Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සොබාදහමේ අපූරු දායාද ඔබ වෙත ගෙන එන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස්

මිනිසුන් වන අපිත් මිහිමත ජීවත් වන තවත් එක ජීවීන් කොට්ඨාශයක්. අපේ ජීවිතයේ අපට ලබන්න පුළුවන් ලොකුම සම්පත වන මේ මිනිස් සිරුර රැක ගැනීමට වඩාත්ම වැදගත් වෙන්නේ ස්වභාවික දේවල් කියන එකේ කිසිම තර්කයක් නැහැ. වාතය, ජලය, ආහාර, මේ හැම දෙයක්ම වඩාත් වටින්නේ දූෂණයට ලක් නොවූ ස්වභාවික මූලාශ්‍රවලින් ලැබෙනකොටයි.

මේ නිසාම රසායනාගාරයක් ඇතුලේ පෙට්‍රෝලියම්, ගල් අඟුරු ඇතුළු පොළොව හැරීමෙන් ලබා ගන්නා වෙනත් සංයෝග එකතු කරලා හදන නිෂ්පාදනයකට වඩා ස්වභාවික ගස්වැල් අපිට ලබා දෙන සංයෝගයන් ඉතාම හිතකරයි. (කතාවක් තියෙනවා පෙට්‍රෝලියම් වගේ දේවල් මෙච්චර පොළොව යටට වැළලිලා ගිහින් තියෙන්නේ ඒවා පාවිච්චි කරන්න හොඳම නැති නිසා කියලත්) ජීවීන් වන අපට ජීවීන් විශේෂයක්ම වන ශාකවලින් ලබා දෙන ගුණ වෙනත් කිසිම කෘත්‍රීම ක්‍රමයකින් ලබා ගන්න බැහැ.

අද බටහිර ලෝකය පවා කෘත්‍රීම දේවල්වලින් ඈත් වෙලා ස්වභාවික දේට හුරු වෙන්න පටන් අරන්. (apneatreatmentcenter.com)

ඒ නිසාම ශාකවලින් ලබා ගන්නා දේවල් පාවිච්චි කරලා හදන ගොඩක් බෙහෙත් වර්ගත් අතුරු ආබාධවලින් තොරයි. කාලයක් තිස්සේ කෘත්‍රීම බෙහෙත්වලට පුරුදු වෙලා හිටපු බටහිර ජාතිකයන් පවා දැන් ස්වභාවික නිෂ්පාදන වෙත මාරු වෙලා. ක්ෂණික ආහාර අතහැරලා පෝෂ්‍යදායී ආහාර ගන්න ඔවුනුත් දැන් උත්සාහ ගන්නවා. සමහර ලෙඩ රෝගවලට බෙහෙත් කරගන්න ඔවුන් කිලෝමීටර් දහස් ගණන් ගෙවලා ආසියාතික රටවල පාරම්පරික දේශීය වෛද්‍යවරුන් හොයාගෙන එනවා.

අපේ රටේ ආයුර්වේද හා ශාකසාර ආශ්‍රිත නිෂ්පාදන

ශ්‍රී ලංකාවේත් ආයුර්වේද සහ ශාකසාර ආශ්‍රයෙන් නිෂ්පාදන බිහි කරන ආයතන බොහොමයක් දැක ගන්න පුළුවන්. ස්වභාවික දේවල්වලට ඇති ඉල්ලුම ඉහළ යාමත් එක්ක මේ ආයතනවලට ලෝකය පුරාම ඉහළ පිළිගැනීමක් නිර්මාණය වෙමින් පවතිනවා. ඔවුන් අප වෙත ලබා දෙන විදේශ විනිමය වගේම පාරම්පරික වෛද්‍ය ක්‍රමවල උන්නතියට දෙන සහයෝගයත් සුළුපටු නැහැ.

ලෝකය ජයගන්න සමත් වුණු අපේ රටේ වැදගත් ශාකසාර නිෂ්පාදන ආයතනයක් වන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනය ගැනයි මේ ලිපියෙන් කතා කෙරෙන්නේ.

අපේ රටේ ප්‍රසිද්ධ ශාකසාර නිෂ්පාදකයන් අතරින් ඉදිරියෙන්ම ඉන්න ආයතනයක් වන සීමාසහිත බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් (Bio Extracts Ltd) සමාගම ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් හඳුනන්නේ ඔවුන්ගේ බරාකා නිෂ්පාදන පෙළ නිසා. ISO 14001, ISO 22000, SLS ඇතුළු අන්තර්ජාතික සහ දේශීය තත්ත්ව සහතික විශාල ගණනක් ඔවුන්ට හිමි අතර යුරෝපය, දකුණු ඇමරිකාව සහ ආසියාව පුරාම ප්‍රධාන නගරවල බරාකා නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථාන 50කටත් වඩා තියෙනවා. ඔවුන්ගේ අන්තර්ජාතික වෙළඳ නියෝජිත ආයතනයක් මෑතකදී බොස්නියාවේදීත් ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේත් අනුමැතිය ඇතිව නිෂ්පාදන කටයුතු කරන අභිමානවත් ශ්‍රී ලාංකික ආයතනයක් විදිහට ඔවුන් අවුරුදු විස්සකටත් වැඩි කාලයක් තිස්සේ ලොකු ගමනක් ඇවිත් තියෙනවා.

ලොවම ජය ගත් බරාකා බ්ලැක් සීඩ් ඔයිල්

බරාකා නිෂ්පාදනයේ අඩංගු වෙන්නේ 100%ක්ම පිරිසිදු කළුදුරු තෙල් පමණයි. (baraka.lk)

බරාකා එක්කම බැඳුණු නමක් තමයි “බ්ලැක් සීඩ් ඔයිල්” (Black Seed Oil). කළුදුරු (Nigella sativa) ඇටවලින් ලබා ගන්නා තෙල්වලටයි බ්ලැක් සීඩ් ඔයිල් කියන්නේ. මුළු ලෝකයෙන්ම වැඩිම බ්ලැක් සීඩ් ඔයිල් නිෂ්පාදන ධාරිතාව තියෙන්නෙත්, ඒ වෙනුවෙන් වැඩිම ඉල්ලුමක් තියෙන්නේත් බරාකා ආයතනයටයි.

දියවැඩියාවට සාර්ථක පිළියමක් විදිහට ලෝකය පුරාම විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වුණු කළුදුරු ඇට සහ ඒවායේ තෙල් පිළිකාවලට ප්‍රතිකාරයක් විදිහට යොදා ගන්නත් පර්යේෂණ මේ දිනවල සිදු කෙරෙනවා. දියවැඩියාව දුරු කිරීමට අමතරවත් මෙයින් ලැබෙන ගුණ බොහොමයි. හිසකෙස්වල ගැටළු, සමේ රෝග, දත් කැක්කුම්, කල් පවතින කැස්ස, ඇදුම, නාසයේ හා උගුරේ ඉදිමීම් වගේම සෙම්ගෙඩිවලට ප්‍රතිකාර කරන්න කළුදුරු යොදා ගන්න පුළුවන්.

නීරෝගී කෙනෙකුට වුණත් කළුදුරු තෙල්වලින් ආහාර ජීර්ණය ක්‍රමවත් වීම, ප්‍රතිශක්තිකරණය දියුණු වීම, ක්‍රියාශීලීත්වය වැඩිදියුණු වීම වගේ වැදගත් ප්‍රයෝජන බොහොමයක් ලබා ගන්න පුළුවන්. නීරෝගී ජීවිතයක් ගත කරන්න වගේම ලෙඩ රෝග සුව කර ගන්නත් තියෙන සුවිශේෂී හැකියාව නිසා තමයි බ්ලැක්සීඩ් ඔයිල් මේ තරම් ජනප්‍රිය වුණේ.

බරාකා ආයතනයේ බ්ලැක් සීඩ් ඔයිල්වල 100%ක්ම අඩංගු වෙන්නේ පිරිසිදු කළුදුරු තෙල් පමණයි. ඉතාම උසස් තත්වයෙන්, ඖෂධීය ගුණ ආරක්ෂා වෙන විදිහට කළුදුරු ඇටවලින් නිස්සාරණය කරගන්නා තෙල් ඇසුරුම් කෙරෙනවා. සොබා දහමේ අපූර්වතම දායාදයක් වන කළුදුරු තෙල් ඔබට පහසුවෙන්, පිරිසිදුව ලබා ගන්න ඉඩ සලසන එකයි බරාකා ආයතනයේ නිබඳ බලාපොරොත්තුව.

සන්ධි ආශ්‍රිත වේදනාව දුරලන බරාකා ජොයින්ට් ඊස්

අපේ රටේ වැඩිහිටියන් වැඩිම දෙනෙක් පීඩා විඳින හන්දිපත් රුදාවට ප්‍රත්‍යක්ෂ සහනයක් දෙන Joint Ease. (baraka.lk)

අපේ රටේ වැඩිම දෙනෙක්ට වැළඳිලා තියෙන රෝගය දියවැඩියාව වුණත් දවස පුරාම වැඩිම වේදනාවකින් ඉන්න වෙන්නේ ආතරයිටීස් තියෙන අයටයි. වයසට යාමත් එක්ක ඇට මිදුළුවල තියෙන ලිස්සන සුළු ගතිය අඩු වෙලා අස්ථි කෙලින්ම එක මත එක ඇතිල්ලෙන එකයි ආතරයිටීස් කියන්නේ. සන්ධිවල වේදනාව වගේම අවයව චලනය කරන්න තියෙන අපහසුවත් මේ ආබාධයේ ලක්ෂණයක්. (ආතරයිටීස් තියෙන කෙනෙකුයි, හරියට තෙල් නොදාපු මැෂිමකුයි අතර ලොකු සමානකමක් තියෙනවා.)

කාලයක් තිස්සේ මේ ගැන කරපු පර්යේෂණ ඇසුරින් ආතරයිටීස්වලට සහනයක් දෙන ශාකසාරාමය සංයෝගයක් නිර්මාණය කරන්න බරාකා ආයතනයට හැකි වෙලා තියෙනවා. හන්දිපත් රුදාවට ඉතාම ගුණදායක ශාකමය තෙල් වර්ග ගණනාවක් නියම මාත්‍රවලින් මේ තුළ අඩංගුයි. ඖෂධීය ගුණ බොහොමයක් ඇති බවට දැනටමත් තහවුරු වුණු තියෙන කළුදුරු තෙල් වගේම වින්ටග්‍රීන් තෙල්, සූරියකාන්ත තෙල්, කරාඹු නැටි තෙල්, කපුරු තෙල්, එඬරු තෙල් වගේම ඉතා පිරිසිදු පොල් තෙල්, ඔලිව් තෙලුත් අඩංගු මෙම සංයෝගය “ජොයින්ට් ඊස්” (Joint Ease) නමින් මිල දී ගන්න පුළුවන්.

ඉතා ඉක්මන් සහ කල් පවතින සහනයක් ලබා දෙනවා වගේම ජොයින්ට් ඊස් අලෙවි කෙරෙන්නේත් බොහොම සාධාරණ මිලකට. මේක වෙළඳපොළේ පවතින අධික මිල නිෂ්පාදනවලට වඩා හැම අතින්ම සාර්ථක සංයෝගයක්. සන්ධි ආශ්‍රිතව ඇති වෙන වේදනාවට සහනයක් දෙන අතරේම සන්ධියේ ලිස්සන සුළු භාවය වැඩි කරලා ආතතිය සහ මාංශ පේශි වේදනාව අඩු කරන්නත්, පටකවල රුධිර ගමනාගමනය වැඩිදියුණු කරන්නත් ජොයින්ට් ඊස් ක්‍රියා කරනවා.

බරාකා ආයතනයේ අනෙකුත් නිෂ්පාදන

ඔබේ බොහෝ රෝගාබාධවලට සහනය දෙන, නීරෝගීව ජීවත් වෙන්නත් උදව් කරන නිෂ්පාදන බොහොමයක් බරාකා ආයතනය සතුයි.  (baraka.lk)

බරාකා ආයතනයේ නිෂ්පාදන දිහා බැලුවාම අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ වටිනාකම පහසුවෙන් දැක ගන්න ලැබෙනවා. දියවැඩියාව, ගැස්ට්‍රයිටීස්, ස්ථුලභාවය, අධික කොලෙස්ටරෝල්, මස්පිඬු වේදනාව, අජීර්ණය, අකලට වයසට යාම, ඔසප් වේදනාව, ආතතිය සහ ලිංගික බෙලහීනතාව වගේ විශාල පරාසයක රෝගාබාධ සුව කර ගන්න අවශ්‍ය නිෂ්පාදන ඔවුන් සතුයි. මේ හැම එකක්ම අපේ රටේ වැවෙන ශාකවර්ගවලින් ලබා ගන්නා සංයෝග පාවිච්චි කරලා නිපදවෙන නිසා බොහොම සාධාරණ මිලකට ලබා ගන්නත් පුළුවන්.

කළුදුරු තෙල්වල වැදගත්කම ලෝකයටම පෙන්වා දීපු බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් සමාගමට අපේ රටේ අභිමානය රැකගෙන තවත් දියුණු වෙන්න ලැබේවා කියලා Roar අපිත් ප්‍රාර්ථනා කරනවා.

Related Articles