ්ඩක් පරිස්සමින් බලන්න- පිටරට ඔක්කොම අතහැරලා දාලා කඩාගෙන බිඳගෙන ලංකාවට එන්න හිතෙනවා මේ සමහර ඒවා දැක්කම.

Loving Lanka – ලංකාවට ඇති ලෙන්ගතුකම

සෙබස්තියන් ලින්ඩා නම් ජර්මන් ජාතික කැමරා ශිල්පියෙකු විසින් නිර්මාණය කල මේ වීඩියෝව ලංකාව ගැන මේ වෙනතෙක් හදාපු හොඳම වීඩියෝවක් හැටියට තමයි අපිට නම් හිතෙන්නේ. විනාඩි හතරකටත් වඩා කෙටි මේක ගැන හොඳ කතාවකුත් තියෙනවා- සෙබස්තියන් ඉතින් ජර්මනියේ හොඳට රැකි රක්ෂාවක් කරගෙන ඉන්නකොට තමයි එකපාරටම හිතිලා තියෙන්නේ ඒ ඔක්කොම අතහැරලා දාල ප්‍රේමවන්තියව කසාද බැඳලා ලංකාවට ඇවිත් රට වටේ සිරි නරඹන්න ඕන කියල. ලංකාවේ මාස කිහිපයක් ගතකරපු මොහුට පුළුවන් උනා පුදුම හිතෙන තරම් ලස්සන වීඩියෝවක් හදන්න අපේ ලංකාව කේන්ද්‍ර කරගෙන.

ලංකාවේ අසිරිමත් ෆොටෝ බලන්න ඔබ කැමති නම් සෙබස්තියන් ගේ ෆේස්බුක් පිටුව බලන්නත් අමතක කරන්න එපා.

Making of Loving Lanka – වීඩියෝව හදපු හැටි

ඔබට නිකමටවත් හිතුන නම් කලින් වීඩියෝව ගැන ආසාවෙන් කතාකලේ ලාංකිකයින් විතරක් කියල ආපහු හිතල බලන්න- මේක දැකපු ලෝකේ වටේ මිනිස්සු කොච්චාර වශී වුනාද කියනවනම් හැමෝම සෙබස්තියන්ගෙන් අහන්න ගත්ත කොහොමද මේක හැදුවේ? කොහෙන්ද වීඩියෝ කරන්න මෙච්චර ලස්සන දර්ශනපත හොයාගත්තේ? කොච්චර ප්‍රශ්න ගොඩක් යොමු උනාද කියල කියනවනම් සෙබස්තියන් තවත් අලුත් වීඩියෝවක් හැදුව කලින් වීඩියෝව හදාපු හැටි ලෝකයට පෙන්වන්නට. ඉහතින් දක්වලා තියෙන්නේ ඒ වීඩියෝව.

See Lanka – ලංකාව බලන්න

බ්‍රිතාන්‍ය ජාතික ‘warmeye’ යන නමින් තමන් හඳුන්වාගන්නා වීඩියෝ ශිල්පියෙකු විසින් නිර්මාණය කල මෙම වීඩියෝව කොච්චර ලස්සනද කියනවනම් මේක post කරපු Vimeo වෙබ් අඩවියේ කාලයක් තිස්සේ මේක නිර්දේශිත වීඩියෝ ලැයිස්තුවෙත් අඩංගු කරලා තිබුනා.

විනාඩි දෙකක් පමණ දිගකින් යුත් මෙම වීඩියෝව අවසානයේදී ලංකාව ගැන ලෙන්ගතුකමක් හිතට දැනෙන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ, පපුව පැත්ත අල්ලලා බලන්න හැඩගැස්මක් දැනෙනවද කියල?

Life Or Dream. Sri Lanka. මේ යථාර්තයද, නැත්නම් සිහිනයක්ද? ශ්‍රී ලංකාව 

පටන්ගන්න scene එක හින්දමද කොහෙද වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලෙස මේ වීඩියෝව නම් කරලා තිබුනත්- බිකිනි ඇඳගත්තු ගැහැණු ළමයි කීප දෙනෙක් ඇරෙන්න මේකේ එච්චර අවුලක් නැහැ. ඒත් එහෙම ඒවත් අවුල්නම් වැඩකරන තැනේදී එහෙම මේක බලන්න යන්න එපා.

විනාඩි පහක් පමණ දිග මේ වීඩියෝව අධ්‍යක්ෂණයේදී ගොඩක් තාක්ෂනය යොදාගෙන තියෙනවා- ඒ කරලා තියෙන්නේ මේක නිකම් හීනයක් වගේ ප්‍රේක්ෂකයින්ට පෙනෙන්න සලස්වන්නට. ලංකාව විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න මිනිස්සුත් බොහොම හිතවත් පිරිසක් හැටියට පෙන්නන මේ වීඩියෝව විනාඩි පහක් පමණ දිගයි.

Sri Lanka – Resplendent Island. පාරදිසාත්මක දිවයින – ශ්‍රී ලංකාව

නිර්මාණාත්මක අධ්‍යක්ෂකයෙකු වගේම ගුරුවරයෙකුද වන ජෝර්ඩි පේජස් විසින් නිර්මාණය කරන ලද මෙම වීඩියෝවත් මුලාශ්‍රය ලෙස යොදාගෙන තියෙන්නේ සොඳුරු ලංකාවම තමයි.

Sri Lanka. ශ්‍රී ලංකාව

අවුරුදු තුන හතරකට ඉස්සෙල්ලා හදපු මේ වීඩියෝව පිටිපස්සේ ඉන්නේ ස්කොට්ලන්ත ජාතික පෝල් ලොක්හාට් කියල කෙනෙක්. ලංකාවේ ගතකරපු සති දෙකක පමණ නිමදුවක් ආශ්‍රයෙන් හදපු මේ විදියෝවත් කලින් ඒවා වගේම තමා, ලංකාවෙයි ලංකාවේ මිනිස්සුන්ගෙයි තියෙන උණුසුම් බව සැබෑවට විදහාපාන සුපිරි ගනයේ වීඩියෝ එක.

Walking Sri Lanka. ලංකාව වටේ ඇවිදිමු

පොඩ්ඩක් හාස්‍යජනක music ටිකක් දාල කලින් ඒවාට වඩා වේගවත් ලෙසට දිස්වෙන මේක හදල තියෙන්නේ Perennial Plate නමින් තමන් හඳුන්වාගන්න කණ්ඩායමකින්.

Related Articles