Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘Emily in Paris’ එක්ක පැරීසියේ රවුමක් යමු

පැරීසිය කියන්නෙ ලෝකප්‍රකට සංචාරක ගමනාන්තයක්. මේ සුන්දර නගරය ඓතිහාසික  වටිනාකමක් වගේ ම විස්මයයජන නිර්මාණ, ලෝකප්‍රකට මෝස්තර නිර්මාණ ප්‍රදර්ශන, අග්‍රගණ්‍ය  රූපලාවන්‍ය නිශ්පාදනවලට නම් දරාපු නගරයක්. මේ සුන්දර නගරය වටා ගෙතුණු අපූරු කතන්දරයක් Netflix ආයතනය කතා මාලාවක් ලෙස නිර්මාණය කර විකාශය කළා. ඒ ගැන විස්තර තමයි මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ. 

Emily in Paris  නැත්නම් පැරීසියේ එමිලි නම් වූ නව කතා මාලාව, අනපේක්ෂිත ලෙස ප්‍රංශ අග නගරය වන පැරිස් නුවර රැකියාවක් ලබා ගත් අමෙරිකානු කාන්තාවක් පිළිබඳ ව නිම වුණු, වඩාත් කතාබහට ලක් වූ කතා මාලාවක් බවට පත් වුණා.

ඇදහිය නොහැකි තරම් නගර හා අලංකාර දර්‍ශන, සැහැල්ලු අයුරින් ගලා යන ආදර කතාව සහ ප්‍රධාන චරිතවල අතිවිශිෂ්ට රංගනය ගැන එය නැරඹූ ප්‍රේක්‍ෂකයන් සිය සතුට පළ කළා. ලොව ඕනෑම තැනක පැරිසියානුවකු ලෙස හැඟීමට උපකාරී වන අයුරින් ලිලී කොලින්ස් ඉදිරිපත් කළ එමිලිගේ වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර එහිදී වඩාත් ආකර්ශනයට ලක් වුණා.

 දුරකථනයෙන් ඡායාරූප ගැනීම- www.vogue.co.uk

Emily in Paris 

Emily in Paris කතාමාලාවක් ලෙස Netflix ආයතනය 2020 ඔක්තෝබර් මාසයේ 2වැනි  දින comedy, romance, drama යටතේ එළි දැක්වූවා. Imdb වෙබ් අඩවියේ පරිශීලක මනාප පනස්දහස ඉක්මවූ ප්‍රතිචාර සමගින් 7/10 අගයක් ලබා ගැනීමට මෙය එවක සමත් වුණා. පළමු කතා සමය කොටස් දහයකින් සමන්විත යි.

මෙහි දෙවන කතා සමය මෙම වසරේ දී නිකුත් වීමට නියමිතයි. එය ද රූ ගත කරන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ ම යි. මෙහි ප්‍රධාන චරිත lilly colins, lucas bravo, camile razet යන නළු නිළියන් රඟ දක්වනවා. එමිලිගේ චරිතයට පණ පොවන්නේ ලිලී කොලින්ස්. ලිලී ජේන් කොලින්ස් යනු බ්‍රිතාන්‍ය-අමෙරිකානු නිළියක්. ඇය ඉංග්‍රීසි සංගීතඥ පිල් කොලින්ස්ගේ සහ ඔහුගේ බිරියගේ දියණිය යි.

Emily in Paris කතාමාලාවේ Emily Cooper

 

කතාව දෙසට 

Emily in Paris කතාමාලාවට අනුව Emily Cooper කියන්නෙ අමෙරිකාවේ චිකාගෝ නගරයේ විලාසිතා සම්බන්ධ ආයතනයක් සේවය කරන තරුණියක්. ඇය සේවය කරන ආයතනය ප්‍රංශයේ පිහිටි Savoir නම් විලාසිතා සම්බන්ධ ආයතනයට අමෙරිකානු විලාසිතා සම්බන්ධව ප්‍රචාරණ කටයුතු සදහා එමිලි පැරීසියට එවනවා. මෙතැන් සිට එමිලි  මුහුණ දෙන අත්දැකීම් හා ඇය මඟ බලමින් සිටි පැරීසිය විඳගැනීමේ නොතිත් ආසාව ආදී සිදුවීම්වලින් පිරුණු රසබර කතාවක් Emily in Paris තුළ දිගහැරෙනවා.

විලාසිතා පාරාදීසයක් වූ පැරීසිය 

 පැරීසිය කියන්නෙ විලාසිතාවන්ගේ මහගෙදර කිව්වාට ප්‍රශ්නයක් නෑ. ලෝකප්‍රකට විලාසිතා සැණකෙලි විශාල ප්‍රමාණයක් පැරීසිය කේන්ද්‍ර කරගෙන අති උත්කර්ෂවත් විදියට සෑම වසරක ම වාගේ පැවැත්වෙනවා. ඔබ විලාසිතා හා මෝස්තර නිර්මාණවලට කැමැත්තක් දක්වන අයෙක් නම් Emily in Paris  කියන්නෙ මඟහරවා නොගෙන නැරඹිය යුතු ම කතාමාලාවක් බවයි කියන්නට තියන්නේ.

සාම්ප්‍රදායික වගේ ම නවීන විලාසිතා නිර්මාණකරුවන් රැසකින් සමන්විත පැරීසියේ සිටින එමිලි කරන්නේ තමන් සේවය  කරන ආයතනය හරහා ඔවුන්ගේ නිර්මාණය ප්‍රසිද්ධ කිරීමයි.

විලාසිතා පාරාදීසයක් වූ Emily in Paris – nypost.com 

 

මේ අවස්ථා ප්‍රේක්ෂකයා හමුවට විලාසිතා නිර්මාණකරුවකුගේ දෘෂ්ටි කෝණයකින් ගෙන ඒමේදී, විලාසිතා නිර්මාණය වගේ ම ඔවුන් අතර පවතින  තරගකාරිත්වය ද දැනෙන්න සලස්වන්න කතාවේ නිර්මාණකරුවන් සමත් වෙලා තියනවා. ඒ වගේම සාම්ප්‍රදායික සහ නවීන නිර්මාණකරුවන්  අතර වන ගැටීම ප්‍රේක්ෂකයාගේ මුවට සිනාහවක් නැගෙන ආකාරයට මෙහි රූප රාමු තුළ නිර්මාණය වී තිබෙනවා.

සමාජ මාධ්‍යයේ බලය

ඔබ මේ කතාමාලාව ගැන හොයා බැලුවොත් එමිලි සහ ඇගේ දුරකථනය කියන්නෙ දෙකක් නෙමෙයි එකක් කියල හිතේවි. මොකද කියනවනම් එමිලි තමන්ගේ අලෙවිකරණයේ සෑම දක්තාෂවක් ම පෙන්වන්නෙ සමාජ මාධ්‍යය මගින්.

මේ ස්වභාවය emily in paris කතාමාලාවේ ලැබ් ව ඇති විශේෂ ලක්ෂණයක් Netflix ආයතනය පවා Emily in Paris  නිකුත් කිරීමේ දී හා ඒ සඳහා සිදු කළ පූර්ව ප්‍රචාරණ හා පසු ප්‍රචාරණ කටයුතුවල දී සමාජ මාධ්‍යය හරහා එයට ප්‍රබල ප්‍රචාරයක් ලබා දුන්නා.

 

ඒ ආකාරයට ම  කතාවේ ඉන්න එමිලි  තමාගේ අලෙවිකරණ කටයුතුවලට සමාජ මාධ්‍ය භාවිත කිරීම නිතර ම සිදු කරන්නක්. සාම්ප්‍රදායික මාධ්‍ය හරහා අලෙවිකරණ කටයුතුවල යෙදෙන පිරිස් සහ ඇය අතර මත ගැටුම් ප්‍රේක්ෂකයා තිලැස්මට ලක් කරන අයුරක් දැනෙන ආකාරයට Emily in Parisහි ඉදිරිපත් වෙනවා.

Emily in Paris දසුනක්- ellecanada.com 

සුන්දර පැරීසිය 

කලින් පැවසු අයුරින් ම එමිලි සහ ඇගේ දුරකථන ඉතාමත් සමීපයි. ඇය සෑමවිට ම කරන දෙයක් තමයි තමාගේ දුරකථනයෙන් ඡායාරූප ගැනීම. ඒ අතර ම ඇය පැරීසියේ ඇති අලංකාරය දර්ශන රැසක් තම කැමරා කාචය තුළින් ග්‍රහණයට කරගන්නවා. එමෙන්ම කතාමාලාවේ ද ඉතා චමත්කාරජනක දර්ශන රැසක් ප්‍රේක්ෂකයා වෙත ලබා දෙනවා.

සුන්දර වීදී, පැරීසියේ රාත්‍රි ජීවිතය, රාත්‍රි අවන්හල්, පැරීසියේ ගෘහ නිර්මාණ පමණක් නොවෙයි එහි මනරම් ශබ්ද සංකලනයක් ද කතාමාලාව තුළ අඩංගු කරනවා. ඒනිසා ඔබ Emily in Paris නරඹනවිට ඔබ පැරීසියේ වීදියක සිටිනවා වැනි හැඟීමක් මොහොතකට ඔබට දැනේවි.

Emily in Parisහි දෙවන කතා සමය – nypost.com 

පැරීසියේ වීදියක සිටිනවා වැනි හැඟීමක්

මේ විතරක් නෙමෙයි ප්‍රංශ ආහාර රටා, සාම්ප්‍රදායික චින්තනයෙන් මිදී යන්න උත්සාහ දරන තරුණ තරුණියන් හා ප්‍රංශය පෙම්වතුන්ගේ පාරාදීසය යැයි  පැවසීමට හේතුත් ඔබට Emily in Paris නරඹන විට දැනේවි. පැරීසිය virtual  විදියට විඳගන්නත්, ඔබත් විලාසිතා නිර්මාණකරණයට කැමති අයෙක් නම් ඒ කැමැත්ත හා වුවමනාව සපුරා ගන්නටත් මගනොහැර නැරඹිය යුතු ම කතාමාලාවක් ලෙස Emily in Paris හඳුන්වන්න පුළුවන්.

 

එල් අබ්‍රෙවොයර් වීදිය

emily in paris රූ ගත කළ පැරීසියේ එල් අබ්‍රෙවොයර් වීදිය ඒ නිසා ම වැඩි සංචාරක ආකර්ශනයක් දිනා ගත් සංචාරක ස්ථානයක් වූ වීථියක් බවට පත් වෙලා. එය ප්‍රංශ අගනුවර වන වඩාත් ආකර්ශනීය ස්ථානයක් ලෙස ද දැන් සැලකෙනවා. මයිසන් රෝස් කැෆේ වැනි ස්ථානයක මඳක් නතර වන්න. ඒ Emily in Paris හි ප්‍රධාන චරිත විනෝදජනක රාත්‍රියක් භුක්ති විඳි ස්ථානයක්.  

Emily in Parisහි දෙවන කතා සමය රූ ගත කරමින් – Getty images

ඉතා කෙටි කාලයක් තුළ, ඔබට Emily in Parisහි දෙවන වාරය භුක්ති විඳීමට හැකි වන බව එහි නිෂ්පාදකයන් පවසනවා. එහි ද ප්‍රධාන චරිතය ලෙස ලිලී කොලින්ස් අප හමුවට පැමිණේවි. ඒ අතර ම Emily in Parisහි දෙවන කතා සමය සඳහා අලුත් චරිත ද එක් වන බවට නිර්මාපකයන් ඉඟි කරනවා.   

කවරයේ ඡායාරූපය:  Emily in Paris දසුනක්-  - www.flixwatch.co 

මූලාශ්‍ර:

www.imdb.com

Related Articles