Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ නිරෝගීකම රැක දෙන, ගුණදායක, සුලබ ආහාර වර්ග කිහිපයක්

මීට කලින් ලිපියෙන් අපි මිනිසා අතීතයේ සිට ලෙඩරෝග, අපහසුතාවලට ස්වභාවික පරිසරයෙන් අත්හදා බලලා බෙහෙත් හොයා ගත්තු හැටි ගැනත්, පසුකාලීනව කාර්මික විප්ලවය නිසා බටහිර කෘත්‍රීම බෙහෙත් භාවිතය ඉහළ ගිය හැටිත්, එක් එක් රෝගයට ප්‍රතිකාර කරන එකේ අසාර්ථකත්වය තේරුම් ගැනීමත් එක්ක දැන් ආයෙමත් ස්වභාවික දේට ඉල්ලුම වැඩි වෙලා තියෙන හැටිත් කතා කළා. ඉතින් පොරොන්දු වුණු විදිහටම අද ලිපියෙන් කතා කෙරෙන්නේ ඒ වගේ අපිට පහසුවෙන් හොයා ගන්න, කෑමට ගන්න පුළුවන් ඉතාම ගුණදායක ආහාර වර්ග කිහිපයක් ගැනයි.

මෑත කාලීනව අපි කවුරු කවුරුත් නිරන්තරයෙන් ලස්සනට ඉන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම දැන් සමාජ ජාල භාවිතය වැඩි වෙලා තියෙන නිසාත්, බොහෝ දෙනාට නිතර උත්සව වගේ දේවල්වලට සහභාගී වෙන්න ලැබෙන නිසාත්, ෆොටෝවලට ලස්සනට ඉන්න එක ගැන කවුරුත් උනන්දුයි. මේකප් දාලා, ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳලා ඉන්න එක වගේම ශරීරයේ හැඩය ලස්සන කර ගන්න එක, දකින කෙනෙකුට ආකර්ෂණීය වෙන්න සම ලස්සන කර ගන්න හරිම වැදගත්.

ඇඟ හදා ගන්න, සිරුර හැඩ කරගන්න ජිම් ගියාට, හම ලස්සන කරගන්න ක්‍රීම් වර්ග ගෑවට ප්‍රමාණවත් නැති බව දැන් වැඩි දෙනා තේරුම් ගන්න පටන් අරන්. ඒ දේවල් කරන එක හොඳයි, නමුත් ඇත්තටම ගොඩාක් වැදගත් වෙන්නේ අපේ පෝෂණය සහ ආහාර පානවලින් ලැබෙන සහයෝගය. සිරුර ඇතුළතින්ම නීරෝගී වෙන එක හැම දේටම වඩා සාර්ථක ක්‍රමයක් කිව්වත් වරදක් නැහැ.

ඉතින් ඒ වගේ ගුණ දෙන ආහාර වර්ග කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.

දියවැඩියාවට ගුණ ගෙන දෙන උළුහාල්

(savoryspiceshop.com)

දියවැඩියාව ගැන කිව්වාම මේක කියවන වැඩි දෙනා හිනා වේවි, මොකද තරුණ වයස අයට දියවැඩියාව හැදෙන්නේ නැහැ කියලා සමහරු හිතාගෙන ඉන්නවා. ඒ කතාව බොහෝ දුරට ඇත්ත තමයි. කොහොම වුණත් මේ කාලේ පරිස්සම් නොවුණොත් අවුරුදු 40ක් වෙන්නත් කලින් දියවැඩියාව හැදෙන්න ඉඩ තියෙනවා. පරම්පරාවේ වැඩිහිටි අයට දියවැඩියාව තියෙනවා නම් තත්වය තවත් දරුණුයි.

උළුහාල් ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම් ඒ කලාතුරකින්. කෑම වර්ග හදද්දී සුළු ප්‍රමාණයකින් එකතු කරන මේ කුළුබඩුව ඇත්තටම දියවැඩියාවට බොහෝ ගුණදායක බව පරීක්ෂණවලින් පෙනී ගොස් තියෙනවා. දියවැඩියාව හැදිලා තියෙන අයට ඉතාම ගුණදායකයි වගේම දියවැඩියාව හදා නොගන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත්.

ග්ලුකෝස් එක්රැස් වෙන එක අඩු කරලා රුධිරයේ ග්ලුකෝස් මට්ටම පහත හෙළන්නත්, අග්න්‍යාශය උත්තේජනය කරලා ආහාර දිරවීම ඉහළ නංවන්නත් උළුහාල් දායක වෙනවා. උළුහාල්වල ප්‍රධානම ගුණය ඉන්සියුලින් නිෂ්පාදනය ඉහළ නංවන එකයි. දියවැඩියාව ගැන යන්තම් හරි දන්නා ඕනෑම කෙනෙක් දියවැඩියාව අඩු කරන්න ඉන්සියුලින්වල වැදගත් කම හොඳින් දන්නවා.

 

උළුහාල්වල පෝෂණය ලබා ගන්න බරාකා ඩයබ්සෝල් ඇඩ්වාන්ස්ඩ් ඉතා හොඳ ක්‍රමයක්. (baraka.lk)

හැබැයි ඉතින් ඇත්තටම උළුහාල් මහා පරිමාණයෙන් කන එකත් ලේසි දෙයක් නෙවෙයි. කෑම හදද්දී ප්‍රධාන වශයෙන්ම රසය, සුවඳ ගන්න සුළු ප්‍රමාණවලින් දාන කුළුබඩු වර්ග වැඩිපුර දාල කන එකවත්, උළුහාල් විතරක් කන එකවත් ඇත්තටම ප්‍රායෝගික නැහැනේ.

ඉතින් උළුහාල්වල තියෙන ගුණය ලබා ගන්න හොඳම ක්‍රමයක් තමයි බරාකා ඩයබ්සෝල් ඇඩ්වාන්ස්ඩ් වගේ අතිරේකයක් පාවිච්චි කරන එක. උළුහාල් නිස්සාරණය කරලා ගන්න තෙල් (ඉංග්‍රීසියෙන් කියන්නේ fenugreek oil) කළුදුරු තෙල් එක්ක මිශ්‍ර කරලා නිපදවන ඩයබ්සෝල් ඇඩ්වාන්ස්ඩ් දියවැඩියාවට ඉතා හොඳ ගුණ දෙන අතිරේකයක් විදිහට ප්‍රසිද්ධයි.

අමතර ප්‍රයෝජනයක් විදිහට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරන්නත් එයට හැකියාව තියෙනවා. දියවැඩියාවට බොන අනිත් බෙහෙත් වර්ගයක් එක්ක වුණත් ඩයබ්සෝල් ඇඩ්වාන්ස්ඩ් ගත්තාට කිසිම ප්‍රශ්නයක් නැහැ.

කියාගන්න අමාරු ප්‍රශ්නවලට හොඳම විසඳුම වැල්පෙනල සහ අමුක්කරා

(herbalplantslanka.blogspot.com)

අද කාලේ තරුණ වයසේ අයට, විශේෂයෙන්ම පිරිමි අයට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද කිව්වොත් හැමෝම එක එක උත්තර දේවි. හැබැයි බොහෝ දෙනා අද අත්විඳින, ඒත් කතා කරන්න ලැජ්ජා වෙන දෙයක් තමයි ලිංගික ශක්තිය අඩු කම. ඕක ඉතින් විස්තරාත්මකව පැහැදිලි කරන්න දෙයක් නැහැ, තමන් බලාපොරොත්තු වෙන විදිහට, තමන්ගේ සහකාරිය බලාපොරොත්තු වෙන විදිහට ලිංගික කටයුතු කරගන්න බැරි වෙන එක සහ ඒකට වැඩි කැමැත්තක් නැති එකට තමයි සරලවම කිව්වොත් ලිංගික ශක්තිය අඩුකම කියන්නේ.

මේකට ප්‍රතිකාර විදිහට බොන්න විවිධ දේ තිබුණත් පරම්පරා ගාණක් තිස්සේ පිළිගැනෙන ප්‍රතිකාරයක් තමයි වැල්පෙනල සහ අමුක්කරා, නැතිනම් අශ්වගන්ධ කියන ජාති දෙක. වැල්පෙනල කියන්නේ හාතාවාරිය වගේ කොළ කැඳ හදලා බොන්න පුළුවන් වැල් ජාතියක්. එයින් ප්‍රධාන වශයෙන් වෙන්නේ ස්නායු සහ සංවේදනයන් දියුණු කිරීමයි, ලිංගික උත්තේජනය අඩු අයට මේක ඉතා හොඳ ප්‍රතිකර්මයක්.

අමුක්කරා, එහෙමත් නැතිනම් අශ්වගන්ධ පැළෑටියේ මුල් තමයි තම්බලා බෙහෙතක් විදිහට ගන්නේ. මේකත් ස්නායු ශක්තිමත් කරලා, මානසික ආතතිය දුරු කරලා ලිංගික කටයුතු සාර්ථකව කරගන්න උදව් වෙනවා. පොදුවේ මේ දෙකම ලිංගික ශක්තිය වැඩිදියුණු කරන්න, ඒ වැඩවලට කැමැත්ත වැඩි වෙන්න බොහොම හොඳ බෙහෙත් දෙකක් බව ආයුර්වේදයේ දැක්වෙනවා.

වැල්පෙනල, අමුක්කරා හොය හොයා, තම්බ තම්බා වද වෙන්නේ නැතිව විරේගා ගන්න. (baraka.lk)

දැන් ඉතින් මේවා හොයා ගන්නේ කොහොමද, හොයා ගත්තත් ඕවා තම්බලා හින්දලා හරි විදිහට හදා ගන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්න දෙයක් නැහැ. එ්කට තමයි බරාකා ආයතනය නිෂ්පාදනය කරන විරේගා එක තියෙන්නේ. මේ වර්ග දෙකම නියම ප්‍රමාණවලින් මිශ්‍ර කරලා, අපේ සිරුරට පහසුවෙන් උරා ගන්න පුළුවන් විදිහට කළුදුරුත් එක්ක මිශ්‍ර කරලා හදපු, අවශ්‍ය වෙලාවට පහසුවෙන් බොන්න පුළුවන් කරල් 60ක් මේ බෝතලේ තියෙනවා.

විවිධ රටවල්වල හදනවා කියලා එන රසායනික පෙති වර්ග වෙනුවට මේ වගේ ගැටලු සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන බරාකා නිෂ්පාදන ගන්න එක හැම අතින්ම සාර්ථක වේවි.

බඩේ ගෑස් අඩු කරන අළු කෙසෙල් සහ වැල්මී

(efresh.com)

අද කාලේ තියෙන කාර්යබහුල සමාජයත් එක්ක දැන් දැන් පොඩි වයසේ දරුවන්ට පවා ගැස්ට්‍රයිටිස් තියෙනවා. ගොඩක් අය රැකියාවට, පාසලට එන්නේ ගොඩක් දුර බැහැර ඉඳන්. අද රටේ පාරවල්වල පොඩි දුරක් යන්නත් පැය ගණන් ගත වෙන නිසා තරමක් ළඟින් ඉන්න අය පවා සෑහෙන්න උදෙන් ගමන් බිමන් පිටත් වෙන එකට පුරුදු වෙලා. දවසේ වැදගත්ම, අත්‍යාවශ්‍යම කෑම වේල වන උදේ ආහාරය ගන්නේ නැතිව හරි, කටක් දෙකක් විතරක් කාලා හරි තමයි මේ හැමෝම දවස අරඹන්නේ. බඩගින්න යන්න 10ට විතර තෙල් අධික, පිටි අධික ෂෝට් ඊට් එකක් කනවා. ඉතින් හැමෝටම වගේ ගැස්ට්‍රයිටිස්, නැතිනම් බඩේ ගෑස්.

හදා ගත්තොත් හොඳ කරන්න සෑහෙන අමාරු ගැස්ට්‍රයිටිස් රෝගය පාලනය කරන්න හොඳම ක්‍රමය ආහාර නිසි පරිදි ගන්න එක බව බටහිර වෛද්‍යවරු පවා පිළි ගන්නා දෙයක්. තෙල් වර්ග, පිටි, සීනි, ලුණු අධික ඌෂ්ණ ආහාර අඩු කරලා, ශරීරයට සිසිල් ආහාර වර්ග ගන්න එකෙන් ගැස්ට්‍රයිටිස් උත්සන්න වෙන එක පාලනය කරගන්න පුළුවන්.

වැල්මී මුල් සහ අළු කෙසෙල් ගැස්ට්‍රයිටීස් හොඳ වෙන්න ඉතා සුදුසු, ශරීරයට සීතල ආහාර වර්ග දෙකක් කියලා ආයුර්වේදයේ දැක්වෙනවා.

පහසුවටත්, වාසියටත් බරාකා ගෑස්ට්‍රිකෙයාර් පාවිච්චි කරමු. (baraka.lk)

නිවැරදිව වැල්මී හදා ගන්න එකත්, ගැස්ට්‍රයිටීස් තියෙන අයට සුදුසු විදිහට තෙල් මිරිස් අඩුවෙන් අළු කෙසෙල් උයලා කන එකත් තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් දැන් ඒවායේ ගුණ පහසුවෙන් ලබා ගන්න බරාකා ගෑස්ට්‍රිකෙයාර් නිසා අවස්ථාව තියෙනවා.

හරිම පහසුවෙන් බොන්න පුළුවන් විදිහේ කරල් විදිහට මෙය සකස් කර තිබෙනවා. ඉක්මණින් ක්‍රියාත්මක වෙලා සහනය සලසන විදිහට කුඩු කරන ලද වැල්මී, අළු කෙසෙල් සහ කළුදුරු මෙහි අඩංගුයි. ගැස්ට්‍රයිටීස්වලින් පීඩා විඳින, ඉක්මන් වගේම කල් පවතින සහනයක් බලාපොරොත්තු වෙන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

භාෂ්මික රසායනික සංයෝග අඩංගු කුඩු වර්ග බීලා බඩේ ගෑස් අඩු කර ගන්න පුරුදු වෙලා ඉන්න අයත් නිකමට මේ වගේ ස්වභාවික යමක් පාවිච්චි කරලා බැලුවොත් ඉක්මණින්ම වෙනස තේරුම් ගනීවි.

ශක්තිය, ප්‍රබෝධමත් කම ඇති කරන සුදු ළූණු

(dreamicus.com)

සුදු ළූණු නම් ඇත්තටම හැමෝම වගේ නිතර පාවිච්චි කරන දෙයක්. මස් මාළු වර්ග, පරිප්පු, එළවලු වර්ග, බැදුම්, මේ හැම දේකම රසය වගේම සුවඳත් වැඩි කරන්න සුදු ළූණුවලට පුළුවන්. ගොඩක් දෙනා කෑම වර්ග හදනකොට තෙල් රත් කරලා මුලින්ම දාන දේවල් අතරට කරපිංචා, ළූණු වගේම සුදු ළූණුත් අයිතියි. හැබැයි ඉතින් කියන්න කණගාටුයි එහෙම කෑවට සුදු ළූණුවලින් ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. පවුලේ හැමෝටම කන්න හදන කෑමවලට සුදු ළූණු බික් කිහිපයක් දැම්මාට එක්කෙනෙක්ට කන්න ලැබෙන ප්‍රමාණය මොන තරම් කුඩායි ද?

සුදු ළූණු කියන්නේ අපේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන, ඒ නිසාම සිරුරේ ශක්තිය මුදා හැරීම වැඩිදියුණු කර අපිව ප්‍රබෝධමත්ව තියන වටිනා ආහාරයක්. කණගාටුවට වගේ එහි ගුණය හොඳින්ම ලබා ගන්න පුළුවන් වෙන්නේ අමුවෙන් ආහාරයට ගත්තොත් තමයි.

එ්ත් ඉතින් සුදු ළූණු අමුවෙන් කන එක ප්‍රයෝගිකව අමාරු නිසා හොඳම ක්‍රමය සුදු ළූණු උයලා කන ප්‍රමාණය වැඩි කර ගන්න එකයි. කෙළින්ම රත් වුණු තෙල්වල බදින්නේ නැතිව හොදි වර්ග තැම්බීගෙන එනකොට සුදු ළූණු එකතු කරන්න පුළුවන් නම් තවත් හොඳයි. රසය ටිකක් අඩු වුණත් ඒ ක්‍රමයෙන් ගුණය බොහෝ දුරට ආරක්ෂා වෙනවා.

සුදු ළූණුවල අඩංගු සාරය සුරැකිව තියෙන බරාකා ගාලිකෝල් පාවිච්චියත් හොඳ ක්‍රමයක්. (baraka.lk)

හැබැයි ඉතින් හැමදාම කාල පුරුදු වුණු කෑම වර්ගවල රස වෙනස් වුණාම කන්නෙම නැති අයත් ඉන්නවා නේ. ඉතින් ඒ කොයි කාටත් පුළුවන් ගාලිකෝල් වගේ නිෂ්පාදනයක් පාවිච්චි කරන්න. සුදු ළූණු සාරය ඉතාම නිවැරදිව නිස්සාරණය කරගෙන සකස් කෙරෙන නිසා හැමදාම ආස විදිහට කෑම කන අතරේ අමු සුදු ළූණු කන තරමටම ඒවායේ පෝෂණයත් ඇඟට ලබා ගන්න පුළුවන්. කළුදුරුත් මෙහි අඩංගු නිසා කන බොන දේවල් ඇඟට අල්ලන එකත් වැඩි වෙනවා.

අපිට නිතර කන්න බොන්න ලැබෙන, අපූරු ගුණ සහිත ස්වභාවික ආහාර වර්ග තව බොහොමයක් තියෙනවා. ඒ ගැනත් මේ ලිපි පෙළේ ඉදිරි කොටස්වලින් කතා කරමු. එතෙක් ඔබ හැමෝම ස්වභාවික දේවල් වැඩිපුර ආහාරයට ගනිමින්, හැකි හැම වෙලාවකම ස්වභාවික දේවල්වලින් නිපදවුණු ආලේපන, අතිරේක පමණක් භාවිතයට ගනිමින්, තමන්ගේ නීරෝගී කම රැක ගන්න උත්සාහ කරන්න. ෆොටෝවලට ලස්සනට ඉන්න වගේම ලෙඩ රෝග නැතිව, ආකර්ෂණීයව ඉන්න ඒක ගොඩක් උදව් වේවි.

කවරයේ රූපය : allphysique.com

Related Articles