Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෝඩිම් ජීවිතයකට හුරු වෙන්නේ කොහොමද?

ගෙදරින් ඈත් වෙලා දුර ඈත පළාතක, විශේෂයන් කොලඹ වගේ නාගරික පැත්තකට රස්සාවකට හරි උසස් අධ්‍යාපනයට හරි ආවම ඉතින් අපිට නම් හවසට හෝම් ස්වීට් හෝම් නෑ. රස්සාවට එහෙම නැත්නම් අධ්‍යාපන ආයතනයට ළඟ තැනක තමයි අපිට නවතින්න වෙන්නේ. ඒ කියන්නේ බෝඩිම් ජීවිතයකට අපිට හැඩගැසෙන්නම වෙනවා. ඉතින්  බෝඩිමක් හොයාගෙන යන්න කලින් කියක් දේවල්නම් සලකලා බලන්න වෙනවද? ඔබ මොන සමාජ තරාතිරමක කෙනෙක් උනත්, ගෙදර ජීවිතය සුඛෝපභෝගීයි. එකේ කතා දෙකක් නෑ. තනියම ජීවත් වීම කට්ටක්. හැබැයි ඒ කට්ටෙ තියෙන්නෙ පුදුම රහක්. කොහොමද බෝඩිමේ ජිවත් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. කැම්පස් හොස්ටල් ජීවිතේට මේ උපදෙස් හරියටම ගැළපෙන්නෙ නෑ. මොකද ඒවායේ සංස්කෘතිය සහ මුලින්ම වෙනස්. ඒ ගැන කතා කරන්න වෙනම ලිපියක් ලියන්න වෙයි.

පළමුව ආරක්ෂාව

(www.rydalpenrhos.com)

(www.rydalpenrhos.com)

විශේෂයෙන් බෝඩිමේ ආරක්ෂාව ගැනයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අගනුවර අශ්‍රිතව පවතින බෝඩිම් බොහොමයක් පවතින්නේ වතු ආශ්‍රිතවයි. හොරු පිරිලා. ඔබ සතුව ලැප් ටොප් ආදී වටිනා භාණ්ඩ තිබුනත් නැතත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. විශේෂයෙන් මදුරු දැලක් රැගෙන යාම ඉතාමත්ම වටිනවා. එහෙම නැති උනොත් ඩෙංගු  වගේ භයානක රෝග වලට මුහුණ දෙන්න වෙනවා. යතුර පණ වගේ පරිස්සම් කරන්න. ඒ වගේම සමහර බෝඩින් වල ඉන්නවා අයිතිකාරයෝ අපි පිට වෙලා ගියාට පස්සේ අපේ කාමර වලට ඇවිත් ඇදල බලන. ඒ හින්ද ඒ ගැන දැනුවත් වෙන්න වෙනවා. බෝඩිමේ තමන්ට වෙනම යතුරක් තබා ගත යුතුම වෙනවා.

තව කවුරුවත් කාමරේ ඉන්නවනම්

( www.lamarcrealty.com)

( www.lamarcrealty.com)

මේ ප්‍රශ්ණ ටික එන්නේ ඔබ තනිවම ඉන්නේ නැතුව තවත් කෙනෙක් හෝ කිහිප දෙනෙක් සමඟ එක කාමරයේ නවාතැන් ගන්න විටදී.

ගැහැණු ළමයින්ට එන මුලිකම ප්‍රශ්නේ තමයි අනෙක් අයත් එක්ක බාර්ත් රූම් ෂෙයාර් කරගෙන පාවිච්චි කරන්න වීම. මෙයට අද බොහෝ දෙනෙක් අකමැති වන්නේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන විට ඒවා අපිරිසිදු වීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළ බැවින්. අනික ගෙදරම හැදුනු අයට මේක එච්චරම දිරවන්නේ නෑ. විශේෂයෙන් සමූහයක් ඉන්නා තැනක බාර්ත් රූම් පිරිසිදු කරන එකේ වගකීම කවුරුවත් නොගන්නා නිසා ටික දවසකින් බෝඩිම් ජීවිතය එපා වෙනවා. මේකට කරන්න තියන හොඳම විසඳුම තමයි නියමිත කාළ සටහනකට අනුව බෙදා වෙන් කරගෙන බාර්ත් රූම් වගේම බෝඩිමේ කාමර සියල්ල පිරිසිඳු කරගැනීමයි. බෙදාවෙන් කරපු නාම ලේඛනය හැමෝටම පෙනෙන තැනක එල්ලන්නත් අමතක කරන්න එපා. හැබැයි මේ කිසිවක් හෝදන්නේ නැතිව කිසිම ප්‍රශ්ණයක් නැතිව ඉන්න අයත් සමහර බෝඩිම් වලින් හොයා ගන්න පුළුවන්.

තවත් ප්‍රශ්ණයක් තමයි ඇදුම් මාරු කරගෙන අදින එක. ඒකට කැම්පස් එකේනම් කියන්නේ ගජේ ගහනවා කියල. සමහරු මේකට කැමති නෑ. සමහරුන් මේකට ඉතාමත් කැමතියි. යට ඇදුම් හැර අනෙක්වා මාරු කරගෙන අදින එකේ කිසි වැරද්දක්නම් පේන්න නෑ. එත් හමේ රෝග තියනවද කියල පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක තමන්ට වගේම අනුන්ටත් හොදයි නේද?

සබන්, ටූත් පේස්ට් ප්‍රශ්නෙත් සැරටම එනවා. අද ගෙනාපු සබන් කැටේ අද හවසම ඉවර කරලා. ආයෙත් එකක් ගෙනාපු ගමන් එකත් බලාගෙන ඉද්දි බහිරවයෝ ගිලිනවා වගේ ඉවර කරලා. ටූත් පේස්ට්, ෂැම්පු, ෆේස් වොෂ් මේ හැමදෙයකටම මේ ඉරණම අත් වෙනවා. මේකට කරන්න තියන විසඳුම තමයි කට්ටියම එකතු වෙලා සල්ලි එකතු කරලා මේ දේවල් ටික අරගෙන එන එක. තමන් අත්‍යාවශයෙන්ම පාවිච්චි කරන දෙයක් තියනව නම් ඒක පාවිච්චි කරලා බාර්ත් රූම් එකෙන් කාමරයට අරන් ගිහින් තියන එක තමයි වටින්නේ.

(www.visualphotos.com)

(www.visualphotos.com)

බෝඩිම් වාසීන් විවිධාකාරයි. ඔවුන් රාත්‍රියේ සමහරක් ගීත ගයනා කරනවා. සමහරක් වයලීන ගිටාර ආදිය වාදනය කරනවා. තවත් සමහරක් තව තව දේවල් කරනවා. මේ හැම කරදරයකින්ම මිදිලා නිදහසේ ඉන්න ඕනනම් ඉතින් හොද හෙඩ් සෙට් එකක් ළඟ තිබීමත් අනිවාර්ය වෙනවා. රෑට නිදාගන්න ලැබෙන නැති අනික් එක තමයි පාන්දර ජාමේ වෙනකන් කවුරුන් හෝ කාමරයේ ලයිට් එක දල්වලා තියන එක. මේකනම් බොහෝ වෙලාවට අනෙකාට හිසරදයක් වෙනවා.

ඇන්ටිගේ නීති රීති

(www.huffingtonpost.com)

(www.huffingtonpost.com)

බොහෝ බෝඩිම් පාලනය කරන්නේ ඇන්ටිලා. අංකල්ලා හිටියත් ඉතින් එයාල ලේඩිස් ෆස්ට් කියලා ඇන්ටිට පාලන තන්ත්‍රය බාර දීලයි ඉන්නේ. ඇන්ටිලාගේ නම් නීති රීති බොහොම තදයි. ඉතින් එයාල කියන දේට පිටින් ගියොත් වසලා හමාරයි. එත් අන්කල්ගෙන් පොඩ්ඩක් ශේප් වෙන්න පුළුවන්.

“රෑ 10න් පස්සේ ගේට්ටුව වහනවා.” ඇන්ටිලත් ඉන්නේ ඒ ඉඩමේ නම් මේ වැඩේ අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් ඔබට රාත්‍රියේ වැඩකට හෝ පාඩම් කටයුතු වලට එළියට යන්න වෙනව නම් එදාට නොඑන්න බලාගෙනම යන්න වෙනවා. මුලින්ම බෝඩිමක් මිලට ගන්නා විට මේ වගේ දේවල් ඇන්ටිගෙන් අනිවාර්යෙන්ම අහන්න ඕනේ.

තවත් දෙයක් තමයි සමහර විදුලි උපකරණ ඒ කියන්නේ හීටර්, අයන්, ෆෑන් වගේ ඒවා භාවිත කරන්න එපා කියල එන නියෝග. ලයිට් බිල ගෙවන්නේ ඔයාලනම් මේ ප්‍රශ්නේ එන්නේ නෑ. ඉතින් මේ වගේ ප්‍රශ්ණ තියනවනම් බොහෝ වෙලාවට අයන් කරන්න අවශ්‍ය නැති ටී ෂර්ට් ඩෙනිම් වගේ ඇදුම් මිලදී ගන්න එක හොඳයි. එත් ඉතින් මේ දේවල් පාවිච්චි නොකර ඉන්නේ කොහොමද? හැබැයි ඇන්ටිට හොරා තමයි මේ දේවල් පාවිච්චි කරන්න වෙන්නේ.

තවත් ඇන්ටිලා සමහරක් විට සති අන්තයේ ජල ටැංකි වල වතුර හිස්ව තබනවා ඒ වගේම මෝටර් ඔෆ් කරනවා. මොකද සති අන්තයේ ජල පරිභෝජනය අපේ අයගේ ඉතා ඉහළයිනේ. ඒ වගේම උස් හඩින් පොඩ්ඩක් කට ඇරලා කතා කරන්නවත් බැරි බෝඩිම් තියනවා. ඉතින් තමන්ට මෙහෙම ඉන්න බැරිනම් හැකි ඉක්මනින් ඒවායින් ඉවත් වෙන එක තමයි හොඳ.

බෝඩිම් ඇන්ටිලාගේ නපුරුකම්වලට රිටන් එක දෙන්නත් සමහර නේවාසිකයන් පෙළඹෙනවා.හැබැයි එතකොට ඇන්ටිට ගොඩක් පාඩු වෙන දේවල් වෙනවා. ඒ  රිටන් එක දෙන්නේ ලොරි සයිස් එකෙන් බැවින්. හැබැයි මෙහෙම නොවන බොහෝම හොඳ බෝඩිම් ඇන්ටිලාද හොයා ගන්න පුළුවන්.

අපේ පහසුව තකා

(www.wikihow.com)

(www.wikihow.com)

අපේ පහසුව වෙනුවෙන් නොයෙකුත් සරල ක්‍රම අනුගමනය කරන්න වෙනවා. ඉතින් අපේ කට්ටියට නිවාඩු දවසක උදේට නැගිටිනවා කියන්නේ මරන්නා වගේ වැඩක්. නිදා ගන්නත් බෑ බඩගිනියි. ඊට පෙර දවසේ මොනවා හරි (පැකට් කළ බනිස් වගේ දෙයක්) ගෙනත් තියාගත්තනම් බඩගින්නත් ශේප්. නිදි සුවත් අඩු නැතිව ලබා ගන්න පුළුවන්.

ඒ වගේම තමයි සියළු කෑම කඩවල් වාහන දවස් වලට (පෝය නිවාඩු) ඉතින් බෝඩිමේ උයාගෙන කන්නේ නැත්තනම් සොරිම තමයි. ඒ දවසට කොත්තු මී, මැගී නුඩ්ල්ස් තමයි ඉතින් පිහිටට ඉන්නේ. හීටරයෙන් මේවා පිළියෙල කරන්නත් පුළුවන්. එත් පරිප්පු හා බත්  උයන්න පුළුවන්නම් ඒක ගොඩක් වටිනවා. භුමි තෙල් ලිප් ඒ සඳහා සුදුසු වුනත් කුඩා ගෑස් සිලින්ඩරයක් හා ලිපක් ගන්න පුළුවන්නම් එය වඩාත් ලාභදායි වෙනවා. කුණු බැහැර කිරීම නිවැරදිව කළ යුතු වෙනවා. හැමතැනම දාන්න එපා. මොකද ගොඩක් වෙලාවට විසිකරන ඉඳුල් වලට ඉක්මනින් මීයෝ , කැරපොත්තෝ බෝ වෙනවා.

ඒ වගේම අයන් එක තැටියක් විදිහට භාවිතා කරලා රොටි පුච්චන්න පුළුවන්. ගිනි පෙට්ටි නැති වෙලාවට සිගරට් දල්වන්න හීටරය රත් කර යොදා ගන්නවා. සුත්‍රිකා බල්බයක් වටා කඩදාසියක් ඔතා ඒ කඩදාසිය මගින් සිගරට් පත්තු කරන අවස්ථාත් තියනවා.

ඩෙනිම තමයි බෝඩිම් ජිවිතයේ ජාතික ඇදුම විය යුත්තේ. මොකද  ඉතින් වතුර පොදක් ගාවන්නේ නැතුව මාසයක් විතර අදින්න පුළුවන්නේ. ඒ වගේම අයන් කරන්න ඕනේ නැති ටී ෂර්ට් ගොඩක් වටිනවා. ඩෙනිම් කලිසම්, ඩෙනිම් ජැකට් සහ ඩෙනිම් ගවුම් ඔබේ ජීවිතය වඩ වඩාත් පහසු කරනවා ඇති. සර්ෆ් එක්සෙල් ඇඳුම් වලට අහිතකරයි. කාලයත් සමඟ ඇදුම් දිරා යාමට හා නුල් පිපීමට ලක් වෙනවා. නමුත් කාලයකට සැරයක් සෝදන බර ඩෙනිම්, ඩෙනිම් බෑග්, බෙඩ්ශීට් යනාදියට සර්ෆ් එක්සෙල් යෙදීමෙනුත් ජීවිතය පහසු වෙනවා. රෙදි හෝදන එකට අකමැති බෝඩින් ඇන්ටිලා හිටියොත් නම් සති අන්තේ ගෙදර යනකොට රෙදි පොට්ටනියක් අරගෙන යන එක තමයි ගොඩක්ම හොඳ විදිය. වතුර බිල ගෙවන්නේ ඔබ නම් ඉතින් ප්‍රශ්නයක් නෑ.

හදීසි අවස්තාවකදී ගැනීමට පැනඩෝල්, පිරිටන්, සිද්ධාලේප, අමොක්සලින් හා තම අසනීපයන්ට අවශ්‍ය බෙහෙත් ජාති ළඟ තබා ගැනීම ඉතාමත් වැදගත්. විශේෂයෙන් තුවාල ප්ලාස්ටර් දෙක තුනක් තබා ගැනීමට අමතක කරන්න එපා.

මේ කොහොම අපි ජිවත් වුනත් ඉතින් ගෙදර බත් පිගානේ රසට කිසි රසක් සම කරන්න බැහැ. ඒ වගේම ගෙදර කාමරේ තියන ආශ්වාදය ලබා ගන්න බෑ. එත් ඉතින් මේ දේවල් වලට හුරු වෙන්න වෙනවාමයි නේද?

කවරයේ පින්තුරය: quora.com 

Related Articles