Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ දෙපා රැක ගැනීම ගැන සැලකිලිමත් වන්න

 

කෙනෙක් නිතරම පිරිසිදුව සහ නීරෝගීව ඉන්නවාද කියන එකට හොඳම සාක්ෂිය ඔවුන්ගේ දෙපාවල තත්වය කියලා මතයක් තියෙනවා. ඒකට හේතු බොහොමයි. කෙනෙක් තමන්ගේ පිරිසිදු කම හා නීරෝගී බව ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම දෙපා හොඳින් පවත්වා ගෙන යාමට උනන්දු වෙනවා. සාමාන්‍යයෙන් බොහෝ දෙනා අඩු අවධානයක් දුන්නත් ඇත්තටම අපේ නීරෝගීභාවයට දෙපා පිරිසිදුව සහ ප්‍රවේශම්ව තබා ගැනීම ඉතාම වැදගත් වෙන්න පුළුවන්. අත් දෙකට පසු අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කටයුතුවලට වැඩිම දායකත්වයක් ලැබෙන්නේ දෙපාවලින් කිව්වොත් වරදක් නැහැ.

ඔබේ දෙපා නීරෝගීව, ප්‍රවේශම් ලෙස තබා ගන්න ඉතා හොඳ උපකාරයක් විදිහට බරකා නිවසින් එන Foot Kio නිෂ්පාදනය හඳුන්වන්න පුළුවන්. දෙපාවල ඇති ගොරෝසු ගතිය, පැලීම්, දුර්ගන්ධය, තුවාල සහ විවිධ ආසාදන ඇතුළු බොහෝ ගැටළුවලට මේ තුලින් සහනයක් ලබා ගන්න ඉඩ සැලසෙනවා. කාලයක් තිස්සේ ආයුර්වේදයේ ඉහළ පිළිගැනීමක් ලද අමුද්‍රව්‍ය අඩංගු වෙන බරකා Foot Kio එය මිලදී ගත් බොහෝ දෙනෙක්ට ඔවුන්ගේ දෙපාවල ප්‍රශ්නවලට සාර්ථක විසඳුමක් වෙලා.

මේ ලිපිය බරකා ආයතනය සහ බොහෝ දෙනෙක්ගේ ප්‍රශංසාවට පාත්‍ර වුණු ඔවුන්ගේ Foot Kio නිෂ්පාදනය ගැනයි.

Baraka ආයතනය ගැන

බරකා නිෂ්පාදන ගෙන එන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් (baraka.lk)

Foot Kio කියන්නේ අපි කවුරුත් හොඳින් දන්න බරකා නිෂ්පාදනයක්. ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන ආයතන අතර ඉහළම මට්ටමේ ඉන්න බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනයේ බරකා නිෂ්පාදන පෙළ ජාත්‍යන්තර වශයෙන් පවා තත්ව සහතික විශාල ප්‍රමාණයක් හිමි කර ගෙන තිබෙනවා. කළුදුරු තෙල් හෙවත් Black seed oil වල ඇති අසීමිත ගුණය ගැන ලෝකයේම ඇස් විවර කළ ඔවුන්ගේ නිෂ්පාදනවල ඇති ගුණාත්මක බව නිසාම ලෝකය පුරා රටවල් විශාල ගණනක බරකා නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් හිමි වෙලා තිබෙනවා.

ලෝකයේ මිනිස් සිරුරට වඩාත්ම සුදුසු ඖෂධ සහ අතිරේක නිපදවිය හැක්කේ ශාකසාර භාවිතයෙන් බව අද බටහිර ලෝකය පවා පිළිගෙන හමාරයි. කාලයක් තිස්සේ පෙට්‍රෝලියම් සහ වෙනත් ඛණිජ ආශ්‍රිත රසායනික පාවිච්චි කරලා, විවිධ රසායනික ප්‍රතික්‍රියා ඇසුරෙන් නිෂ්පාදනය කෙරෙන බෙහෙත් වර්ගවලට ලොකු ඉල්ලුමක් තිබුණත් ඒවායේ අහිතකර බව ඔප්පු වීමත් එක්ක අද මුළු ලෝකයම ශාකසාර නිෂ්පාදන වෙත හැරෙමින් සිටිනවා. ශාකසාර භාවිත කෙරෙන අති සාර්ථක වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේදයේ හිමිකරුවන් වන ආසියාතික අපි ඒ ගැන සැබවින්ම ආඩම්බර විය යුතුයි.

කොහොම නමුත් ශාකසාර නිවැරදිව ලබා ගෙන, ඒවායේ ගුණාත්මක බව රැකෙන විදිහටත්, භාවිතයට පහසු වෙන්නත් හැදෙන ආයුර්වේද නිෂ්පාදන ප්‍රමාණයේ අඩුවක් තිබුණා. ලෝකයම පිළිගත් නිෂ්පාදන ක්‍රම පාවිච්චි කරමින් බරකා ආයතනය ආයුර්වේද බෙහෙත් ආශ්‍රිත නිෂ්පාදන බිහි කරන්න ගත්තේ ඒ වගේ පසුබිමකයි. ආයුර්වේද නිෂ්පාදනවල ගුණය රසායනික බෙහෙත් තරම්ම පහසුවෙන් භාවිතයට ගැනීමේ හැකියාව ඇති කරන්න ගත්තු ඔවුන්ගේ උත්සාහය අද ඉතා සාර්ථක වෙලා තිබෙනවා.

විවිධ රෝගාබාධ සඳහා වගේම පෝෂණ අතිරේකත් විශාල ප්‍රමාණයක් බරකා වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය කරනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ, දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අනුමැතිය වගේම SLS හා ISO 22000 ඇතුළු දේශීය හා අන්තර්ජාතික ප්‍රමිති සහතික ගණනාවකින් ඒවායේ සුරක්ෂිත බව තහවුරු වී තිබෙනවා. ඕනෑම බරකා නිෂ්පාදනයක් විශ්වාසයෙන් භාවිත කරන්න බය වෙන්න දෙයක් නැහැ.

Foot Kio නිෂ්පාදනය

Baraka.lk

බරකා ආයතනයේ නිෂ්පාදන අත්දැකීම් ඇසුරෙන් ආයුර්වේදයට අනුව දෙපාවලට සුදුසුම අමුද්‍රව්‍ය කිහිපයක් වන සුපිරිසිදු පොල් තෙල්, වසාවාසි තෙල් සහ කළුදුරු තෙල්, ඒවායේ ගුණය රැකෙන විදිහට ලබාගෙන Foot Kio නිෂ්පාදනය කර තිබෙනවා. භාවිතයට ඉතාම පහසු වන ආකාරයට ක්‍රීම් එකක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙය කාන්තා පිරිමි, තරුණ, ළමා, මහලු ඕනෑම අයෙකුට කිසිම භේදයක් නැතිව භාවිත කරන්න පුළුවන්. දෙපා හොඳින් සෝදා, පිස දමා වියළා ගෙන මෙයින් තරමක ප්‍රමාණයක් හොඳින් උරා ගන්නා තුරු  ආලේප කරලා සම්බාහනය කරන්න තමයි තියෙන්නේ.

සුපිරිසිදු පොල්තෙල්, වසාවාසි තෙල්  හා කළුදුරු තෙල්  අඩංගු වන බරකා Foot Kio නිවැරදිව ආලේප කර සම්බාහනය කිරීම නිතර සිදු කළාම එහි අඩංගු එක් එක් අමුද්‍රව්‍ය අපේ දෙපාවල තිබෙන විවිධ ගැටළු සමනය කරන්න දායක වෙන්නේ කොහොමද කියන එක ගැන දැන් සොයා බලමු.

තෙතමනය හා සුමට බව සුරකින සුපිරිසිදු පොල් තෙල්

පොල් තෙල්වල නියම ගුණ ලැබෙන්න එය ඉතා පිරිසිදුව ලබා ගත යුතුයි. (shakthi-healthcare.com)

අපේ රටේ ඉතා සුලභව තියෙන, අපි පුංචි කාලේ ඉඳන්ම නිතර භාවිතයට ගන්න, අපේ රටේ සංස්කෘතික සහ ආගමික කාරණා එක්ක ඉතාම සුවිශේෂී බැඳීමක් තියෙන දෙයක් හැටියට පොල් තෙල් හඳුන්වන්න පුළුවන්. කොහොම නමුත් පොල් තෙල්වලින් අපේ සමට ලබා දෙන පෝෂණය ගැන වැඩි දෙනෙක් දන්නේ නැහැ.

දවස පුරාම සපත්තු දාගෙන ඉඳලා, එහෙ මෙහෙ ඇවිදලා, බොහෝ වෙලා හිටගෙන ඉඳලා අපේ දෙපාවල සම පීඩාවට පත් වෙලයි තියෙන්නේ. නිතරම මෙය සිදු වුණාම ස්වභාවයෙන්ම ඝනකම් සමක් පවතින අපේ දෙපා ප්‍රමාණයට වඩා වියළිලා විශේෂයෙන්ම යටි පතුල්වල සමේ ඇදෙන සුළු බව නැති වෙලා යනවා. මේ නිසා ගොරෝසු බව ඇති වෙලා පැලීම් සිදු වෙන්න පුළුවන්.

පොල් තෙල්වල අඩංගු තෙල් අංශුවලින් යටි පතුල්වල සමේ ඇදෙනසුළු බව යළි ලබා දෙනවා. ඉතාම ඉක්මණින් උරා ගන්නා නිසාත්, එහි අඩංගු ස්වභාවික විෂබීජ නාශක ගුණය නිසාත් පොල් තෙල් අපේ දෙපාවල සමට ඉතාම හිතකරයි. මේ නිසා පැලීම් නැති කර ගන්නත්, දෙපාවල ආසාදන අවම කර ගන්නත්, වියළි බව නැති කර තෙතමනය ආරක්ෂා කර ගන්නත්, සුමට බව ඇති කර ගන්නත් පොල් තෙල් විශාල උපකාරයක් වෙනවා. එය protozoa, දිලීර හා බැක්ටීරියා ආසාදන වැළැක්වීමටත්, යටි පතුල් පැලීම නැවැත්වීමටත් උදව් වෙනවා.

කොහොම නමුත් අපි කඩේ ගන්න තිබෙන පොල් තෙල් නම් මහා පරිමාණ යාන්ත්‍රික ක්‍රමවලට හැදෙන ඒවා නිසා මේ පෝෂණ ගුණ විනාශ වෙන්න පුළුවන්. බරකා Foot Kio තුළ විශේෂයෙන්ම නිපදවන ලද සුපිරිසිදු පොල් තෙල් අඩංගු නිසා එහි සියලුම පෝෂක නොනැසී පවතිනවා.

විෂබීජ නසන, දුර්ගන්ධය මකන වසාවාසි තෙල්

කුළුබඩු වර්ගයක් වන වසාවාසි වල තෙල්වල ප්‍රයෝජනත් බොහොමයි. (wlpfreetrials.com)

ඉංග්‍රීසියෙන් Mace oil කියලා හඳුන්වන මෙය අපි වැඩි දෙනෙක් ඒ තරම් නොදන්නවා වුණත් ඉතාම ගුණදායක තෙල් වර්ගයක්. විෂබීජ නසන්න, තුවාල සුව කරන්න සහ රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන්න මෙය සතුව අපූරු හැකියාවක් පවතිනවා.

Foot Kio නිෂ්පාදනයේ අඩංගු වසාවාසි තෙල් මගින් වැදගත් ප්‍රයෝජන ගණනාවක් ලැබෙනවා. තුවාල හා වෙනත් ආසාදන සුව කිරීමත්, දුර්ගන්ධය ඇති වීම වැළැක්වීමත් ඉන් ප්‍රධානයි. බොහෝ අවස්ථාවල බාල පාවහන් සහ මේස් පැළඳීම නිසා දෙපාවල තුවාල හෝ ආසාදන හට ගන්න ඉඩක් තියෙනවා. කැසීම නිසා ඇති වෙන තුවාල, දිලීර ආසාදන සහ බැක්ටීරියා ආසාදන ඇති වෙන්න පුළුවන්. දෙපාවල දුර්ගන්ධයට ප්‍රධානතම හේතුව වන්නේ විවිධ ක්ෂුද්‍ර ජීවී ආසාදන හට ගැනීමයි.

ඒ වගේ විෂබීජවලට වැඩෙන්න තියෙන අවස්ථාව අහුරන අතරේ තුවාල සුව වීම ඉක්මන් කරන්නත්, වියළීම අවම කරන්නත් වසාවාසි තෙල් දායක වෙනවා. විශේෂයෙන්ම තැලීම් හෝ සපත්තුවට මැදීම ආදිය නිසා යටි පතුලේ ඇති වන ඝන සමක් සහිත කරගැට වැනි තත්වය (ඉංග්‍රීසියෙන් Foot Corn කියා කියනවා) ඔබටත් තිබෙනවා නම් වසාවාසි තෙල් අඩංගු Foot Kio එය ඉක්මණින් සුව කරන්න ඉතා සාර්ථක ක්‍රමයක්.

හිතා ගන්න බැරි තරම් ගුණදායක, සමට පෝෂණය දෙන කළුදුරු තෙල්

කළුදුරු තෙල් කියන්නේ ලෝකයේ ප්‍රයෝජන අධිකම තෙල් වර්ගවලින් එකක්. (wholefoodsmagazine.com)

බරකා ආයතනය ලෝකය පුරා ප්‍රසිද්ධ වුණේ ඇත්තටම ඔවුන්ගේ කළුදුරු තෙල් නිෂ්පාදන නිසායි. ලෝකයේ තිබෙන ගුණදායක බවින් උපරිම තෙල් වර්ගයක් විදිහට කළුදුරු තෙල් කිසිම බයක් නැතිව හඳුන්වන්න පුළුවන්. මේ සතු ගුණාංග මේ වගේ ලිපියකින් කියන්නත් අපහසුයි. ඔබට ඇති ගැටළු අති විශාල ප්‍රමාණයකට කළුදුරු තෙල් තුළින් සහනයක් ලබා ගන්න පුළුවන්. මේ කියන දේ විශ්වාස නැතිනම් නිකමට Black Seed Oil කියලා සර්ච් කරලා බලන්න එයින් ලැබෙන ගුණ සමුදාය. අතීතයේ සිටි ක්ලියෝපැට්‍රා සහ නෙෆර්ටිටි වැනි රැජිණියන්ගේ සුන්දරත්වයේ රහස වූයේ කළුදුරු තෙල් භාවිතය බව බොහෝ තැන්වල සඳහන් වෙනවා.

මේ සියලු ගුණ වගේම Foot Kio භාවිත කරන ඔබට දෙපාවල සමට අසීමිත පෝෂණයක් ලබා ගන්නත් එහි අඩංගු කළුදුරු තෙල් හේතු වෙනවා. එයින් නියපොතු ආශ්‍රිත ආසාදන, ඇඟිලි කරුවල පවතින එක්සීමා තත්වය සමනය කරනවා; සමේ තෙතමනය සහ නීරෝගී බව රැක දෙනවා; කළුදුරු තෙල්වල අඩංගු ෆයිටොස්ටෙරෝල (phytosterols) බැක්ටීරියා හා යීස්ට් ආසාදන ඇති වීම සම්පූර්ණයෙන්ම වළක්වාලනවා. Foot Kio තුල අඩංගු වසාවාසි තෙල් පහසුවෙන් සමේ ඇතුළු ස්තර දක්වාම උරා ගන්නත් කළුදුරු තෙල් උපකාරී වෙනවා.

සැබැවින්ම දිව ඔසුවක් යැයි කිව හැකි කළුදුරු තෙල් ඔවුන්ගේ සියලු නිෂ්පාදන තුල අඩංගු කරන්න බරකා ආයතනය කටයුතු කරන්නේ එයින් ලැබෙන සත්කාරවල පුළුල් බව නිසාමයි.

මේ දේවල්වලිනුත් ප්‍රවේශම් වෙමු

ඔබේ දෙපා ආශ්‍රිත ගැටළු විශාල ප්‍රමාණයකට Foot Kio වෙතින් සාර්ථක සහනයක් ලැබුණත් ඔබේ ඇතැම් පුරුදු වෙනස් කර නොගත්තොත් එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න නම් දෙපාවලට හානි කරන මේ දේවල් ගැනත් ටිකක් සැළකිලිමත් වෙන්න. ඔබේ දෙපා සුන්දරව වගේම නීරෝගීව තබා ගන්න එකත් වැදගත් බව අමතක කරන්න එපා.

අලංකාරය ලැබුණත් නිය ආලේපන එක දිගට ගල්වාගෙන ඉන්න එක ඒ තරම් හොඳ නැහැ. (footmedic.com)

අපේ දෙපා අසුන්දර සහ රෝගී වෙන්නත් වැඩිපුරම හේතු වෙන්නේ අපි දෙපා ලස්සන කර ගන්න කරන දේවල්. එක දිගටම නිය ආලේපන ගල්වාගෙන සිටීම සහ බාල වර්ගවල නිය ආලේපන පාවිච්චි කරන එක කාන්තාවන්ගේ දෙපාවල නියපොතු ආශ්‍රිත ගැටළු මතු වෙන ප්‍රධානතම හේතුවක්. නියපොතු අනිසි උපකරණවලින් කැපීම සහ නියපොතු ඇතුළත සුද්ධ නොකිරීමත් ගැටළුවලට හේතු වෙන්න පුළුවන්.

දෙපාවලට වැඩිම හානියක් සිදු කරන්නේ පාවහන් කියන එක ගැන නම් කිසිම තර්කයක් නැහැ. කාන්තාවන් බොහෝ දෙනා පාවහන් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්නේ ලස්සන සහ මිල ගැන විතරයි. හැබැයි මේ ලස්සන හා මිලෙන් අඩු පාවහන් අපේ දෙපාවලට වැඩි වේලාවක් පැළඳීමට සුදුසු අමුද්‍රව්‍යවලින්, දෙපාවලට පහසුවක් වන අයුරින් නිපදවා තියෙන්නේ හරිම කලාතුරකින්. විශේෂයෙන්ම උසින් අඩු කාන්තාවන් නිතරම වගේ අඩි උස පාවහන් පළඳින්න බලනවා. අඩි උස පාවහන් අතරින් මිලෙන් අඩු ඒවා බොහොමයක් දෙපාවල හැඩයට සහ ස්වභාවික ක්‍රියාකාරිත්වයට ගැළපෙන විදිහට නිපදවා නැහැ. මේවා නිතර පැළඳීම දෙපාවල විතරක් නෙවෙයි, කොඳු නාරටියේ සහ උකුල් ඇටයේ ආබාධවලට පවා හේතු වෙන්න පුළුවන්.

උස් අඩි පාවහන් නිතර පැළඳීම පාදයෙන් එහාට ගිය ආබාධවලටත් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම නිවැරදිව නොසාදපු බාල පාවහන් පැළඳීමෙන් ඉතා කෙටි කාලයකින් ඔබට විශාල හානියක් සිදු වෙන්න ඉඩ තියෙනවා. (heels.com)

පිරිමි අයට ඇති වෙන ගැටළුව තමයි නිතරම සපත්තු පැළඳගෙන ඉන්න සිදු වෙන එක. කාන්තාවන් බොහෝ විට විවෘත පාවහන් පාවිච්චි කරන නිසා දෙපාවලට වාතාශ්‍රය ලැබුණත් බොහෝ පිරිමි අයට රැකියාවන්වලදී දවස පුරාම වැසුණු පාවහන් පළඳින්න සිදු වෙනවා. මේ නිසා මිල ගැන පමණක් හිතන්නේ නැතිව හොඳ වාතාශ්‍රයක් පවතින, දෙපයට පහසු සපත්තු මිල දී ගන්න අවශ්‍යයි. ඝර්ම කලාපීය රටක ජීවත් වන අපි 100%ක් කපුවලින් සාදන ලද මේස් පමණක් පැළඳීම ඉතා හොඳ පිළිවෙතක්.

මීට අමතරව නිරන්තරයෙන් දෙපා සෝදා, පිරිසිදු කර, නියපොතු මනාව පවත්වාගෙන යාමත් දෙපාවල නීරෝගී බවට ඉතාම වැදගත්.

ඉතින් ඔබටත් දෙපාවල ගැටළු ඇත්නම් ඊට හොඳම විසඳුමක් විදිහට බරකා Foot Kio අපිත් නිර්දේශ කරනවා. දෙපාවල ගැටළු තියෙන තවත් අය අඳුරනවා නම් ඔවුන්වත් මේ ගැන දැනුවත් කරන්න අමතක කරන්න එපා. ඔබත් Foot Kio නිෂ්පාදනය භාවිත කරන කෙනෙක් නම් ඔබේ අදහසත් අපට කියන්න.

කවරයේ රූපය: khoobsurati.com

Related Articles