Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘සෙනෙහෙ සියපත ගම්මානය’ – අරනායක ඛේදවාචකයට ගොදුරු වුවන් වෙත ‘සෙනෙහෙ සියපත’ වෙතින් නව නිවාස පිරිනැමේ

‘සෙනෙහෙ සියපත ගම්මානය’ – අරනායක ඛේදවාචකයට ගොදුරු වුවන් වෙත ‘සෙනෙහෙ සියපත’ වෙතින් නව නිවාස පිරිනැමේ

පසුගිය වසරේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ, අරනායක සිදු වූ මහා ගංවතුර සහ නාය යාමෙන් අනාථ වූ ජනතාව වෙත සහන සැලසීමට දායක වන මෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඩයලොග් පාරිභෝගිකයින් ලබාදුන් නොමසුරු පරිත්‍යාගයන්, ඩයලොග් ආසිආටා සමාගම විසින් තෙගුණ කරමින් ආරම්භ කරන ලද ‘සෙනෙහෙ සියපත’ ව්‍යාපෘතියේ තෙවන හා අවසාන අදියර යටතේ අලුතින් ඉදිකරන ලද නිවාස 30ක්, නාය යාමෙන් ගෙවල් අහිමි වූ පවුල් 30ක් වෙත පසුගිය දා ප්‍රදානය කෙරින. මෙම සද්කාර්යය සාර්ථක කරගැනීමට ප්‍රජා ඉදිකිරීම් සේවාවන් හා ත්‍රිවිධ හමුදාවන්ගෙන්ද නොමද සහයක් ලැබිණ.

මෙම නිවාසල යතුරු අදාළ ගෘහ මුලිකයන් වෙත උත්සවාකාරයෙන් භාරදෙනු ලැබුවේ එම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා,ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රන්ජිත් සියඹලාපිටිය මැතිතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් (ඉන්ජිනේරු) කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආසිආටා සමුහයේ දකුණු ආසියානු කලාපිය ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසුරිය මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමුහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා, අරනායක ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන ලලිත් දිසානායක මහතා හා නිමල් ජයසිංහ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් විසිනි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ඩයලොග් ආසිආටා සමාගම, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව සහ සීමාසහිත ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්), ‘සෙනෙහෙ සියපත’ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ හා එහි සාර්ථකත්වයේ හවුල්කරුවෝ වෙති.

පසුගිය වසරේ ඔක්තෝබර් 29 වන දින ව්‍යාපෘතියේ තෙවන අදියර ලෙස අවතැන් වූ ජනතාව වෙත නිවාස තනාදීම සඳහා ‘සෙනෙහෙ සියපත’ ගම්මානයට මුල්ගල් තබන ලදී. මෙම නිවාස 30 තැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් විසින් නොමිලේ සපයන ලද අතර යුද්ධ, නාවික හා ගුවන් හමුදා සාමාජිකයෝ ඊට ශ්‍රමයෙන් දායක වුහ. ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කරනු ලැබුවේ, ඩයලොග් ආසිආටා සමාගමේ කළමනාකාරිත්වය යටතේ Sierra Construction ආයතනය විසිනි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) නිර්ණායකයන්ට අනුව නිවාස ඉදිකරන ලද අතර, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ප්‍රමුඛ පෙලේ සමීක්ෂණ හා සංවර්ධන ආයතනයත්, නාය යාම් අවදානම් කළමනාකරණය, මානව ජනාවාස සැලසුම් කිරීම, පාරිසරික ඇගයුම්, ගොඩනැගිලි ද්‍රව්‍ය සමීක්ෂණ සහ ඉංජිනේරු ව්‍යපෘති කළමනාකරණය ඇතුළු භූ කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍රයේ කීර්තිමත් කාර්මික සේවා සැපයුම්කරුවෙකු, මෙහි කටයුතු සාර්ථක කරගැනීම සඳහා සහයෝගය හා අනුග්‍රහය දැක්විය.

“පසුගිය වසරේ අපේ රට විශාල අභියෝගයකට මුහුණ දුන් අවස්ථාවේ දී අරනායක පවුල් වෙත උපකාර කිරීමට ඉදිරිපත් වීම ගැන අපේ පාරිභෝගිකයින් මුළු හදින්ම අගය කිරීමට අපි කැමතියි. මෙම ආධාරවලින් අපගේ ග්‍රාහකයින්ගේ සැබෑ පරිත්යාගශීලීත්වය මනාව පිළිඹිඹු වෙනවා. එසේම, ඒ ව්‍යසනයෙන් පීඩාවට පත් වූ අයට ස්ථීර නිවාස ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට මුලිකත්වය ගත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු අනිකුත් අමාත්‍යංශ හා සහකාරක ආයතන සමග එහි කොටස්කරුවෙකු වීමට ලැබීම අපට ගෞරවයක්.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමුහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසයි.

2016 මැයි 20 දින ‘සෙනෙහෙ සියපත’ ව්‍යාපෘතිය ආරම්භ කල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදක ඩයලොග් ආසිආටා සමාගම, ස්වභාවික විපතින් අසරණ වුවන්ට සහන සැලසීම සඳහා රු. 50ක පරිත්‍යාගයක් SMS (කෙටි පණිවිඩ සේවාව) මගින් හෝ ස්ටාර් පොයින්ට් මගින් හෝ eZ Cash මගින් සිදු කරන මෙන් සිය පාරිභෝගිකයින් ගෙන් ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීමට ඉහලම ප්‍රතිචාර හිමි වූ අතර, එසේ ලැබුණු සැම රු. 50කටම තවත් රු. 100 බැගින් එකතු කිරීමෙන් රු.150 වන ලෙස මුදල් ප්‍රමාණය තෙගුණ කල ඩයලොග් ආසිආටා සමාගම, රුපියල් මිලියන 50ක් ව්‍යාපෘති අරමුදලට බැර කිරීමට සමත් විය. පාරිභෝගිකයන් පරිත්‍යාග කරන ලද මුළු මුදල රු. මිලියන 15 වූ අතර, ඩයලොග් ආසිආටා සමාගම එයට රු. මිලියන 35ක් එකතු කර තිබිණ. ගම්මානයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය වූ රු. මිලියන 15ක මුදල සපයනු ලැබුවේද ඩයලොග් ආසිආටා සමාගමයි.

2016 මැයි 23 දින ‘සෙනෙහෙ සියපත’ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හදිසි ගංවතුර සහන සැලසීම පිණිස රු. මිලියන 1.6ක් වටිනා වතුර පොම්ප 50ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පිරිනැමිණ. එහි දෙවන අදියර යටතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට අයත් පාසල් 33ක ඉගෙනුම ලබන 10,000 කට අධික පාසල් දරුවන් වෙත රු. මිලියන 11.4 කට වඩා වටිනා සපත්තු හා මේස් බෙදාහරින ලදී.

‘සෙනෙහෙ සියපත’ අරමුදලේ වියපැහැදම් කටයුතු ස්වාධීනව අධීක්ෂණය කල ප්‍රයිස්වෝටර්හවුස් කුපර්ස් ශ්‍රී ලංකා විගණන ආයතනයේ වාර්තාව sm.dialog.lk/relief/ මගින් ප්‍රසිද්ධ කරනු ලැබිය.

Related Articles