අපේ බලශක්ති අර්බුදය ජය ගන්න විදෙස් සමාගම්වලට හැකිවේද?

රටක බලශක්ති ප්‍රභව එරට ආර්ථික වර්ධනයට ඉතා වැදගත් දායකත්වයක් සපයයි. මේ බලශක්ති ප්‍රභව ලෙස ජලය, දැව, මුහුදුරළ, හිරුඑළිය, ඛනිජතෙල්, ගෑස්, විදුලිය ආදී ලෙස දැක්විය හැකි ය. රටක බලශක්තිය ආර්ථික වර්ධනයට මෙන්ම එරට ආරක්ෂාවට ද ඉතාමත් වැදගත් ය. බලශක්තිය බිඳ වැටුණහොත් එදිනදා මහජන කටයුතු මෙන් ම රාජ්‍ය ආරක්ෂාවට ද තර්ජන එල්ල විය හැකි ය. ඉහත දැක්වූ බලශක්ති ප්‍රභව අතුරින් ඛනිජ තෙල්වලට හිමි වන්නේ ප්‍රධාන තැනකි. පුනර්ජනනීය බලශක්ති මේ දශකයේ ඉදිරියට පැමිණිය ද, ඛනිජ තෙල්වල ඇති වැදගත්කම ඉදිරි සියවස් කිහිපයක් පුරාවට ම පවතින බව අමුතුවෙන් කිවයුතු නොවේ. 

ශ්‍රීලංකාව මේ මොහොතේ සිටින්නේ බලශක්ති අර්බුදයක ය. මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදය නිසා 2022 අප්‍රේල් මස පමණ සිට ඛනිජ තෙල් අර්බුදයක් හා ගෑස් අර්බුදයක් හට ගැනිණි. එය රට ම අඳුරේ තැබීමට ද සමත් ව තිබේ. 

 බලශක්තිය කළමනාකරණය

ශ්‍රීලංකාව තම ඛනිජ තෙල් බලශක්තිය කළමනාකරණය කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටුවූයේ 1960 දී සිදු කළ ජනසතුකිරීම්වල ප්‍රතිපලයක් ලෙස 1961 අංක 28 දරණ විශේෂ පනත මඟින් එය පිහිටැවිණි. එයට අතිරේක ව 2003 වසරේ සිට  ඉන්දියන් ඔයිල්(IOC) සමාගමත් මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයේ කිරත ව සිටියි. 

මෙරට මුහුණ දුන් ඩොලර් අර්බුදය හමුවේ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමත් සමඟ විදේශීය සමාගම්වලට ද මෙරට සිය ඛනිජ තෙල් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමේ දොර පහසුවෙන් විවෘත විය. එහිදී IOC සමාගමේ මෙරට ඛනිජ තෙල් ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම මෙන් ම චීන  Sinopec සමාගමේ ශ්‍රී ලංකා ආගමනය ගැන ද කතාබහක් ඇති වී තිබෙයි.

 මේ ලිපිය එම සමාගම්වල ඛනිජ තෙල් ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පිළිබඳ සොයා බැලීමකි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව – www.anidda.lk

 ඉන්දියන් ඔයිල් සංස්ථාව 1959 දී ඇරඹෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගම ලෙස ය. එම සමාගම 1958 දී පිහිටු වූ සීමාසහිත ඉන්දියානු පිරිපහදු සමාගම සමඟ ඒකාබද්ධ කර ඉන්දියානු ඔයිල් සංස්ථාව 1964 දී පිහිටැවිණි. එය ඉන්දියාවේ ඉදිරියෙන් ම සිටින තෙල්,හා ගෑස් පිළිබඳ ව්‍යාපාර මෙහෙයුම් ආයතනය වේ. 2022 වන විට මෙහි සේවක සංඛ්‍යාව තිස් එක් දහස (31,648ක්) ඉක්මවා තිබිණි. මෙම සංස්ථාව ව්‍යාපාරික අංශ හතකින් සමන්විත වන අතර ඉන්දියාව පුරා පවතින පිරිපහදු 23න් 11ක් ම මෙම සංස්ථාව සතු ය. 

ඉන්දියන් ඔයිල්(IOC) සමාගම

ඉන්දියන් ඔයිල්(IOC) සමාගම විදේශීය රටවල ද සිය ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය කර ඇත. ඒවා අතර ශ්‍රීලංකාව-Lanka IOC PLC, මුරුසිය- IndianOil (Mauritius) Ltd, මැදපෙරදිග ඩුබායි රාජ්‍යය -IOC Middle East FZE යන සමාගම් ද වේ. එය ඉදිරියේ දී ඇතැම් මධ්‍යම ආසියානු රටවල සිය ව්‍යාපාර මෙහෙයුම් ඇරඹීමට සැරසෙන බව ද වාර්තා වේ. ඉන්දියන් ඔයිල්(IOC) සමාගම පුනර්ජනනීය (Renewable Energy) ව්‍යාපෘති සඳහා ද මේ වන විට යොමුව ඇත. විද්‍යුත්  මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන ඇතිකිරීමට ද ඔවුන් ඒ අතර ම කටයුතු කරගෙන යයි. ඉන්දියන් ඔයිල්(IOC) සමාගමේ හිමිකමින් 51%ක් ඉන්දීය රජය සතුවන ඉතිරි 49%ක ප්‍රමාණය පෞද්ගලික අංශය සතු වේ.

IOC මුලස්ථාන පිවිසුම – Prashanth Vishwanathan/Bloomberg via Getty Images

ඉන්දියන් ඔයිල්(IOC) සමාගම ශ්‍රී ලංකාවේ කරලියට පැමිණෙන්නේ 2003 වසරේ සිට ය. ඒ 2001 වසරේ පත්වුණු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව` ශ්‍රී ලංකා ඛනිජ තෙල්`නීතිගත සංස්ථාවේ කොටස් විකිණීමට තීරණය කිරීමත් සමඟ ය. එය වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළින් 35%ක් අත්පත් කරගෙන ඇත. 2022 වසරේ දී ඉන්දියන් ඔයිල්(IOC) සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කර වසර 20ක් සැමරු අතර ඔවුනට තවත් පිරවුම්හල් 55ක් අලුතින් ආරම්භ කිරීමට  අවසර ලැබුණු බව ඉන්දියන් ඔයිල්(IOC) සමාගමේ මෙරට කළමනාකරු මනෝජ් පවසා තිබිණි. 

චීන සයිනෝපෙක් සමාගම

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය වීමත් සමඟ IOC සමාගම මෙන් ම ශ්‍රීලංකාවේ තෙල් බෙදා හැරීම සම්බන්ධයෙන් අනෙකුත් විදේශීය සමාගම්වල නම් ද ඉදිරියට පැමිණ ඇත. ඒ අතුරින් වැඩත් කතාබහට ලක්වන සමාගම ලෙස සයිනෝපෙක් SinoPec සමාගම හැඳින්විය හැකි ය. සයිනෝපෙක් (SINOPEC) සමාගම ආරම්භ වන්නේ 2001 වසරේ දී ය. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ China Petrolium and Chemical Corporation ලෙස ය. 

චීනය ක්‍රමයෙන් තම ආර්ථික වර්ධන වේගය වැඩිකරන විට ආරම්භ වුණු සමාගමක් ලෙස එය දැක්විය හැකි ය. වසර 2000 න් පසු ව චීනය, ජපානය ද පසු කරමින් විශාලත ම තෙල් සමාගමක් බවට පත් විය. මෙහිදී 21 වන සියවස තුළ චීනය මුහුණ දෙන බලශක්ති අර්බුදවලට මුහුණ දීමේ අරමුණින් මෙවැනි සමාගම් එරට ආරම්භ කරන්නට කටයුතු කර තිබිණි.

බෙයිජිංහි පිහිටි Sinopec ප්‍රධාන මුලස්ථානය – Tomohiro Ohsumi/Bloomberg via Getty Images

Sinopec සමාගම චීනයේ විශාලත ම තෙල් සැපයුම්කරුවා වන අතර එය චීනයේ සිටින දෙවන විශාලත ම තෙල් නිෂ්පාදකයා වේ. මෙහි මුලස්ථානය චීනයේ බීජිං නුවර පිහිටා ඇත. මෙහි මූලස්ථානය චීනයේ බීජිං නුවර පිහිටා ඇත. ඉන්දියානු ඔයිල් සමාගම මෙන් ම චීන සයිනෝපෙක් සමාගම ද ලොවපුරා රටවල් සහ ප්‍රදේශ 26ක ආයෝජන හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. 

සමාගම ලොවපුරා රටවල් හා ප්‍රදේශ 26ක ආයෝජන හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. මෙයට අමෙරිකා එකසත් ජනපදය මෙන්ම රුසියාව ද අයිති වීම සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකි ය. ඉන්දියානු ඔයිල් සමාගම මෙන්ම චීන සයිනෝපෙක් සමාගම ද විදේශීය රටවල් හා ප්‍රදේශ 26ක ආයෝජන හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. මෙහිදී එහි මෙම සමාගම ලොවපුරා රටවල් හා ප්‍රදේශ 26ක ආයෝජන හා ව්‍යාපෘති ද ක්‍රියාත්මක කරයි. මෙයට අමෙරිකා එකසත් ජනපදය මෙන්ම රුසියාවද අයිති වීම සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකි ය.

සේවකයන් 6000ක්

මෙම ආයතනය තුළ සේවකයන් 6000කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන අතර ඉන් 80%ක් ම විදේශීය සේවකයන් වේ. 2019 දී Sinopec සාමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමඟ ද උපායමාර්ගික ගිවිසුමකට එළැඹ තිබිණි. මෙම තත්ත්වය හමුවේ Sinopec සමාගමට මෙරට සිය මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමට ආරාධනා කළ යුතු බවට ද විවිධ මත පළවිණි.  SinoPec සමාගමට බොහෝදුරට මෙරට මෙහෙයුම් කටයුතු සඳහා අනුමැතිය හිමිවනු ඇති බවට ද අදහස් පළ වේ.ඉන්දියන් ඔයිල් සමාගම හා තරගකාරී ව සයිනෝපෙක් ආයතනය ද මෙරට තෙල් බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතුවලට අවතීර්ණ වුහොත් එය බොහෝදුරට ආර්ථික මෙන් ම දේශපාලනික වශයෙන් ද තරගකාරී බවක් එම ක්ෂේත්‍රයේ ඇති කෙරෙනු ඇත. SinoPec ආයතනය චීන මධ්‍යම ආණ්ඩුවේ One Belt One Road ව්‍යපෘතිය සමඟ ද ඉතා සමීප ව කටයුතු කරන බව සඳහන් ය. 

කවරයේ ඡායාරූපය: බලශක්ති අර්බුදය - Getty Images
මූලාශ්‍ර:
ceypetco.gov.lk
iocl.com
sipc.sinopec.com
www.ft.lk
www.dailymirror.lk
www.themorning.lk
www.fuelsandlubes.com
www.reuters.com
ceylontoday.lk

Related Articles