Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්වභාවික දෙයට හුරු වෙමු, නිරෝගී දිවියක් ගත කරමු

නීරෝගී කම රැක ගන්න එක කියන්නේ අද වෙනකොට කවුරුත් උනන්දු වෙන දෙයක්. බොහෝ කාලයකට ඉහතදී මිනිසුන් සතුන් වගේම තමන්ගේ නීරෝගීකම රැක ගන්න කියලා අමුතුවෙන් දෙයක් කළේ නැහැ. ආහාර ගැනීම, දියර පානය, රැකවරණය සලසා ගැනීම, කාලගුණයෙන් සහ පරිසරයෙන් සිදුවන පීඩා අවම කර ගැනීම සහ තෘප්තියක් දැනෙන දේවල් සිදු කිරීම කියන මූලික කාරණා ඉටු කර ගන්න විවිධාකාර අත්හදාබැලීම් කරමින් දිවි ගෙව්වා.

ලෝකය පුරා විවිධ ප්‍රදේශවල හිටපු ජන කොටස් මේ කාරණා ඉටු කර ගත්තේ එක එක විදිහටයි. එන අභියෝගයන්ට මුහුණ දෙමින්, අත්හදා බැලීම් කරමින්, ඉගෙන ගනිමින් ජීව කොට්ඨාශයක් විදිහට නොනැසී ඉදිරියට ගියා.

අතීත මානවයා සියළු දැනුම එක්රැස් කරගත්තේ අත්හදාබැලීම් හෝ අත්වැරදීම්වලින්. (pinterest.com)

මේ විදිහට කළ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් නිසා තමයි අද අපි ඉන්න තත්වය දක්වා මිනිසා දියුණු වුණේ. තමන්ට ලබා ගත හැකි පරම ධනය නීරෝගීකම කියන එක අද මිනිසා ඉතා හොඳින් තේරුම් අරගෙන තියෙනවා.

විද්‍යාවේ දියුණුව ස්වභාවික දේට තිබුණු තැන නැති කළ හැටි

විවිධ දේ පාවිච්චි කරමින් අපිට හැදෙන ලෙඩ රෝග, අපහසුතාවලට ප්‍රතිකාර කරන එක ඈත අතීතයේ සිට පැවතුණු දෙයක්. පරම්පරාවෙන් පරම්පරාවට අත්හදා බැලීම්, අත්වැරදීම්වලින් ඉගෙන ගෙන ආපු වෛද්‍ය ක්‍රම හැම ශිෂ්ටාචාරයකම වගේ පැවතුණා.

මේ ප්‍රතිකාර බොහොමයකට පාවිච්චි වුණේ පරිසරයෙන් සොයා ගත් ශාක සහ සත්ව කොටස්. කොහොම වුණත් පසුව ඇති වුණු නවීන විද්‍යාවේ දියුණුවත් එක්ක ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමත් නවීන විද්‍යාවක් බවට පත් වුණා. බාල ලෝහ රත්තරන් කරන්න උත්සාහ කරපු ඇල්කෙමිස්ට්ලා අතින් බිහි වුණු රසායන විද්‍යාව වෛද්‍ය විද්‍යාවත් එක්ක එකතු වෙලා බෙහෙත් හැදෙන්න ගත්තේ එහෙමයි.

විවිධ ක්‍රමවලින් බාල ලෝහ රත්රන් කරන්න ගත් උත්සාහයන්වල ප්‍රතිඵලයක් විදිහටයි රසායන විද්‍යාව බිහි වුණේ. (culture.pl)

ස්වභාවික පරිසරයෙන් ගත් දේවල්වලට වඩා පාෂාණ සහ ඛණිජ නිස්සාරණයෙන් ලබා ගත් ඖෂධ සාර්ථකයි කියලා මතයක් හැදෙන්න ගත්තේ ඉන් පස්සෙයි. විවිධ රෝගවලට පර්යේෂණ මත බිහි කළ රසායනික සංයෝග සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් වුණා.

ඒත් එක්කම පාරම්පරික, ස්වභාවික බෙහෙත්වලට තිබුණු ඉල්ලුමත් හීන වෙලා ගියා. සාපේක්ෂව හරිම සරල, නිශ්චිතව සැකැස්ම දන්නා රසායනික සංයෝග බෙහෙත් බවට පත් වුණා. බරපතල ගැටළුවලට ඇස් පනාපිට ප්‍රතිකාර කරන්න පුළුවන් වීම මේ සංයෝගවල තිබුණු ලක්ෂණයක්. එකපාරට ප්‍රතිඵල නොලැබෙන, රසායනික සැකැස්ම නොදන්නා ස්වභාවික දේවල් අභාවයට ගියා.

සැබෑ ජීවී ශරීර ඉතා සංකීර්ණ බව තේරුම් යාමට පටන් ගැනීම

කොහොම නමුත් එක් එක් රෝගයට ඉක්මන් ප්‍රතිකාර කිරීමේ ක්‍රමය ඒ තරම් සාර්ථක නැති බව මෑත කාලීන වෛද්‍ය විද්‍යාව තේරුම් අරගෙන තියෙනවා. ලෙඩක් හැදුණාම ඒකට සෘජු ප්‍රතිකාරයක් කරලා ඒක හොඳ කරත් මිනිස් සිරුරේ සංකීර්ණත්වය නිසා ආසාත්මිකතා හට ගන්න ලොකු ඉඩක් තියෙනවා.

ස්වභාවික සංයෝගවල ක්ෂුද්‍ර ප්‍රමාණවලින් අඩංගු, රසායනිකව හදන්න ඉතා අපහසු සංඝටක මිනිස් සිරුරට ඉතා වැදගත් බව බොහෝ දෙනෙක්ට තේරුම් යන්න ගත්තා.

රෝගය හැදෙන්න පෙර නීරෝගීකම රැකෙන දිවියක් ගත කරන එකේ වැදගත්කම දැන් කවුරුත් තේරුම් අරගෙන. රෝගයකට ප්‍රතිකාර කරද්දී වුණත් රසායනික බෙහෙත්ම පාවිච්චි නොකර හැකි තරම් ගුණදායක ස්වභාවික දේ පාවිච්චිය දිගු කාලීනව නීරෝගීව ඉන්න හොඳම ක්‍රමය බව දැන් බටහිර වෛද්‍යවරු පවා පිළිගන්නා දෙයක්.

බොහෝ අපහසුතාවලට ස්වභාවික දේ පාවිච්චි කරන එක දැන් කවුරු අතරත් ජනප්‍රියයි. (pinterest.com)

යුරෝපීය නොවන ජාතීන් අතර නොනැසී තිබුණු ස්වභාවික බෙහෙත් ක්‍රම

කාර්මික විප්ලවය, බටහිර වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව වගේ බොහෝ නවීන දේ ඇති වුණේ යුරෝපය හා ආශ්‍රිත ප්‍රදේශවල බව අපි කවුරුත් දන්නවා. මේ හේතු නිසා වේගයෙන් දියුණු වුණු යුරෝපය ආශ්‍රිත ප්‍රදේශවලින් ඉල්ලුම අඩු වීම නිසා ස්වභාවික බෙහෙත් ක්‍රම නැති වෙලාම ගියා. අදටත් ඒ ප්‍රදේශවල සුරැකුණු පාරම්පරික බෙහෙත් ක්‍රම තියෙනවා නම් ඒ ඉතාම අඩුවෙන්.

කොහොම නමුත් ආසියාව, දකුණු ඇමරිකාව, උතුරු ඇමරිකානු ස්වදේශික ප්‍රදේශ, ඔස්ට්‍රේලියාව, මැද පෙරදිග සහ අප්‍රිකාව වගේ ප්‍රදේශ යුරෝපීයයන්ගේ අධිරාජ්‍ය උන්මාදයට හසු වෙන තුරුත් ආරක්ෂිතව පැවතුණා. අවුරුදු දහස් ගණනක් තිස්සේ පාරම්පරිකව පැවතුණු ස්වභාවික බෙහෙත්, වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අභාවයට ගිහින් තිබුණේ නැහැ. කියන්නත් සතුටුයි, මේ රටවල් අල්ලා ගත්තු අැතැම් යුරෝපීය ජාතිකයන් කළේ ඒ දේවල් විනාශ කරලා දානවා වෙනුවට පොත් පත් ලියලා, පුරාණ ග්‍රන්ථ ආරක්ෂා කරලා මේ දැනුම රැක ගන්න කටයුතු කරපු එකයි.

මේ නිසා යුරෝපයේ ඇති වෙලා තිබුණු ස්වභාවික ප්‍රතිකාර ක්‍රම අලුත් සොයා ගැනීම් නිසා අභාවයට ගියත් ඔවුන්ගේ අධිරාජ්‍ය නිසා දුර ඈත තිබුණු රටවල් බොහොමයක ස්වභාවික වෛද්‍ය ක්‍රම ඔවුන් අතින්ම ආරක්ෂා වුණා.

රොබර්ට් නොක්ස් හෙළදිව ගැන ලියූ සුප්‍රසිද්ධ ග්‍රන්ථයේ අතීත පිටපතක්. මෙවන් ග්‍රන්ථ දුර ඈත රටවල පාරම්පරික වෙදකම් යුරෝපීය දැනුම් පද්ධතියට එකතු කර නොනැසී පවත්වා ගන්න ඉවහල් වුණා. (කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය)

අනුකාරක කොටස් බිහි වීම සහ මහා පරිමාණ නිෂ්පාදන අවශ්‍යතා

යටත් විජිත බවට පත් වුණු ඕනෑම රටක අනුකාරක ජන කොටස් බිහි වීම සාමාන්‍ය දෙයක්. මේ නිසා තමන්ට වඩා තාක්ෂණයෙන්, යුධ හැකියාවෙන් උසස් බටහිර ජාතීන් ගෙනෙන හැම දෙයක්ම තමන් ළඟ තියෙන දේට වඩා උසස් බව සලකන්න මොවුන් පුරුදු වුණා. ඉතින් ඔවුන් තමන් යම් ආකාරයකින් පහත් මට්ටමේ මිනිස් වර්ගයක් කියලා මතයකයි ඔවුන් ඇත්තෙන්ම හිටියේ. වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අතිනුත් යුරෝපයේ සිට ආව දේට මුල් තැන හිමි වෙලා පාරම්පරික, ස්වදේශීය ක්‍රම පැත්තකට වෙන්න ගත්තා.

ඉක්මණින් ප්‍රතිකාරයේ ප්‍රතිඵල දකින්න ලැබෙන එක බටහිරදී රසායනිකව හදපු බෙහෙත්වල දකින්න ලැබෙන ලක්ෂණයක්නේ. ඇහැට පෙනෙන දේ විශ්වාස කරමින් ඉක්මන් ප්‍රතිකාරවලට යොමු වෙන එක මේ නිසා ශීඝ්‍රයෙන් සිදු වුණා. අනිත් දේ තමයි රසායනික සංයෝග පහසුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් කම. ගස් වර්ග, ගෙඩි, ඇට, මුල්, කොළ, පොතු හොයාගෙන බෙහෙත් හදනවාට වඩා යුරෝපයේ තිබුණු බලශක්තියෙන් ක්‍රියා කෙරුණු යන්ත්‍ර සූත්‍රවලින් රසායනිකව බෙහෙත් හදන එක ඉක්මන් වගේම ලාභදායකයි.

විශාල පිරිසකට එකවර බෙහෙත් කරන්න තිබුණු හැකියාව නිසාත් මේ වැඩේ දිගටම සිදු වුණා.

යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කර මහා පරිමාණයෙන් බෙහෙත් නිෂ්පාදනය කරන්න තිබුණු හැකියාව කෘත්‍රීම බෙහෙත සුලබ හා් ලාභදායී වීමට හේතු වුණා. (wikispaces.com)

දියුණුවේ හිණිපෙත්තට ඒමත් සමග සැබෑ තත්වය වටහා ගැනීම

ලෙඩෙන් ලෙඩේට ප්‍රතිකාර කරන එකේ අසාර්ථකත්වය බොහෝ දෙනාට තේරුම් යන්න ගත්තේ බොහොම මෑතකදී. ඉක්මන් ප්‍රතිඵල තියෙන ප්‍රතිකාර පසුකාලීනව සංකූලතාවලට බලපාන හැටි දිගුකාලීන පරීක්ෂණවලින් මනාව තහවුරු වෙන්න ගත්තා.

ශාකසාර ඇතුළු ජෛව සංයෝග ඒවායේ අඩංගු ප්‍රධාන සංඝටක රසායනිකව නිෂ්පාදනය කරලා හදන ද්‍රව්‍යයකට වඩා හාත්පසින්ම වෙනස් බව ඔවුන්ට වැටහෙන්න ගත්තා. අංශු මාත්‍රවලින් ඇති දේවල් තමයි ඇත්තෙන්ම වඩා වැදගත් වෙන්නේ. ශාකසාරයක් 100%ක් සර්ව සම වෙන්න කෘත්‍රීමව හදන්න බැරි බවත් ඔවුන්ට තේරුම් යන්නේ ඉන් පසුවයි.

සංකූලතා ඉතාම අවම ස්වභාවික දේට ඉහළම තැන

අද අපි ඉන්නේ සියලු කෘත්‍රීම දේට වඩා ස්වභාවික දේ ගුණයෙන් ඉහළ බව තේරුම් ගන්නා කාලයකයි. ස්වභාවික දේවල් පාවිච්චි කරලා අපේ ලෙඩ රෝග, අපහසුතා දුරු කර ගන්න වගේම නීරෝගීව ඉන්න, ලස්සන වෙන්න, ශක්තිමත් වෙන්නත් භාවිත වුණු පාරම්පරික ක්‍රම අද මොන දේටත් වඩා වැදගත් තැනක් ගන්නවා. දැන් හැදෙන බොහෝ බෙහෙත්, ආලේපන සහ අතිරේකයන් ස්වභාවික දේවල් උපරිමයෙන් අඩංගු කරලා හදන්නෙත් ඒ නිසයි.

ක්ෂණික සහනයට පමණක් සීමා නොකර රසායනික බෙහෙත් මත යැපීම සහ එහි අනිසි විපාක

අද ජීවත් වන වැඩිහිටි බොහෝ දෙනා දිනපතාම බටහිර විද්‍යාවේ බෙහෙත් පෙති, කරල්, පානයන් වගේ දේවල් පාවිච්චියට ගන්නවා. ඒත් ඇත්තටම නිවැරදිව ස්වභාවික දේ පාවිච්චි කරනවා නම් ඒ තත්වයට යන්න උවමනා නෑ.

බොහෝ වැඩිහිටියන් අද එක එක ජාතියේ කරල්, පෙති, පාන වර්ග ගණනාවක් දිනපතා දිගුකාලීනව භාවිතයට ගන්නවා (coconutoil.com)

හදිසි ප්‍රතිකාර සඳහා රසායනික බෙහෙත් වර්ග ඉතා සාර්ථකයි. නමුත් දිගුකාලීනව ඒවා ගැනීමෙන් වෙන්නේ අපේ ශරීරය ඒවාට අනුවර්තනය වෙන එක විතරයි. ඉක්මනින් කරන්න හදන හැම දෙයක්ම, කෘත්‍රීම හැම දෙයක්ම ආගන්තුක දෙයක් කියලා සළකලා, ඊට අනුවර්තනය වෙලා ඒකෙ සාර්ථකත්වය අඩු කරන එක අපේ සිරුරේ හැටියක්. ඒකත් හරියට බෝ වන රෝගවලට ප්‍රතිදේහ නිපදවනවා වගේ වැඩක්ම තමයි.

නිකමට හිතන්න වේදනා නාශක පෙති ගැන. ඔබට හිසරදය හෝ වෙනත් ශාරීරික වේදනාවක් තිබෙනවා නම් ස්වභාවික සංයෝගයකට වඩා සුදුසු වේදනා නාශක පෙති වර්ගයක් ගැනීම ඉක්මන් සහනය දෙන අති සාර්ථක ක්‍රමයක්. ඒත් ඔබට තියෙන්නේ දිගු කාලීන රෝගයක් නම් නිතර වේදනා නාශක පෙති ගත්තාම සිරුර එයට අනුවර්තනය වෙන්න ඉඩ තියෙනවා. කාලයක් යනකොට පෙති බිව්වත් වේදනාව අඩු නොවෙන්න පුළුවන්. නිදි පෙති මේකට තවත් හොඳ උදාහරණයක්.

ස්වභාවික දේවල්වල ක්‍රියාකාරීත්වය

එකපාරට ක්‍රියා නොකර සෙමින් ක්‍රියා කරන නිසාත්, ස්වභාවික සංයෝගවල සැකැස්ම අපේ සිරුර ආගන්තුක දෙයක් කියා නොසළකන නිසාත් ස්වභාවික දේට අනුවර්තනය වෙලා ඒ ප්‍රතිකාරවල සාර්ථකත්වය අඩු වීමක් කවදාවත් සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔබ නිතරම සුදු ළූණු ආහාරයට ගත්තා කියා සුදු ළූණුවලට සිරුර අනුවර්තනය වෙලා එයින් කොලෙස්ටරෝල් දහනය වගේ ප්‍රයෝජන ලැබීම කිසිසේත් අවම වෙන්නේ නැහැ.

කොටින්ම කියනවා නම් ස්වභාවික දේ මිතුරන් විදිහටත්, කෘත්‍රීම දේවල් සතුරන් විදිහටත් සලකන එක අපේ සිරුරේ හැටියක්. සතුරාට මෙල්ල වෙලා හිටියත් නිතරම බලන්නේ ශක්තිය වැඩි කරගෙන ඊට එරෙහිව නැගී සිටින්න, නමුත් මිතුරා එක්ක හැමදාමත් සුහදව ඉන්නවා.

ස්වභාවික දේවල් ආහාරයට ගත්තාට සිරුර ඒවාට එරෙහි වෙන්න යන්නේ නැහැ. (victorvirag.com)

ස්වභාවික දේ පහසුවෙන් ලබා ගන්න ස්වභාවික අතිරේක හරිම වැදගත්

කොහොම නමුත් ස්වභාවික දේවල් තියෙන හැටියෙන්ම ලබා ගැනීම බොහෝ දෙනෙකුට අසීරුයි. තමන් කන්න බොන්න අකැමති දෙයක් වීම, පිරිසිදුව ලබා ගන්න තියෙන අපහසුව, ප්‍රමාණවත් තරමට ලබා ගන්න බැරි කම වගේ දේවල් මේකට හේතු වෙන්න පුළුවන්. අතිරේකයක් කියන්නේ ලෙඩක් නැතිව වුණත් පාවිච්චියට සුදුසු අමතර පෝෂණය පහසුවෙන් ලබා දෙන දෙයකටයි.

කරවිල, සුදු ළූණු, මී පැණි, කුරුඳු, වැල්පෙනළ, ගොටුකොළ, කරපිංචා ඇතුළු බොහෝ ගුණාත්මක දේවල් අපිට ආහාරයට ගන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. සමහරුන්ට මේවායින් සමහර දේවල් කන්නම බෑ. කෑමට ගන්නා අයත් ඒවා පිසින්න පාවිච්චි කරන ගැඹුරු තෙලේ බැදීම, අධික ලෙස තැම්බීම වගේ දේවල් නිසා ඒවායේ අඩංගු පෝෂක විනාශ වෙනවා, ඇඟට ලැබෙන්නේ හරිම අඩුවෙන්. මේවායේ අඩංගු ස්වභාවික දේ නිවැරදිව නිස්සාරණය කරලා, පෝෂක ගුණය සුරැකෙන විදිහට ලබා දෙන අතිරේක පාවිච්චි කිරීම වඩාත් වැදගත් වෙන්නේ ඒ නිසයි.

පිළිගත්, සෞඛ්‍ය ආරක්ෂිත, අනුමැතිය ලත් නිෂ්පාදන පමණක් පාවිච්චි කරන්න

පාරම්පරික වෛද්‍ය ක්‍රම, වෛද්‍ය වට්ටෝරු නිවැරදිව පාවිච්චි කරලා හදන, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය තියෙන නිෂ්පාදන පමණක් පාවිච්චි කරන්න විශේෂයෙන් සැළකිලිමත් වෙන්න.

අපි කළ සොයා බැලීම් අනුව අපේ පාරම්පරික වෙද ක්‍රමවල දකින්න ලැබෙන ස්වභාවික ආහාර සහ බෙහෙත් නිස්සාරණ වැඩිම හරියක් අතිරේකයන් විදියට නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකීය සමාගම වෙන්නේ බරාකා නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනයයි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියත් ඔවුන්ට හිමි වෙලා තියෙනවා.

(baraka.lk)

අපි කලින් කතා කරපු කරවිල, සුදු ළූණු, මී පැණි, කුරුඳු, වැල්පෙනළ, ගොටුකොළ, කරපිංචා වගේ ස්වභාවික ආහාර පානවල සාරයත්, කළුදුරු තෙල් (black seed oil) ඇතුළු වටිනා දේශීය ශාක සාරත් මුසු කරලා හදන, බොහෝ රෝගවලට ගුණ ගෙන දෙන නිෂ්පාදන පෙළක් බරාකා ආයතනය සතුයි. ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව නිසාම ISO 14001, ISO 22000, SLS ඇතුළු අන්තර්ජාතික සහ දේශීය තත්ත්ව සහතික විශාල ගණනක් ඔවුන්ට හිමි වී තිබෙනවා. යුරෝපය, දකුණු ඇමරිකාව සහ ආසියාව පුරාම බරාකා අලෙවි සැල් පැවතීම ඔවුන් අන්තර්ජාතිකව පවා ලබා ඇති පිළිගැනීමට හොඳ සාක්ෂියක්.

(baraka.lk)

ඉතින් ඒ වගේ පිළිගැනීමක් ලැබූ ස්වභාවික ශාකසාර අතිරේක භාවිතයට ගැනීම ඔබට ලෙඩ දුක්වලින් තොරව නීරෝගීව ඉන්නත්, ලස්සන වෙන්න සහ ශක්තිමත් වෙන්නත් උදව් වේවි. අපි මේ කතා කරපු විවිධ ස්වභාවික දේවල්වලින් ලැබෙන ප්‍රයෝජන ගැන ලිපි පෙළක්ම ඉදිරියේදී ගෙන එන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

ඉතින් ඔබත් ස්වභාවික දේ හැකි තරම් ප්‍රයෝජනයට ගන්නත්, එහෙම අපහසු තැන්වලදී පිළිගැනීමක් ඇති ස්වභාවික නිෂ්පාදන පමණක් පාවිච්චි කරන්නත්, හදිසි ලෙඩ රෝගවලට පමණක් බටහිර බෙහෙත් පාවිච්චියටත් යොමු වුණොත් නීරෝගී කමේ පරම ධනය ඔබටත් හිමි කර ගන්න අමාරු වෙන එකක් නැහැ. ඒ ගැන මතකයේ තියාගෙන සුන්දර නීරෝගී දිවියක් ගත කරන්න ඔබටත් හැකි වෙන්න කියලා Roar කණ්ඩායමේ අපි  ප්‍රාර්ථනා කරනවා.

කවරයේ රූපය (youtube.com)

මුලාශ්‍ර :

  1. www.prevention.com
  2. www.springer.com
  3. www.nlm.nih.gov
  4. www.hopkinshistoryofmedicine.org
  5. www.theguardian.com
  6. baraka.lk
  7. www.wikipedia.org

Related Articles