Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාර්ථකත්වයට වයස් සීමාවක් තියෙනවාද? මේ වීඩියෝව නරඹලා ආපහු හිතලා බලන්න

සාර්ථකත්වය කියන්නේ වයස් සීමාවක් තියෙන දෙයක්ද? එක්තරා වයසකට ආවම අලුතෙන් දෙයක් කරලා බලන්න, සාර්ථකත්වය ගැන හීන දකින්න අපිට බැරිද? ඉලක්කමක් විතරක් වුණු වයසට අපේ බලාපොරොත්තු සීමා කරන්න නොදී සාර්ථකත්වය කරා යන්න, සතුට ළඟා කරගන්න තවමත් ඕනෑ තරම් කාලය තිබෙනවා. මේ ඒ බව ඒත්තු ගන්වන අපූරු වීඩියෝවක් ගැනයි.

තමන්ගේ පළමු සුදු හිසකෙස් ගස දකින දින වයසට යනවා කියලා හිතෙන මුල්ම දිනය වෙන්න පුළුවන්. (imgur.com)

එක එක අය “මම දැන් වයසයි” කියලා හිත හදා ගන්න අවධීන් තියෙනවා. සමහරුන්ට තමන්ගේ කොණ්ඩය ඉදීම, පොඩි ළමයි අයියා / අක්කා කියන එක අඩු වෙලා මාමා / නැන්දා (අන්කල් / ආන්ටි) කියන්න ගන්න එක වයසට ගිහින් කියලා හිතෙන්න බලපානවා. තවත් අයට දරුවන් ලොකු මහත් වෙලා තනියෙන් වැඩකටයුතු කරගන්නවා දැක්කාම “පොඩියට හිටපු මගේ ළමයි ලොකු වෙලා, මම දැන් වයසට ගිහින්” කියලා හිතෙනවා.

හැබැයි ඇත්තටම අපි වයසට ගිහින්ද? වයසත් එක්ක ඇති වෙන කායික සහ සමාජීය වෙනස්කම් අපි පිළිගත යුතු වුණත් අපි කරමින් සිටින දේවල්වලට, අනාගත සැලසුම්වලට, කොටින්ම කියනවා නම් ජීවිතය ගැන පවතින බලාපොරොත්තුවලට අපිම සීමා දාගන්න ඕනද?

එදා තිබුණු අමරණීය වාහන දෙකක් – Vespa සහ Mini. (youtube.com)

බොහොම ලෙන්ගතු පැරණි බවක් දනවන මවුත් ඕගන් වාදනයක් එක්ක කවුරුත් දැක්ක පමණින් අඳුනන Mini එකක් පාරේ නවත්වලා තියෙනකොට ඒකෙ අනිත් පැත්තෙන් තරුණ ජෝඩුවක් ස්කූටර් එකක ඇවිත් නවත්වනවා. තාරුණ්‍යයේ සැහැල්ලුව, විනෝදය, ආදරය අත්විඳිමින් මේ දෙන්නා රවුමක් යන්නේ Mini එක වගේම ලෝකය පුරාවටම ආදරය දිනා ගත්තු ස්කූටර් එකක. Mini එක ඇතුලේ ඉන්න වයසක ජෝඩුවටත් තරුණ ජෝඩුවගේ ආදරණීය බව දැකලා තමන්ගේ සුන්දර අතීතය මතක් වෙනවා.

හොඳම තත්වයේ Vespa එකක් සීයා ළඟත්? (youtube.com)

Mini එකේ ගිය සීයාට ඇත්තටම ඊටත් වඩා ලස්සන, හොඳම තත්වයේ ස්කූටර් එකක් තියෙනවා. ඔහු ඒක තමන්ගේ මුණුබුරාට පෙන්වන්න එක්කගෙන යනවා. සීයා මේ ස්කූටර් එක තමන් ළඟට ආවේ තමන්ගේ තාත්තා උපන් දිනේට අරන් දීපු තෑග්ගක් විදිහට කියලත්, ආච්චි අම්මා තමන්ටත් වඩා කැමතියි කියලාත් කියන කතාව ඇතුළේ වැඩිපුරම තියෙන්නේ එදා විඳපු ආදරය, සෙනෙහස, තරුණ කම, සැහැල්ලුව වෙන්න ඇති. දකින කාට වුණත් හිතෙන දේ මුණුබුරා වචනයට හරවනවා. “ෂහ්, තාමත් ලස්සනටම තියෙනවා.” ස්කූටරය තරුණ වුණත් අපි වයසට ගිහින් කියලා සීයා කිව්වාම මුණුබුරා හරිම වැදගත් උපදෙසක් දෙනවා.

“වයස කියන්නේ ඉලක්කමක් විතරයි සීයේ, ඒ නිසා අතහරින්න එපා!” 

මුණුබුරාගේ වචනවලින් සීයා තේරුම් ගන්නවා ආදරය විඳින්න තමන්ට කිසිම බාධාවක් නෑ කියන එක. තමන්ට එදා තිබුණු Vespa එකත්, තමන්ගේ පෙම්වතියත්, ඇයව වසඟයට ගන්න පුළුවන් වුණු රොමෑන්ටික් බවත් අදටත් තමන් ළඟ. ඉතින් ඇයි එදා විඳපු දේ විඳින්න බැරි? වයස කියන ඉලක්කම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. සීයා තීරණයක් ගන්නවා.

එදා ඇය වසඟ කළ බැල්ම අදටත් මැකිලා ගිහින් නැහැ. (youtube.com)

ඒ කාලෙකට කලින් කළා වගේම උජාරුවට ස්කූටර් එකේ ඇවිත් රේස් කරලා, පොඩි සද්දයක් එහෙම දාලා, හොඳ මනමාල බැල්මකින් තමන්ගේ පෙම්බරියට ආපහු රවුමක් යන්න ඉඟි කරන්න.

එදා ඔවුන් විඳපු සුන්දර සතුට ආයෙත් ඔවුන් විඳිනවා කිසිම අඩුපාඩුවක් නැතිව, සමහරවිට එදාටත් වඩා හොඳට.

කවදත් අපිට මතක හිතෙන සුන්දර වෙළඳ දැන්වීම් පළ කරන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ අලුත්ම වෙළඳ දැන්වීම බලලා ඔබටත් අපූරු ආදරණීය හැඟීමක් දැනෙන්න ඇති. සාර්ථකත්වය ලබා ගන්න, සතුට අත්විඳින්න වයස කියන ඉලක්කම බාධාවක් කර ගන්න එපා කවමදාවත්. මෙන්න එහෙනම් ඒ වීඩියෝව. මෙය නරඹලා අනිත් අයත් එක්කත් share කරන්න අමතක කරන්න එපා.

කවරයේ රූපය : (youtube.com)

Related Articles