Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තාවන්ට බස් එකේ, කෝච්චියේ විඳින්න වෙන හිරිහැර වලට විසඳුමක්

“නිවසේ කාටත් ආහාර සපයා දීම පුරුෂයා සතු වගකීමකි” කියන කතාව නම් දැන් කාලේ ආර්ථික තත්ත්වයට ඒ තරම් ගැළපෙනවා කියලා හිතන්න අමාරුයි. සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න අත්‍යාවශ්‍ය වන බොහෝ දේවල් වල මිල ගණන් සහ ආදායම් තත්ත්වය එක්ක කාන්තාවන්ටත් ගෙදර ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙන්න සිදු වෙලා.

කාන්තාවන් සහ පිරිමින් අධ්‍යාපනය, රැකියාව, ආදායම් ඉපයීම, වගේ කාරණා අතින් සංසන්දනය කරන එක ටිකක් අමාරුයි. කාන්තාවන්ට නිවසේ වැඩකටයුතු බලා කියා ගන්න තියෙන වගකීම වෙනස්ම විදිහේ එකක්. පිරිමි අය බොහෝ දෙනෙක්ගේ රැකියාව යම් කාල පරාසයකට සීමා වුණත් කාන්තාවකට තමන් රැකියාවක් කළ පමණින් නිවසේ වැඩකටයුතු වලින් විවේකයක් ගන්න බැහැ.

“සැමියාට පසු නින්දට ගොස් සැමියාට පෙර අවදි වන” බිරිඳක් ගැන පොත පතේ කියවෙනවා ඔබත් අහලා ඇති. උදේ පාන්දර නැගිටලා දවසේ වැඩකටයුතු ඉටු කරන එක කාන්තාවන්ගේ වගකීමක් බවට පත් වෙලා තියෙනවා. පවුලේ හැම දෙනාගේම දවස ප්‍රයෝජනවත්ව ගත කරන්න මූලික අඩිතාලම වැටෙන්නේ එතැනින්. කාන්තාවන්ට තමන්ගේ රැකියාවට යන්න ලැබෙන්නේ ඊට පසුවයි. මෑතකදී ඉඳලා පිරිමින් තරමටම හරි, ඊටත් වඩා හරි මහන්සි වෙන්න සිදු වෙන රැකියාවල තමයි කාන්තාවන් බොහෝ දෙනෙක් නිරත වෙන්නේ. ඉතින් මේ වගේ ජීවිතයක් ගෙවන කාන්තාවන්ට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද කියලා කල්පනා කළොත් වටිනවා නේද?

Hero Dash

Hero Dash

මේ වගේ අපහසු රැකියා කරන කාන්තාවන්ගෙන් 90%ක්ම පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන්. උදේට සහ හවසට පාරවල්වල තියෙන අධික තදබදය වගේම, සෙනග පිරුණු බස්, කෝච්චි නිසා බොහෝ කාන්තාවන්ට රැකියාවට යන එන එක එපා වෙනවා. ඔවුන්ට දවසේ තියෙන සීමිත කාලය පවා මාර්ග තදබදය නිසා නාස්ති වෙනවා. කාන්තාවන් මේ විඳින දුක තනියම විඳ දරා ගන්නවා මිසක් කෙනෙකුට කියන්නවත් පෙළඹෙන්නේ කලාතුරකින්.

මේ විදියට පාරවල් වල දුක් විඳින්න සිදුවුණාම, කාන්තාවන්ට තමන්ගේ වැඩකටයුතු වල යෙදෙන්න තවත් අපහසු වෙනවා. උදේට මහන්සි වෙලා රැකියාවට ගියොත් රාජකාරි කටයුතු හරියට කර ගන්න බැරි වෙනවා විතරක් නෙවෙයි, හවස් වෙලා ගෙදර ගියාට පස්සේ ගෙදර දොරේ වැඩකටයුතු කරගන්නවත් ඇඟට පණක් නැහැ. ඇඟේ අපහසුවටත් වඩා තදබදයෙන් ප්‍රයෝජන ගන්න එන සමහරු නිසා කාන්තාවන් මානසිකවත් ලොකු පීඩාවකට ලක් වෙනවා. උදේට හවසට බස් වල යන එක තරම් තවත් කරදරයක් නැහැ කියලා තමයි රැකියාවට යන කොයි කාන්තාවත් කියන්නේ.

කෝච්චි වල තියෙන්නේ ඊටත් වඩා දරුණු ප්‍රශ්නයක්. සාරි වගේ රැකියා වලට සුදුසු ඇඳුම් ඇඳ ගත්තාම කෝච්චියට ඉක්මණින් නැග ගන්න එක ලේසි නැහැ. සමහර වෙලාවට එල්ලිලා යන්න පවා සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඇඟේම තෙරපෙන්න එන කෙනෙක්ට වචනයක් කිව්වොත් “සැපට යන්න නම් කාර් එකක් ගන්න” කියලා තමයි කාගෙනුත් අහගන්න වෙන්නේ. අප්පිරියාවෙන් හරි ඉවසගෙන ඉන්න එක තමයි ගොඩක් කාන්තාවන්ට කරන්න තියෙන එකම දේ.

(heromotocorp.com)

(heromotocorp.com)

අද කාලේ කාර් එකක රැකියාවට යන්න එන්න පුළුවන් කාන්තාවන් ප්‍රතිශතය හරිම අඩුයි. ඉතින් මොකක්ද විසඳුම? ස්කූටර් තමයි කවදත් රැකියා කරන කාන්තාවන්ගේ උදව්වට එන්නේ. පොල් පටවලා වගේ සෙනග පිරුණු බස් වල යනවා වෙනුවට ස්කූටර් වල රැකියාවට යන කාන්තාවන් ගණන දවසින් දවස වැඩි වෙන්නේ ඒ නිසයි.

ස්කූටරය කාන්තාවන්ට වඩාත් ගැලපෙන්නේ ඇයි?

1. ගමනක් බිමනක් යන්න පහසුයි

අපේ රටේ වාහන පිරුණු පාරවල් වල කාර් එකක් හසුරවනවාට වඩා රෝද දෙකේ වාහනයක යන එක හරිම පහසුයි. පිරිමි කෙනෙක් එලවාගෙන යනවා නම් බයික් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ තමයි, ඒත් කාන්තාවකට තනියම බයික් එකක් එලවාගෙන යන එක නම් තරමක් අපහසුයි. මොකද රැකියාවට යන කාන්තාවන් බොහෝ දෙනා අඳින්නේ සාරියක්, ඔසරියක් වගේ ඇඳුමක්නේ.

ස්කූටර් එකේ මේ ප්‍රශ්නය නැහැ. කාන්තාවකට තනියම වුණත් ස්කූටර් එකක යන්න පුළුවන්. ස්කූටර් එකේ වාඩි වෙන විදිහයි, පුටුවක වාඩි වෙන විදිහයි අතර ලොකු වෙනසක් නැහැ. ඉතින් ඇඳුම පොඩි කරගන්නේ නැතිව පහසුවෙන්ම පැදගෙන යන්න පුළුවන් ස්කූටර් එක රැකියා කරන කාන්තාවන්ට ලොකු පහසුවක්.

2. ධාවනය කරන්න හරිම ලේසියි

ස්කූටර් වල තියෙන අනිත් පහසුව තමයි ක්ලච් ගැන, ගියර් ගැන වද වෙන්න දෙයක් නැහැ. වේගය වැඩි කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ ඇක්සලරේටර් එක කරකවන එක විතරයි. වේගය අඩු කරන්න හරි, නවත්වන්න හරි ඕනේ නම් බ්රේක් එක තද කරාම ඇති. හැම තැනම නවත්ත නවත්ත යන්න වෙන තදබදය පිරුණු පාරවල් වල මේක ලොකු පහසුවක්.

ලේසියෙන්ම පදින්න පුළුවන් නිසා ස්කූටර් එකක් එළවන්න පුරුදු වෙන්න වැඩි කාලයක් යන්නෙත් නැහැ. ඔබ ස්කූටර් එකක් කවදාවත් පැදලා නැති වුණත් බය වෙන්න එපා. ස්කූටරයක් එළවන එක බයිසිකලයක් පදිනවාටත් වඩා ලේසියි.

3. ඇතුළත ඉඩකඩ වැඩියි

බයික් එකකට වඩා ස්කූටර් එකක තියෙන ලොකුම ප්‍රයෝජනය තමයි මේ. රැකියාවකට යනකොට වුණත්, ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ගන්න ගියත් ස්කූටර් එක ඇතුලේම ගොඩක් දේවල් දාගෙන යන්න පුළුවන් විදිහට ඉඩ තියෙනවා. බයික් එකේ බඩු මුට්ටු එල්ලාගෙන යනවාට වඩා මේක පහසුයි වගේම හරිම ආරක්ෂිතයි. අළුතෙන් එන ස්කූටර් වල ලගේජ් එක ඇතුලේ USB පෝට් පවා තියෙන නිසා යන එන ගමන් ෆෝන් එක, ටැබ් එක චාජ් කර ගන්න වුණත් පුළුවන්.

කාන්තාවන් කියන්නේ ගෙදරට වෙලා ළමයි බලා ගන්නම ඉන්න පිරිසක් කියන මතය සමාජයෙන් ඉවත් වෙලා ගිහින් දැන් ගොඩක් කල්. කාන්තාවකට කරන්න බැරි, පිරිමි කෙනෙක්ට විතරක් කරන්න පුළුවන් කියලා කියන රැකියා ප්‍රමාණය දැන් හරිම අඩුයි. අපේ රටේ යම් තරමකට මේ තත්ත්වය තවමත් පැවතුණත්, දියුණු රටවල් වල බර වාහන එළවන, හමුදා ඛණ්ඩ මෙහෙයවන, ආයතන පාලනය කරන කාන්තාවන් ඕන තරම් දැක ගන්න පුළුවන්. කාන්තාවක් වීම ඒ රටවල කිසිම දෙයක් කරන්න අවාසියක් නෙවෙයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික, සමාජයීය තත්වය අනුව කාන්තාවකට ස්වාධීනව ජීවත් වෙන්න ස්කූටරයක් තියෙන එක ලොකු වාසියක්. ඔබ දැනටමත් ස්කූටරයක් තියෙන කාන්තාවක් නම් වෙනදාට වඩා ඔබ මොන තරම් පහසුවෙන් වැඩ කටයුතු කර ගන්නවා ද කියන එක ඔබටම වැටහෙනවා ඇති. කමෙන්ට් එකක් දාලා ස්කූටරය ඔබට පහසුවක් වුණු විදිහ Roar පාඨක සොහොයුරියන් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: hellomotocorp.com

Related Articles