Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආතරයිටීස් වේදනාවෙන් ආරක්ෂා වෙන්න දැන් ඉඳන්ම පුරුදු වෙමු

ඔබ වෙත ගෙන එන්නේ

අද ඔක්තෝබර් මාසේ 12 වැනිදා. අද දවසේ වැදගත් කම ගැන මේ ලිපිය කියවන වැඩි දෙනෙක් නම් නොදන්නවා වෙන්න පුළුවන්, කොහොම නමුත් අද දවස වෙන් වෙලා තියෙන කාරණාව නිසා පුදුම දුකක් විඳින බොහෝ දෙනෙක් අපි කාගේත් පවුල්වල ඉන්න ලොකු ඉඩක් තියෙනවා. මේක ඒ තරමටම සුලභ ගැටළුවක් වෙන තරමට ජාති, රටවල්, ගැහැණු පිරිමි භේදයක් නැතිව ලෝකය පුරාම පැතිරිලා තියෙන නිසා තමයි ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් පවා වෙන් කරලා තියෙන්නේ.

මේ ලිපියේ මාතෘකාව කියෙව්වා නම් ඔබ දැනටමත් දන්නවා ඇති මේ කියන්න යන්නේ මොනවා ගැනද කියන එක. වැඩිහිටියන් බොහෝ දෙනෙක්ට වද දෙන මේ රෝගාබාධය තමයි ආතරයිටීස්. ආතරයිටීස් රෝගය දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ ඍජුවම භයානක නොවුණත් විඳින්න වෙන අපහසුව අතින් නම් බොහෝ රෝගවලට වඩා ඉදිරියෙන් තියෙන්නේ. සන්ධිවලින් එකට සම්බන්ධ වෙලා තියෙන අස්ථි චලනය කිරීම අපහසු කරන එක තමයි ආතරයිටීස් රෝගාබාධයෙන් සිදු වෙන්නේ. අද, එහෙමත් නැතිනම් ඔක්තෝබර් 12 වැනිදා ජාත්‍යන්තර ආතරයිටීස් දිනය කියලා නම් කරලා තියෙනවා.

සමහර විට අපේ ආදරණීය අම්මා තාත්තාට වුණත් ආතරයිටීස් නිසා ඇති වෙන්න පුළුවන් සන්ධි වේදනාවට ලොකු සහනයක් ලබා ගන්න පුළුවන් නිෂ්පාදනයක් බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් සමාගමේ බරකා නිවසින් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි JointEase. නමෙන් කියවෙන විදිහටම, සැබෑවටම සන්ධිවලට සුව සලසන්න JointEase සතුව තියෙන හැකියාව නිසා සන්ධිවල වේදනාවෙන් පීඩා විඳින වැඩි දෙනෙක්ට දැන් ආයෙත් අපහසුවක් නැතිව දෛනික වැඩකටයතු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ ලිපියෙන් සලකා බැලෙන්නේ බරකා JointEase වලට මේ අරුම පුදුම හැකියාව ලැබුණේ කොහොමද කියන එක ගැනයි.

ලොව පුරා පිළිගත් දේශීය ආයතනයක්

බරකා නිෂ්පාදන පෙළ ඔබ වෙත ගෙන එන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනය (baraka.lk)

මොන ලෙඩේ හැදුණත් දොස්තරලා පස්සේ යන්නේ නැතිව ස්වභාවික ක්‍රමයකට සහනයක් ගන්න හිතන කෙනෙක් නම් ඔබ බරකා නිෂ්පාදන පෙළ ගැන මේ වන විටත් නොදැන ඉන්නට විදිහක් නැහැ. රට පුරාම ආයුර්වේද අලෙවිසැල් සියල්ලෙන්ම ලබා ගන්න පුළුවන් බරකා නිෂ්පාදන ඔබ වෙත ගෙන එන්නේ බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් සමාගම වෙතින්. උසස් තත්වය සහ ප්‍රමිතිය නිසාම ඔවුන්ට අන්තර්ජාතික ප්‍රමිති සහතික විශාල ප්‍රමාණයක් හිමි වී තිබෙනවා. අපේ රටට බටහිර බෙහෙත් තොග ගණන් එවන රටවල ජනතාව පවා අද ස්වභාවික ශාකසාර නිෂ්පාදනවල අගය වටහාගෙන තියෙනවා.

ආයුර්වේද නිෂ්පාදන ඕනෑ තරම් තිබුණත් බටහිර රටවල්වල ජනතාව අපේක්ෂා කරන විදිහේ ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන බිහි කරන ආයතන තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. නොවෙනස් ඉහළ ප්‍රමිතිය නිසා බරකා ශාකසාර නිෂ්පාදන ප්‍රධාන බටහිර රටවල් සියල්ලම ඇතුළුව ලෝකය පුරාම ජනප්‍රියයි. වාර්ෂිකව ඉතා විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට උපයා දෙන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනය මෑතකදී වසරේ හොඳම අපනයනකරුවාට හිමි ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.

හොඳම අපනයනකරුවාට හිමි ජනාධිපති සම්මානය දිනා ගත් මොහොත. (baraka.lk)

ඉතින් ඒ වගේ ලෝකය පුරා පිළිගත් ආයතනයක් විදිහට ඔවුන් නිෂ්පාදන සකස් කරන්නේ ඉතාම පිරිසිදු, හොඳම තත්වයේ අමුද්‍රව්‍ය වගේම ආයුර්වේදයේ එන බෙහෙත් වට්ටෝරු නිවැරදිම ආකාරයට භාවිත කරලයි. සියලු පහසුකම්වලින් සපිරි විද්‍යාගාරයක්ද ඔවුන් සතුයි. ඔබ වෙත ලැබෙන සෑම බරකා නිෂ්පාදනයක්ම නිපදවෙන්නේ දීර්ඝ කාලීන පර්යේෂණ ගණනාවක ප්‍රතිඵලයක් විදිහට නිසා ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාව ඉතා ඉහළයි.

ස්වභාවික දේවල්වල ගුණය

මේ කාලය ඇත්තෙන්ම ස්වභාවික දේ පැත්තට ලොකු නැඹුරුවක් ඇති වෙමින් පවතින කාලයක්. මීට කාලෙකට කලින් පෙට්‍රෝලියම් ඇතුළු වෙනත් ඛණිජ සංයෝග පාවිච්චි කරලා බොහොම අඩු මිලට නිපදවන නිෂ්පාදන ඕනෑ තරම් මිලට ගත්තා. ආයුර්වේද බෙහෙත් වට්ටෝරු ගැන ලොකු සැලකිල්ලක් තිබුණේ නැහැ, අඩු මිල නිසා බොහෝ දෙනෙක් කෘත්‍රීම නිෂ්පාදන විතරමයි මිල දී ගත්තේ.

අද කාලයේ කවුරුත් සිසිල් බීම පැත්තකට දාලා නැවුම් පලතුරු යුෂ එකක් රස විඳින්න පුරුදු වෙලා තියෙනවා (juiceonline.foodpanda.my)

මේකට බොහෝ සමාන දෙයක් ආහාර ක්ෂේත්‍රයේත් දකින්න ලැබෙනවා. මීට කාලයකට කලින් ඒ දවස්වල මිල අනුව ලොකු ලොකු ආයතනවල කෘත්‍රීම පැණි බීමවලට (වෙළඳ නාම කියන්න අවශ්‍ය නැහැනේ) තිබුණේ විශාල ඉල්ලුමක්. මොන තරම් පෝෂ්‍යදායී වුණත් ඒ වගේ කිහිප ගුණයක මිලක් ගෙවලා පලතුරු යුෂ බොන්න කවුරුත් කැමති වුණේ නැහැ.

හැබැයි ඒ ක්ෂේත්‍ර දෙකටම සිදු වෙලා තියෙන දේ අද ඉතා හොඳින් දකින්න පුළුවන්. අද රූපලාවණ්‍ය නිෂ්පාදන නම් 90% ක්ම හැදෙන්නේ ස්වභාවික ශාක සාරවලින්. අනිත් අතට පැණි බීම බොනවට වඩා හැමෝම අද කාලේ උත්සාහ කරන්නේ නැවුම් පලතුරු යුෂ එකක් බොන්නයි. ගුණත්වයෙන් ඉහළ ස්වභාවික දේවල් මිලෙන් අඩු කෘත්‍රීම දේවල් ඉක්මවා ගියේ අන්න එහෙමයි.

මේ හැම දේකටම හේතු වුණේ ලෝකය පුරාම කවුරු කවුරුත් ස්වභාවික දේවල්වල තියෙන ගුණත්වය වටහා ගන්න පටන් ගත්තු එකයි. ලස්සන පාට පාටට, අඩු මිලට තිබුණට ඒ නිෂ්පාදනවලින් වෙන්නේ නැති ලෙඩ හැදෙන එක බව කාට කාටත් දැන් තේරෙන්න පටන් අරන්. විද්‍යාවේ දියුණුවත් එක්ක ස්වභාවික දේවල්වල වටිනාකම තව තවත් තහවුරු වෙලා. කාලයක් හැමෝම හිනා වුණු ස්වභාවික බෙහෙත් වර්ග, රූපලාවණ්‍ය නිපැයුම්, නැවුම් පලතුරු යුෂ, දුඹුරු සීනි, නිවුඩු හාල්, ස්වභාවික රෙදිපිළි, මැටි වළන් ඇතුළු දේවල් අද හැමෝම හොය හොයා පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා.

මේ වගේ වළඳට හැදෙන කෑම වල රස මිල අධික භාජනයකින් ගන්න පුළුවන්ද? (rodalesorganiclife.com)

ස්වභාවික දේවල්වල ගුණ නොනැසී පවත්වාගෙන, ඒවා පාවිච්චි කරන්න තියෙන අපහසුව අවම කරන JointEase ඇතුළු බරකා නිෂ්පාදන ලෝකය පුරා ජනප්‍රිය වෙන එක ඒ නිසා ලොකු පුදුමයකුත් නෙවෙයි.

සන්ධි වේදනාවට කියාපු තෙල් වර්ගවල එකතුවක්

බරකා JointEase ඇත්තටම හැදිලා තියෙන්නේ විවිධාකාර ගුණ දෙන ස්වභාවික තෙල් වර්ග විශාල ගණනක එකතුවෙන්. වින්ටර්ග්‍රීන් තෙල්, සූරියකාන්ත තෙල්, සුපිරිසිදුම පොල් තෙල්, කළුදුරු තෙල්, කරාබු නැටි තෙල්, ඔලිව් තෙල්, එඬරු තෙල් සහ යුකැලිප්ටස් තෙල් නියමිත පරිමාණවලින් JointEase තුල අඩංගුයි. ඉතාම සූක්ෂම පරීක්ෂණ තත්ත්ව ගණනාවක් යටතේ අධ්‍යයනය කරලා නිපදවෙන නිසා JointEase ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්න සමත්.

තෙල් හරියට නැති වුණාම ගෙවිලා යන වාහනවල ball joint අපේ සන්ධිවලට ඉතා සමානයි (svtperformance.com)

සන්ධිවල වේදනාව ඇති වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ අස්ථි එකිනෙක මත ලිස්සා යන්න තියෙන හැකියාව අඩු වෙන එකයි. ඒකත් හරියට තෙල් දාපු නැති මැෂින් එකක් වගේ. වයසට යාමත් එක්ක ස්වභාවික ලිහිසි ක්‍රම අඩපණ වීම ඇතුළු විවිධ හේතූන් නිසා අපේ සිරුරේ සන්ධිවල අස්ථි එක මත එක ලිස්සා යන්න අපහසු වෙනවා. ඒ නිසාම තෙල් දාපු නැති යන්ත්‍රයක් වගේ අපේ සන්ධිවලත් ක්‍රියා කරද්දී ලොකු ශක්තියක් වැය වෙන්න, ගෙවී යාම වැඩි වෙන්න, වැඩිපුර ශබ්දය ඇති වෙන්න පටන් ගන්නවා.

යන්ත්‍රයකට ලේසියෙන්ම තෙල් දාන්න පුළුවන් වුණත් අපේ සන්ධිවලට තෙල් දාන එක නම් ඒ තරම් ලේසි නැහැ. ඒ සඳහා ස්නේහනය කරන්න හැකියාව තියෙන ස්වභාවික තෙල් වර්ග අපේ සම, මාංශ පේශී හරහා සන්ධි හා පටක වෙත ගෙන යන්න පුළුවන් වෙන්න අවශ්‍යයි. JointEase නිපදවෙන්නේ මේ වැඩේ හරියටම කරන්න පුළුවන් විදිහට තෙල් මිශ්‍ර කරලයි.

baraka.lk

JointEase තුල වාහක තෙල් වර්ග, එහෙමත් නැතිනම් carrier oils කිහිපයක් තියෙනවා. මේවායේ වගකීම තමයි අපේ සිරුර හරහා උරාගෙන සන්ධිය දක්වාම යන එක. පෝෂක සහිත, නමුත් පහසුවෙන් අපේ සිරුර හරහා උරා ගන්න බැරි වටිනා තෙල් වර්ග මේ ක්‍රමය නිසා ඉතා පහසුවෙන් අස්ථි වෙත ගෙන යනවා. (මැෂින් එකකට තෙල් දානවාට වඩා ඉතාම සංකීර්ණ, රුධිරය සහ පේශි පටක සම්බන්ධ ක්‍රියාවලියක් අනුවයි JointEase ක්‍රියාත්මක වෙන්නේ. මෙය ඉතාම සරල උදාහරණයක් විතරයි.) ඒකත් හරියට ගැඹුරු නිසා එතෙර වෙන්න බැරි ගඟකින් බෝට්ටුවක් පාවිච්චි කරලා එතෙර වෙනවා වගේ වැඩක්.

මේ අපූරු ක්‍රමවේදය තමයි බරකා JointEase සතු ඖෂධීය තෙල් වර්ග ඉතා හොඳින් සන්ධි වෙත ගෙන ගිහින් ක්‍රියාත්මක කරවන්න හේතු වෙන්නේ. ඒ නිසාම JointEase වල ප්‍රතිඵලදායක බව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා.

සැබෑ සහනය ලබා දෙන්නක් මිසක් වේදනා නාශකයක් නෙවෙයි

වේදනා නාශක වලින් කෙරෙන්නේ රෝගය යටපත් වීමක් විතරයි (pbs.org)

වෙළඳපොළේ තියෙන සමහර නිෂ්පාදන ආතරයිටීස්, රූමැටික ප්‍රදාහය ඇතුළු සන්ධි වේදනා ඇති කරන රෝගවලට ප්‍රතිකාර කරනවා වෙනුවට කරන්නේ වේදනාව අඩු කරන එක විතරයි. දැනෙන වේදනාව අඩු වුණත් එක මත එක තදින් ඇතිල්ලෙමින් අස්ථි විඳින සැබෑ අපහසුවේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අනිත් අතට අස්ථි ඉක්මණින් ගෙවී යෑමේත් කිසිදු වෙනසක් නැහැ. සමහරවිට වේදනාව නැති නිසා ගණන් නොගෙන හිඳීමෙන් සාමාන්‍ය තත්වයටත් වඩා ගැටලුව උත්සන්න වෙන්න පුළුවන්.

මේ නිසා සැබෑවටම ආබාධයේ මූලයට ප්‍රතිකාර කරන බරකා JointEase වගේ නිෂ්පාදනවලට විතරක් හුරු වෙන්න අනිවාර්යයෙන්ම මතක තියා ගන්නා. එහෙම නොවුණොත් ඉක්මන් සහනයට වඩා තමන්ගේ අස්ථි, සන්ධි මොන තරම් වැදගත්ද කියන එක තේරුම් යන්නේ රෝද පුටුවකට වැටෙන්න වුණු දවසක තමයි.

අස්ථි එක මත එක ලිස්සා යන්න අපහසු වීම ආතරයිටිස් වලට මග පාදන හැටි (arthritis.org)

ඉතින් අදට යෙදී තියෙන ජාත්‍යන්තර ආතරයිටීස් දිනයේදී මේ කියපු කරුණු ගැන වඩාත් සැලකිලිමත් වෙන්න බලන්න. තරුණ ඔබට බොහෝ විට මෙය පවතින ගැටළුවක් නොවුණත් ඔබේ ආදරණීය, කිට්ටුම වැඩිහිටියන්ගේ අපහසුතා අවම කරන්න එය වඩාත් ඉවහල් වේවි. ඒ වගේම නිතරම ස්වභාවික නිෂ්පාදන පමණක් පාවිච්චි කරන්නත්, හැම විටෙකම පිළිගත් ආයතනයක නිෂ්පාදන පාවිච්චි කරන්නත් හිතට ගත්තොත් ඔබට ඒවායේ සැබෑ ගුණය ලබාගෙන වැඩි කලක් නීරෝගීව දිවි ගෙවන්නත් ලැබේවි කියන එක ගැනත් කිසිම සැකයක් නැහැ.

Related Articles