Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිනෙන් දින වැඩි වන සියදිවි හානි කර ගැනීම්

සියදිවි හානි කර ගැනීම කියන්නේ අපිට හුරු පුරුදු නැති වචනයක් නම් නෙවේ.අද වන විට සියදිවි හානි කර ගැනීමේ ප්‍රතිශතය දිනෙන් දිනම වර්ධනය වන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ගොඩක් පුද්ගලයන් මෙය අනුවණ ලෙස පවසනවා. නමුත් ඉන් එහා ඔබ්බට තාර්කිකව සිතිය යුතු මානසික තත්ත්වයක් මේ හා සම්බන්ධව ගැබ්ව තිබෙනවා.

1985 වර්ෂයේ සිට  2015 වන විට වසර 30ක් තුළ ලෝකයේ සියදිවි නසා ගැනීම්වල සංඛ්‍යා දත්ත වලට අනුව රටවල් 107ක් අතුරින් ලංකාව 7 ස්ථානයට පත් වනවා.

ඇත්තටම සිය දිවි හානි කර ගන්නේ කුමන හේතු මතද?

(frenarelenvejecimiento.com)

සියදිවි නසා ගැනීම කියන්නේ තමන්ගේ ජීවිතය තමන් විසින්ම නැති කර ගැනීමකි. විශේෂයෙන්ම සියදිවි නසා ගැනීමේ අවධානම සදහා මානසික ව්‍යාකුලතාවය (Psychiatric disorder), ඖෂධ වර්ග වැරදි ලෙස භාවිතය (Drug misuse), සාමාජීය තත්ත්ව හා  මානසික තත්වය යන කරුණු බලපාන බව දැක්විය හැකිය. එමෙන්ම ආර්ථික සමාජ තත්ත්වද  එනම් විරැකියාව,දරිද්‍රතාවය,නිවාස නොමැතිකම ආදී කරුණු ද මේ සදහා බලපානවා.

පුද්ගලයෙක් සිය දිවි නසා ගන්නා අවස්ථාවේදී ඔහුට හෝ ඇයට මානසික රෝගාබාධයක් තිබීමේ ඉහළ ප්‍රතිශතයක් තිබෙන බව දක්වනවා.මෙය 27% සිට 90% දක්වා බව ඇස්තමේන්තු කර තිබෙනවා.එනම් මෙවැනි බොහෝ පුද්ගලයන් විෂාදයෙන්(major depressive disorder) යුක්ත වන්නන් වන අතරම bipolar disorder වැනි mood disorders වලින් ද පෙළෙන්නන් වන බව දැක්වේ. එමෙන්ම භින්නෝන්මාදය(schizophrenia), පුද්ගල පෞරුෂත්වයේ ගැටළු (personality disorders) යනාදී තත්ත්ව ද දැක්විය හැකි බව සඳහන් වනවා.

එමෙන්ම  වාර්තා වල සඳහන් වන ආකාරයට මෙම සියදිවි නසා ගත් අයගෙන් මියයාමට පෙර වසර තුළදී තමන්ගේ මානසික සෞඛ්‍යය කෙසේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරගෙන ඇත.

දෙවෙනි ප්‍රධානතම අවධානම් කරුණ ලෙස දැක්වෙන්නේ ද්‍රව්‍ය/ ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම වේ.සියදිවි නසා ගැනීමේදී බොහොමයක් පුද්ගලයන් වේදනා නාශක හා නිද්‍රාශීලි  බෙහෙත් අනිසි ආකාරයට භාවිතා කිරීමක් කරන බව දැක්වෙනවා.එමෙන්ම අධිකව මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයද  සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතයෙන් 15% ත් 61ත් අතර ප්‍රමාණයක් ගන්නවා.

එමෙන්ම  සූදුවට පුරුදුව සිටින අයගේ භාර්යාවන් සියදිවි හානි කර ගැනීමේ ඉහළ ප්‍රතිශතයක් දක්නට ලැබෙනවා.එමෙන්ම සූදුවට ඇබ්බැහි වූ අයද (12%-24%) සිය දිවි නසා ගැනීමට උත්සහා කරනවා.

ජපානයේ සියදිවි නසා ගැනීමට බලපාන ප්‍රධානතම සාධකය ලෙස දක්වා තිබෙන්නේ සෞඛ්‍යය ගැටළුයි.එයින් පැහැදිලි වන්නේ සෞඛ්‍යය ගැටළුද සියදිවි නසා ගැනීමට හේතු වන බවයි.මීට අමතරව පිළිකා,ඒඩ්ස්,බොහෝ කල් පවත්නා වේදනාවන් ද යම් තරමක සාධක වන බව දැක්විය හැකිය.අන්තර්ජාලය වාර්තා කරන පරිදි පිළිකාවක් හඳුනා ගැනීම සිය දිවි හානි කර ගැනීමේ අවධානම දෙගුණ කරයි.

විෂාදය හා ජිවිතයේ අවුල් සහගත බව,ජිවිතයේ අරමුණක් නොමැති වීම,කෙනෙක් ගේ වියෝව,රැකියාව අහිමි වීම,හුදකලාවීම,ප්‍රශ්න නිරාකරණය කර ගැනීමේ අපහසුතා යන අදී කරුණුද බලපානවා.

අද වන විට අන්තර්ජාලය හා ජනමාධ්‍ය ද විවේචනයට යොමු වේ.එයට හේතුව වන්නේ නැවත නැවත සිය දිවි නසා ගැනීමේ සිද්ධිය වාර්තා කිරීම, සියදිවි නසා ගත් ආකාරය පෙන්වීම යන කරුණු තුළින් ඒ සදහා සමාජය යම් දැනුවත් වීමක් වෙනවා.

Rational suicide නැතිනම් තාර්කනික සියදිවි නසා ගැනීම යනුවෙන්ද ක්‍රමයක් වාර්තා වනවා.මොකක්ද මේ තර්කනික සියදිවි නසා ගැනීම කියන්නේ? ජීවිතය නැති කර ගැනීම සාධාරණය කිරීමට යම් යම් හේතු ඉදිරිපත් කරයි.එමෙන්ම පරහිතකාමී දිවි නසා ගැනීම යනුවෙන් අදහස් වන්නේ අනිත් අයගේ යහපත උදෙසා තමන්ගේ ජීවිතය නැති කර ගැනීම වේ. සමහර එස්කිමෝවරුන්ගේ සංස්කෘති වල මෙය බුද්ධිමත් ක්‍රියාවක් ලෙස සලකයි.

ඉතිහාසයේ තත්වය

අතීතයේදීත් සිය දිවි නසා ගැනීමේ විවිධ අවස්ථා දැක ගන්නට පුළුවන්.ග්‍රීසියේ, රජයේ අනුමැතියක් නැතිව සිය දිවි නසා ගන්නා අයට උසස් භුමිදානයක් හිමි වුයේ නැහැ.ඒ වගේම ඔවුනට අවසන් ගෞරව දැක්වීමක් සිදු වුයේත් නැහැ.සොහොන් ඉදිකිරීම් ආදිය අහිමි වූ මෙවැනි පුද්ගලයන් අසල නගරයක තැන්පත් කළහ.

නමුත් රෝමයේ මේ සදහා  ඉඩ ලැබුණත් පසුකාලීනව 14 වන ලුවිස් රජු අපරාධ ආඥාපනත මගින් මෙවැනි අයට කරන ලද දඬුවම් වැඩි කළහ.19 වන සියවසදී එක්සත් රාජධානියේ සියදිවි නසාගැනීමට වෙර දැරීම හා මිනිස් ඝාතනයට තැත්කිරීම එක හා සමාන වැරදි ලෙස සැලකූ අතර එල්ලා මැරීම දඬුවම් ලෙස ලබාදෙන ලදී.

නමුත් යුරෝපීය නීති මගින් මෙය පාපයක් නිසා සිදුවන්නක් හෝ සිහිවිකල් බව නිසා සිදුවන්නක් ලෙස සලකා ලිහිල් කිරීම අගය කිරීමට කාරණයකි.

රටෙන් රටට වෙනස් වන සිය දිවි හානි කර ගැනීම්

sarcasmlol.com

සිය දිවි හානි කර ගැනීමේ ආකාරය රටින් රටට වෙනස් වේ.රටවල් 56ක් ඇසුරින් සමීක්ෂණයක් සිදු කර ඇත.එම වාර්තාවට අනුව ලෝකයේ විවිධ රටවල ප්‍රධානතම දිවි නසා ගැනීමේ ක්‍රමය වන්නේ එල්ලී මැරීමයි. 53% පුරුෂයනුත් 36% ක කාන්තා පක්ෂයත් සිය දිවි නසා ගැනීමට එල්ලී මැරීම භාවිතා කරනවා.

මීට අමතරව ගිනිඅවි භාවිතය 80%-90%, ගිලීමැරීම-65%-80%, එල්ලී මැරීම-60%-85%, විෂදුම ආග්‍රහණය 40%-60%, යමකට පැනීමෙන්-35%-60%, ගල් අගුරුවලට පුළුස්සා ගැනීමෙන් 40%-50%, පලිබෝධනාශක  6%-75%, ඖෂධ අනිසි ලෙස භාවිතය 1.5-4% ක් ලෙස එම වාර්තාවේ දැක්වෙනවා.

ඇමරිකාවේ ගිනි අවි භාවිතයෙන් සිය දිවි හානි කර ගැනීම ගොඩක් අවස්ථාවලදී දකින්න පුළුවන්.මෙම තත්වය 57% ලෙස දැක්වෙන අතර කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශවය තුලින් මෙය බහුලව දැක ගන්නට පුළුවන්. ස්විට්සර්ලන්තයේ වැඩිපුරම දිවි නසා ගන්නේ වස පානය කිරීමෙනි.ජපානයේ එල්ලී මැරීම බහුලව යොදා ගන්නා ක්‍රමය වේ.

නීති පැනවීම

මෙහි නීතිමය තත්වය සලකා බැලීමේදී එය අතීතය කරා දිව යන්නේය.බටහිර රටවල 1800 දී පමණ සියදිවි නසා ගැනීම අපරාධයක් ලෙස සැලකුවේය.නමුත් වර්තමානය වන විට එසේ සලකන්නේ නැත. ඉස්ලාමීය රටවල දක්නට ලැබෙන තත්ත්වය මිට වෙනස්ය.එම රටවල් සියදිවි නසා ගැනීම අපරාධයක් ලෙස සලකනවා.

ඕස්ට්‍රේලියාවේ මෙය අපරාධයක් නොවේ.ඒ වුනත් එයට උපදෙස් දීම,උදව් කිරීම අපරාධයක් ලෙස සලකනවා.එමෙන්ම ඉන්දියාවේ සියදිවි නසාගැනීම නීත්‍යනුකුල නොවේ. ස්විට්සර්ලන්තයේ මෑතකදී සියදිවි නසාගැනීම්වලට සහය දැක්වීම නීතිගතකර ඇති අතර ඒ ඌණ මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන් සඳහා පමණි.ලෝකයේ බලගතුම රට වන ඇමරිකාවේද සියදිවි නසා ගැනීමට උත්සහා කරන අයට දඬුවම් ලබා දේ.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව සිය දිවි නසා ගැනීම අපරාධයකි. 1998 දක්වා සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඉන් බේරෙන පුද්ගලයන් පොලිස් පොතේ අත්සන් කිරීම අනිවාර්ය කරුණක් විය.නමුත් එයින් වන  මානසික අවමානය නිසා  1998 ශ්‍රී ලංකා රජය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්ති ඉවත් කර තිබේ.

ආගමික මතවාද

commons.wikimedia.org

ආගමික පසුබිම ගැන කතා කරද්දී බුදු දහම සියදිවි නසා ගැනීම පාපයක් ලෙසත්, මතු භවය දුගතිගාමී වීමට එය හේතුවක් වන බවත් දක්වන අතර කතෝලික ආගම ද සියදිවි නසා ගැනීම පාපයක් ලෙස දක්වනවා. ඒ වගේම යුදෙව් ආගම එය දෙවියන්ගේ පාරිශුද්ධත්වය පිළිනොගන්නා බව දක්වනවා. ඉස්ලාම් ආගමේ සියදිවි නසා ගැනීම තහනම් කර තිබෙනවා. වෙනත් මනුෂ්‍ය ඝාතනයක් කරන තරම් පවකට සමාන තත්වයක් හින්දු ආගමේ සිය දිවි නසා ගැනීම හදුන්වනවා.නමුත් හින්දු ආගමේ උපවාස කිරීම තුලින් තම ජීවිත නැතිකර ගැනීමට අයිතියක් තිබෙන බව දක්වනවා.හින්දු ආගමේ වැන්දඹුවන් සදහා සති පුජා,එනම් ස්වාමියාගේ මරණයෙන් පසු ගින්නට පැන දිවි හානි කර ගනිම්ද තිබෙනවා.

වළක්වා ගැනීම්

මෙම කරුණු මගින් පැහැදිලි වන්නේ සියදිවි නසා ගැනීම මෝඩකම නිසාවෙන් සිදු නොවන බවක් ලෙසත් යම් යම් අවදානම් සාධක මෙයට බලපාන බවත්ය.නමුත් මෙහි වටිනා ම කරුණ වන්නේ වළක්වා ගැනීම යි. ජිවිතයක් නැති වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම ඉතා උසස් කටයුත්තකි.

මානසික සෞඛ්‍ය ගැටළු වලින් පෙළෙන අයට එම තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම මගින් දිවිනසා ගැනීමේ අවදානම අඩු කර ගැනීමට පුළුවන්. මීට අමතරව ඒ සදහා භාවිතා කරන ක්‍රමයන්ට ලඟා වීමට ඇති හැකියාවන් අඩු කිරීම මගින්ද කළ හැකියි. පාලම් බාධක, උමං මාර්ගවලට ලඟාවීම අඩුකිරීම, ගිනි අවි හා වස විස භාවිතය අවම කිරීම උදාහරණ ලෙස සඳහන් කරන්නට පුළුවන්. අධික ලෙස මත්ද්‍රව්‍ය හා ඖෂධ භාවිතා කරන්නන් සහ මීට පෙර සියදිවි නසාගැනීමට උත්සාහ කළ තැනැත්තන්ට ප්‍රතිකාර කිරීම යන ආදිය වැදගත් වේ.

දිනෙන් දින වැඩිවන සිය දිවි නසා ගැනීම් අනුවණ කමක ප්‍රතිඵලයක් නොවන අතර ඒ සදහා නිර්දේශ කළයුතු තත්ත්වය වන්නේ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම යි. එමගින් සිය දිවි නසා ගැනීමේ අවධානමක් ඇති පුද්ගලයන්ට ජිවත් වීමේ භාග්‍යය උදා කර ගත හැකි වෙනවා.

කවරයේ පින්තුරය:huffingtonpost.com

මුලාශ්‍ර:

  1. www.ceylonradio.co.uk
  2. Wikipedia.org
  3. www.lankadeepa.lk

Related Articles