Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ක්‍රිකට් පිටියේ ගෙවුණු කාර්යබහුල සතියක නිමාව

තරග 5කින් සමන්විත වුණු ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලිය සහ තරග 3කින් සමන්විත වුණු ඉන්දු-බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය පසුගිය සතියේ දී නිමාවට පත්වුණා. එම තරගාවලිවලට අමතර ව නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට්  තරගය කාගේත් අවධානය දිනා ගත්තා. ඒ එම තරගයෙන් නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 276ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණු නිසා යි. 

එම තරගවල වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු විශේෂ පුවත් පිළිබඳ තොරතුරුයි මේ.  

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලියේ තොරතුරු 

තරග 5කින් සමන්විත වුණු ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලියේ පස්වන තරගය මෙල්බර්න් පිටියේ දී පෙබරවාරි 20 වැනි දින පැවැත්වුණා. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි වුණා. නමුත් තරගාවලියේ ජයග්‍රහණය 4-1ක් ලෙසින් ඕස්ට්‍රේලියාව සතු වුණා. 

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම – gettyimages.com

 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පරාජයට පත්වුණත් ඔවුන් ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රබල සටනක් ලබා දුන්නා. ඒ අයුරින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබා ගත් තරගාවලි ජයග්‍රහණය සඳහා වැඩි දායකත්වයක් ලබා දුන් ග්ලේන් මැක්ස්වෙල්ට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. මෙම තරගාවලිය යටතේ පැවති තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය පහතින් දක්වා තිබෙනවා.

1). පළමු තරගය- ඕස්ට්‍රේලියාවට ලකුණු 20ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව)

ඕස්ට්‍රේලියාව- 149/9 (20)

ශ්‍රී ලංකාව- 122/8 (19)

තරගයේ වීරයා- ඇඩම් සැම්පා (පන්දුවාර 4- 18/3)

2). දෙවන තරගය- තරගයේ ලකුණු සම වුණා (සුපිරි පන්දුවාරයේ ජය ඕස්ට්‍රේලියාවට)

ඕස්ට්‍රේලියාව- 164/6 (20)

ශ්‍රී ලංකාව- 164/8 (20)

තරගයේ වීරයා- ජෝෂ් හේසල්වුඩ් (පන්දුවාර 4- 22/3)

3). තෙවන තරගය- ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක් 

ශ්‍රී ලංකාව- 121/6 (20)

ඕස්ට්‍රේලියාව- 124/4 (16.5)

තරගයේ වීරයා- කේන් රිචඩ්සන් (පන්දුවාර 4- 21/3)

4). සිව්වන තරගය- ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක් 

ශ්‍රී ලංකාව- 139/8 (20)

ඕස්ට්‍රේලියාව- 143/4 (18.1)

තරගයේ වීරයා- ග්ලේන් මැක්ස්වෙල් (පන්දු 48- නොදැවී ලකුණු 39)

5). පස්වන තරගය- ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

ඕස්ට්‍රේලියාව- 154/6 (20)

ශ්‍රී ලංකාව- 155/5 (19.5)

තරගයේ වීරයා- කුසල් මෙන්ඩිස් (පන්දු 58- නොදැවී ලකුණු 69)

පස්වන තරගයේ දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් – gettyimages.com

 

එසේ නිමාවට පත්වුණු 20/20 තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත්වුණු පැතුම් නිස්සංක ඉනිම් 5කදී ලකුණු 184ක් ලබා ගත්තා. දෙවන 20/20 තරගයේ දී ඔහු ලබා ගත් අගනා ලකුණු 73 මෙම තරගාවලියේ දී යම් පිතිකරුවෙක් වාර්තා කළ ඉහළ ම පෞද්ගලික ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

ඒ වාගේම ඕස්ට්‍රේලියාවේ ජෝෂ් හේසල්වුඩ් සහ කේන් රිචඩ්සන් කඩුලු 8 බැගින් බිඳ දමමින් තරගාවලියේ වැඩි ම කඩුලු ලාභීන් බවට පත්වුණා.

පැතුම් නිස්සංක පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

දකුණු අප්‍රිකාවට දැවැන්ත ටෙස්ට් තරග පරාජයක් 

නවසීලන්ත-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රයිස්චර්ච් හි දී පසුගිය සෙනසුරාදා නිමාවට පත්වුණා. නවසීලන්ත පන්දු යවන්නන්ගේ දස්කම් ඉස්මතු වුණු එම තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 276ක දැවැන්ත පරාජයක් හිමි වුණා. එම තරගය පුරා තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ මැට් හෙන්රි ලකුණු 55කට කඩුලු 9ක් බිඳ දමමින් පිත්තෙන් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තා.

එහි දී ඔහු ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිස එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අයුරින් දැක්වූ සුපිරි දස්කම් නිසා ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ හෙන්රි – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකානු පළමු ඉනිම- 95/10, (හම්සා- 25, හෙන්රි- 23/7, වැග්නර්- 11/1, ජේමිසන්- 19/1)

නවසීලන්ත පළමු ඉනිම- 482/10, (නිකොල්ස්- 105, බ්ල්න්ඩල්- 96, හෙන්රි- 58*, ඔලිවියර්- 100/3)

දකුණු අප්‍රිකා දෙවන ඉනිම- 111/10, (බවුමා- 41, සවුති- 35/5, වැග්නර්- 19/2, හෙන්රි- 32/2)

නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 276ක ජයක් 

තරගයේ වීරයා- මැට් හෙන්රි 

විශිෂ්ට ශතකයක් ලබාගත් නිකොල්ස් (gettyimages.com)

 

එසේ ලබා ගත් ජයග්‍රහණය නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තෙවන විශාලත ම ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා. පහතින් දක්වා තිබෙන්නේ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු විශාලත ම ජයග්‍රහණ ත්‍රිත්වය යි.

1) ඉනිමක සහ ලකුණු 301ක ජයක්- සිම්බාබ්වේට එරෙහිව 2012 වසරේ දී 

2) ඉනිමක සහ ලකුණු 294ක ජයක්- සිම්බාබ්වේට එරෙහිව 2005 වසරේ දී 

3) ඉනිමක සහ ලකුණු 276ක ජයක්- දකුණු අප්‍රිකාවට එරෙහිව 2022 වසරේ දී 

ඒ වාගේම මෙම පරාජය දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන දැවැන්ත ම පරාජය ලෙසින් සටහන් වුණා. පහතින් දක්වා තිබෙන්නේ දකුණු අප්‍රිකාව ලබා ගෙන තිබෙන දරුණු ම ටෙස්ට් පරාජ ත්‍රිත්වය පිළිබඳව යි.

1) ඉනිමක සහ ලකුණු 360ක පරාජයක්- ඕස්ට්‍රේලියාව හමුවේ 2002 වසරේ දී 

2) ඉනිමක සහ ලකුණු 276ක පරාජයක්- නවසීලන්තය හමුවේ 2022 වසරේ දී 

3) ඉනිමක සහ ලකුණු 259ක පරාජයක්- ඕස්ට්‍රේලියාව හමුවේ 1950 වසරේ දී 

ශීත ඔලිම්පික් තරගාවලියේ ශූරතාව මෙවරත් නෝර්වේ රාජ්‍යයට 

2022 ශීත ඔලිම්පික් තරගාවලිය චීනයේ බීජිං නුවර දී පසුගිය ඉරිදා නිමාවට පත්වුණා. ඒ සඳහා රටවල් 91කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2871ක් සහභාගි වුණා. එහි දී ක්‍රීඩා 15ක් යටතේ තරග ඉසව් 109ක් පැවැත්වුණා. ඒ අයුරින් පැවති තරගාවලියේ ශූරතාව පිට පිට ම දෙවන වරටත් දිනා ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත් වුණා. එහි දී ඔවුන් රන් පදක්කම් 4ක පරතරයකින් ශූරතාව දිනා ගැනීම කැපී පෙනුණු සිදුවීමක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ පදක්කම් සටහනේ ඉහළින් ම සිටි රටවල් පහ පදක්කම් දිනාගෙන තිබුණු ආකාරය යි.

1) නෝර්වේ- (රන්- 16, රිදී- 8, ලෝකඩ- 13)

2) ජර්මනිය- (රන්- 12, රිදී- 10, ලෝකඩ- 5)

3) චීනය- (රන්- 9, රිදී- 4 ලෝකඩ- 2)

4) අමෙරිකාව- (රන්- 8, රිදී- 10, ලෝකඩ- 7)

5) ස්වීඩනය- (රන්- 8, රිදී- 5, ලෝකඩ- 5)

 රන් පදක්කමක් දිනා ගත් නෝර්වේ ක්‍රීඩිකාවක් – gettyimages.com

 

කොදෙව්වන් හමුවේ ඉන්දියාව ජය පැන් බොයි 

තරග 3කින් සමන්විත වුණු ඉන්දු-කොදෙව් 20/20 තරගාවලිය කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේ දී පසුගිය පෙබරවාරි 20 වැනිදා නිමාවට පත්වුණා. එම තරගාවලිය තරග 3-0ක් ලෙසින්  ජයග්‍රහණය කළේ සත්කාරක ඉන්දීය කණ්ඩායම යි.

එහි දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් තරග 3කදී ලකුණු 107ක් ලබාගත් සූර්යකුමාර් යාදව් තරගාවලියේ වීරයා ලෙසින් අභිෂේක ලැබුවා. එම තරගවල ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා.

සූර්යකුමාර් යාදව් – espncricinfo.com

 

1). පළමු තරගය- ඉන්දියාවට කඩුලු 6ක ජයක්

කොදෙව්- 157/7 (20)

ඉන්දියාව- 162/4 (18.5)

තරගයේ වීරයා- රවී බිෂ්නෝයි (පන්දුවාර 4- 17/2)

2). දෙවන තරගය- ඉන්දියාවට ලකුණු 8ක ජයක් 

ඉන්දියාව- 186/5 (20)

කොදෙව්- 178/3 (20)

තරගයේ වීරයා- රිෂ්බා පන්ට් (පන්දු 28- නොදැවී ලකුණු 52)

3) තෙවන තරගය- ඉන්දියාවට ලකුණු 17ක ජයක් 

ඉන්දියාව- 184/5 (20)

කොදෙව්- 167/9 (20)

තරගයේ වීරයා- සූර්යකුමාර් යාදව් (පන්දු 31- නොදැවී ලකුණු 65)

ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම – newsncr.com

 

නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ශූරතාව යාපනය කණ්ඩායමට 

2022 ජාතික සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් තරගය පල්ලෙකැලේ පිටියේ දී පසුගිය සෙනසුරාදා නිමාවට පත්වුණා. යාපනය කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර පැවැත්වුණු එම තරගයෙන් ලකුණු 37ක ජයක් හිමි කර ගැනීමට යාපනය කණ්ඩායම සමත් වුණා.

එම තරගයේ දී යාපනය කණ්ඩායම වෙනුවෙන් අගනා ලකුණු 74ක් ලබා ගත් දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.  තවමත් 19 හැවිරිදි වියේ පසුවන වෙල්ලාලගේ ඒ අයුරින් දැක්වූ දස්කම් කාගේත් අවධානය දිනා ගත්තා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

වෙල්ලාලගේ තරගයේ වීරයා සම්මානය දිනාගත් අවස්ථාව – ft.lk

කෙටි ලකුණු පුවරුව 

යාපනය- 258/10 (48.3), (වෙල්ලාලගේ- 74, රවිඳු- 41, අසිත- 44/5, කොළඹගේ- 53/2)

නුවර- 221/10 (45.5), (කමිඳු- 46, තික්ෂිල- 37, ප්‍රමෝද්- 59/4, නිම්නාද- 17/3)

යාපනය කණ්ඩායමට ලකුණු 37ක ජයක් 

තරගයේ වීරයා- දුනිත් වෙල්ලාලගේ 

ජයග්‍රාහී යාපනය කණ්ඩායම – srilankacricket.com

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකාව 5 වන 20/20 තරගය ජයගැනීමෙන් පසුව - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

olympics.com

Related Articles