Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාගරවලින් තිරසාර බලශක්ති උත්පාදන ක්‍රමයක්

මුහුදු රළ සහ සාගරවලින් අතීතයේ සිටම විවිධ ප්‍රයෝජන ලබාගත් මිනිස් වර්ගයා අද දක්වාම එම ස්වභාවික සම්පත් භුක්ති විඳිමින් සිටිති. සම්පත් සීමිත වීම හේතුවෙන් ජල විදුලිය ලබාගැනීමේදී ඇතැම් කාලවල විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වේ. මෙම මුහුදු සුළඟ මගින් විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවක් පවතී නම් එය ශ්‍රී ලංකාව වැනි මුහුදින් වටවූ දුපත් සඳහා මිල අධික නොවන සාර්ථක බල ශක්ති ප්‍රභවයක් ලෙස ලබා ගැනීමේ හැකියාව පවතී.

දූපත් සඳහා වඩාත් සාර්ථක ක්‍රමවේදයකි

(inhabitat.com)පෘතුගාලයේ සාගර ආශ්‍රිතව බල ශක්තිය ජනනය කරනු ලබන ක්‍රමවේදයක්

මුහුද රළු වන කාල සිමාවලදී මෙම ක්‍රමය හරහා වඩා සාර්ථක ලෙස විදුලිය උත්පාදනය කිරීමේ හැකියාව ඇත. පෘථිවියෙන් සියයට 71%ක් වැසී ඇත්තේ මුහුදිනි. තිරසාර සංවර්ධනය පිළිබඳව ලොව පුරා වැඩි වශයෙන් කතාබහට ලක් වන මෙවන් කාලයක විකල්ප බලශක්ති ක්‍රමවේදයක අවශ්‍යතාවය මතු වී තිබේ.

වියදම් අවම සහ තිරසාර බලශක්ති උත්පාදනයක්

(hexapolis.com)ඕස්ට්‍රේලියාව ආශ්‍රිත මුහුදු රළ ආශ්‍රිතව බලශක්තිය ජනනය කරනු ලබන)

ඇමරිකා එක්සත් ජනපදය මගින් සිදුකළ සංගණනයක් අනුව එහි ජනගහනයෙන් සියයට තිස් නවයක ප්‍රතිශතයක් (39%) ජිවත් වන්නේ වෙරළ ආසන්නයේය. එමෙන්ම එම ප්‍රතිශතය ඉදිරියට පැමිණෙන දශක කිහිපය තුළ ඉහළ යාමේ හැකියාවක් පවතින බවට විශ්වාස කරනු ලබයි. නමුත් රට මධ්‍යයේ ජීවත්වන ජනතාව විදුලිය සඳහා වැය කරනු ලබන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වෙරළ ආශ්‍රිතව ජීවත්වන පුරවැසියන්ට වියදම් කිරීමට සිදු වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බලශක්ති සංගණන දෙපාර්තමේන්තුව හරහා වාර්ෂික ඇමරිකා එක්සත් ජනපදය මගින් පරිභෝජනය කරනු ලබන පැයට ටෙරා වොට් 4000 ක ප්‍රමාණයෙන් ටෙරා වොට් 2,100 ක ප්‍රමාණයක් මුහුදු සුළඟ සහ මුහුදු රළ ආශ්‍රිතව ලබා ගැනීමේ හැකියාව පවතින බවට පරීක්ෂණ මගින් හෙළි වී ඇත. එය වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණයෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයකි.

සාගර ආශ්‍රිතව උදම් රළ සහ සුළඟ හරහා බල ශක්තිය උත්පාදනය කිරීම

www.independent.co.uk

මෙම නව සොයා ගැනීමවලට පවතින විශාලම බාධාව වන්නේ මෙම බලශක්ති ජනන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අන්තර්ජාතික වශයෙන් බොහෝ රාජ්‍යයන්ගේ සහයෝගිතාවය අවශ්‍ය වීමය. මෙය කිලෝ මීටර මිලියන තුනක වපසරියක් අවශ්‍ය වන ව්‍යාපෘතියක් වීම හේතුවෙන් අන්තර්ජාතික සහයෝගිතාවය නොමැතිව මෙය සිදු කළ නොහැකිය. Anna Possner, Ken Caldeira යන ආචාර්යවරු දෙපළ පවසන ආකාරයට උතුරු අත්ලාන්තික සාගරය ආශ්‍රිතව පවතින සුළං බලය මගින් මුළු ලොවටම අවශ්‍ය බල ශක්තිය ලබා ගැනීමේ හැකියාව පවතී. වසරේ සුළං කාලවලදී උතුරු අත්ලාන්තික් සාගරය හරහා සියලුම යුරෝපිය රටවල් සඳහා වසරේ සෑම කාලයකදීම බලශක්තිය ලබා ගැනීමේ හැකියාවක් පවතී.

ආරම්භය

සාගර මගින් බලශක්තිය ජනනය කරගැනීම නව සංකල්පයක් නොවන අතර පළමු වරට මුහුදු රළ මගින් බලශක්තිය ජනනය කරනු ලබන බලශක්ති ජනන යන්ත්‍රයක් සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගනු ලැබුවේ 1799 වර්ෂයේදීය. නමුත් ලොවපුරා මතුවූ ඛනිජ තෙල් ගැටලුව හේතුවෙන් මේ පිළිබඳව තිබූ අවධානය අවම විය. නැවතත් මෙම මාතෘකාව පිළිබඳව අවධානය යොමුවීම ආරම්භ වන්නේ ජනගහනය අධික වීම සහ සීමිත සම්පත් හේතුවෙන් පොසිල ඉන්ධන තවදුරටත් ප්‍රමාණවත් නොවීම සහ මිල අධික වීම හේතුවෙනි.

වාසිදායක බලශක්ති ක්‍රමයකි

මුහුදු රළ මගින් බල ශක්තිය ලබා දීමට හැකියාවක් ඇත්තේ ඒ තුළ තාප ශක්තිය සහ චාලක ශක්තිය අන්තර්ගත වී පවතින බැවිනි. මුහුදු රළ මගින් ලබා ගන්නා බලශක්තිය හිරු එළිය සහ සුළඟ මගින් ලබා ගන්නා බලශක්තියට වඩා වාසිදායක වේ. මුහුදු රළ තුළ පවතින ශක්තිය බලශක්තියක් බවට පත්කර ගැනීම සඳහා ප්‍රධාන පරිවර්තන තාක්ෂණ ක්‍රමවේද හතරක් පවතී.

ප්‍රායෝගික ගැටලු

මෙම මුහුදු රළ මගින් බලශක්තිය නිපදවීමේදී ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදු වී ඇත. මේවා බොහොමයක් තාක්ෂණික ගැටලු වන අතර මෙම බලශක්තිය පරිවර්තන සඳහා යොදාගනු ලබන තාක්ෂණික මෙවලම් බොහෝ අවස්ථාවලදී කුණාටු ආදී වූ ස්වභාවික තත්ත්වයන් සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් නොමැති වීම එක් ගැටලුවකි. එමෙන්ම මෙවලම් සහ උපකරණ නිරන්තරයෙන් ලවණ සහිත මුහුදු ජලය සහ සුළඟට නිරාවරණය වීම හේතුවෙන් එම පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දිය නොහැකි වීම තවත් එක ගැටලුවක් ලෙස හඳුනාගත හැකිය. මෙම උපකරණ නඩත්තුව ද අපහසු කටයුත්තකි.

ඉහත සදහන් කරනු ලැබූ ගැටලු සඳහා පිළිතුරු ලබාගත හැකිනම් සාගර ආශ්‍රිතව බල ශක්තිය උත්පාදනය පවතින බලශක්ති අර්බුදය සඳහා සාර්ථක පිළියමක් බවට පත් කරගත හැක. දූපත් සඳහා එය වඩාත් සාර්ථක ලෙස යොදාගත හැකි අතර ජලයවිදුලිය උත්පාදනය කිරීම වෙනුවට මෙවැනි ක්‍රමවේද යොදා ගැනීමේ හැකියාව පවතී නම් සීමිත ජල සම්පත රැක ගැනීමටද ඉඩකඩ හිමිවන බවට විශේෂඥයන් මත පළ කර ඇත.

කවරයේ පින්තූරය : netdna-cdn.com

මූලාශ්‍ර

hdiac.org

alternative- energy-tutotrials.com

Independent.co.uk

Related Articles