Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ පාරවල් වල සැරිසරන අරුමෝසම් මෝටර් රථ

ලංකාවේ පාරවල් වල වාහන පදවන එකත් සෙල්ලං නෑ. විශේෂයෙන්ම උදේට හවසට පාසල් අරින වෙලාවට පාරේ යනවා කියන එක බොහොම ලේ ප්‍රකෝප කරන වැඩක්. තරඟෙට දුවන බස්, අහුමුලු වලින් රිංග රිංග වාහන පෝලිමේ ඉස්සරහට වාහනය ඔබා ගන්න දඟලන ටුක් ටුක් වගේම ඉවක් බවක් නැතිව කඩාගෙන බිඳගෙන යන යතුරුපැදි වලින් හෙම්බත් වෙලා කොළ එලිය වැටෙන කම් ඔහේ බලාගෙන ඉන්න අපිට හිටි ගමන් පේන ලස්සනට දිලිසි දිලිසි යන කාර් එකක් දෙකක් නිසා මේ ඔක්කොම වද වේදනා මොහොතකට අමතක වෙලා යනවා. ලංකාවේ පාරවල් වල දකින්න පුළුවන් මේ වගේ ලස්සන ලස්සන කාර් ජාති මොනවද කියලා අද පොඩ්ඩක් බලමු.

ඉන්ස්ටග්‍රෑම් චායාරූප වලින් ලංකාවේ පාරවල් වල සැරිසරන අගනා මෝටර්රථ ගැන කියන්නට ඇපකැප වුණු ප්‍රජාවක් තමයි Sri Lanka Car Spotters කියන්නේ. මේක වසර දෙක තුනක් පරණයි, නමුත් සෑහෙන තරම් ලොකු රසික රසිකාවන් පිරිසක් එයාල එක්ක ඉන්නවා, දැනටත් ගණන 15600 කට අධික බව ඇසුවොත් ඔබ පුදුම වෙයි.

මෙම පිටුවේ දක්වලා තිබෙන කාර් කිහිපයක් මෙන්න.

6×6 ඩිෆෙන්ඩරය

kahn-defender-6x6-1

Image Credit: uncrate.com

මේක දැන් නිෂ්පාදනය කෙරෙන වාහනයක් නොවුනත් හොඳට පෙනුමට තිබෙන වාහනයක් නිසා මේකට කාගේ වුණත් අවධානය ටක් ගාලා ඇදිලා යනවා. මේ 6×6 රථය Kahn Auto Flying Huntsman එකක්මද නැත්නම් විශේෂයෙන් නිපදවපු එකක්ද කියලා චායාරුපය ගත්ත ආකාරය නිසා කියන්න ටිකක් අමාරුයි.

Defender 6×6 Spotted by @jayathu94 Owned by Indika Sanjaya

A post shared by Sri Lanka Car Spotters (@srilankacarspotters) on

ඉන්දික සංජයට අයත් @jayathu94 දැකපු 6×6 ඩිෆෙන්ඩරය.

BMW i8

BMW i8

Image credit: autoblog.com

මෙන්න ගන්නවා නම් කාර් එක. හැබැයි සල්ලි කන්දක් මේකට යට කරන්න වෙන එක තමයි අවුල. BMWලා ඉස්සරහට එළියට දමන්න බලාපොරොත්තු වෙන කාර් මොනවගේද කියලා මේක දිහා බැලුවම අපට පොඩි අදහසක් ගන්න පුළුවන්. අද පාරට බැස්සම අපට බලාගන්න පුළුවන් නවීනතම කාර් එක මේක කියලා කිව්වොත් වැරද්දක් නැහැ. i8 එකක තිබෙන වටිනාම ගුණාංගය තමයි එකෙන් LaFerrari, එතකොට McLaren P1 වගේ වාහන වල තිබෙන තාක්ෂණය ඒවායට වැයකරන්න ඕනෑ මුදලින් දහයෙන් එකකට වගේ අත්විඳින්නට ඉඩ ලැබෙන එක. අනිත් අතට ඒ මොන කාර් එකටත් වැඩිය අමුතු ගතියක් මේ වාහනයේ තිබෙන නිසා මේ වගේ එකකින් බහින කෙනෙකුට නිතැනින්ම අපි කාගේත් අවධානය යොමු වෙනවා.

BMW i8 Spotted by @Navod_Naveendra

A post shared by Sri Lanka Car Spotters (@srilankacarspotters) on

@Navod_Naveendra දැකපු BMW i8 එක

AMG GT/ GT S මර්සීඩිස් බෙන්ස් රථය

Mercedes-AMG GT (C 190) 2014

Image credit: robbreport.com

GT සහ GT S මොඩලය හඳුන්වා දෙනු ලැබුවේ සුප්‍රකට පෝර්ෂ් 911 එකට ගහන්නටයි. මේ ජාතියේ කාර් එකක අයිතිකාරයා සාමාන්‍යයෙන් හොඳට සල්ලිය භාගය එහෙම තිබෙන විවේකයෙන් විනෝදයෙන් ඉන්න වෙලාව ඉඩකඩ තිබෙන ටිකක් මැදි වියට පාතබපු කෙනෙක්. මේවගේ එකක් මිලට ගන්න අය ටිකක් වේගෙන් ධාවනය කරන්නත් කැමැත්තක් දක්වනවා. පෝර්ෂ් 911 රථය සමඟ හරිහරියට තරඟ කරන්න පුළුවන් 911 එක තරම්ම හොඳ මෝටර් රථයක් නිර්මාණය කරන්නට මර්සිඩිස් සමාගමට හැකිවෙලා තිබෙන බවට මේ වර්ගයේ වාහනයක් පදවපු ඕනෑ කෙනෙක් එකඟ වෙයි.

විශේෂඥ උපදෙසක්: කවදා හරි දවසක මේ වගේ ලස්සන වාහනයකට හිමිකම් කියන්න තරම් වාසනාවන්ත වුණත් ලංකාවේ පාරක නම් මේකෙන් වැඩ කිඩ පෙන්වන්න යන්න එපා. මොකද ඒකෙන් ඔබේත් වටේ පිටේ ඉන්න අයගෙත් දෙගොල්ලන්ගේම ජිවිත වලට අනතුරක් ගෙන්න පුළුවන්. ඒ වෙනුවට ලංකාවේ පාරවල් වල ඉන්න කරදරකාරයන්ගෙන් මිදිලා සුළු මුදලක් වැය කරලා නිදහසේ රේස් පිටියකට ගිහින් හිතේ හැටියට තමන්ගේ වාහනය රසවිඳින්න පුරුදු වෙන්න.

AMG GT Spotted by @KAI_LASH93

A post shared by Sri Lanka Car Spotters (@srilankacarspotters) on

@KAI_LASH93 දුටු AMG GT රථය

මැස්රාටි ග්‍රැන්ටුවරිස්මෝ

Image credit: maserati.com

Image credit: maserati.com

මේ වගේ ඉතාලියෙන් ගෙනාපු අතින්ම නිමවපු සුවිශේෂී පෙනුමක් තිබෙන ස්පෝර්ට්ස් කාර් එකක් දකින්න හම්බ වෙන්නේ එහෙමත් දවසක තමයි.මේක හඳුන්වාදෙනු ලැබුවේ 2007 වසරේදී. මේ ග්‍රැන්ටුවරිස්මෝ වර්ගය දැනට නිෂ්පාදනය නොකෙරුනත් මේකේ නවතම මීට වඩා හොඳ වර්ෂන් එකක් 2018දි අපට දැකගන්නට පුළුවන් වේවි.

Maserati Spotted by Darshana Ranasinghe

A post shared by Sri Lanka Car Spotters (@srilankacarspotters) on

දර්ශන රණසිංහ දුටු මැසරාටි රථය

රෝල්ස් රොයිස් ගෝස්ට්

rolls-royce-ghost

Image credit: boldride.com

රෝල්ස් රොයිස් කියන නම ඇහුව ගමන් අපේ හිත්වල මැවෙන්නේ බොහොම සුඛෝපභෝගී වාහන. අද ලෝකයේ තිබෙන සුපිරිම කාර් නිෂ්පාදනය කරන රෝල්ස් රොයිස් කියන්නේ සුළුපටු වෙළඳ නාමයක් නෙමෙයි. එයාලගේ සුප්‍රකට ෆැන්ටම් රථයට වඩා විශාලත්වයෙන් අඩු, ඊට වඩා හොඳ විකල්පයක් විදියට ගෝස්ට් හඳුන්වන්න පුළුවන්. මේ වාගේ එකකින් යන්න ලැබෙන කෙනාට තමන් සෑහෙන තරම් වැදගත් චරිතයක් කියල හිතුණත් පුදුම වෙන්න දෙයක් නැහැ.

Rolls Royce ghost owned by @sachith_de_silva

A post shared by Sri Lanka Car Spotters (@srilankacarspotters) on

කැඩිලැක් Escalade

Image credit: netcarshow.com

Image credit: netcarshow.com

අන්තර්ජාතිකව සුප්‍රසිද්ධ නළු නිළියන් නව පෙළේ ගායකයන් අතර සෑහෙන තරම් ප්‍රසිද්ධ එස්කැලේඩ් රථය නිකම්ම නිකම් කාර් එකකට එහා ගියපු එකක්. මේක අද ජනප්‍රිය සංස්කෘතියට නැතිවම බැරි අංගයක්. ජෙනරාල් මෝටර්ස් සමාගමට කවුරු කොහොම අනන් මනම් කිව්වත් එයාලා ලොකු SUV එකක් කොයි වගේ වෙන්න ඕනෑද කියලා මේ සුවිසල් බලසම්පන්න යන්ත්‍රය හඳුන්වා දෙමින් ලොවට පෙන්වා දුන්න බව අපි පිළිගන්න ඕනෑ. මේක ඇමරිකාවේ නම් ගොඩක් ප්‍රසිද්ධයි, මොකද එයාලගේ තෙල් මිල අඩුයි. ඒවාගේම පාරවල් පුළුල් වගේම සෘජුයි නේ. එහෙම බලන කොට ලංකාව වගේ රටක තියෙන චූටි චූටි පාරවල් වල මේ වගේ වාහනයක් යනවා කියන එකත් එක අතකට පුදුමයක්.

2016 Cadillac Escalade spotted by @deyon_hettiarachchi

A post shared by Sri Lanka Car Spotters (@srilankacarspotters) on

පෝර්ෂ් Boxster 981

Image credit: starmoz.com

Image credit: starmoz.com

බොක්ස්ටර් කියන්නේ අද ගන්නට තිබෙන ලාබම පෝර්ෂ් ඒඑකයි. කොහොම වුණත් ඒකෙන් හැඟවෙන්නේ නැහැ අනෙක් ලාභ බඩු වල වගේ මේකෙත් හිලක් තිබෙනවා කියන එක. මොකද බොක්ස්ටර් කියන්නේ මෙච්චර කාලයකට ආපු ඒ වර්ගයේ තිබෙන හොඳම සහ ඒ ගානට ගැන තිබෙන වෙනත් වර්ග වල රථ වලට වඩා සෑහෙන තරම් ඉදිරියෙන් ඉන්න වාහනයයි. බොක්ස්ටර් එකක් සුවපහසුයි. හොඳට හසුරුවන්නට හැකියාව තිබෙනවා වගේම ලොකු ඉඩකඩකුත් තිබෙනවා. මේ ජාතියේ එකක් මිලදී ගන්න යනවා නම් අනෙක් ඒවා, ඒ කියන්නේ තව තව විකල්ප දිහා හැරිලා වත් බලන්න යන්න එපා. මොකද බොක්ස්ටර් රථය කියන්නේ ඒ තරම් සුපිරි තේරීමක්. හැබැයි ඉතින් මේ උපදෙස අදාල වෙන්නේ ඔබ මේ වගේ එකක් ගන්න තරම් ‘රජ කකුලක්’ නම් තමයි.

Boxster Owned by @jayjaysl spotted by @geethliyanage

A post shared by Sri Lanka Car Spotters (@srilankacarspotters) on

@geethliyanageට දර්ශනය වුණු @jayjaysl ට අයත් බොක්ස්ටර් එක

ෆෙරාරි Spider F355

Image credit: auto.ferrari.com

Image credit: auto.ferrari.com

90 දශකේ මැද භාගයේදී හඳුන්වා දුන්න F355 අන්තිමට ආපු ලස්සනම ෆෙරාරි එක විදියටයි සැලකෙන්නේ. ඒ වගේම දැනට ලෝකයේ තිබෙන හොඳම, සහ බොහෝ දෙනෙක්ගේ ආදරය කැමැත්ත දිනාගත් කාර් එකක්. මේක නිර්මාණය වුණේ සුප්‍රකට ස්වයන්ක්‍රිය මෝටර්රථ නිර්මාණකරණයේ මහගෙදර වන Pininfarina හිදීයි. මේ වාහනයේ අඟලක් අඟලක් ගානේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරයි. මේ වගේ වාහනයක් පදින එක හරියට දරලිපක බේක් කරපු රසම රස පීසා එකක් කනවා වගේ වැඩක්. ෆෙරාරි අශ්වයා ඉන්න රථයක ගාන එක්ක බැලුවම සමහරවිට අද අපේ රටේ තියෙන අවුරුදු 20කට කලින් එලියට ආපු වටිනම කාර් එක මේක කියලා කියන්න පුළුවන්.

1997 Ferrari F355 Spider Spotted by @ferrarinameek

A post shared by Sri Lanka Car Spotters (@srilankacarspotters) on

@ferrarinameek දැකපු 1997 Ferrari F355 Spider කාර් එක

අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ, ඔබ කාර් වලට ප්‍රියකරනවා නම් අමතක නොකර මේ රථ වල සහ තවත් බොහෝ දේ දැකබලා ගන්නට Sri Lanka Car Spotters ලාගේ Instagram පිටුව බලන්න.

Related Articles