Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවුරුදු නිවාඩුව ගතකරන්න හොඳම තැන් 5ක්

සිංහල හින්දු අවුරුද්ද කියන්නේ අතීතයේ පටන්ම අපේ ජීවිතවලට නව ආරම්භයක් ගෙන එන සංස්කෘතික උත්සවයක්. ග්‍රෙගරි කැලැන්ඩරය අපේ නූතන ව්‍යවහාරය බවට පත්වූවත්, සිංහල මාස ක්‍රමය අනුව පමණක් නොව සොබාදහම පවා නව ආරම්භයක් ලබන්නේ අප්‍රේල් හෙවත් බක් මාසයේ දී යි. යල අස්වනු නෙලන කාලයෙහි අවසානය නිසා වී මළුවලින් නිවස පිරී ඉතිරී යාමත් සමග ඒ නව සහලින් ඉදෙන කිරිබත පන්සලටත්, අවට නිවෙස්වලටත් බෙදා දීම අපේ සිරිත වුණා. නූතනයේ කෘෂිකර්මයෙන් අප මඳක් දැන් බැහැර නමුත් කාර්යයබහුල ජීවිතයෙන් මිදී මේ මාසයේ දී හිත අලුත් කරගෙන නව අදහස්වලින් පුරවා ගන්නට, නිවැසියන් හා ඥාතීන් සමග ඇති සබඳතා වර්ධනය කරගන්න අලුත් අවුරුද්ද යොදා ගන්න පුළුවන්.

හැමදාම කාර්යාල ඇඳුම සහ නිදන ඇඳුම ඇඟලා ගන්නවා වෙනුවට, ඉන් නිදහස් වෙලා, මේ අවුරුදු සමයේ අසිරිමත් ලංකාද්වීපයේ අපූර්වතම ස්ථාන ආශ්‍රිතව ඇති නිවාඩු නිකේතනයක ඔබේ වෙහෙස නිවාගන්න පුළුවන් නේද?

දකුණු ලක මුහුදු සුවය විඳින්න Weligama Bay Resort

එය ස්වාභාවිකත්වය රැකගත් නිකේතනයක් (weligamabayresort.com)

දකුණු ලකෙහි දෙවුන්දර තුඩුවත්, වැලිගම් බොක්කත් අතර පිහිටා ඇති Weligama Bay Resort නිකේතනයට කොළඹ සිට ඇත්තේ කි.මී. 143 යි. රමණීය වෙරළ තීරයක් ඔබ්බෙහි පිහිටා ඇති මෙය සංචාරක ආකර්ෂණය ද දිනාගන්නට සමත්ව තිබෙනවා. ප්‍රංශ ජාතික භූ අලංකරණ ශිල්පියෙකු, ගෘහ භාණ්ඩ නිර්මාණකරුවකු මෙන්ම ස්වයං නිර්මාණකරුවකු වූ කවුන්ට් ඩි මෝනි විසින් මෙරට සකසන ලද ‘ටැප්රොබේන්’ දූපතෙහි මෙම ස්ථානය පිහිටා තිබෙනවා. එම දූපත ‘ගල්දූව’ ලෙසත් ප්‍රාදේශිකයන් අතර ප්‍රසිද්ධ යි. විද්‍යා ප්‍රබන්ධ රචකයකු හා අනාගතවාදියකු වූ ආතර් සී. ක්ලාක් පසුකාලීනව තම නිවහන කරගත්තේ ද මේ ස්ථානය යි.

දිය රළ පැදීමට හෙවත් Surf කිරීමට ප්‍රිය කරන කෙනෙක්ට මෙය ඉදිරිපිට මුහුද නවමු අත්දැකීමක් ලබා දෙන ස්ථානයක් බවට පත්වනු ඇති. තවමත් Surf කරලා නැත්නම් ඒ අත්දැකීම ලබා ගැනීම මේ අලුත් අවුරුද්දේ හීන ලැයිස්තුවට එකතු කරගන්න. ඒකාකාරී ජීවිතයට වඩා හැම දෙයක්ම අත්හදා බලමින් ගෙවෙන ජීවිතය තමයි සොඳුරුම. එහෙමත් නැත්නම්, මුහුදු සුළඟ විඳිමින් වෙරළේ නිස්කලංකව පොතක් කියවන්න, රෑ වෙද්දි ටික ටික නිසල වන මුහුදේ හඬ අහගෙන තරු දිහා බලාගෙන හිතේ සිතිවිලිවලට නිදහස දෙන්න මේ අලුත් අවුරුද්දේ ඔබටම අවස්ථාවක් ලබා දෙන්න.

කල්පිටියේ යන ඔබට උඩැක්කි හෝටලය

ගමේ විදියට කන්න (udekki.com)

පොඩි කාලේ භූගෝල විද්‍යාවට ලංකාව අඳිද්දි වම් පසින් භූමිය අඩු කොට ඇ‍ඳ‌ෙන කල්පිටිය අර්ධද්වීපයේ ඇති කල්පිටිය මුහුදු තීරය වැඩිපුරම ප්‍රසිද්ධ තල්මසුන් නැරඹීමට යි. අලන්කුඩා වෙරළෙහි තනිව ඔබේ බිරිඳ සමග අතීත මතක යළි අවධි කරමින් අනන්තයට ඇවිද යන්නට, දරුවන් සමග විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිරි විඳින්නට මේ ප්‍රදේශය තෝතැන්නක් බඳු යි.

පුත්තලම කලපුව ආශ්‍රිතව ඇති උඩැක්කි හෝටලය කල්පිටිය-නොරොච්චෝලය අතර පිහිටා තිබෙනවා. එහි නැවතී සිටිමින් මේ අත්දැකීම් විඳගන්නට පමණක් නොව, කාර්යයබහුල දිවියෙන් ලැබුණු මානසික ආතතිය පිහිනුම් තටාකයේ දිය කර, ගමේ රහට දවල් කෑම වේලක් ගන්නටත් පුළුවන්. නැත්නම්, අවට මුහුදු තීරයෙන් ලැබෙන නැවුම් ඉස්සන්, දැල්ලන්, කකුළුවන්ගෙන් පිරුණු මුහුදු කෑම එකක රස විඳින්න.

දරුවන් වෙනුවෙන්ම විශේෂ පිහිනුම් තටාකයක්, යෝගා සහ ශරීර සම්බාහන පහසුකම් ද ඇති මෙම ස්ථානය 2018 වසරේ Booking.com වෙබ් අඩවියේ 9.7ක ඉහළ rating ලබා ඇගයුමට පාත්‍ර වී තිබෙනවා.

මීගමුවේ චමත්කාරය විඳින්න Royale Castle හෝටලය

සුඛෝපබෝගී යුරෝපීය අත්දැකීමක් (royal-castle-hotel-negombo-sri-lanka-en.ww.lk)

කල්පිටියට පහළින් ඇති මීගමු කලපුව කොළඹ සිට පැයකින් පමණ යා හැකි ප්‍රදේශයක්. සිත්ගන්නා සුළු රන්වන් වෙරළ තීරය, ලන්දේසි කොටුව, ඉපැරණි ක්‍රිස්තියානි පල්ලි, කලපුවේ බෝට්ටු සවාරිවලින් පිරුණු මේ ප්‍රදේශය ධීවර වෙරළ කලාපයකට අනන්‍ය වූ ලක්ෂණවලින් අනූන යි. දිනක සවාරියක් යනවා නම්; මීගමු කලපුවේ බෝට්ටු සවාරියක් ගිහින්, ලන්දේසි කොටුව, ශාන්ත මරියා දේවස්ථානය, ශාන්ත සෙබෙස්තියානු පල්ලිය, අඟුරුකරමුල්ල පන්සල බලලා, මුහුදේ නාලා රැය ගත කරන්න රෝයල් කාස්ල් හෝටලයට පිය මනින්න පුළුවන්.

පැය 24ම විවෘතව ඇති නිසා කෙතරම් පමා වුණත් ඔබට එයට පිවිසෙන්නට මෙන්ම පසුදින වෙහෙස නිවුණු ඕනෑම වෙලාවක පිටත් වන්නට අවස්ථාව තිබෙනවා. සැප පහසු කාමර, සනීපාරක්ෂක පහසුකම් සමග හිසකෙස් වියළන (hair dryer), TV, වයිෆයි, තේ හා කෝපි ඇතුළු යුරෝපීය ව‍ටපිටාවක සුඛෝපබෝගී රැයක් ගත කිරීමට ඔබට හැකි වෙනවා.

තිසා වැවේ අතීත සුළඟ ගෙනෙන Heritage Hotel

අහසින් ගත් ස්ථානීය දර්ශනයක් (bstatic.com)

අපේ රටේ ඓතිහාසික වටිනාකම දෝතින් ගත්, ලංකාවේ මුල්ම රාජධානිය වුණු අනුරාධපුරයේ සුවය විඳින්නඳ සෑම දරුවකුට ම අවස්ථාව සැලසීම දෙමාපියන්ගේ වගකීමක්. අතීත ශ්‍රී විභූතිය අඟලක් – අඟලක් පාසා පැතිරෙමින් යන මෙහි මිහින්තලය, ඉසුරුමුණිය, රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය, ලංකාවේ ප්‍රථම දාගැබ ‍ලෙස සැලකෙන ථූපාරාමය, අභයගිරිය, ජේතවනාරාමය, ලෝවාමහාපාය ඇතුළු ඓතිහාසික ස්ථාන රැසකින් ආඪ්‍ය යි.

සෑම ගල්කණුවක් පාසාම යමින් ඒවායේ ඇති සුළු වෙනස්කම්, අනෙකුත් යුගයයන්ට සාපේක්ෂව සඳකඩපහණේ වෙනස්කම්, මුරගල, ගොඩනැගිලි සැලසුම් ක්‍රම දෙස බලමින් එහි ඉතිහාස කතාව යළි සිහිපත් කරගන්නට දරුවකුට අවස්ථාවක් ලබා දීම අපේ මුතුන් මිත්තන්ගේ කාය බලය හා ඥාණය ගැන ඔවුන්ව පුදුම කරවන්නක් වේවි. පොතේ පින්තූර වලින් දුටු මේ අරුමය දරුවකුට දෑසින් දකින්නට එක් දවසක් හොඳටම මදි. ක්‍රි.පූ. 3වන සියවසේදී පමණ දේවානම්පියතිස්ස රජු‍ තනවා ලූ තිස්ස වැවේ සුළඟින් ගත සනහන, වැව් ඉස්මත්තෙහි ඇති Heritage Hotel එකේ රාත්‍රිය ගත කරන්නට පුළුවන්. සුඛෝපබෝගී කාමර, ආයුර්වේද සම්බාහනයක් සමග තිසා වැවේ බෝට්ටු සවාරියක් යන්නටත් එහිදී ඔබට අවස්ථාව ලැබෙනවා.

තිස්සමහාරාමයේ තිස්ස වැව අබියස ඇති Rain Tree Hotel

නිස්කලංක පරිසරයක සුවය විඳින්න (bstatic.com)

බුදුන් තෙවන වරට ලංකාවට වැඩි අවස්ථාවේ දී ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාර භූමියේ රහතුන් සමග වැඩසිට තිබෙනවා. මෙහි චෛත්‍ය පිවිසුමේ ඇති කොහොඹ ගසේ එක් අත්තක කොළ වෙනත් කොහොඹ ගස්වලට වඩා පැණි රසින් යුක්ත නිසා එය ද මේ හා ම ප්‍රසිද්ධ යි. යටාල වෙහෙර, වීරවිල තිස්ස අභයභූමිය පමණක් නොව වන අසිරිය නරඹන්නට, වනජීවීන්ගේ ඡායාරූප ගන්නට ප්‍රිය කරන ඔබට අපූරු නිවාඩුවක් ගත කරන්නට කියාපු තැනක් තමයි දකුණේ තිස්සමහාරාමය කියන්නේ.

මෙම ස්ථාන රාශිභූත වී තිබෙන්නේ තිස්ස වැව අසබඩ යි. ඉතින් ඒ ආසන්නයේ ම නවතින්න තැනක් හොයාගත්තා නම් ඔබේ නිවාඩුව වඩාත් සාර්ථකව කරගන්නට පුළුවන්. තිස්ස වැවට හා දෙබර වැවට මැදිව ඇති Rain Tree හෝටලය තිස්ස වැවේ අසිරිය ඔබේ නෙත් පාමුළට ගෙන එනවා. පොළොවේ සිට මීටර් 19ක් උසින් ඇති එහි ඉහළ මාලයට පිවිසුණු විට වැවෙහි අංශක 360ක දසුනක් දකින්නටත්, ඉර බසින යාමයේ වවුල්ලු දහස් ගණනින් ඉගිලෙමින් අහස වසාගන්නා සුන්දර දසුන් කැමරාවට හසු කරගන්නටත් එහිදී අවස්ථාව ලැබෙනවා.

අවුරුදු නිවාඩුව ගත කරන්න මේ ස්ථානවලට යද්දී DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්වලින් ඔබට අපූරු වාසි හිමිකරගන්න අවස්ථාව තිබෙනවා. වට්ටම් සහ දීමනා රැසක් ගෙන එන DFCC ක්‍රෙඩිට් කාඩ් එකක් ඉල්ලුම් කරන්නට සහ වැඩි විස්තර දැනගන්න dfcc.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

අවුරුදු සමයට හොඳම ක්‍රෙඩිට් කාඩ් වාසි ගෙනෙන DFCC බැංකුව වෙතින්.

කවරය: bstatic.com

Related Articles