Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“දිව්‍යමය ඇස” හෙවත් ලොව විශාලම රේඩියෝ දුරේක්ශය

චීනයේ අභ්‍යාවකාශ තරණ ඉතිහාසය වර්ෂ 1950 තරම් ඈතට දිව යනවා. ඇමරිකාවට හා රුසියාවට පසුව මනුෂ්‍යයෙක් ව අභ්‍යාවකාශ ගත කරන්නේ චීනයයි. චීනය මේ වනවිට රුසියාව හා ඇමරිකාව සමඟ කරට කර තරඟයක යෙදී සිටින අතර එමෙන්ම අභ්‍යාවකාශ පර්යේෂණ වෙනුවෙන් ද විශාල ලෙස මුදල් ආයෝජනය කරනවා.එවැනි ව්‍යපෘතියක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ  ලෝකේ ලොකුම රේඩියෝ දුරේක්ෂය ගැන කතාවයි මේ.

දුරේක්ෂය මත සේවය කරන සේවකයෙක් – www.sciencemag.org

පිහිටීම හා ප්‍රමාණය

ෆාස්ට් (Fast) යන කෙටි නාමයෙන් හැඳින්වෙන වන මෙහි සම්පුර්ණ නම Five hundred meter Aperture Spherical Telescope හෙවත් “මීටර් 500 ක් විශ්කම්භයක විවරයක් ඇති ගෝලාකාර දුරේක්ෂය” යන්නයි. චීනයේ බිජිං නුවර ඉදන් කිලෝමීටර 2,000 පමණ නිරිත දිග පැත්තට වෙන්න තියෙන ගුවන්ෂු ප්‍රාන්තයේ නිර්මාණය කර ඇති මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 180ක් පමණ වෙනවා. 2011 වර්ෂයේ වැඩ ආරම්භ කරන මෙහි වැඩ කටයුතු නිමා වෙන්නේ 2016 වර්ෂයේ දියි. පාපන්දු පිටි 30ක් පමණ විශාල වන මෙම දුරේක්ෂයේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ අභ්‍යාවකාශයෙන් ග්‍රහලෝක ගැන තොරතුරු එකතු කිරීම හා පෘථිවියට එහා ඇති විය හැකි ජීවය ගැන හෝඩුවා සෙවීමයි.  මෙය මගින් ලොව පර්යේශයකයන්ට පෙරට වඩා අභ්‍යාවකාශය ගැන ඉහත තොරතුරු ගවේශනය කල හැකිවනු ඇති බව මෙම ව්‍යාපෘතියේ නියමුවන් පවසනවා.

පාපන්දු පිටි 30 තරම් විශාල තැටිය – dailymail.co.uk

දුරේක්‍ෂය පිටුපස ඇති තාක්ෂණය

මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින ප්‍රධානම තාක්ෂණික සැපයුම්කරුවා වන්නේ ඔස්ට්‍රේලියාවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය (CSIRO) සහ  චීනයේ ප්‍රධාන පෙලේ තාරකා විද්‍යාත්මක පර්යේෂණ සංවිධානයක් එක්ව ලොව විශාලම රේඩියෝ දුරේක්ෂයේ ප්‍රධාන කොටස්කරුවන් වීමට ගිවිසුම් ගත වී තිබෙනවා.

චීනයේ ජාතික තාරකා ශාස්ත්‍රය පිලිබඳ විද්‍යා පර්යේෂණ ඇකඩමිය (The National Astronomical Observatories of the Chinese Academy of Sciences) විසින් ද මෙම CSIRO ඉංජිනේරුවන්  සමග ලොව විශාලතම තනි තැටියේ රේඩියෝ දුරේක්ෂයේ නිර්මාණ කටයුතු වෙනුවෙන් අත්වැල් බැද ගෙන තිබෙනවා.

කිලෝමීටර භාගයක විෂ්කම්බයක් සහිත FAST  ඈත විශ්වයේ ඇති ගුවන් විදුලි සංඥා ලබා ගැනීමට හැකි හෙයින් ලොව සංවේදිතම දුරේක්ෂයක් වෙනවා. එය විශ්වයේ ස්වභාවය, ආරම්භය හා එහි විකාශනය ගවේශනය කිරීමට උපකාර කර ගැනීමට විද්‍යාඥයින් බලාපොරොත්තුවෙන් සිටිනවා.

19 – තරංග ග්‍රාහකය – i.dailymail.co.uk

මෙම දුරේක්ෂයේ ඇති ප්‍රධානම අංගයක් වන 19-තරංග ග්‍රාහකය මෙම CSIRO ඉංජිනේරුවන් විසින් ඕස්ට්‍රේලියාවේ නිර්මාණය කර සාදා ඇත. මෙය මගින් තරංග ලබා ගන්නා FAST එම තරංග අධ්‍යයන පහසුව සඳහා වර්ධනය කිරීමටද සමත් වේ.

CSIRO ප්‍රධාන විධායක ආචාර්ය ලැරී මාෂල් පවසන්නේ ලෝකය සමඟ කරින් කර සිටිය හැකි තාක්ෂණයක් ඔස්ට්‍රේලියාව සතුවන බවට මෙය හොද උදාහරණයක් බවයි.

ඉදිකිරීම් අතරතුර දුරේක්ෂය – cdnau.ibtimes.com

බොහෝ ගුවන් විදුලි දුරේක්ෂ එක් අවස්ථාවක අහසෙහි එක් කොටසක් පමණක් දකින්නට සමත් තාක්ෂණයකින් යුක්තය. නමුත් CSIRO ඉංජිනේරුවන් පවසන්නේ FAST  හට එහි ඇති වෙන් වෙන් වූ ග්‍රාහක හා තාක්ෂණික උපාංග මගින් අහසේ  විශාල කොටසක් ගවේශනය  කළ හැකි බවත් එමගින් සැගවුණු මන්දාකිණි පවා සොයා ගැනීමේ හැකියාවක් ඇති බවයි. තවද CSIRO හි වැඩ බලන අධ්‍යක්ෂකවරයෙකු, තාරකා හා අභ්‍යාවකාශ විද්‍යාඥයකු වන වෛද්‍ය ඩග්ලස් බොක් සදහන් කරන්නේ මෙම දුරේක්ෂය වෙනුවෙන් නිපදවා ඇති ඇති ප්‍රභල රේඩියෝ තරංග ග්‍රාහකය නවීන තාරකා විද්‍යාවේ සන්ධිස්තානයක් වනු ඇති බවයි. එය මගින් අභ්‍යවකාශයේ සිට ලබා ගන්නා ගුවන් විදුලි තරංග අභ්‍යාවකාශ විද්‍යාව දියුණු කිරීමට මහත් රුකුලක් වනු ඇති බවද ඔහු සදහන් කරනවා. FAST දුරේක්ෂය මගින් අතිශයෙන් වැදගත් හා එමෙන්ම හදුනානොගත් ග්‍රාහ වස්තු පිළිබඳව තොරතුරු ලබා ගැනීමට බලාපොරොත්තු වේ. ඒවා අතර මෙතෙක් සොයා නොගත් අපගේ මන්දාකිණියේ පවතින දහස් ගණනක් වූ pulsar හා අනෙකුත් මන්දාකිණි වල පවතින එවැනිම වූ pulsar ද අයත් වේ. මෙවැනි pulsar යනුවෙන් හඳුන්වනු ලබන්නේ අභ්‍යවකාශයේ ඇති ගෝලාකාර, සංයුක්ත වූ, නගරයක් තරම් වූ වස්තුන් වේ. විද්‍යාඥයන් විසින් මේවා යොදා ගෙන උග්‍ර පීඩන තත්ත්ව යටතේ පදාර්ථයන්හි හැසිරීම, අප සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට ඇති ග්‍රහ වස්තූන් සොයාගැනීමට හා විශ්වයේ දුරවල් මැනීමට  මෙවලමක් ලෙස භාවිතා කරයි.

ලෝකයෙන් පිට නව පියවරක් තැබීමට සුදානමින් සිටින අභ්‍යවකාශකරුවන් හට මෙය මනා රුකුලක් වනු නොඅනුමානයි. තවත් මෙවැනි නව නිර්මාණ ගෙන ඔබ දන්නා තොරතුරුත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

Cover image – www.roughguides.com

Related Articles