Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 IPL ශූරතාව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

මාස 2කට අධික කාලයක් පුරා ඉන්දියාවේ ක්‍රීඩාංගණ 6ක් ආශ්‍රිත ව පැවැත්වුණු 2022 IPL ක්‍රිකට් තරගාවලිය ඊයේ (29) දිනයේ දී නිමාවට පත් වුණා. එම තරගාවලිය ආරම්භයේ සිට දස්කම් අතර සිටි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම, රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුලු 7ක ජයක් ලබමින් සිය මංගල IPL ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. 

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරගය ජයගත් මොහොත – scroll.in

 

මෙවර IPL තරගාවලිය සඳහා මුල් ම වරට එක් වුණු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරගාවලිය ආරම්භයේ සිට ම කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළා. එය ඔවුන්ගේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වුණා.  එසේ නිමාවට පත්වුණු IPL තරගාවලියේ වැඩි දුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් ගොන්නයි මේ. 

2022 IPL තරගාවලියේ අවසන් වටය

2022 IPL තරගාවලියේ අවසන් වටයේ තරග ගෙවුණු සතියේ දී නිමාවට පත් වුණා. කොල්කටා සහ අහමදාබාද් නගර ආශ්‍රිත ව ක්‍රියාත්මක වුණු එම තරගවල කෙටි ලකුණු පුවරුයි මේ.  

1). Qualifier 1 තරගය- ගුජරාට් ටයිටන්ස් සහ රාජස්තාන් රෝයල්ස් අතර 

රාජස්තාන්- 188/6 (20), (බට්ලර්- 89, සැම්සන්- 47, පඩික්කල්- 28, හාර්ඩික්- 14/1, ෂමී- 43/1)

ගුජරාට්- 191/3 (19.3), (මිලර්- 68*, හාර්ඩික්- 40*, ගිල්- 35, වේඩ්- 35, බෝල්ට්- 38/1)

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- ඩේවිඩ් මිලර් 

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මිලර් (firstpost.com)

 

2). Eliminator තරගය- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ ලක්නව් සුපර්ජයන්ට්ස් අතර 

බැංගලෝර්- 207/4 (20), (පටිදාර්- 112*, කාර්තික්- 37*, කෝලි- 25, මෝසින්- 25/1, කෘනාල්- 39/1)

ලක්නව්- 193/6 (20), (රාහුල්- 79, හූඩා- 45, හේසල්වුඩ්- 43/3, හර්ෂාල්- 25/1, සිරාජ්- 41/1) 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 14ක ජයක් 

තරගයේ වීරයා- රාජාට් පටිදාර්

පටිදාර් සිය ශතකය සම්පූර්ණ කළ මොහොත – scroll.in

 

3). Qualifier 2 තරගය- රාජස්තාන් රෝයල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අතර 

බැංගලෝර්- 157/8 (20), (පටිදාර්- 58, ප්ලෙසිස්- 25, ක්‍රිෂ්ණා- 22/3, මැකෝයි- 23/3)

රාජස්තාන්- 161/3 (18.1), (බට්ලර්- 106*,  සැම්සන්- 23,  හේසල්වුඩ්- 23/2, වනිඳු- 26/1)

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- ජෝස් බට්ලර් 

ජෝස් බට්ලර්ගේ ප්‍රහාරාත්මක ඉනිම – twitter.com

 

4). අවසන් තරගය- ගුජරාට් ටයිටන්ස් සහ රාජස්තාන් රෝයල්ස් අතර 

රාජස්තාන්- 130/9 (20), (බට්ලර්- 39, ජයිස්වාල්- 22, හාර්ඩික්- 17/3, කිෂෝර්- 20/2)

ගුජරාට්- 133/3 (18.1), (ගිල්- 45*, හාර්ඩික්- 34, මිලර්- 32*, බෝල්ට්- 14/1, චහාල්- 20/1)

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- හාර්ඩික් පාණ්ඩ්‍යා 

තරගාවලියේ වීරයා- ජෝස් බට්ලර් 

ජයග්‍රාහී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම – scroll.in

 

 පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ සුපිරි තරු

තරගාවලිය පුරාවට පිත්තෙන් දස්කම් දැක්වූ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ජෝස් බට්ලර් මෙවර IPL තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණා. එම කණ්ඩායමේ ම යුස්වේන්ද්‍ර චහාල් තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වීම විශේෂත්වයක් වුණා. ඒ අයුරින් එක ම කණ්ඩායමක ක්‍රීඩකයන් යුගළයක් තරගාවලියේ වැඩිම කඩුලු සහ ලකුණු ලාභීන් බවට පත්වුණේ 2017 වසරෙන් පසුව යි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ ඩේවිඩ් වෝනර් සහ බුවනේෂ්වර් කුමාර් අවසන් වරට 2017 දී එම දස්කම දක්වා තිබුණා. ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග කඩුලු 26ක් දවා ගෙන තරගාවලියේ දෙවැනි වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණා.

වනිඳු හසරංග 2022 IPL තරගාවලියේ දී – scroll.in

 

2022 IPL තරගාවලියේ වැඩි ම ලකුණු සහ කඩුලු දවා ගත් ක්‍රීඩකයන්ගේ නම් පහතින් දැක්වෙනවා. එහි දී ජෝස් බට්ලර් ශතක 4ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලබාගත් ලකුණු 863, එදා මෙදාතුර විදෙස් ක්‍රීඩකයෙක් එක් IPL තරගාවලියක දී ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය බවට පත් වුණා. එහි දී ඔහු අභිබවා ගියේ 2015 තරගාවලියේ දී ඩේවිඩ් වෝනර් ලබා ගත් ලකුණු 848 යි.

වැඩි ම ලකුණු ලාභියෝ 

1). ජෝස් බට්ලර් (රාජස්තාන් රෝයල්ස්)- ලකුණු 863 (ඉනිම්- 17)

2). ලෝකේෂ් රාහුල් (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ලකුණු 616 (ඉනිම්- 15)

3). කුයින්ටන් ද කොක් (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ලකුණු 508 (ඉනිම්- 15)

4). හාර්ඩික් පාණ්ඩ්‍යා (ගුජරාට් ටයිටන්ස්)- ලකුණු 487(ඉනිම්- 15)

5). ශුබ්මන් ගිල් (ගුජරාට් ටයිටන්ස්)- ලකුණු 487 (ඉනිම්- 16) 

ජෝස් බට්ලර් – scroll.in

වැඩි ම කඩුලු ලාභීහු 

1). යුස්වේන්ද්‍ර චහාල් (රාජස්තාන් රෝයල්ස්)- කඩුලු 27 (ඉනිම්- 17)

2). වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- කඩුලු 26 (ඉනිම්- 16)

3). කගීසෝ රබාඩා (පංජාබ් කිංග්ස්)- කඩුලු 23 (ඉනිම්- 13) 

4). උම්රන් මලික් (සන්රයිසස් හයිද්‍රාබාද්) – කඩුලු 22 (ඉනිම්- 14) 

5). කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)- කඩුලු 21 (ඉනිම්- 14) 

යුස්වේන්ද්‍ර චහාල් – scroll.in

 

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට 

2021-2023 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය පසුගිය සතියේ දී නිමාවට පත්වුණා. ඒ යටතේ මීර්පූර් හි ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක අති විශිෂ්ට ජයක් හිමි කර ගත්තා. එම තරගයේ දී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වුණු අසිත ප්‍රනාන්දු ලකුණු 144කට කඩුලු 10ක් බිඳ දැමුවා. 

පන්දුවෙන් දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු – gettyimages.com

 

චමින්ද වාස්ගෙන් පසු ටෙස්ට් තරගයක කඩුලු 10ක් දවා ගත් එක ම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා ලෙසින් එහි දී අසිත ඉතිහාසගත වුණා. ඊට පෙර චමින්ද වාස්  1995 දී නවසීලන්තයට එරෙහි ව 90/10 සහ 2001 දී කොදෙව්වන්ට එරෙහි ව 191/14 ලෙස ටෙස්ට් තරගවල කඩුලු 10 සීමාව පසු කර තිබුණා.

මීර්පූර් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පිළිවෙළින් නොදැවී ලකුණු 145ක් සහ ලකුණු 124ක් ලබා ගත්තා. එහි දී ඔවුන් දෙදෙනා අතර 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 199ක සබඳතාවක් ගොඩනැඟුණා. 

මැතිව්ස් සහ චන්දිමාල් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

එසේ  ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. පහතින් දක්වා තිබෙන්නේ ජයග්‍රාහී මීර්පූර් ටෙස්ට් තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

2023 ටෙස්ට් ශූරතාවලියේ නවත ම ප්‍රසාද ලකුණු සටහන – espncricinfo.com

 

කෙටි ලකුණු පුවරුව 

බංග්ලාදේශ පළමු ඉනිම- 365/10, (මුෂ්ෆිකර්- 175*, ලිටන්- 141, රාජිත- 64/5, අසිත- 93/4)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 506/10, (මැතිව්ස්- 145*, චන්දිමාල්- 124, ශකීබ්- 96/5, එබඩොට්- 148/4)

බංග්ලාදේශ දෙවන ඉනිම- 169/10, (ශකීබ්- 58, ලිටන්- 52, අසිත- 51/6, රාජිත- 40/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 29/0, (ඕෂධ- 21*, දිමුත්- 7*)

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් 

තරගයේ වීරයා- අසිත ප්‍රනාන්දු

තරගාවලියේ වීරයා- ඇන්ජලෝ මැතිව්ස් 

ශ්‍රී ලංකා නායක දිමුත් ජයග්‍රාහී කුසලාන ලබාගත් මොහොත – gettyimages.com

 

යුපුන් අබේකෝන්ගෙන් නව දකුණු ආසියානු වාර්තාවක් 

මේ දිනවල පුවත් මවන්නෙක් බවට පත් ව සිටින ශ්‍රී ලංකා සුපිරි කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකෝන් පසුගිය සතියේ දී තවත් වාර්තාවක් අභිබවා ගියා. ඒ ජර්මනියේ පැවති International Athletics Meeting Anhalt 2022 මලල ක්‍රීඩා තරගාවලියේ දී යි.

එහි දී පිරිමි මීටර් 100 අවසන් තරගය තත්පර 10.06ක කාලයකින් නිම කළ යුපුන් නව දකුණු ආසියානු වාර්තාව අලුත් කළා. එසේ යුපුන් බිඳ දැමුවේ පසුගිය වසරේ ඔහු  ම තත්පර 10.15ක කාලයකින් පිහිටුවා තිබුණු දකුණු ආසියානු වාර්තාව වීම විශේෂත්වයක්. 

යුපුන් අබේකෝන් – facebook.com

 

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව රියාල් මැඩ්‍රිඩ්ට 

යුරෝපයේ පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරගය ගෙවුණු සතියේ දී පැවැත්වුණා. ඒ ස්පාඤ්ඤයේ රියාල් මැඩ්‍රිඩ් සහ එංගලන්තයේ ලිවර්පූල් යන කණ්ඩායම් අතර යි. එහි දී ගෝල 1-0ක ජයක් හිමි කර ගත් රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම 14 වන වරටත් චැම්පියන්ස් ලීග් පාපන්දු ශූරතාව හිමි කර ගත්තා.

රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ විනිකියස් ජූනියර් තරගයේ 59 වන විනාඩියේ දී ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත්වුණේ රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ කරීම් බෙන්සිමා යි. ඔහු තරගාවලිය පුරාවට ගෝල 15ක් ලබාගෙන තිබුණා. 

ශූරතාවය දිනාගත් රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම – dailynews.lk

 

නුවනිඳුගෙන් වේගවත් 20/20 ශතකයක් 

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ සංචාරයක නිරත වෙනවා. ඒ යටතේ පැවති 20/20 තරගයක් ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහි ව පසුගිය ඉරිදා පැවැත්වුණා. බ්‍රිස්ටල් හිදී පැවැත්වුණු එම තරගයෙන් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට ලකුණු 67ක පහසු ජයක් හිමි වුණා. එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 67කින් නොදැවී ලකුණු 126ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වුණා. පහතින් දක්වා තිබෙන්නේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

නුවනිඳු ප්‍රනාන්දු – srilankacricket.lk

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම- 205/4 (20)

නුවනිඳු ප්‍රනාන්දු- 126* (67)   

නිපුන් ධනංජය- 31 (22)

ජෝෂ් ෂෝව්- 23/1 (3)

ග්ලොස්ටර්ෂයර් කණ්ඩායම- 138/10 (16.3)

බෙන් වෙල්ස්- 42 (29)

ඔලිවර් ප්‍රයිස්- 33 (23)

නිපුන් රන්සික- 11/4 (2.3)

ධනංජය ලක්ෂාන්- 29/2 (3) 

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට ලකුණු 67ක ජයක් 

කවරයේ ඡායාරූපය - ගුජරාට් නායක හාර්ඩික් පාණ්ඩ්‍යා ජයග්‍රාගී කුසලානය සමඟ - scroll.in

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

eurosport.com 

Related Articles