Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමේ නීතිමය පසුබිම 

සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීම පිළිබඳ නීතිමය පසුබිම ගැන Roar Media වෙත අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) හි නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා සංඛිතා ගුණරත්න පවසා සිටියේ දූෂිත දේශපාලනඥයන් සහ නිලධාරින් සොරකම් කළ මුදල් ක්ෂණික ව අය කරගැනීමට හැකියාවක් නොමැති බව යි.

එහි දී ඇය වැඩිදුරටත් පවසා සිටියේ  එය සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, පළමු ව අදාළ වත්කම් සොරාගත් ආකාරය පෙන්වීමට වත්කම් සෙවීම, සාක්ෂි ගොඩනැඟීම අධිකරණය හරහා ඉදිරියට කරගෙන යා යුතු බව යි. එනිසා මෙම ක්‍රියාවලිය යටතේ එම වත්කම් අය කර ගැනීමට සාමාන්‍යයෙන් වසර 10ක් පමණ ගත වනු ඇති බව ඇයගේ අදහස යි. 

දූෂිත දේශපාලනඥයන් සහ නිලධාරින් සොරකම් කළ මුදල් ක්ෂණික ව අය කරගැනීමට හැකියාවක් නොමැත – Design credit: Roar Media/Jamie Alphonsus

 

අයථා ලෙස වත්කම් උපයා ගත් බව සොයා ගැනීමෙන් පසුව ඒවා සඟවා ඇති තැන් සෙවීමේ කාර්යය නිලධාරින් වෙත පැවරෙනවා. එහි දී ඇතැම් පුද්ගලයන් සඟවන ලද වත්කම් සෙවීම සඳහා රටවල් කිහිපයකට යාමට සිදුවන අවස්ථා තිබෙනවා. එවිට විවිධ රටවල්වල නීතිවලට යටත් වෙමින් පරීක්ෂණය ඉදිරියට කරගෙන යාමට සිදුවෙනවා.  

එවැනි තත්ත්වයක් යටතේ  පරීක්ෂණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා රටවල් අතර පුළුල් සහයෝගීතාවක් පැවතිය යුතුයි. එපමණක් නොව ඒ සඳහා මෙරටින් දේශපාලන මැදිහත්වීමක් ද සිදු කළ යුතු යි. දැනට පවතින තත්ත්වය තුළ එවැනි මැදිහත්වීමක් කඩිනමින් ලැබෙනු ඇති දැයි යන සැකය පවතින බව සංඛිතා පවසා සිටියා. 

 වත්කම් සොරා ගත් ආකාරය පෙන්වීමට වත්කම් සෙවීම, සාක්ෂි ගොඩනැඟීම අධිකරණය හරහා ඉදිරියට කරගෙන යා යුතු යි.- Design credit: Roar Media/Jamie Alphonsus

 

එම සමස්ත ක්‍රියාවලිය ම දුෂ්කර කාර්යයක් වන අතර, රටේ පවතින නීති මඟින් වත්කම් ප්‍රතිසාධනය සඳහා අවශ්‍ය වන නීතිමය රාමුව සපයනවා. ඔවුන් සොරකම් කළ වත්කම් ආපසු මිනිසුන්ට ලබාදිය හැකි යි.

එපමණක් නොව මහජන සුබසාධනය සඳහා අපට එය භාවිත කළ හැකි යි. නමුත් පවතින නීතියෙන් ඒ සඳහා ක්‍රියා පටිපාටි සකස් කර නොමැති බව ඇය පවසා සිටියා.   

සොරකම් කළ වත්කම් අය කරගැනීමට හැකි වුණු රටවල්- Design credit: Roar Media/Jamie Alphonsus

70 සහ 80 දශකවල දී පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් සොරකම් කරන ලද අමෙරිකානු ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් පසුගිය 21 වසර තුළ දී අයකර ගැනීමට හැකි වුණා

90 දශකයේ දී නයිජීරියාව පාලනය කළ ජෙනරාල් සානි අබාචා සොරකම් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක්, වසර 7ක දීර්ඝ ක්‍රියාවලියකින් පසුව අයකර ගැනීමට හැකි වුණා.

අය කර ගත් වත්කම් වැරදි අය අතට පත්නොවීමට වග කියන ක්‍රමවේදයක් සකසා නැහැ- Design credit: Roar Media/Jamie Alphonsus

 

ශ්‍රී ලංකාව තුළ තවමත් අය කර ගත් වත්කම් කළමනාකරණය කිරීමේ යාන්ත්‍රණයක් හෝ අය කර ගත් වත්කම් වැරදි අය අතට පත්නොවීමට වග කියන ක්‍රමවේදයක් සකසා නැහැ. නැති වුණු වත්කම්වලින් පීඩාවට පත්වුණු අයට ප්‍රමුඛත්වය දිය යුතු බව ද ශ්‍රී ලංකාවේ නීතිවල සඳහන් වී නැහැ.

#bringourstolenmoneyback යන තේමාව ඔස්සේ දූෂිතයන්ට එරෙහි ව සාක්ෂි එකතු කිරීම දැන් අපි සිදු කළ යුතුයි. ඒ වත්කම් කැටි කළ යුතු යි. වගවීම පිළිබඳ ප්‍රශ්න කළ යුතු යි. එවිට සොරකම් කළ උදවියට එම වත්කම් දැන් හෝ පසුව ගෙවීමට සිදු වෙනවා.

සොරකම් කළ වත්කම් රටේ ණය ගෙවීමට හෝ ආනයන මිල දී ගැනීම සඳහා භාවිත කළ හැකි නීතිමය පසුබිමක් නැහැ – Design credit: Roar Media/Jamie Alphonsus

 

 

කවරයේ ඡායාරූපය- සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීම පිළිබඳ නීතිමය පසුබිම - Design credit: Roar Media/Jamie Alphonsus

මූලාශ්‍ර:

UNCAC Coalition

OCCRP

TISL

Related Articles