Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබගේ විදුලි බිල්පත ගණනය කරන්නේ කෙසේද ?

අළුත් අවුරුද්දත් ළඟ ඇත. මේ දවස්වල කරන්ට් එක සෑහෙන්න පාවිච්චි වෙනවා ඇති නේද? අවුරුදු කාලෙට විතරක් නෙමෙයි, වෙසක් සතියේදී, නත්තලට, හා අනෙතුක් උත්සව සමයන්හිදී  ඔබේ විදුලි බිල්පත නිරීක්ෂණය කළහොත් එහි පැහැදිලි ඉහල යාමක් දැකගත හැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මෙසේ වරින් වර උච්චාවචනය වන ඔබේ විදුලි බිල්පත ගණනය කරන්නේ කෙසේදැයි ඔ බ දන්නවාද?

කෙටි පසුබිමක්

ලෝක බැංකු දත්ත සහ වෙනත් දත්ත විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වනුයේ ලංකාවේ විදුලි මිල සාක් කලාපයේ අන් රටවලට වඩා අධික බවයි.

මිල අධික වීමට බලපාන සාධක කිහිපයක් දැක්විය හැක – යොදාගන්නා ඉන්ධන වර්ග සහ ඒවායේ වෙළඳපොල මිල (ඩිසල් සහ ගල් අඟුරු මිල මෙහිදී සැලකිය හැක), රාජ්‍ය සහනාධාර සහ රාජ්‍ය සහ කර්මාන්ත රෙගුලාසිද මෙයට ඇතුල් වේ.

ලංකාවේ භාවිතාවන විදුලිබලයෙන් බහුතරයක් ජනනය කරනු ලබන්නේ ජලවිදුලි බලාගර හරහායි. මෙයට අමතරව මිලෙන් ඉතා අධික ගල් අඟුරු සහ ඩීසල් දහනය කිරීමෙන් මෙරට මුළු විදුලි ධාරිතාවෙන් 49%ක් පමණ උත්පාදනය කෙරේ. ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය වෙත පිවිසිමෙන් ඔබට ලංකාවේ ජනනය කරන විදුලි බල ප්‍රමාණයන් සහ එම බලය ජනනය කරන ආකාර පිලිබඳව හොඳ අදහසක් ලබාගත හැක.

මේකනම් නියමයි

මේකනම් නියමයි

ගාස්තු ගණනය කරන ආකාරය පිළිබඳව සැලකිය යුතු කරුණු කිහිපයක්

ඕනෑම ගොඩනැගිල්ලක දැකගත හැකි විදුලි මීටර්

ඕනෑම ගොඩනැගිල්ලක දැකගත හැකි විදුලි මීටර්

  • ඔබ නිවසේ ඇති විදුලි මීටරය මගින් ඔබ විසින් මසක් තුල භාවිතා කරන ලද විද්‍යුත් ශක්ති ප්‍රමාණය ගණනය කරනු ලැබේ. ඒ එම මස තුල විදුලි බල පද්ධතිය හරහා ඇදගත් මුළු විදුලි බල ප්‍රමාණයයි. පද්ධතිය පවත්වාගෙන යනුයේ විදුලිබල මණ්ඩලය විසින් වන අතර එහි බලය භාවිතා කිරීම සඳහා ඔබ විසින් මණ්ඩලයට මුදලක් ගෙවිය යුතු වේ.
  • විදුලිබල මණ්ඩලය විසින් ඒකකයක් ලෙස සලකනුයේ kWh හෙවත් කිලෝ වොට් පැය යන්නයි.
  • මසකට වරක් ඔබ නිවසට පැමිණෙන මීටර් කියවන්නා විසින් ඔබ විසින් එම මස තුල භාවිතා කරන ලද ඒකක ප්‍රමාණය ගණනය කරනු ලබයි. මෙම ගණනයට විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කොට ඇති සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශිත ගාස්තු ව්‍යුහය යොදාගනු ලබයි.

ලංකාවේ වර්තමානයේ භාවිතා වන බදු ව්‍යුහය:

මුලින්ම කියන්න ඕනේ ලංකාවේ භාවිතා වන බදු ව්‍යුහය අඩුතරමින් අවුරුද්දකට වරක් වත් වෙනස් වෙනවා. ලංකා විදුලිබල මණ්ඩල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මෙම ගාස්තු ගැන අදහසක් ලබාගත හැකි අතර මෙය ගැන අවධානයෙන් සිටීම වඩාත් යෝග්‍යයි.

ඔබ විසින් භාවිතා කරන ලද විදුලි  ඒකක ප්‍රමාණය මත විදුලි බිල තීරණය වේ යයි සිතුවද ලංකාවේ තත්වය මෙයින් තරමක් දුරට වෙනස් වේ. මෙයට වඩාත් හේතු වී ඇත්තේ ලංකාවේ භාවිතයේ පවතින තරමක් සංකීර්ණ වූ බදු ව්‍යුහයයි- මේ ගැන වැඩිදුරට දැනගැනීමට මේක බලන්න.

කෙටියෙන් දැක්වුවොත් මෙම බදු ක්‍රමය කරුණු දෙකක් මත රඳා පවතියි.

  1. ඔබ විසින් භාවිතා කොට ඇති මුළු විදුලි බල ඒකක ප්‍රමාණය
  2. එම ඒකක ප්‍රමාණය ඔබ කොතරම් වේගයකින් පරිහරනය කොට ඇත්ද යන්න.
විදුලිබල භාවිතය ගණනයට ගන්නා ආකාරය පරිභෝජනයත් සමග වෙනස් වේ

විදුලිබල භාවිතය ගණනයට ගන්නා ආකාරය පරිභෝජනයත් සමග වෙනස් වේ

මෙය තවදුරටත් පැහැදිලි කරගැනීමට සුළු උදාහරණයක් සලකා බලමු;

ඔබ මසක් ඇතුලත ඒකක තිහක් භාවිතා කලේ යයි සිතමු. මෙම ඒකක තිහ ඔබ දින තිහක් ඇතුලත භාවිතා කළේ නම් ගෙවිය යුතු මුළු මුදල දින දහයක් ඇතුලත එම ඒකක ගණනම භාවිතා කිරීමෙන් ගෙවීමට සිදුවන මුළු ගාස්තුවට වඩා බොහෝසේ අඩුවේ.

බිල් ගෙවිමෙදී ඔබට ගෙවීමට සිදුවන මුළු එකතුව තවත් එක් කරුණක් මත රඳාපවති. එනම් විදුලිබල මණ්ඩලය විසින් ඔබේ බිලට එකතු කරනු ලබන fixed charge හෙවත් ස්ථිර ගාස්තුවයි.. මෙය සෑම මසකටම කුලියක ආකාරයට ඔබේ බිලට එකතුවන නියත මුදල්  ප්‍රමාණයකි.

ඒකක සහ ඒ සදහා ගෙවීමට සිදුවන ගාස්තුව අතර සම්බන්දතාව වටහා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් සෑම බිල්පතකම වගුවක් අඩංගු කරන අතර ඔබේ පහසුව සදහා අපි එය යටින් දක්වා ඇත.

විදුලිබල මණ්ඩලයට අනුව ඔබේ මාසික බල පරිහරණය ඒකක 0-60 අතර වන්නේ නම්, පළමු ඒකක 30 සඳහා ඒකකයක් සඳහා රුපියල් 2.50 ගාස්තුවක්ද, ඒකක 30 ට නොඅඩු, 60 ට නොවැඩි සෑම ඒකකයක් සඳහාම ඒකකයක් සඳහා රුපියල් 4.85 ගාස්තුවක්ද අයකෙරේ. මෙහිදී ඉහත සඳහන් ස්ථාවර ගාස්තුවද අයකෙරෙන අතර, එය පළමු කොටසට රුපියල් 30 ද, දෙවන කොටස සඳහා රුපියල් 60 ද ලෙස එකතුවේ.

මසකට පරිහරණය ඒකක 60 ඉක්මවා ගිය විට පහත සඳහන් ලෙස බදු නියම වේ. මෙහිදී ස්ථාවර ගාස්තුව අය නොකෙරෙන අතර ඒකකයක් සඳහා ගාස්තුව රුපියල් 7.85 ක පවතී.

ගණනය කරන ආකාරය පෙන්වීමට උදාහරණයක්:

විදුලි බිල්පත් ගණනය කරන ආකාරය එතරම් සංකීර්ණ නොවේ. කැල්කියුලේටරයක් ආධාරයෙන් ඕනෑම අයෙකුට මෙම ගණනය පහසුවෙන් කර හැක.

උදාහරණයක් සඳහා ප්‍රවීන් නමැත්තකුගේ විදුලිබල පරිභෝජනය සහ ඔහුට ගෙවීමට සිදුවන මුළු මුදල සලකා බලමු. ප්‍රවීන් පසුගිය මස තුල විදුලිබල ඒකක 126 ක් පරිභෝජනය කොට ඇත.

ගණනය වඩාත් පහසුකිරීම සඳහා මෙය බදු ව්‍යුහයෙන් බෙදෙන ආකාරයට කොටස් වලට වෙන්කර ගනිමු.

  • මුල් ඒකක 30 සඳහා ඒකකයට රුපියල් 7.85 බැගින් ගාස්තුව: රුපියල් 235.50
  • ඒකක 31 සිට 60 දක්වා ඒකක  30 සඳහා ඒකකයට රුපියල් 7.85 බැගින් ගාස්තුව: රුපියල් 235.50
  • ඒකක 61 සිට 90 දක්වා ඒකක  30 සඳහා ඒකකයට රුපියල් 10 බැගින් ගාස්තුව: රුපියල් 300
  • ඒකක 91 සිට 120 දක්වා ඒකක  30 සඳහා ඒකකයට රුපියල් 27.25 බැගින් ගාස්තුව: රුපියල් 832.50
  • ඒකක 121 සිට 180 දක්වා ඒකක  30 සඳහා ඒකකයට රුපියල් 32 බැගින් ඒකක  6 සඳහා ගාස්තුව: රුපියල් 192.00

භාවිතා කොට ඇති මුළු ඒකක ප්‍රමාණය : 126

එම ඒකක ප්‍රමාණය සඳහා ප්‍රවීන් විසින් ගෙවිය යුතු මුළු මුදල : 235.50 + 235.50 + 300 + 832.50 + 192 = රුපියල් 1792.50

ඒකක 120 කට නොඅඩු සහ 180 කට නොවැඩි බල ඒකක ප්‍රමාණයක් ප්‍රවීන් විසින් භාවිතා කොට ඇති බැවින් ඔහුගේ ස්ථාවර ගාස්තුව රුපියල් 480 පමණ වේ.

ප්‍රවීන් විසින් විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මුළු මුදල: 1795.50 + 480 = රුපියල් 2275.50

මෙවැනි උදාහරණයක් විදුලිබල මණ්ඩලය විසින්ද එම වෙබ් අඩවියේ දක්වා ඇත.

නිවසේ ඇති විදුලි මීටරයේ ආධාරයෙන් විදුලි බිල්පතේ එකතුව ගණනය කිරීමට හැකිවීමේ වාසි කිහිපයක් ඇත. මීටරය කියවන්නා අතින් සිදුවන යම් වරදක් ඇතොත් එය නිරවුල් කිරීමට හැකි වන අතර ඔබ මාසික වියදම් ගැන සැලකිල්ලෙන් පසුවන්නෙකු නම් බිල්පත ලැබීමට පෙරම ඔබට ඔබේ මාසික විදුලි බිල්පතේ එකතුව දැන සිටිය හැක.

අලුතින් හදුන්වා දුන් අමතර බදු ව්‍යුහය

මෙම නිවේදනයට අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2015 සැප්තැම්බර් මස 15 වනදා සිට භාවිතයට නව බදු ව්‍යුහයක් හදුන්වා දී ඇත. විදුලි බල භාවිතය සහ භාවිතා වන කාල සිමාවන් සැලකිල්ලට ගෙන නිපදවා ඇති මෙම ව්‍යුහය හදුනවා දීමට පැහැදිලි හේතුවක් නොමැත. විදුලිබල මණ්ඩල වෙබ් අඩවිය මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ:

“විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතය දිරීමත් කිරිම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2015 ජුලි මස 8 වනදා දේශීය පාරිභෝගිකයින් සඳහා නව ගාස්තු යෝජනාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඇත. දැනට තෙකලා 30 හෝ ඊට ඉහත භාවිතයක් ඇති දේශීය පාරිභෝගිකයින් සඳහා වලංගු වන මෙම විකල්ප ගාස්තු ක්‍රමය 2015 සැප්තැම්බර් 10 දින මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලදී”

අවුරුදු කීපයකට පෙර පැවති දුරකථන බිල්පත් ගණනය කල ආකාරයටම මෙම ක්‍රමය මගින්  ලංවිමට  උච්ච සහ උච්ච නොවන කාල සීමාවන් සලකා ගාස්තු අයකිරීමට දැන් හැකියාව ඇත. තෙකලා විදුලිය භාවිතා කරන පාරිභෝගිකයන් හට මෙය විකල්ප ක්‍රමයක් පමණක් වන බවත් පවතින බද්දට අමතරව මෙය යොදා නොගන්නා බවත් විදුලිබල මණ්ඩලය විසින් අවදාරණය කොට ඇත. තවද, මෙම ක්‍රමයට මාරු වීමට ඔබට කැමැත්තක් ඇත්නම් ලගම ඇති ලංකා විදුලිබල මණ්ඩල කාර්යාලයට පැමිනෙන ලෙස එහි දක්වා ඇත.

ඔබට මෙයින් ඇති බලපෑම

ලයිට් දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න

ලයිට් දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න

අපි දැන් මෙම ගාස්තු ව්‍යුහය පාරිභෝගික ඔබට බලපාන ආකාරය සලකා බලමු.

  • සාමාන්‍යයක් ලෙස සලකා බැලීමේදී ලංකාව අන් රටවලට වඩා වැඩි මිලක් විදුලි බලය සඳහා අයකරනු ලබයි.වර්තමාන ගාස්තු වාරණ පද්ධතිය මගින් ඒකක 60 වැඩි පරිහරණය සදහා අමතර ගාස්තු අයකරන අතර, ඒකක 180 වැඩි පරිහරණය සදහා ඉතා අධික මුදලක් මුළු ගාස්තුවට එක් කරනු ලබයි.
  • ගාස්තු වාරණ පද්ධතිය සහ විදුලි බල පරිහරණ අතර අනුපාතමය සම්බන්දයක් නොමැත. ඉහත උදාහරණය සලකා බැලීමෙන් මෙය වඩාත් දුරට තහවුරු වනු ඇත.
  • මැද පන්තියේ සහ ඊට ඉහල පාන්තික නිවාස වලට මාසික විදුලි භාවිතය ඒකක 180 කට අඩුවෙන් පවත්වා ගැනීම තරමක් අපහසු වනු ඇත.
  • දැනට පවතින බදු ව්‍යුහය තුල පුද්ගලිකව ජණනය කරනු ලබන විදුලි බලය සම්බන්දව කිසිදු දිරිගැන්වීමක් නොමැත. මෙවන්නක් සදහා සුර්යාලෝකය හෝ සුළං ට’බයින භාවිතය සැලකිය හැකි අතර මෙයට පවතින බදු ව්‍යුහයෙන් කිසිදු බලපෑමක් නොමැති වුවද, එවැනි ක්‍රියාමාර්ග දිරිගැන්වීමෙන් නැවත විදුලි බල පද්ධතියට අමතර බලයක්ද ලබා ගතහැකි වනු ඇත. **NETMETERING** යන සංකල්පය 2010 වසරේදී යෝජනා වුවද මෙය භාවිතයට ගත හැකි ලෙස පිහිටුවීම තරමක් දුෂ්කර වේ.
  • අවසානයේ එකතු වන ස්ථාවක වියදම එකතු වන ආකාරයද තරමක් ගැටළු සහගත වේ. විදුලිබල මණ්ඩලය මෙම ගාස්තුව යටිතල පහසුකම් ලෙස යොදාගන්නා බවද අප අසා ඇත.
  • ලංකාවේ ඕනෑම මධ්‍යය පන්තික පවුලක් සදහා ඉහත සදහන් කල කරුණු අතරින් අංක 3 වඩාත් වැදගත් වේ. උපරිම සීමාව ලෙස දක්වා ඇති මෙම ඒකක 180 ට යටින් භාවිතය මෙතරම් අපහසු වනුයේ ඇයි? පහත උදාහරණ සලකා බලන්න.
  • ඉහත හේතු දැක්වීම **කොන්ඩ වියලන යන්ත්‍ර** (hair dryer) සදහා වුවද භාවිතා කල හැක. මෙම උපාංගය සාමාන්‍ය ලෙස භාවිතයෙන් ඔබ මසකට ඒකක 15 පමණ වැය වනු ඇත.
  • මයික්‍රෝවේව් යන්ත්‍රයක් මසක් තුල භාවිතා කිරීමේදී ඒකක 10-15 පමණ භාවිතා වන අතර ටො’ස්ටර් යන්ත්‍රයක් භාවිතයේදී මසක් තුල ඒකක 5-10 පමණ වැය වනු ඇත.

ඉහත උදාහරණ සියල්ල දල වශයෙන් කල ගණනයන් බව සලකන්න. තවදුරටත් ඔබ නිවසේ නිරන්තරයෙන් භාවිතයේ පවතින විදුලි බුබුළු, රෙදි සෝදන යන්ත්‍ර, රුපවාහිනී සහ ශීතකරණ යනාදිය මෙම ගණනයන්ට සලකා නොමැත.

සාරාංශය

නුදුරු අනාගතයේදී මේවා වැඩි වැඩියෙන් දැකගත හැකිවන බවයි අපි නම් හිතන්නේ

නුදුරු අනාගතයේදී මේවා වැඩි වැඩියෙන් දැකගත හැකිවන බවයි අපි නම් හිතන්නේ

දැන් ඔබට ඔබගේ විදුලි බිල්පත ගණනය කරන ආකාරය පිලිබදව යම්තාක්දුරට හෝ දැනුමක් ඇතැයි අපි සිතමු. එම දැනුම භාවිතයෙන් බිල්පතේ එකතුව අඩුකරගන්නා ආකාර කිහිපයක් ගැන දැන් අපි අවධානය යොමුකරමු.

  • ඔබ මසකට රුපියල් 20,000 හෝ ඊට‍ වැඩි මුදලක විදුලි බිල්පතක් ගෙවන්නේ නම් සුර්ය කෝෂ පැනල භාවිතය ඔබට වඩාත් සුදුසු විය හැක. මුලින් මෙය තරමක් ඉහල ආයෝජනයක් වුවත්, වසර 1-1.5 ගතවන විට ඔබ නිවසේ සම්පාදනය වන විදුලිය නැවත විදුලිබල මණ්ඩලයට විකිණීමෙන් ඔබට එම මුදල ආපසු අයකරගත හැක.
  • වායු සමීකරණ භාවිතය අඩු කල හැකි නම් එයද, සම්පුර්ණයෙන්ම භාවිතය අත්හළ හැකි නම් එයද කරන්න.
  • වහලයෙන් එල්ලා ඇති විශාල විදුලි පංකාව වෙනුවට හැකිනම් මේසය උඩ හෝ බිම තබන වර්ගයේ විදුලි පංකා භාවිතා කරන්න. මේ ආකාරයටම මයික්‍රෝවේව් සහ අවන් යන්ත්‍ර භාවිතයේදී සැලකිලිමත් වන්න.
  • හැකිනම් මුළු සතියක් සදහා ඇදුම් එක දවසින් මදින්නට කටයුතු කරන්න. මෙලෙසින්ම රෙදි සෝදන යන්ත්‍රය භාවිතය එක් දිනකට සීමා කරන්න.
  • විදුලි උදුන් භාවිතය හැකිනම් සීමා කරන්න, අනාගතයේදී එල්පී ගෑස් භාවිතා කල හැකිදැයි සලකා බලන්න.
  • එල්.ඊ.ඩී (LED) ආලෝකකරණය භාවිතා කල හැකිදැයි සලකා බලන්න.
  • සම්ප්‍රදායික පරිඝණක වෙනුවට වඩාත් කාර්යක්ෂම ලැප්ටොප් පරිඝනකයක් භාවිතා කිරීම ගැන සිතා බලන්න. පරණ **CRT** රුපවාහිනී වෙනුවට ***LED/LCD *** රුපවාහිනියක් භාවිතය වඩාත් සුදුසු විය හැක.
  • විදුලි බලයෙන් තාපය නිපදවනු ලබන උපාංග භාවිතය හැකිනම් සීමා කරන්න.

Related Articles