Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුරිච් සිට කොටුව දක්වා දුම්රියෙන්

බොහොම දුර ආර්ථිකමය අතින් වෙනස්ම කලාප දෙකක කෝච්චි ස්ටේෂන් දෙකක් සංසන්දනය කිරීම වැඩකට නැති දෙයක් වගේ හිතෙන්නත් පුළුවන්. අපි හැමෝටම ස්විට්සර්ලන්තයට පා තබන්නට හැකියාවක් නෑ. ඒ රටවල ප්‍රධාන දුම්රිය ස්ථානය මොන වගේද කියලා බලාගන්න හැකියාවක් නෑ. ඒ නිසා අපි සුරිච් රටේ ප්‍රධාන දුම්රිය නැවතුමේ විස්තර පිංතූර ටිකක් එක්කම බලාකියා ගමු.

ස්විට්සර්ලන්ත රටේ සියලුම දුම්රියන් දුවන්නේ විදුලියෙන්. එමනිසා දුම්රිය ධාවනය වන අවස්ථාවේ අපේ රටේ වගේ දැඩි දුමක් හෝ ශබ්ධයක් ඇති වන්නේ නෑ. ඩීසල් එන්ජින් වලින් ධාවනය වන ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථානවල විටකදී එකිනෙකා කතා බහ කරන්නත් අමාරුයි ඇතුලත ගොඩක් දුම්රිය ඇන්ජින් නවත්වා තිබුනොත්.

මේ තියෙන්නේ දුම්රිය ස්ථානයේ පලවෙනි මහල..ඒ කීවේ පොලව මත පිහිටා තිබෙන දුම්රිය ස්ථානය. ඉතාලිය ජර්මනිය ප්‍රංශය, වගේ දුර රටවල සිට ස්විට්සර්ලන්තය බලා එන යන දුම්රියන් ධාවනය වන දුම්රියන් ධාවනය වන්නේ පලවෙනි මට්ටමේ ඉදලා.

මේ තියෙන්නේ දුම්රිය ස්ථානයේ පලවෙනි මහල. ඒ කීවේ පොලව මත පිහිටා තිබෙන දුම්රිය ස්ථානය. ඉතාලිය ජර්මනිය ප්‍රංශය, වගේ දුර රටවල සිට ස්විට්සර්ලන්තය බලා එන යන දුම්රියන් ධාවනය වන දුම්රියන් ධාවනය වන්නේ පලවෙනි මට්ටමේ ඉදලා.

 ඒ වගේම ස්විට්සර්ලනත්යේ දුර බැහැර දුම්රිය ස්ථාන කරා යන දුර ධාවනය වන දුම්රිය ධාවනය වන්නේ මෙම මට්ටමේ සිට.

දුම්රිය ස්ථානයේ පහල  මහල හෙවත් යටිබිම්ගත පලමුවෙනි මහල කඩසාප්පු සංකීර්ණයක් තිබෙනවා. දුම්රිය ස්ථානයෙන් එලියට බැහැලා බොහෝ දුර ගිහින් බඩු බාහිරාදිය අරගන්නවාට වඩා දුම්රිය ස්ථානයේදීම දරුවන්ට ගෙදර අයට මොනාහරි කන බොන දෙයක් සහ ගෙදරට ඕනි දෙයක් අරං යන එක මගීන්ට පහසුවක් වෙනවා ඇතිනේ.

මීලගට පහලම  යටිබිම් මහල හෙවත් තුන්වැනි මට්ටම. මෙ මට්ටමේදී  කෙටිදුර සහ දිගුදුර ර දුම්රියන් ධාවනය වනවා.

සුරිච් දුම්රිය ස්ථානයේදී බොහෝවිට සෑම ස්ථානයකටම නුදුරුව ටිකට් පත් නිකුත් කරන මැෂින් තිබෙනවා.කාසි නොට්ටු සහ කාඩ්පත් භාවිතා කරල ලේසියෙන්ම මගීන්ට ඒ හරහා ටිකට් පත් ලබාගන්නට හැකියාව තිබෙනවා

සුරිච් දුම්රිය ස්ථානයේදී බොහෝවිට සෑම ස්ථානයකටම නුදුරුව ටිකට් පත් නිකුත් කරන මැෂින් තිබෙනවා. කාසි නොට්ටු සහ කාඩ්පත් භාවිතා කරල ලේසියෙන්ම මගීන්ට ඒ හරහා ටිකට් පත් ලබාගන්නට හැකියාව තිබෙනවා

දුම්රිය ස්ථානයේ  සිගරට් බීම තහනම්. ප්‍රසිද්ධියේ සහ දුම්රිය මැදිරි තුල සිගරට් බීමත් ලොකු වැරැද්දක්. නමුත් දුම්රිය ස්ථානයේදී සිගරට් බොන අයට වෙනම තැනක් වෙන්කරලා තියෙනවා. ඒ නිසා සිගරට් බොන අයට හැංගිලා බොන්නවත් ටොයිලට් හොයාගෙන යන්නවත් අනික් අයට දුමින් හිරිහැරයක් වෙන්නේ වත් නැහැ.  බියර් ෂැම්පේන් වගේ සැර අඩු මත් පැන් ජාති නම් අපහසුවකින් තොරවම දුම්රිය ස්ථානයේ සිට බොන්න පුළුවනි. ඒත සැර වැඩි මත්පැන් දුම්රිය ස්ථානය තුල බීම තහනම්..බොහෝවිට ස්විස් දුම්රිය ස්ථාන භාවිත කරන්නන් නීතිගරුකයි. ඉතිං ඔවුන් වැසිකිලි  වල හොරෙන්  බීලා තැන් තැන් වල බෝතල් විසිකරලා යන්නේ නම් නැතුව ඇති.

නිතරම ලොකු වැකුම් ක්ලීනර් වලින් දුමරිය ස්තානය පිරිසිදු කිරීම් සිදු කරනවා.  ඊට අමතරව දුම්රිය පොල තුල පිරිසිදු කම ආරක්ෂා කරන්නත් රූපයේ පෙනෙන ආකාරයට පහසු ස්ථාන වල කරදරයක් නොමැති අලංකාර නිමාවකින් යුතු ලස්සන කසල බදුන් තබා තිබෙනවා. මේ කසල බදුන් තිබෙන විදියට කසල උනත් ගෙදර අරං යන්නෙ නැතුව දාල යන්න හිතෙනවා නේද?

එක් ගමන් වාරයක් අවසන දුම්රිය පැමිණි විගසම විශේෂ කාර්ය බලකාය වගේ පිරිසක් එකතු වෙලා දුම්රියට ගොඩ වෙලා බොහොම ඉක්මනන් දුම්රිය පිරිසිදු කරනවා. මේ රටේ දුම්රිය වල මල අපද්‍රව්‍ය දුම්රිය මාර්ගයට වැටෙන්නේ නෑ, ගුවන් යානාවල වගේ දියුනු පද්ධති තිබෙන නිසා ඒවා ඉවත් කරන්නත් පිරිසිදු කරන්නත් ලේසියි.

මේ පිංතූරයෙන් දැක්වෙන්නේ මොකද්ද? බැලූ බැල්මට නම් සල්ලි දැම්මට පස්සේ දොර ඇරෙන අමුතු ගේම් එකක් වගේ නේද? මේ සුරිච්  දුම්රිය ස්ථානයේ වැසිකිලියකට යන්න තිබෙන ආකාරය. මුදල් දැම්මාම ගේට්ටුව ඇරෙනවා. මේ නිසා ලංකාවෙදි වාගේ  වැසිකිලියට ගිහින් සල්ලි දෙන්න අමතක වෙලා දුවන මහත්තුරුන්ගේ පසුපස වැසිකිලි කාර්යමණ්ඩලවලට දුවන්න සිදු වන්නේ නැතුව ඇති.

පහලට බහින තරප්පු පේලියක් නේද? ඇත්ත වශයෙන්ම මෙහි තරප්පුවට වඩා වැඩි යමක් ඔබට බලාගන්නට පුලුවනි තරප්පුවේ අත්වැල බැලුවොත්. ස්විස් දුම්රිය ස්ථානයේදී බොහොමයක් සේවාවන් ආබාධිත ජනයාටත් පහසුවෙන් භාවිතයට ගන්න හැකියාව සහිතව සකස් කරලා තිබෙනවා. මෙතැනදී අන්ධ අයට අත්වැලේ ඇති සලකුනු හේතුවෙන් මේ තරප්පු පෙලින් කොහෙ යනවාද කියලා දල අදහසක් ගන්නට හැකියාවක් ලැබෙනවා ඇති.

ස්ටේෂමට ඇවිත් වෙනත් දුම්රියකට  මාරුවන්නට සිටින විට හෝ එලියේ ටවුමෙන් වැඩක් කරගන්න  ගිහින් එනකල්  අපේ බඩු බාහිරාදිය තැන තැන අරං යන එක වදයක්. ස්ටේෂමේ තිබෙන මේ ලොකර් පහසුව නිසා අපේ බඩු බාහිරාදිය මේකට දාලා ලොක් කරලා කුරුල්ල වගේ අත නිදහසේ අපිට පොඩ්ඩක් ටවුමේ එහාට මෙහාට ගිහින් එන්නට පුලුවන් කිසිම අපහසුවකින් තොරවම.

බයිසිකල්, කාර් රථ එහෙමත් එලියේ කුලියට ගන්නට තිබෙනවාලු. නගරයේ සංචාරයක් කරල එන්න හිතුන අයෙකුට ලේසියෙන්ම ඒ පහසුකම් සලසන්න සුරිච් දුම්රිය ස්ථානය කටයුතු කරලා තිබෙනවා.

දුම්රිය ස්ථානයේ පැහැදිලිව පුවරු වලින් දුම්රිය ගමන් ගැන දන්වා තිබෙනවා. දුම්රිය ප්‍රමාද වෙන්නේ ඉතාම අඩුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිද්ද වෙනවා නම් ඒකට හේතුව වගේම දුම්රිය ඒමට නියමිත වෙලාවත් නිවැරදිවම කියන්න දුම්රිය බලධාරින් කාරුණික වෙනවා. ඒ වගේම දුම්රිය ප්‍රමාදයක් ඉතාම සාමාන්‍ය නොවන මේ දුම්රිය ස්ථානයේදී ඒ ගැන සමාව අයදින්න දුම්රිය සේවකයින් පසුබට වන්නේ නෑ.

කෝච්චි එනකල් වාඩිවෙල ඉන්න පුටු අස්සේ ප්ලග් තියෙනවා. අපේ ටැබ්ලට් මොබයිල් පෝන් චාජ් කරගන්න ලේසියි ඒවා නිසා. ඒ වගේම කෝච්චිය අැතුලෙත් බොහෝවිට අසුන යට දුරකථන චාජ් කරගන්න ලැප්ටොප් චාජ් කරගන්න පහසුව සලසලා තිබෙනවා.

ලංකාවෙ මිනිසුන් සහ බඩු එකට ගෙනියන්න තරමක් අමාරු ක්‍රමවේදයක් තිබෙන්නේ. මේ රටේදි තමුන් යන සාමාන්‍ය බයිසිකලේ තමුන් යන දුම්රියේම මැදිරියට පටවන්න පුලුවනි. ඒ වගේම දරුවන් ගෙනියන ගෝ කාට් සහ ආබාධිතයින්ගෙ රෝද පුටු නොමිලයේම ගෙනියන්න අවස්ථාව දුම්රිය පාලකයින් සලසලා තිබෙනවා.

කොළඹ කොටුව ස්ටේෂම

කොළඹ කොටුව ස්ටේෂම කියන්නේ උද්ඝෝෂකයින්ගේ පෙළපාලිකරුවන්ගේ ගොදුරු බිමක්. පෙනුමෙන් ගව මඩුවක් හා සම වූ මඩුවක පිරිසක් දැන් මාස ගනනාවක සිට ආන්ඩුවට බල කරමින් උද්ඝෝෂනයක් ගෙනයනවා. කොටුව ස්ටේෂම බොහා් උද්ඝෝෂණ පෙලපාලි ආදිය ආරම්භ කරන ස්ථානයක් ලෙසත් සැලකෙනවා. රටේ මූලික ස්ථානයක් නිසා අවධානය ලබාගන්න සුදුසු ස්ථානයක් විදියට වෘත්තිය සමිති සහ දේශපාලනික සංවිධාන කොටුව ස්ටේෂම ඉදිරිපිට භූමිය දකිනවා ඇති.

කොටුව ස්ටේෂමේ දැනට නම් වේදිකා 5ක් පමණ යම්කිසි තත්වයකට අනුකූළව නවීකරණය කොට තිබෙනවා. නමුත් 7වන වේදිකාවේ සිට තිබෙන්නේ පැරනි සිමෙන්ති කැබලි අල්ලපු බිමක්. ඇතැම් විට දුර පැතිවලින් එන සීඝ්‍රගාමී දුම්රියන් නවත්වන්නේ මේ වේදිකාවල.. පිටරට සිට පැමිණෙන විදේශිකයින් එහෙම මෙවන් ස්ථානවලදී සිය බෑග බිම තබා තල්ලු කරගෙන යෑමට සිතුවත් 9-10 වේදිකා වලදී නම් බෑගයක් තල්ලු කරගන යාමට පවා අපහසු වලවල් ගැටි ආදිය වේදිකාවේම තිබෙනවා.

1-6 වේදිකා මාර්ග නවීකරණය කොට ඇති නිසා ඒවා පිරිසිදුව පිළිවෙලට පේනවා. නමුත් තැන නොතැන බලා නිතරම කොල කැබලි පාර්සල් දමන පිරිස නිසා දුම්රිය ස්ථානය අපිරිසිදු වෙනවා.

මේ පෙන්වන්නේ දුම්රිය කාලසටහන. විද්‍යුත් පුවරුවක් සවිකොට ඇති නිසා ලෙහෙසියෙන්ම භාෂා තුනෙන්ම අපිට දුම්රිය කාලසටහන බලාගන්න හැකියාව තිබෙනවා. ඊට අමතරව රූපවාහිනී තිර මගින්ද කාලසටහන පෙන්වන නිසා අපහසුවකින් තොරව දුම්රියන් ගැන විස්තර දැනගන්න අවකාශ ලැබෙනවා.

දුම්රිය ස්ථානය තුල 2ක්ද පිටත එකක්ද වශයෙන් ආපනශාලා 3ක්ම අපේ ස්ටේෂමට තියෙනවා. ඒවායේ ආහාර පෙරට වඩා දර්ශණිය අයුරින් පේන්නට තියෙනවා.

මේ තිබෙන්නේ ටිකට් කවුන්ටර, මේ කවුන්ටර වල එක් එක් මාර්ගය අනුව වෙන වෙනම ටිකට්පත් නිකුත් කරනවා. ඔබට අවශ්‍ය වන පංතිය ගමන් කරන මාර්ගය අනුව කවුන්ටරය තෝරාගැනීමෙන් ටිකට් ගන්නට පහසුවක් වෙනවා.

රටක ප්‍රධාන දුම්රිය ස්ථානය ලෙස සැලකූ කල කොටුව දුම්රිය ස්ථානය බාහිර ව පෙනෙන යටත්විජිත ස්වරූපය හැරුනු කල බොහෝ දේවලින් පිටුපසින් තියෙන තැනක්.

පොදු වැසිකිලි 2-3 ක්ම තිබුනත් ඒවා තිබෙන තැන අන්ධ පුද්ගලයෙකුට වුව අපහසුවෙන් තොරව සොයාගත හැකි වන්නේ දුරට පැතිරී යන දුර්ගන්ධය නිසයි. ඒවා භාවිතයට ගන්නා මගී ජනතාවත් පිරිසිදු කරන අයත් ඒවා ගැන ලොකු තැකිමක් කරන ආකාරයෙක් පෙනී යන්නේ නෑ..

නවීන තාක්ෂණයෙන් ටිකට් නිකුත් කිරීම, වේදිකා වල සුවපහසු  ආසන පැනවීම, අඩුතරමේ විදේශිකයින්ට වත් විවේක ගන්නට වායුසමන කාමරයක් ඇති කිරීම, මේවගේ සරලව කල හැකි දේවල් රැසක් කොටුව දුම්රිය ස්ථානයේ පේන්නට තිබෙනවා.

මගී විනය අතින් ගත්තත් කොටුව දුම්රිය ස්ථානය භාවිත කරන මගීන් සතුටු දායක මට්ටමක ඇති බවක් පේන්නට නෑ.. වේදිකා මාර්ග හරහා ගුවන් පාලම භාවිත නොකොට ගමන් කීරීම අනතුරුදායකයි කියා කෙතෙක් දැනුවත් කලත් මගීන් කිසිම තැකීමක් නැතිව දුම්රිය මාර්ගය හරහාම පනින්නට යන අවස්ථා එමටයි. කැලි කසල  දමන්නට එක් වේදිකාවට එකක් වත් කසල බදුන් තිබුනත් බොහෝවිට ඇතැම් අය පානය කල හමාර වතුර බෝතලය පවා දුම්රිය මාර්ගයටම හෝ අවට විසික් කරන්නට පෙළඹිලා තිබෙනවා.

සෑම දුම්රිය ස්ථානයක්ම ජාත්‍යන්තර මට්ටමට ගෙන ආ නොහැකියි. නමුත් රටේ ප්‍රධානතම දුම්රිය ස්ථානය මීට වඩා ලොකු තැනකට ගෙන ආ හැකියි. ඒ සදහා පාලකයින් වගේම මගී ජනතාවත් හැකි පමණ උදව් වන්නට අවශයයි.

ඉහත සදහන් කල සුරිච් දුම්රිය ස්ථානය සහ පසුව ඇති කොටුව දුම්රිය ස්ථානය අතර විශාල වෙනස්කම් රැසක් ඔබට පෙනෙන්ට ඇති. අපි රටක් විදියට දියුණු වීම යනු අපේම අතීතයට සාපේක්ෂව මදක් දියුනු වීම පමණක් නොවෙයි. ඉහල මට්ටමේ සංචාරකයින් ව්‍යාපාරිකයින් වෘත්තිකයින් වැනි විදේශිකයින් පවා භාවිතයට ගන්නා පොදු ස්ථාන ජාත්‍යන්තර මට්ටමට නවිකරණය කිරීම රටක් ලෙස ඉදිරියට යෑමේදී අත්‍යාවශ්‍ය කාරනාවක්.

ඔබටත් මේගැන කියන්නට යමක් තියෙනවාද? එහෙනම් comment එකකින් ඔබේ සිතුවිල්ල අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

Related Articles