යාල් ආගන්තුකයාගේ චාවකච්චේරියේ සැරිසර
.............................. .............................. ...
යාපනයේ ආගන්තුක සංචාරකයාගේ මේ ගමනාන්තය චාවකච්චේරි(சாவகச்சேரி) යන්නයි.චාවකච්චේරිය තියෙන්නේ ඉතින් යාපනේ අර්ධද්වීපයේ දකුණු කොටස වෙන තේන්මරච්චිවල.යාපනය අර්ධද්වීපය කියන්නේ තේන්මරච්ච්, වඩමාරච්ච්,යාල්පානම්,වලිකාමම් යන ප්‍රදේශයත්, නයිනතිව් ,කයිට්ස්,මන්ඩතිව්,කරෙයිනගර් යන දූපත් සමූහයකින් සැදුම්ලත් භූමි භායගක්. අර්ධද්වීපයේ උතුරට වන්නට වඩමාරච්ච් පිහිටා ඇති අතර දකුණට වන්නට තේන්මරච්ච් පිහිටා ඇත.යාල් දේවි දුම්රියෙන් යාපනේට සේන්දු වෙන කෙනෙක් නම් දන්නවා චාවකච්චේරි නගරය තියෙන්නේ "සංකේතානෙයි" හා "කොඩිකාමම්" කියන දුම්රියපොල දෙක අතරමැද්දේ කියලා.
"චාවකච්චේරි දමිල බසින් சாவகச்சேரி ලෙස හදුන්වන අතර උතුරු අර්ධද්වීපයේ පිහිටි විශාල සුළු නගරයක්. "චාව+කච්චේරි" යන වචනයේ තේරුම නම් ජාවානු ජනාවාසයක් වීම යන්නයි.මෙහි ඉතිහාසයේ තතු විගසන කල විදේශ ජනපදයක්.ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා චන්ද්‍රභානු නම් පාලකයෙක් ජනාවාස සහ බලකොටු පිහිටුවාගෙන ඇති බවත් අහන්න ලැබෙනවා.කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය මුල්කරගෙන ජීවත්වන ජන කොඨටාසයක් ජීවත්වන චාවකච්චේරිය විටෙක නොසන්සුන් නගරයක්.මන්ද යත් මේ නගරය A9 පාරට නුදුරින් පිහිටා තිබීම විය හැක.
යාපනේ ඉදන් යාපනය-නුවර A 9 පාර දිගේ චාවකච්චේරිය දිහාවට සුක්කානම කරකවන යාපනයේ ආගන්තුකයා දකිනවා චෙම්මනි සංධිය, මහා විශාල තොරණ් රාජයෙක් එක්ක.ඒ සංධිය පාස් කරනවත් එක්කම හම්බෙන්නේ නාවට්කුලි පාලම.
නාවට්කුලි පාලම දෙපස බලන්නෙකුට නම් පේන්නේ දිය අගලක්.මසුන් වෙනුවෙන් ඔබ මොබ සැරිසරන සංචරණ පක්ෂීන් එකා දෙකා සක්මන් භාවනාවේ නිරත වෙන අන්දම නම් අපූරුය. නාවට්කුලි පාලමට මත්තෙන් පාරේ දකුණු පස සුදු පාටින්ම හුණු පිරියම් කල කෝවිලක්ද නෙත ගැටේ.පාලමේ වූ අපූරත්වය නම් පුට් සයිකල් වෙනුවෙන්ම වෙන් වුනු මංතීරුවක් තිබීමයි.හේතුව නම් උතුරු අර්ධද්වීපයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් නම් පුට් සයිකලයයි.කාගේත් ගමන් සගයා මේ පුට් සයිකලයයි.
නාවට්කුලි දුම්රියපොලට හා පාලම අතර "සිවභූමි යාපනය කෞතුකාගාරය " දැකිය හැක.හුදෙක්ම යාපනයේ යටගිය ඉතිහාසය එක් තැනකට එක්කාසු කල නටඹුන් ,චිත්‍ර ,පැරණි වාහන ආදිය සහිත කෞතුකාගාරයකි.A9 පාරේ යාපනයේ සිට නුවර බලා යන කල පාරෙන් දකුණු පසට වන්නට පිහිටා ඇත.
තවත් ඉස්සරහට යද්දි නාවට්කුලි දුම්රිය පොල හම්බෙනවා.රේල් වේ ස්ටේශන් එක ගාවින් හැරිලා මන්නාරම පැත්තට ධාවනය කලොත් "නෙයිතල් බීච් සිටි/වෙරල උද්‍යානය" හම්බෙන්නේ.මේ බීච් සිටි ජලජ ක්‍රීඩාවල නිරත වීමට කදිම නවාතැනයි.
නාවට්කුලි සංධියේ පසෙකින් පේන්නේ අලුතින් හුණු පිරියම් කරපු ලස්සන වෙහෙරක් තල් ගස් අතරින් .
යාපනය නම් හින්දු බැතුමතුන්ගේ හදවතයි. බැලූ බැලූ අත කෝවිල් පෙනෙන මේ පලාතේ සුදෝ සුදුවන් චෛත්‍යයක් දකින යාල් ආගන්තුකයාට මෙහෙම හිතෙනවා.අදටත් යාපනේ කියන්නේ සිංහල මිනිස්සු දමිල අපේ සගයන් සමග සහජීවනයෙන් ජීවත් වෙන ප්‍රදේශයක්.උවමනාවක් නැති කමින් යාපනයේ සිංහල මහා විද්‍යාලය වැහිලා ගියාට අදටත් නාවට්කුලි වගේ ගම්වල සිංහල මිනිස්සු පදිංච් වෙලා ඉන්න බවින් නම් ගම්‍ය වන්නේ උත්තර නැති ප්‍රශ්න දහස් ගානක් තාමත් මේ බිම්වල ශේෂ වී ඇතත් ඒවාට විසදුම් නම් නැති බවක් ය.
යාපනේ අර්ධද්වීපය ඉන්දියන් සාගරෙන් වට කරන් හිටියත් චාවකච්චේරියට තියෙන්නේ රට ඇතුලට ආපූ මුහුදෙන් හැදුනු පොඩි කලපුවක්.ඒ කලපුවත් බලන්න හරි ලස්සනයි.චාවකච්චේරියේ "කජ්ජාන් මුහුදු තීරය"ට යන්නෙකුට නම් ඈතින් පේනවා සුලං කුලුණු පෙලක් සහිත සුළන් විදුලි බලාගාරයක්.මේ මන්නාරම A 32 පාරට නුදුරින් පිහිටි සුලන් විදුලි බලාගාරයයි.ඊට මත්තෙන් තමා තියෙන්නේ "සංගුපිටි පාලම".
අසා ඇති පරිද්දෙන කින්නියා පාලම යනු ශ්‍රී ලංකාවේ දිගම පාලම වන අතර එහි දිග මීටර් 396 (අඩි 1,299) ක්.එය කොඩියාර් බොක්ක සහ තම්බලගම් බොක්කෙන් වට වූ කලපුව තරණය කරනවා. එය ත්‍රිකුණාමලය කින්නියා සමඟ සම්බන්ධ කරන සිවිල් වැසියන්ට කින්නියා කලපුව තරණය කර A15 අධිවේගී මාර්ගයෙන් කින්නියා සහ මුත්තූර් ප්‍රදේශ කරා ළඟා විය හැකි පහසුම මග තනනවා.
සංගුපිඩි පාලම (චැංකුපිඩි පාලම) යනු උතුරු ශ්‍රී ලංකාවේ යාපනය කලපුව හරහා ඇති මාර්ග පාලමක්.දශක තුනක අමිහිරි මතක ඒකරාශි කරගෙන යාපනේ එක් ඉසව්වක සිට මන්නාරම දෙසට දිවෙන සංගුපිටි පාලම සිහිනයේ නගරය වූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංගුපිඩි හා යාපනයේ දිස්ත්‍රික්කයේ කරයිටිව් හා සම්බන්ධ කරයි. සංගුපිටි නම් ජනාකීර්ණ යාපනය අර්ධද්වීපය, ප්‍රධාන භූමිය හා සම්බන්ධ කරන මාර්ග පාලම් දෙකෙන් එකක්.
මේ පාලම A32 යාපනය-මන්නාරම් අධිවේගී මාර්ගයේ කොටසක්.පාලම ඉදිකිරීමට පෙර යාපනය අර්ධද්වීපය සහ ප්‍රධාන භූමිය අතර පැවති එකම මාර්ග සම්බන්ධතාවය වූයේ අලිමංකඩයි. සංගුපිඩි පාලම දකුණු ශ්‍රී ලංකාවේ සිට යාපනයට යන ගමන කිලෝමීටර් 110 (සැතපුම් 68) හෝ පැය තුනකින් අඩු කරන කෙටිම මාර්ගයයි.
ඈතට විහිදෙන මුහුදත් , තැන තැන වීසි දැල් උස්සාගෙන සිටින ධීවරයනුත් , වේගෙයෙන් දියඹට ඇදෙන ධීවර යාත්‍රාත්, ඉස්සන් කොටුත්, පාර දෙපස වූ උස් ලයිට් කනු මත ඊලග ගොදුර වෙනුවෙන් බලා සිටින උකුස්සන්ද මේ ගමනේ විරල දසුන් ය.
මෙම පාලමේ ව්‍යුහාත්මක සැලසුම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල අප සාමාන්‍යයෙන් දකින අනෙකුත් පාලම්වලට වඩා බෙහෙවින් වෙනස් ය. මෙම වක්‍ර හැඩය පෑලිගෝඩ සිට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගයේ ඉහළින් පියාසර කරන පාලමට සමානය. මෙම වක්‍රය හේතුවෙන් ධීවර බෝට්ටුවලට බාධාවකින් තොරව පාලම යටට යා හැකිය.
A32 මාර්ගය හරහා සංගුපිටි පාලම පසු කර මිනිත්තු පහලවකට පමන පසුව පූනාකරී නැත්නම් පුනරින් ය.මේ යාල් අර්ධද්වීපයේ මල් පිපෙන භූමියයි. "පූ " නම් මල් ය. " නාගරී" නම් නගරය යන්නයි.අප්‍රේල් මාසයට ලන්ව පිපෙන බිම් සවාන් මල් නැරඹීමට කදිම නවාතැන පුනාකරීය.විල්පත්තු අභයභූමියේද බිම් සවාන් බහුලව දැක බලා ගත හැකිය.
ඌදා පූ නම් දම් පාට මල් ය.මේ දම් පාට මල් යාය දකින යාපනයේ ආගන්තුකයාගේ දෙතොල් අතර මිමිණෙන ජනප්‍රිය දමිල ගීතය නම්
ඌදා ඌදා ඌදා පූ............................ ය.
නල්ල මීන්.........උඩන් මීන්.........
වාන්ගෝ.......වාන්ගෝ........... ....
ඒ තමා චාවකච්චේරි මාර්කට් එක.හොද අලුත් මාලුලු.පරයි.සාලයෝ.කුම්බලයෝ.වර් ග ගොඩයි.ගන්න එන්නලු.
ඕඩියල් කූල්.......................... ..
සූපවේදියා තමා මගේ දමිල මිතුරා. "පිරාල් සට්ටි" ඒක මස් මාලු විතරක් උයන්න ගන්න හට්ටියක්.එලවලු ජාති උයන්නේ වෙන හට්ටිවලලු.
ඔන්න ඉතින් සූපවේදියා ඇඹුල් රසට සියඹලා එක්ක පදම් කරන සුප් එකට තල් පිටි,කුළු බඩු වර්ග, කණවායි(දැල්ලෝ),රාල්(ඉස්සෝ),නන් ඩු(කකුළුවෝ)දානවා විතරක් නෙවේ මාලුත් දානවා.මේ මුහුදේ ඉන්න මාලූ.මොකද නුවර ඉන්න හෝ ගාන පොකුණ නොදැක්ක උදවිය වෑංජනවලටත් කියන්නේ මාලු කියලනේ..........
සූපවේදියා ඉතින් පදමට හැදි ගාන ගමන් හොද කකුලුවෝ තෝරන විදිහත් කියනවා.
"කකුලුවාගේ කහ පාටට හුරු බිත්තර වගේ තියනවනම් පිට පැත්තට වෙන්න ඒ තමා හොද කකුලුවෝ"
"මුහුදු ආහාර,තල් පිටි ඇරුනම කුළුබඩුවලට අමතරව ඔන්න එළවළුත් දානවනම් ඒ තමා සාම්ප්‍රදායික ඔඩියල් කූල් " ඒ සූපවේදියාගේ අම්මා.
දැන් ඉතින් මගේ ස්නායු ආවේග වේගවත්.ඛේට ග්රන්තිත් ඔක්කොම උත්තේජනය වෙලා.ඛේටය ස්රාවය වෙන්නත් පටන් අරන්. ඉස්පාසුවක් නෑ.
රස ගණනාවක සම්මිශ්‍රණයක්.ඒකටම ආවේණික සුවදක්.රස බලන්න වෙලාව.
සම්ප්‍රදායික විදිහටම ඔන්න තල් කොලේකින් හදපු ගොට්ටෙක දාලා තමා පිලිගැන්නුවේ.පොල් කට්ටක දාලා පොල් කොලේකින් කපා ගත්ත හැන්වදක් වගේ තීරුවක් එක්කත් පිලිගන්වන්න පුලුවන්.
ඒ තාමා චාවකච්චේරියේ ඕඩියල් කූල්........................
පරිසරයටත් සංවේදී යාපනයේආගන්තුකයාගේ මීලග ගමනාන්තය නම් සරුසාලෙයි. රෝස පාට උස ෆැලැමින්ගෝ කුරුල්ලෝ බලන්න.ඔවුන් සංක්‍රමණ පක්ෂීන් විශේෂයක් (Greater flamingo (Phoenicopterus roseus),සිංහලෙන් කියන්නේ රජ සියක්කාරයා, දෙමලෙන් කියන්නේ පෙරුම් පූනාරේ (பெரும் பூநாரை) කියලා.වසරේ එක් කාලයකදී ලංකාවට පියාසර කරන මොවුන් බොහෝවිට යාපනය අර්ධද්වීපයේ තැන් තැන්වල ඒ කියන්නේ අලිමංකඩ , මන්නාරම ,සරසාලේ, කුරුවික්කාඩු,තොන්ඩමන්නාරු, කයිට්ස් වගේ ප්‍රදේශවල සමූහ ලෙස ඒකරාශි වෙනවා.
කුරුවික්කාඩු........
"කුරුවි" නම් පක්ෂීන් ය. " කාඩු " නම් රක්ෂිතයක් ය.දමිල නම් බොහෝමයක සිංහල තේරුම මෙසේ අදහස් කරගත හැකිය.
අසා ඇති අන්දමට නම් යාපන අර්ධද්වීපය "නයිනතිව් " ලෙස එකල හදුන්වා ඇත. ලක්දිව එකල යක්ෂ නාග ගෝත්‍රිකයන් ජීවත් වී ඇත. නයිනතිව් නම් නාගයන්ගේ දිවයිනයි.ජනප්‍රවාදයකට අනුව නම් නිලවරායිහි ඇති පතුල නැති ලිද: දැන්නම් පතුලක් ඇති ලිද එකල්හි නාගයන් නාගලොවට යාමට භාවිතාකල පියගැටපෙලක්.
පෝදුම්................පෝදුම්.. .......................
මේ හොදටම ඇති.කතාව ආයෙත් යන්නේ වෙන පැත්තකට.
ඔන්න ආයෙත්.........
සරසාලෙයි කියන කඩොලාන රක්ෂිතය බලන්න යන්න හේතුව උනේ අර ෆැලැමින්ගෝ කුරුල්ලෝ.
කඩොලාන පරිසරයක් කියන්නේ ලෝකයේ වඩාත්ම ඵලදායී පරිසර පද්ධතියක්.යාපනය වගේ වියලි කලාපීය ප්‍රදේශයක තැන තැන නිර්මාණය වූ වගුරු බිම් ආශ්‍රිතව තියෙන මේ කඩොලාන පරසර සංචරණ පක්ෂීන්ට කියාපු ස්තානයක්.සොයා බැලූ පරිද්දෙන් මේ අතර වඩාත්ම ව්‍යාප්ත වූ කඩොලාන විශේෂය නම් අවිසීනියා මරීනා (Avicennia marina )වඩාත් සුලභ විශේෂයකි. දූපත් ප්‍රදේශ වන මන්ඩයිටතිව්, සිරුතිව්, කුරුසාඩිතිව්, කුරිකාඩ්ඩුවන් සහ පුන්ගුඩිටතිව් (Mandaitivu, Sirudivu, Kurusaditivu, Kurikadduvan and Pungudutivu )ප්‍රදේශවල මේ කඩොලාන ව්‍යාප්ත වී ඇත.මීට අමතරව යාපනයේ උතුරු හා ඊසානදිග සමහර ප්‍රදේශ වන තොන්ඩමන්නාරු, අම්පන් සහ චෙම්පියන්පට්ටු ප්‍රදේශවල එය දුර්ලභ ය.
ආයෙත් කියන්න ඕන අපි ගියේ රජ සියක්කාරයෝ බලන්න.ඒත් අපි ගියේ හවසක.
කියන්නම ඕන දේ තමා මේ කුරුල්ලෝ බලන්න යනවනම් මහ පාන්දරක තමා කැමරාවත් අටවන් යන්න ඕනේ.
"ආදරයේ සංකේතය "
නැගෙනහිර ඉන්දු වෙරල තීරය ඔස්සේ පහලට පියඹා කැල්මියන් තුඩුවත් රාමේෂ්වරන් පසු කරන මේ ෆැලැමින්ගෝ කුරුලු විශේෂය පෘථිවියේ වූ චුම්භක ක්ශේත්‍ර හරහා ලක්දිවට සංක්‍රමණය වන්නේ ප්ලාවාන්ග හා කුඩා මසුන් ආහාර ලෙස සපුරා ගැනීමටත් මුල් වාසභූමිවල ශීත දේශගුනයෙන් මිදීමත් සදහාය.අර්ධද්වීපයේ වූ කුඩා කලපුවල වූ උනුසුම් ජලයේ ජීවත් වීමට මොවුන් ප්‍රිය කරන අතර ලක්දිවට නැගෙනහිර සීමාවේන් ඇතුල්වන මොවුන් බූන්දල දක්වා ව්‍යාප්ත වේ.
රෝස කලු පැහැති මොවුන්ගේ පාද ගැඹුරු ජලගේ ඇවිදීමටම සකස් වූ ඒවාය.පියැබීමට අවශ්‍ය ශක්තිය මොවුන් ලබාගන්නේ තනි පාදයෙන් වීම විශේෂිත වේ.
"සියක්කාරයෝ" නම් පොලවේ සීසාන්නෝය.පාද දෙක හා හිස දියෙහි ඔබාගෙන මසුන් සොයන මොවුන්ගේ ඇස් දිය යටදී පවා විවර වී ඇත.මේ ආහාර සෙවීම හුදෙක් නර්තනයක් හා සමානය. තැන තැන එක එකා කොටා ගැනීම නැතහොත් ප්‍රේම කලහ සුලබ දසුනක් ය.අනතුරක් සැල වේ නම් රංචුවම පොකුරකට ඒකරාශි වනුයේ කාගේ හෝ විදානයකටැයි මට හැගේ.
කෙසේ හෝ රාජ සියක්කාරයන්ගේ ග්රහණයෙන් මා මිදිය යුතුය.නමුත් පක්ෂීන් දහසකගේ සංක්‍රමණ චර්යා රටා හදුනාගැනීමට අලිමංකඩ හෝ මන්නාරම බලා යායුතු බව යාපනයේ ආගන්තුකයා හට හැගේ.
සරසාලේ සංචාරයට මත්තෙන් හමුවන තවත් එක් ගමනාන්තයක් නම් "ඉල්වාරෙයි" දිය අගලයි.අක්කර ගණනාවකට විහිදී ඇති කුඹුරු යායවලට ජලය සපයන එක් මූලාශ්‍රයක් නම් මේ ඉල්වාරෙයි දිය අගල.මෙය වර්ෂා සමයේ ජලයෙන් පිරී පවතින අනෙක් කාලවලදී ජලය නොමැතිව පවතින බොහෝ සංචාරකයන්ගේ ඇස ගැටෙන ස්ථානයකි.
චාවකච්චේරියේ අස්සක් මුල්ලක් නෑරම කරක්ගහන මේ ආගන්තුකයාගේ මීලග ඉසව්ව නම් වන්නියේ වරනියයි.
චාවකච්චේරියේ ඉදන් මීසාලෙයි පහුකරගෙන කොඩිකාමම්වලට ගිහින් කි.මී. 2 ක් උතුරින් පිහිටි යාපනය අර්ධද්වීපයේ තෙන්මරාච්චිවල පිහිටි ආගමික ජීවිතය හා අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් කෙත්වතුවලින් සාරවත් වූ කෘෂිකාර්මික නගරය,
වරනි.......................... ..
පුරාණ කාලයේ ස්වාභාවික වාසස්ථාන නිසා මෙම ප්‍රදේශය අනෙකුත් ප්‍රදේශවලට වඩා යෝග්‍ය යැයි සලකා ඇති බැවින් මෙම ප්‍රදේශය වරනි ලෙස හදුන්වා ඇත.වරානි නම් ගෝත්‍රික කණ්ඩායමක් වාසය කර ඇති නිසාත් වරනි ලෙසද හැඳින්වේ.
පුරාණ කාලයේ බොහෝ බ්‍රාහ්මණ ජනාවාස බහුල ලෙස ජීවත් වූ නිසා වරනි යන නම ඇති වන්නට ඇති බව සැලකිල්ලට ගැනීමත් වැදගත්.
සංස්කෘතිය යනු “සියල්ලන් විසින් බෙදා ගන්නා ලද අදහස් සමූහයක් වන අතර ප්‍රජාවෙන් උරුම වූ විශ්වාසයන් හා භාවිතයන් සමූහයක එකතුවක් .”
ඒ නිසා සංස්කෘතික කරුණු පිළිබඳව ඉගැන්වීම සහ ඉගෙනීම අපගේ වගකීමක්.එය සංස්කෘතිය අනුගමනය කිරීම තුළින් ඊළඟ පරම්පරාවට ලබා දිය යුතු සංකල්පයක්.
වෙනත් ඉසව්වකට සුක්කානම මෙහෙයවීමේ බලාපොරොත්තුවෙන් චාවකච්චේරියේ සැරිසර මෙසේ නිමා කරමි.
1.තේන්මරච්ච්යේ චාවකච්චේරිය
..............................
යාපනයේ ආගන්තුක සංචාරකයාගේ මේ ගමනාන්තය චාවකච්චේරි(சாவகச்சேரி) යන්නයි.චාවකච්චේරිය තියෙන්නේ ඉතින් යාපනේ අර්ධද්වීපයේ දකුණු කොටස වෙන තේන්මරච්චිවල.යාපනය අර්ධද්වීපය කියන්නේ තේන්මරච්ච්, වඩමාරච්ච්,යාල්පානම්,වලිකාමම් යන ප්‍රදේශයත්, නයිනතිව් ,කයිට්ස්,මන්ඩතිව්,කරෙයිනගර් යන දූපත් සමූහයකින් සැදුම්ලත් භූමි භායගක්. අර්ධද්වීපයේ උතුරට වන්නට වඩමාරච්ච් පිහිටා ඇති අතර දකුණට වන්නට තේන්මරච්ච් පිහිටා ඇත.යාල් දේවි දුම්රියෙන් යාපනේට සේන්දු වෙන කෙනෙක් නම් දන්නවා චාවකච්චේරි නගරය තියෙන්නේ "සංකේතානෙයි" හා "කොඩිකාමම්" කියන දුම්රියපොල දෙක අතරමැද්දේ කියලා.
"චාවකච්චේරි දමිල බසින් சாவகச்சேரி ලෙස හදුන්වන අතර උතුරු අර්ධද්වීපයේ පිහිටි විශාල සුළු නගරයක්. "චාව+කච්චේරි" යන වචනයේ තේරුම නම් ජාවානු ජනාවාසයක් වීම යන්නයි.මෙහි ඉතිහාසයේ තතු විගසන කල විදේශ ජනපදයක්.ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා චන්ද්‍රභානු නම් පාලකයෙක් ජනාවාස සහ බලකොටු පිහිටුවාගෙන ඇති බවත් අහන්න ලැබෙනවා.කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය මුල්කරගෙන ජීවත්වන ජන කොඨටාසයක් ජීවත්වන චාවකච්චේරිය විටෙක නොසන්සුන් නගරයක්.මන්ද යත් මේ නගරය A9 පාරට නුදුරින් පිහිටා තිබීම විය හැක.
යාපනේ ඉදන් යාපනය-නුවර A 9 පාර දිගේ චාවකච්චේරිය දිහාවට සුක්කානම කරකවන යාපනයේ ආගන්තුකයා දකිනවා චෙම්මනි සංධිය, මහා විශාල තොරණ් රාජයෙක් එක්ක.ඒ සංධිය පාස් කරනවත් එක්කම හම්බෙන්නේ නාවට්කුලි පාලම.
නාවට්කුලි පාලම දෙපස බලන්නෙකුට නම් පේන්නේ දිය අගලක්.මසුන් වෙනුවෙන් ඔබ මොබ සැරිසරන සංචරණ පක්ෂීන් එකා දෙකා සක්මන් භාවනාවේ නිරත වෙන අන්දම නම් අපූරුය. නාවට්කුලි පාලමට මත්තෙන් පාරේ දකුණු පස සුදු පාටින්ම හුණු පිරියම් කල කෝවිලක්ද නෙත ගැටේ.පාලමේ වූ අපූරත්වය නම් පුට් සයිකල් වෙනුවෙන්ම වෙන් වුනු මංතීරුවක් තිබීමයි.හේතුව නම් උතුරු අර්ධද්වීපයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් නම් පුට් සයිකලයයි.කාගේත් ගමන් සගයා මේ පුට් සයිකලයයි.
නාවට්කුලි දුම්රියපොලට හා පාලම අතර "සිවභූමි යාපනය කෞතුකාගාරය " දැකිය හැක.හුදෙක්ම යාපනයේ යටගිය ඉතිහාසය එක් තැනකට එක්කාසු කල නටඹුන් ,චිත්‍ර ,පැරණි වාහන ආදිය සහිත කෞතුකාගාරයකි.A9 පාරේ යාපනයේ සිට නුවර බලා යන කල පාරෙන් දකුණු පසට වන්නට පිහිටා ඇත.
තවත් ඉස්සරහට යද්දි නාවට්කුලි දුම්රිය පොල හම්බෙනවා.රේල් වේ ස්ටේශන් එක ගාවින් හැරිලා මන්නාරම පැත්තට ධාවනය කලොත් "නෙයිතල් බීච් සිටි/වෙරල උද්‍යානය" හම්බෙන්නේ.මේ බීච් සිටි ජලජ ක්‍රීඩාවල නිරත වීමට කදිම නවාතැනයි.
නාවට්කුලි සංධියේ පසෙකින් පේන්නේ අලුතින් හුණු පිරියම් කරපු ලස්සන වෙහෙරක් තල් ගස් අතරින් .
යාපනය නම් හින්දු බැතුමතුන්ගේ හදවතයි. බැලූ බැලූ අත කෝවිල් පෙනෙන මේ පලාතේ සුදෝ සුදුවන් චෛත්‍යයක් දකින යාල් ආගන්තුකයාට මෙහෙම හිතෙනවා.අදටත් යාපනේ කියන්නේ සිංහල මිනිස්සු දමිල අපේ සගයන් සමග සහජීවනයෙන් ජීවත් වෙන ප්‍රදේශයක්.උවමනාවක් නැති කමින් යාපනයේ සිංහල මහා විද්‍යාලය වැහිලා ගියාට අදටත් නාවට්කුලි වගේ ගම්වල සිංහල මිනිස්සු පදිංච් වෙලා ඉන්න බවින් නම් ගම්‍ය වන්නේ උත්තර නැති ප්‍රශ්න දහස් ගානක් තාමත් මේ බිම්වල ශේෂ වී ඇතත් ඒවාට විසදුම් නම් නැති බවක් ය.
යාපනේ අර්ධද්වීපය ඉන්දියන් සාගරෙන් වට කරන් හිටියත් චාවකච්චේරියට තියෙන්නේ රට ඇතුලට ආපූ මුහුදෙන් හැදුනු පොඩි කලපුවක්.ඒ කලපුවත් බලන්න හරි ලස්සනයි.චාවකච්චේරියේ "කජ්ජාන් මුහුදු තීරය"ට යන්නෙකුට නම් ඈතින් පේනවා සුලං කුලුණු පෙලක් සහිත සුළන් විදුලි බලාගාරයක්.මේ මන්නාරම A 32 පාරට නුදුරින් පිහිටි සුලන් විදුලි බලාගාරයයි.ඊට මත්තෙන් තමා තියෙන්නේ "සංගුපිටි පාලම".
අසා ඇති පරිද්දෙන කින්නියා පාලම යනු ශ්‍රී ලංකාවේ දිගම පාලම වන අතර එහි දිග මීටර් 396 (අඩි 1,299) ක්.එය කොඩියාර් බොක්ක සහ තම්බලගම් බොක්කෙන් වට වූ කලපුව තරණය කරනවා. එය ත්‍රිකුණාමලය කින්නියා සමඟ සම්බන්ධ කරන සිවිල් වැසියන්ට කින්නියා කලපුව තරණය කර A15 අධිවේගී මාර්ගයෙන් කින්නියා සහ මුත්තූර් ප්‍රදේශ කරා ළඟා විය හැකි පහසුම මග තනනවා.
සංගුපිඩි පාලම (චැංකුපිඩි පාලම) යනු උතුරු ශ්‍රී ලංකාවේ යාපනය කලපුව හරහා ඇති මාර්ග පාලමක්.දශක තුනක අමිහිරි මතක ඒකරාශි කරගෙන යාපනේ එක් ඉසව්වක සිට මන්නාරම දෙසට දිවෙන සංගුපිටි පාලම සිහිනයේ නගරය වූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංගුපිඩි හා යාපනයේ දිස්ත්‍රික්කයේ කරයිටිව් හා සම්බන්ධ කරයි. සංගුපිටි නම් ජනාකීර්ණ යාපනය අර්ධද්වීපය, ප්‍රධාන භූමිය හා සම්බන්ධ කරන මාර්ග පාලම් දෙකෙන් එකක්.
මේ පාලම A32 යාපනය-මන්නාරම් අධිවේගී මාර්ගයේ කොටසක්.පාලම ඉදිකිරීමට පෙර යාපනය අර්ධද්වීපය සහ ප්‍රධාන භූමිය අතර පැවති එකම මාර්ග සම්බන්ධතාවය වූයේ අලිමංකඩයි. සංගුපිඩි පාලම දකුණු ශ්‍රී ලංකාවේ සිට යාපනයට යන ගමන කිලෝමීටර් 110 (සැතපුම් 68) හෝ පැය තුනකින් අඩු කරන කෙටිම මාර්ගයයි.
ඈතට විහිදෙන මුහුදත් , තැන තැන වීසි දැල් උස්සාගෙන සිටින ධීවරයනුත් , වේගෙයෙන් දියඹට ඇදෙන ධීවර යාත්‍රාත්, ඉස්සන් කොටුත්, පාර දෙපස වූ උස් ලයිට් කනු මත ඊලග ගොදුර වෙනුවෙන් බලා සිටින උකුස්සන්ද මේ ගමනේ විරල දසුන් ය.
මෙම පාලමේ ව්‍යුහාත්මක සැලසුම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල අප සාමාන්‍යයෙන් දකින අනෙකුත් පාලම්වලට වඩා බෙහෙවින් වෙනස් ය. මෙම වක්‍ර හැඩය පෑලිගෝඩ සිට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගයේ ඉහළින් පියාසර කරන පාලමට සමානය. මෙම වක්‍රය හේතුවෙන් ධීවර බෝට්ටුවලට බාධාවකින් තොරව පාලම යටට යා හැකිය.
A32 මාර්ගය හරහා සංගුපිටි පාලම පසු කර මිනිත්තු පහලවකට පමන පසුව පූනාකරී නැත්නම් පුනරින් ය.මේ යාල් අර්ධද්වීපයේ මල් පිපෙන භූමියයි. "පූ " නම් මල් ය. " නාගරී" නම් නගරය යන්නයි.අප්‍රේල් මාසයට ලන්ව පිපෙන බිම් සවාන් මල් නැරඹීමට කදිම නවාතැන පුනාකරීය.විල්පත්තු අභයභූමියේද බිම් සවාන් බහුලව දැක බලා ගත හැකිය.
ඌදා පූ නම් දම් පාට මල් ය.මේ දම් පාට මල් යාය දකින යාපනයේ ආගන්තුකයාගේ දෙතොල් අතර මිමිණෙන ජනප්‍රිය දමිල ගීතය නම්
ඌදා ඌදා ඌදා පූ............................
නල්ල මීන්.........උඩන් මීන්.........
වාන්ගෝ.......වාන්ගෝ...........
ඒ තමා චාවකච්චේරි මාර්කට් එක.හොද අලුත් මාලුලු.පරයි.සාලයෝ.කුම්බලයෝ.වර්
ඕඩියල් කූල්..........................
සූපවේදියා තමා මගේ දමිල මිතුරා. "පිරාල් සට්ටි" ඒක මස් මාලු විතරක් උයන්න ගන්න හට්ටියක්.එලවලු ජාති උයන්නේ වෙන හට්ටිවලලු.
ඔන්න ඉතින් සූපවේදියා ඇඹුල් රසට සියඹලා එක්ක පදම් කරන සුප් එකට තල් පිටි,කුළු බඩු වර්ග, කණවායි(දැල්ලෝ),රාල්(ඉස්සෝ),නන්
සූපවේදියා ඉතින් පදමට හැදි ගාන ගමන් හොද කකුලුවෝ තෝරන විදිහත් කියනවා.
"කකුලුවාගේ කහ පාටට හුරු බිත්තර වගේ තියනවනම් පිට පැත්තට වෙන්න ඒ තමා හොද කකුලුවෝ"
"මුහුදු ආහාර,තල් පිටි ඇරුනම කුළුබඩුවලට අමතරව ඔන්න එළවළුත් දානවනම් ඒ තමා සාම්ප්‍රදායික ඔඩියල් කූල් " ඒ සූපවේදියාගේ අම්මා.
දැන් ඉතින් මගේ ස්නායු ආවේග වේගවත්.ඛේට ග්රන්තිත් ඔක්කොම උත්තේජනය වෙලා.ඛේටය ස්රාවය වෙන්නත් පටන් අරන්. ඉස්පාසුවක් නෑ.
රස ගණනාවක සම්මිශ්‍රණයක්.ඒකටම ආවේණික සුවදක්.රස බලන්න වෙලාව.
සම්ප්‍රදායික විදිහටම ඔන්න තල් කොලේකින් හදපු ගොට්ටෙක දාලා තමා පිලිගැන්නුවේ.පොල් කට්ටක දාලා පොල් කොලේකින් කපා ගත්ත හැන්වදක් වගේ තීරුවක් එක්කත් පිලිගන්වන්න පුලුවන්.
ඒ තාමා චාවකච්චේරියේ ඕඩියල් කූල්........................
පරිසරයටත් සංවේදී යාපනයේආගන්තුකයාගේ මීලග ගමනාන්තය නම් සරුසාලෙයි. රෝස පාට උස ෆැලැමින්ගෝ කුරුල්ලෝ බලන්න.ඔවුන් සංක්‍රමණ පක්ෂීන් විශේෂයක් (Greater flamingo (Phoenicopterus roseus),සිංහලෙන් කියන්නේ රජ සියක්කාරයා, දෙමලෙන් කියන්නේ පෙරුම් පූනාරේ (பெரும் பூநாரை) කියලා.වසරේ එක් කාලයකදී ලංකාවට පියාසර කරන මොවුන් බොහෝවිට යාපනය අර්ධද්වීපයේ තැන් තැන්වල ඒ කියන්නේ අලිමංකඩ , මන්නාරම ,සරසාලේ, කුරුවික්කාඩු,තොන්ඩමන්නාරු, කයිට්ස් වගේ ප්‍රදේශවල සමූහ ලෙස ඒකරාශි වෙනවා.
කුරුවික්කාඩු........
"කුරුවි" නම් පක්ෂීන් ය. " කාඩු " නම් රක්ෂිතයක් ය.දමිල නම් බොහෝමයක සිංහල තේරුම මෙසේ අදහස් කරගත හැකිය.
අසා ඇති අන්දමට නම් යාපන අර්ධද්වීපය "නයිනතිව් " ලෙස එකල හදුන්වා ඇත. ලක්දිව එකල යක්ෂ නාග ගෝත්‍රිකයන් ජීවත් වී ඇත. නයිනතිව් නම් නාගයන්ගේ දිවයිනයි.ජනප්‍රවාදයකට අනුව නම් නිලවරායිහි ඇති පතුල නැති ලිද: දැන්නම් පතුලක් ඇති ලිද එකල්හි නාගයන් නාගලොවට යාමට භාවිතාකල පියගැටපෙලක්.
පෝදුම්................පෝදුම්..
මේ හොදටම ඇති.කතාව ආයෙත් යන්නේ වෙන පැත්තකට.
ඔන්න ආයෙත්.........
සරසාලෙයි කියන කඩොලාන රක්ෂිතය බලන්න යන්න හේතුව උනේ අර ෆැලැමින්ගෝ කුරුල්ලෝ.
කඩොලාන පරිසරයක් කියන්නේ ලෝකයේ වඩාත්ම ඵලදායී පරිසර පද්ධතියක්.යාපනය වගේ වියලි කලාපීය ප්‍රදේශයක තැන තැන නිර්මාණය වූ වගුරු බිම් ආශ්‍රිතව තියෙන මේ කඩොලාන පරසර සංචරණ පක්ෂීන්ට කියාපු ස්තානයක්.සොයා බැලූ පරිද්දෙන් මේ අතර වඩාත්ම ව්‍යාප්ත වූ කඩොලාන විශේෂය නම් අවිසීනියා මරීනා (Avicennia marina )වඩාත් සුලභ විශේෂයකි. දූපත් ප්‍රදේශ වන මන්ඩයිටතිව්, සිරුතිව්, කුරුසාඩිතිව්, කුරිකාඩ්ඩුවන් සහ පුන්ගුඩිටතිව් (Mandaitivu, Sirudivu, Kurusaditivu, Kurikadduvan and Pungudutivu )ප්‍රදේශවල මේ කඩොලාන ව්‍යාප්ත වී ඇත.මීට අමතරව යාපනයේ උතුරු හා ඊසානදිග සමහර ප්‍රදේශ වන තොන්ඩමන්නාරු, අම්පන් සහ චෙම්පියන්පට්ටු ප්‍රදේශවල එය දුර්ලභ ය.
ආයෙත් කියන්න ඕන අපි ගියේ රජ සියක්කාරයෝ බලන්න.ඒත් අපි ගියේ හවසක.
කියන්නම ඕන දේ තමා මේ කුරුල්ලෝ බලන්න යනවනම් මහ පාන්දරක තමා කැමරාවත් අටවන් යන්න ඕනේ.
"ආදරයේ සංකේතය "
නැගෙනහිර ඉන්දු වෙරල තීරය ඔස්සේ පහලට පියඹා කැල්මියන් තුඩුවත් රාමේෂ්වරන් පසු කරන මේ ෆැලැමින්ගෝ කුරුලු විශේෂය පෘථිවියේ වූ චුම්භක ක්ශේත්‍ර හරහා ලක්දිවට සංක්‍රමණය වන්නේ ප්ලාවාන්ග හා කුඩා මසුන් ආහාර ලෙස සපුරා ගැනීමටත් මුල් වාසභූමිවල ශීත දේශගුනයෙන් මිදීමත් සදහාය.අර්ධද්වීපයේ වූ කුඩා කලපුවල වූ උනුසුම් ජලයේ ජීවත් වීමට මොවුන් ප්‍රිය කරන අතර ලක්දිවට නැගෙනහිර සීමාවේන් ඇතුල්වන මොවුන් බූන්දල දක්වා ව්‍යාප්ත වේ.
රෝස කලු පැහැති මොවුන්ගේ පාද ගැඹුරු ජලගේ ඇවිදීමටම සකස් වූ ඒවාය.පියැබීමට අවශ්‍ය ශක්තිය මොවුන් ලබාගන්නේ තනි පාදයෙන් වීම විශේෂිත වේ.
"සියක්කාරයෝ" නම් පොලවේ සීසාන්නෝය.පාද දෙක හා හිස දියෙහි ඔබාගෙන මසුන් සොයන මොවුන්ගේ ඇස් දිය යටදී පවා විවර වී ඇත.මේ ආහාර සෙවීම හුදෙක් නර්තනයක් හා සමානය. තැන තැන එක එකා කොටා ගැනීම නැතහොත් ප්‍රේම කලහ සුලබ දසුනක් ය.අනතුරක් සැල වේ නම් රංචුවම පොකුරකට ඒකරාශි වනුයේ කාගේ හෝ විදානයකටැයි මට හැගේ.
කෙසේ හෝ රාජ සියක්කාරයන්ගේ ග්රහණයෙන් මා මිදිය යුතුය.නමුත් පක්ෂීන් දහසකගේ සංක්‍රමණ චර්යා රටා හදුනාගැනීමට අලිමංකඩ හෝ මන්නාරම බලා යායුතු බව යාපනයේ ආගන්තුකයා හට හැගේ.
සරසාලේ සංචාරයට මත්තෙන් හමුවන තවත් එක් ගමනාන්තයක් නම් "ඉල්වාරෙයි" දිය අගලයි.අක්කර ගණනාවකට විහිදී ඇති කුඹුරු යායවලට ජලය සපයන එක් මූලාශ්‍රයක් නම් මේ ඉල්වාරෙයි දිය අගල.මෙය වර්ෂා සමයේ ජලයෙන් පිරී පවතින අනෙක් කාලවලදී ජලය නොමැතිව පවතින බොහෝ සංචාරකයන්ගේ ඇස ගැටෙන ස්ථානයකි.
චාවකච්චේරියේ අස්සක් මුල්ලක් නෑරම කරක්ගහන මේ ආගන්තුකයාගේ මීලග ඉසව්ව නම් වන්නියේ වරනියයි.
චාවකච්චේරියේ ඉදන් මීසාලෙයි පහුකරගෙන කොඩිකාමම්වලට ගිහින් කි.මී. 2 ක් උතුරින් පිහිටි යාපනය අර්ධද්වීපයේ තෙන්මරාච්චිවල පිහිටි ආගමික ජීවිතය හා අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් කෙත්වතුවලින් සාරවත් වූ කෘෂිකාර්මික නගරය,
වරනි..........................
පුරාණ කාලයේ ස්වාභාවික වාසස්ථාන නිසා මෙම ප්‍රදේශය අනෙකුත් ප්‍රදේශවලට වඩා යෝග්‍ය යැයි සලකා ඇති බැවින් මෙම ප්‍රදේශය වරනි ලෙස හදුන්වා ඇත.වරානි නම් ගෝත්‍රික කණ්ඩායමක් වාසය කර ඇති නිසාත් වරනි ලෙසද හැඳින්වේ.
පුරාණ කාලයේ බොහෝ බ්‍රාහ්මණ ජනාවාස බහුල ලෙස ජීවත් වූ නිසා වරනි යන නම ඇති වන්නට ඇති බව සැලකිල්ලට ගැනීමත් වැදගත්.
සංස්කෘතිය යනු “සියල්ලන් විසින් බෙදා ගන්නා ලද අදහස් සමූහයක් වන අතර ප්‍රජාවෙන් උරුම වූ විශ්වාසයන් හා භාවිතයන් සමූහයක එකතුවක් .”
ඒ නිසා සංස්කෘතික කරුණු පිළිබඳව ඉගැන්වීම සහ ඉගෙනීම අපගේ වගකීමක්.එය සංස්කෘතිය අනුගමනය කිරීම තුළින් ඊළඟ පරම්පරාවට ලබා දිය යුතු සංකල්පයක්.
වෙනත් ඉසව්වකට සුක්කානම මෙහෙයවීමේ බලාපොරොත්තුවෙන් චාවකච්චේරියේ සැරිසර මෙසේ නිමා කරමි.
1.තේන්මරච්ච්යේ චාවකච්චේරිය
2.සිවභූමි යාපනය්ව් කෞතුකාගාරය
3.නෙයිතල් බීච් සිටි
4.සංගුපිටි පාලම
5.පුනාකරී ඌදා ඌදා පූ
6.ආදරයේ සංකේතය රාජ සියක්කාරයෝ
7.සරසාලෙයි කඩොලාන රක්ෂිතය
8.ඉල්වාරෙයි
9.වරනියේ වන්නිය