Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකක්ද මේ Google Street View (ගූගල් ස්ට්‍රට් විව්)?

Phone එකේ කැමරාවේ තියන panorama feature එක ගැන දන්නවද? බොහොම සරලව කියනවා නම් Google Street View කියන්නේ ලෝකේ තියෙන මාර්ග – ඒ කිව්වේ මහාමාර්ග, ගුවන් පාලම්, highway වගේම අඩි පාරවල් වල පවා – අති විශාල සංඛ්‍යාවක panoramic එසේත් නැතිනම් අංශක 360ක දර්ශන පථයක් සහිත ඡයාරුප පරිගනයකක් හෝ ජංගම දුරකතනයක් භාවිතයෙන් දැක ගත හැකි තාක්ෂණයක්.

 

මේක ඇත්තටම ලංකාවට අලුත් වුනාට ලෝකේ බොහෝ රටවල්වලට හඳුන්වල දීල නම් දැන් ටිකක් කල්. හැබැයි පරක්කු වෙලා හරි මෙහෙටත් ආපු එක ලොකු දෙයක්. මොකද මේකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන එමටයි.

ඔබ දැනටමත් Google Maps හෝ Google Earth භාවිතා කරන කෙනෙක් නම් Street View පාවිච්චි කරන හැටි අල්ලගන්න එක එච්චර අමාරු වෙන්නේ නැහැ. පසුගිය 23 වෙනිදා නිල වශයෙන් මෙරටට හඳුන්වාදුන් මේ සේවාව හරහා ඔබට දැනට ලංකාවේ මාර්ග 76ක් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා.

Google Street Car එක පහුගිය කාලේ ලංකාවේ අස්සක් මුල්ලක් නෑර රවුං ගහපු හැටි ඔබටත් මතක  ඇති. ඒ මෝටර් රථයට සවි කර තිබූ අධි තාක්ෂණික කැමරා පද්ධතියක උපකාරයෙන් තමයි ලංකාවේ පාරවල් සියල්ලම පාහේ රූපගත කර තිබෙන්නේ. අපට වාර්තා වී තිබෙන හැටියට නම් ලංකාව ඇතුලත කිලෝ මීටර 50,000ක පමණ මාර්ග ප්‍රමාණයක් මෙගගින් ආවරණය වී තිබෙනවා. Car එකෙන් යන්න බැරි වෙච්ච තැන් වලට camera එක තම පිටට සවිකරගත්  තනි පුද්ගලයෙක් විසින් පයින් ඇවිද ගොස් පින්තූර අරගත්තු බව තමයි Google ආයතනය පවසා තිබුනේ.

ලංකාවට හඳුන්වා දුන් දවසේ ඉඳන් අපේ කට්ටිය හා හා පුරා කියල කරේ Google Street View එකෙන් තමන්ගේ ගෙදර හොයා ගන්න පුලුවන්ද කියන එක. එහෙම හොයා ගත්ත කට්ටිය ඒවායේ screenshot අරන් පහු ගිය දවස් කිහිපයේ Facebook එක පුරා පල කරලා තිබ්බ ඔයාලත් දකින්න ඇති.

street view සඳහා භාවිතා කල වාහනයක් (hemmathagama.lk)

street view සඳහා භාවිතා කල වාහනයක් (hemmathagama.lk)

Try කරලා බලන්න. Comment එකක් දාල අපිටත් කියන්න experience එක කොහොමද කියල.

Cover Image : thimphutech.com

කවරයේ පින්තුරය: thimphutech.com 

Related Articles