Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවිත කාලයේ දී අත්විඳිය යුතු අසාමාන්‍ය දුම්රිය ගමන්

කිසිදා අමතක කළ නොහැකි දුම්රිය චාරිකා අත්දැකීමකට ඔබ මුහුණ දී තිබෙනවා ද? රේල්ලුව හා බැඳී පවතින මෙකී සුන්දර ගමනාන්ත කිසිදු ආකාරයක වෙහෙසකර හැඟීමක් ලබා දෙන්නේ නෑ. මනස්කාන්ත පරිසර පද්ධති සමඟ බැඳී පවත්නා දුම්රිය සේවා බොහෝමයක් සංචාරක සිත් අමන්දානන්දයට පත් කිරීමට සමත් වනවා. ඔබගේ ජීවිත කාලයේ දී අත්විඳිය යුතු ලොව අසාමාන්‍ය දුම්රිය ගමන් මාර්ග පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත සමීප කෙරෙනවා.

තායිලන්තයේ මේක්ලොන්ග් වීදියේ මඟී දුම්රිය

තායිලන්තයේ මේක්ලොන්ග් වීදිය වෙළඳුන්ගෙන් පිරි ජනාකීර්ණමය ස්වරූපයක් උසුලනවා. මෙම වෙළෙඳපොළ හරහා දිව යන මඟී දුම්රිය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොමසුරු ව දිනාගැනීමට සමත් ව තිබෙනවා. මේක්ලොන්ග් වීදි මධ්‍යයක මෙම දුම්රිය මාර්ගය පිහිටුවා තිබීම එසේ වීමට බලපාන ප්‍රධාන හේතුව යි.

තායිලන්තයේ මේක්ලොන්ග් වීදිය හරහා දිවයන මඟී දුම්රිය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොමසුරුව දිනාගැනීමට සමත්ව තිබෙනවා – res.klook.com

කාර්යබහුල වෙළෙඳපොළ එම දුම්රිය මාර්ගයට මායිම් ව පිහිටා තිබීම සිත්ගන්නාසුලු කරුණක් සේ දිස්වෙනවා. එනමුත් මේක්ලොන්ග් වීදියේ වෙළෙඳාමේ නිරත වන වෙළෙඳසල් හිමියනට මෙම මඟී දුම්රිය පැමිණෙන විට සිය ජංගම වෙළෙඳසල් එක් ක්ෂණයකින් හකුළා ගැනීමට සිදු වනවා.

දුම්රිය මාර්ගය අසබඩ වැඩි ඉඩ කඩක් නොමැති බැවින් එහි සිටින කඩහිමියන් තම වෙළෙඳසල් හැකි ඉක්මනින් අකුළා මඟී දුම්රියට ගමන් කිරීමේ අවස්ථාව සලසා දෙනවා. දිනකට කිහිප වතාවක් තම බඩු මුට්ටු මෙලෙස හකුළා ගැනීම ඔවුනට සිදුවනවා. මඟී දුම්රිය වෙළෙඳසල් සමූහය නිරුපද්‍රිත ව පසුකර ගිය පසු යළි ඇරඹෙන සුපුරුදු ඝෝෂාව සහ වෙළඳුන්ගේ කඩිමුඩිය දුටු අයකුට එය එසේ නොවන වග හැඟෙනවා.

මේක්ලොන්ග් වීදියේ කාර්යබහුල වෙළෙඳපළල දුම්රිය මාර්ගයකට මායිම් ව පිහිටා තිබීම සිත්ගන්නාසුලු කරුණක් සේ දිස්වෙනවා – live.staticflickr.com

විස්මජනක ඇලස්කාව ඔබට පෙන්වන Denali Star

අබිරහස් පිරි ඇලස්කාවේ සුන්දරත්වය දුම්රිය චාරිකාවකින් අත් විඳීමට ඔබ කැමති ද? Denali Star Train නමැති විශේෂිත දුම්රියට ගොඩ වූ අයකුට ඇලස්කාව පිළිබඳ නිවැරදි හැඟීමක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. වන සතුන් ගහන දර්ශනීය භූමි ප්‍රදේශ හරහා දිව යන මෙම දුම්රිය අවට පරිසර සිරිය විඳ ගැනීම පිණිස සකස් කළ නැරඹුම් මැදිරි කිහිපයකිනුත් සමන්විත යි.

Denali Star Train විශේෂිත දුම්රියට ගොඩ වූ අයකුට ඇලස්කාව පිළිබඳ නිවැරදි හැඟීමක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා – www.albomadventures.com

ඩබල් ඩෙකර් ඩෝම් ( Double-Decker Dome ) නැතහොත් තට්ටු දෙකකින් සමන්විත උස් ගෝලාකාර නැරඹුම් මැදිරි මනස්කාන්ත භූ දර්ශන රිසි සේ විඳ ගැනීමට Denali Star හි ගමන් ගන්නා මඟී ජනයාට ඉඩකඩ සලසා දෙනවා. එළිමහන් බැල්කනියකින් සමන්විත දුම්රිය මැදිරියකට ගොඩ වූ අයකුට ඇලස්කානු කඳුවල විවිධත්වය ඉහළ මට්ටමක සිට නැරඹීමේ අවකාශය හිමි වන බවත් සඳහන් කළ යුතු යි.

වන සතුන් ගහන දර්ශනීය භූමි ප්‍රදේශ හරහා දිවයන මෙම දුම්රිය අවට පරිසර සිරිය විඳ ගැනීම පිණිස සකස් කළ නැරඹුම් මැදිරි කිහිපයකිනුත් සමන්විත වනවා – cdn1.alaskatravel.com

පේරු රාජ්‍යයේ අසිරිය විදහා පාන Hiram Bingham

පේරු රාජ්‍යයේ සොබාදම් සිරිය දැක ගැනීමට උනන්දු වන දෙස් විදෙස් සංචාරකයන් හිරාම් බිංගම් දුම්රියට ප්‍රීති සහගත හැඟීමකින් ගොඩවනවා. සුප්‍රකට මාචු පීචු ( Machu Picchu ) බළකොටුව සොයා ගත් අමෙරිකානු ගවේෂකවරයාගේ නාමය ( Hiram Bingham ) මෙම දුම්රියට යොදා තිබෙනවා. 

පේරු රාජ්‍යයේ සොබාදම් සිරිය දැකගැනීමට උනන්දු වන දෙස් විදෙස් සංචාරකයෝ හිරාම් බිංගම් දුම්රියට ප්‍රීති සහගත හැඟීමකින් ගොඩවනවා – www.flycuscoperu.com

Cuzco නගරයෙන් සිය ගමනාන්තය අරඹන හිරාම් බිංගම් දුම්රිය Urubamba නමැති ගංගා නිම්න ප්‍රදේශය පසුකොට මාචු පීචු බළකොටුව වෙත ඔබ රැගෙන යනවා. මෙම දුම්රිය චාරිකා අත්දැකීම එක වරක් හෝ අත්විඳිය යුතු බව එහි ගමන්ගත් මඟී ජනයා පවසා සිටිනවා.

සුප්‍රකට මාචු පීචු ( Machu Picchu ) බළකොටුව සොයා ගත් අමරිකානු ගවේෂකවරයාගේ නාමය ( Hiram Bingham ) මෙම දුම්රියට යොදා තිබෙනවා – media.tacdn.com

යුක්රේනයේ ආදර උමඟ

සශ්‍රීකත්වයෙන් පිරි මෙම හරිත උමඟ දුම්රිය මාර්ගයකට සෙවණ ලබා දෙන බව ඔබ දැන සිටියා ද? වෙනස් ම ආකාරයක අත්දැකීමක් ලබා දීමට සමත් මෙම දුම්රිය උමඟ අසාමාන්‍ය සුන්දරත්වයකට උරුමකම් කියන බව සඳහන් කළ යුතු යි. නැඟෙනහිර යුරෝපයේ පිහිටි යුක්රේනයේ මෙම හරිත උමඟ සැතපුම් 1.8 ක ( කිලෝමීටර 2.89 ක ) දිගකින් සමන්විත යි.

සශ්‍රීකත්වයෙන් පිරි මෙම හරිත උමඟ දුම්රිය මාර්ගයකට සෙවණ ලබා දෙන බව ඔබ දැන සිටියාද? – gdb.rferl.org

මිනිසා නිර්මිත යටිතල පහසුකම්වලට සාපේක්ෂව ස්වභාවධර්මයා සිදු කළ නිර්මාණයක අසිරිය මනාව කියාපාන උදාහරණයක ලෙස මෙම අසාමාන්‍ය දුම්රිය මාර්ගය සලකනවා. හරිත උමඟ දෙපස පිහිටි දර්ශනීය මාර්ගය විශාල සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්, පේරු රාජ්‍යයේ සොබාදම් සිරිය දැක ගැනීමට උනන්දු වන දෙස් විදෙස් සංචාරකයන් හිරාම් බිංගම් දුම්රියට ප්‍රීති සහගත හැඟීමකින් ගොඩවනවා. මෙම ආදර උමඟ හරහා ගමන් ගත් අයකුට අමුතු ම ආකාරයක හැඟීමක් ලබා ගැනීමට හැකි වන බව අනේකවිධ සංචාරකයන් පෙන්වා දෙනවා.

හරිත උමඟ දෙපස පිහිටි දර්ශනීය මාර්ගය විශාල සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා – earthlymission.com

ග්‍රෑන්ඩ් කැනියොන් වනෝද්‍යාන දුම්රිය

උතුරු අමෙරිකාවට අයත් ස්වභාවික භූමියක වන ග්‍රෑන්ඩ් කැනියොන් වනෝද්‍යානය හරහා දිවෙන විශේෂිත වූ දුම්රියක් තිබෙනවා. එරට දුම්රිය සේවයට අයත් මෙම විශේෂ දුම්රිය ඩබල් ඩෙකර් ඩෝම් ( Double-Decker Dome ) නැරඹුම් මැදිරි ඇතුළු සුවිශේෂී පහසුකම්වලින් සපිරි මැදිරි රැසකින් සමන්විත යි.

ග්‍රෑන්ඩ් කැනියොන් දුම්රිය ගමන මතකයේ රැඳෙන අත්දැකීමක් බවට පත්කර ගැනීමට එම දුම්රියේ සේවක මඩුල්ල හැකි සෑම උත්සහයක්ම දරනවා. බටහිර පන්නයේ දුම්රිය මංකොල්ලකරුවකුගේ ඇඳුම් ආයිත්තමෙන් සැරසුණු පුද්ගලයෙක් දුම්රිය මැදිරි අතරට පැමිණ එහි ගමන් ගන්නා මඟී ජනයාට කිසියම් ත්‍රාසජනක අත්දැකීමක් ලබා දීම සහ ගිටාර් වාදකයකු සපයන මිහිරි සංගීත රාවය ද මේ අතරට අයත් වනවා.

උතුරු අමෙරිකාවට අයත් ස්වභාවික භූමියක් වන ග්‍රෑන්ඩ් කැනියොන් වනෝද්‍යානය හරහා දිවෙන විශේෂිත වූ දුම්රිය – experiencewilliams.com

ඇරිසෝනාහි පිහිටි විලියම්ස් ඩිපෝවෙන් පිටත්වන මෙම දුම්රිය ග්‍රෑන්ඩ් කැනියොන් ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වෙත නිතිපතා පැමිණෙනවා. සැතපුම් 65 ක් පුරාවට දිවයන මෙම දුම්රිය ගමන කඳුකර සහ දර්ශනීය භූ ප්‍රදේශ වෙත ඔබව රැගෙන යනවා.

ට්‍රාන්ස් – සයිබීරියානු දුම්රිය

රුසියාව නිජබිම කරගනිමින් ක්‍රියාත්මක වන ට්‍රාන්ස්-සයිබීරියන්, විවිධ කාල කලාප අටක් පසුකරමින් ධාවනය වන විශේෂිත දුම්රියක් බව දෙස් විදෙස් සංචාරකයන් පිළිගන්නවා. රුසියාවේ විශාලත ම දුම්රිය සේවාව වන ට්‍රාන්ස් – සයිබීරියන් රුසියාව, මොංගෝලියාව සහ චීනය යනාදි රටවලට සිය දීර්ඝ චාරිකාව අතරතුර ගොඩ වදිනවා.

රුසියාව නිජබිම කරගනිමින් ක්‍රියාත්මක වන ට්‍රාන්ස්-සයිබීරියන්, විවිධ කාල කලාප අටක් පසුකරමින් ධාවනය වන විශේෂිත දුම්රියක් බව දෙස් විදෙස් සංචාරකයන් පිළිගන්නවා – hips.hearstapps.com

පෞරාණික විල්, වනාන්තර සහ ගෝබි කාන්තාරයේ ශුෂ්ක වපසරිය තරණය කර අවසානයේ බීජිං හි දී සිය ගමන නිමා කිරීම ට්‍රාන්ස් – සයිබීරියානු දුම්රිය සේවයේ සාමාන්‍යය සිරිත යි.

නවසීලන්ත සිරි පෙන්වන TranzAlpine

දර්ශනීය නවසීලන්ත ගමනාන්ත කිහිපයක් එකවර දැක ගැනීමට අවැසි සංචාරකයකු වේ නම් හෙතෙම ගොඩවිය යුත්තේ TranzAlpine දුම්රියට යි. සුන්දර නවසීලන්ත නගරයක් වන ක්‍රයිස්චර්ච් සිට කර්කෂ වන බිම් පිහිටි ග්‍රේමවුත් දක්වා ගමන් ගන්නා මෙම දුම්රිය, පැය 4 – 5 අතර ධාවන කාලයක නියැළෙනවා.

දර්ශනීය නවසීලන්ත ගමනාන්ත කිහිපයක් එකවර දැකගැනීමට අවැසි සංචාරකයකු වේ නම් හෙතෙම ගොඩවිය යුත්තේ TranzAlpine දුම්රියටයි – www.greatjourneysnz.com

දකුණු නවසීලන්ත දූපත් හරහා ගමන් ගන්නා TranzAlpine දුම්රිය වනාන්තර සහ ගොවිබිම්වල පැහැදිලි සුන්දරත්වයක් ලබා දීමටත් සමත් වනවා.

රොකී කන්ද තරණය කරන Rocky Mountaineer

රොකී කඳුවැටිය අසබඩ පාරිසරික අලංකාරත්වය අත්විඳීමට ප්‍රිය කරන ජනයා Rocky Mountaineer දුම්රියට බලාපොරොත්තු සහගත හැඟුමින් ගොඩවනවා.

රොකී කඳුවැටිය අසබඩ පාරිසරික අලංකාරත්වය අත්විඳීමට ප්‍රිය කරන ජනයා Rocky Mountaineer දුම්රියට බලාපොරොත්තු සහගත හැඟුමින් ගොඩවනවා – thisispopulist.com

කැනඩා නගරයක වන වැන්කුවර් සිට කැල්ගරි නගරය දක්වා Rocky Mountaineer දුම්රිය ධාවනය වනවා. ග්ලැසියරමය විල්, පෞරාණික වනපෙත් සහ සුන්දරත්වයෙන් සපිරි ගංඟා දැකබලා ගැනීමට එහිදී පුළුවන් වනවා.

ඕස්ට්‍රේලියානු ගවේෂකයා – The Ghan

ඕස්ට්‍රේලියා මහද්වීපයේ විශාලත්වය අත්විඳීමට හොඳ ම ක්‍රමය The Ghan දුම්රියට අදාළ සංචාරයක් වෙන්කරවා ගැනීම යි. සැතපුම් 2000 ක චාරිකාවක් නිම කිරීමට Ghan දුම්රියට දින 3 ක් ගත වනවා. ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් අවට සශ්‍රීක භූ දර්ශන සහ තණබිම් පසුකරමින් මෙම දුම්රිය ගමන් ගන්නවා.

ඕස්ට්‍රේලියා මහද්වීපයේ විශාලත්වය අත්විඳීමට හොඳම ක්‍රමය The Ghan දුම්රියට අදාළ සංචාරයක් වෙන්කරවා ගැනීම යි – www.journeybeyondrail.com.au

The Ghan දුම්රිය ගමන තුළ අත්විඳිය හැකි සිත්ගන්නාසුලු කරුණක් නම්, මනරම් භූ විෂමතාවන්ගෙන් සපිරි නැවතුම් අසල මෙම දුම්රිය නතර කිරීම යි. ගමන් ගන්නා දුම්රියෙන් බැස මෙවැනි භූ දර්ශන සි‍යැසින්ම ගවේෂණය කිරීමේ අවස්ථාව මඟීන්ට එමඟින් හිමිවන බව The Ghan හි පාලක මඩුල්ල පවසා සිටිනවා.

Harry Potter මතක සිහි කැඳවන Heart of Wales Line

ඔබ Harry Potter සමාජයේ රසිකයෙක් නම්, වේල්සය හරහා ධාවනය වන මෙම සුන්දර දුම්රියට ගොඩ වීමට ඔබ දෙවරක් සිකන්නේ නෑ. Harry Potter චිත්‍රපටියේ දක්නට ලැබෙන අලංකාර පාරිසරික පද්ධති පිළිබඳ හැඟීම නැවත මතක් කිරීමක් මෙහි ගමන් ගන්නා අයට හැඟෙනවා.

Harry Potter චිත්‍රපටියේ දක්නට ලැබෙන අලංකාර පාරිසරික පද්ධති නැවත මතක් කරන Heart of Wales Line- www.scenicrailbritain.com

Glenfinnan නමැති කුඩා ගම්මානයක් සහ එක්සත් රාජධානියේ කෙටි ම ගංගාව හරහා දිව යන මෙම දුම්රිය Heart of Wales Line යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනවා. මෙම දුම්රිය චාරිකාව පුරාවට උද්යෝගය පිරි හැඟීමක් තමා වෙත ලැබෙන බව එහි ගමන් ගන්නා මඟී ජනතාව පෙන්වා දෙනවා.

ඇල්ප්ස් කඳුවැටිය හරහා දිවයන Glacier Express

දර්ශනීය ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටිය හරහා ධාවනය වන ලොව සුන්දර දුම්රිය චාරිකාවකි Glacier Express. ස්විට්සර්ලන්තයේ උණුසුම් ස්ථාන වන Zermatt සහ St Mortiz සම්බන්ධ කරමින් Glacier Express දුම්රිය ධාවනයේ නිරත වනවා.

දර්ශනීය ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටිය හරහා ධාවනය වන ලොව සුන්දර දුම්රිය චාරිකාවකි Glacier Express – unusualplaces.org

මෙම අපූර්ව දුම්රිය ගමන දෙස් විදෙස් සංචාරකයින් විස්මයට පත් කිරීමට සහජ හැකියාවක් පවතින බව එහි ගමන් ගත් මඟී ජනයා පවසා සිටිනවා.

කවරයේ ඡායාරූපය: මනස්කාන්ත පරිසර පද්ධති සමඟ බැඳී පවත්නා දුම්රිය සේවා බොහෝමයක් සංචාරක සිත් අමන්දානන්දයට පත් කිරීමට සමත් වනවා - res.cloudinary.com

මූලාශ්‍ර -
timesofindia.indiatimes.com

Related Articles