Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරුණ ශක්තිය නසන ගැටළුවලින් මිදෙන්න ස්වභාවික දේට පමණක් හුරු වෙමු

තරුණ කාලය කියන්නේ ජීවිතයේ සුන්දරම වගේම වැදගත්ම අවධිය කියලා කිව්වොත් වරදක් නැහැ. ජීවිතයේ වැදගත්ම තීරණ වැඩි හරියක් ගන්නේ තරුණ කාලයේ නිසා කෙනෙකුගේ අනාගතය සම්පූර්ණයෙන්ම වගේ තීරණය වෙන්නෙත් මේ කාලය ගත කරන විදිහ අනුවයි. තරුණ කාලය කියන්නේ මෙන්න මේ වයස් සීමාව කියලා හරි නිර්වචනයක් දෙන්න බැහැ, මොකද රටෙන් රටට, පුද්ගලයාගෙන් පුද්ගලයාට තරුණ කාලය කියලා පිළිගැනෙන දේ වෙනස් වෙන්න පුළුවන්. කොහොම නමුත් ළමා / නව යොවුන් කාලයයි, මැදි වයසයි අතර කාලය තරුණ කාලය කියලා බොහෝ දෙනා පිළිගන්නවා. අපේ රටේ සංස්කෘතිය අනුව නම් තරුණ කාලය කියලා සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ අවුරුදු 16-17 ඉඳලා අවුරුදු 40-45 අතර සමයයි.

තරුණ කාලය ජීවිතයට ඉතාම වැදගත් සමයක්.  (publishyourarticles.net)

තරුණ කාලය ගත කරන හැමෝම වගේ හරිම ක්‍රියාශීලීයි. මේ අවධිය බොහොම උද්‍යෝගයෙන් ගත කරන්න, අලුත් දේ අත්හදා බලන්න, අනාගතය සැලසුම් කරන්න වගේම පුළුවන් තරම් සතුටින් ඉන්නත් අපි කවුරුත් උත්සාහ ගන්නවා. ලස්සන වෙන්න, පෞරුෂය හදා ගන්න, ආකර්ෂණීයත්වය රැක ගන්න එහෙමත් වැඩි අවධානයක් දෙන්නේ මේ කාලයේදීයි.

තරුණ කාලය මොන තරම් සුන්දර වුණත් බොහෝ දෙනා මුහුණ දෙන, ඒත් කවුරුත් වැඩිපුර කතා නොකරන ගැටළුවක් තමයි ලිංගික හැකියාවේ දුර්වලකම් ඇති වෙන එක. තරුණ ජීවිතය නීරස වෙන්න, තමන් වයසට යනවා කියලා හිතෙන්න මීට වඩා හේතුවක් නැහැ. ඉතින් විවිධ රසායනික පාවිච්චි නොකරම ඒ වගේ ගැටළු මග හරවා ගන්න පුළුවන් ස්වභාවික දේවල් ගැන තමයි මේ ලිපියෙන් කතා කෙරෙන්නේ.

සංස්කෘතිය, සමාජය සහ ජීව විද්‍යාව අතර තිබෙන නොගැළපීම

මුලින්ම අපි ජීව විද්‍යාව පැත්තෙන් හිතලා බලමු. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ පිළිගැනෙන විදිහට පිරිමි අය වැඩි දෙනෙක්ට ඉහළ ලිංගික ක්‍රියාකාරීත්වයක් පවතින්නේ අවුරුදු 16-17 ඉඳලා 30ක් විතර දක්වා කාලයේදීයි. කාන්තාවන්ට වයස 17-24 අතර කාලයේදීත්, ඉන්පසුව ආයෙත් අවුරුදු 30-40 අතර කාලයේදීත් ඉහළ ලිංගික ක්‍රියාකාරීත්වයක් පවතිනවා. අපි අකමැති වුණත් අපේ ශරීර හැඩ ගැසිලා තිබෙන්නේ ඒ විදිහටයි.

අද කාලෙට ගැළපෙන විදිහට අාර්ථිකය ශක්තිමත් කරගන්න අවශ්‍ය නිසා බොහෝ දෙනෙක් විවාහ වෙන්නේ තරමක් කල් ගිහින්. (dailymail.co.uk)

කොහොම නමුත් අද පවතින සංස්කෘතික, සමාජ වටපිටාව අනුව වැඩි දෙනා විවාහ වන, එහෙමත් නැතිනම් සම්බන්ධතා පවත්වා ගන්නා වයස් මට්ටම් කලින් කියපු වයස් මට්ටම් එක්ක නොගැලපෙන බව ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇති. සාමාන්‍යයෙන් වයසින් වැඩි, යම් වෘත්තියක් කරන පිරිමි කෙනෙක් තමයි කාන්තාවන් වැඩි දෙනා බලාපොරොත්තු වෙන්නේ. විවාහ වෙන්න පෙර ලිංගික සම්බන්ධතා පවත්වන එක, විශේෂයෙන්ම කාන්තාවන් එහෙම කරන එක අදටත් අපේ රටේ බොහෝ දෙනා අසම්මත දෙයක් කියලා සලකනවා.

ඒත් අද පවතින වාතාවරණය නිසා බොහෝ කාන්තාවන්ට 17-24 වයසේදී විවාහ වෙන්න ලැබෙන අවස්ථා අඩු වෙලා. ආර්ථික අවශ්‍යතා නිසා පිරිමි අය වගේම කාන්තාවනුත් වැඩි දෙනෙක් විවාහ වෙන්න පෙර රැකියාවක් කරලා යම් මුදලක් එකතු කර ගන්න උත්සාහ ගන්නවා. හොඳ රැකියාවකට අවශ්‍ය අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් හදාගන්න ගත වෙන කාලයත් එක්ක බැලුවාම බොහෝ දෙනාට විවාහ වෙන්න සිදු වෙන්නේ තමන්ගේ ඉහළ ලිංගික ක්‍රියාකාරීත්වයක් සහිත වයස් සීමාවෙන් පිටතදීයි.

ඒ නිසාම අද කාලයේ බොහෝ දෙනා විවාහ ජීවිතයේදී ලිංගික තෘප්තිය ලබනවා අඩුයි. අනිත් හැම දේටම වඩා විවාහ වුණාම ඇති වන ප්‍රශ්නවලට බලපාන්නෙත් මේ දේවල්. ලිංගික කටයුතුවලින් දෙදෙනාටම තමන් බලාපොරොත්තු වෙන තෘප්තිය ලබන්න පුළුවන් නම් විවාහයේදීත්, සම්බන්ධතාවලදීත් මුහුණ දෙන අනිත් බොහෝ ගැටළු ලේසියෙන්ම විසඳා ගන්න පුළුවන්.

ආහාර, ගති පැවතුම් සහ වෙනත් හේතු කාරණා

ලිංගික ප්‍රශ්න බොහොමයකට හේතුව අාහාර බව දන්නවාද? (warondiabetes.com)

ඇත්තටම ලිංගික ගැටළු ඇති වෙන්න වැඩිම බලපෑමක් කරන, අපිට වඩාත් පහසුවෙන් වෙනස් කර ගන්න පුළුවන් දේවල් තමයි අපි කන බොන දේවල් සහ අපේ ඇවතුම් පැවතුම්. මොන තරම් විද්‍යාත්මක සාක්ෂි තිබුණත් බොහෝ දෙනා දුම්බීම, මත්පැන් පානය වගේ ලිංගික සෞඛ්‍යයට නරක බලපෑම් ඇති කරන දේවල්වලට හුරු වෙලා ඉන්නවා. තෙල් සහ කොලෙස්ටරෝල් අධික ආහාර, අධික ලුණු සහ සීනි සහිත ආහාර වර්ගත් මේ ගැටළුවට ප්‍රධාන හේතුවක්. මීට අමතරව ව්‍යායාම මදි කම, අයහපත් සෞඛ්‍ය පුරුදු වගේ දේවලුත්, විශේෂයෙන්ම ආතතිය, පීඩනය ඇතුළු මානසික ගැටළුත්, කාර්යබහුල කම නිසා නින්ද ප්‍රමාණවත් ලෙස නොලැබීමත් ලිංගික ක්‍රියාශීලීත්වය අඩු කරන්න හේතු වෙනවා.

එහෙම වෙන්නේ කොහොමද කියලත් කෙටියෙන් පැහැදිලි කර ගනිමු. ලුණු, තෙල්, සීනි අධික ආහාරවලිනුත්, ව්‍යායාම මදි කමෙනුත් සිදුවන ප්‍රධාන බලපෑම අපේ රුධිර සංසරණ පද්ධතියේ විවිධ අවයවවල ගැටළු හට ගන්න එකයි. කාන්තා පුරුෂ දෙපාර්ශවයේම ලිංගික ක්‍රියාකාරීත්වයට මනා රුධිර සංසරණය ඉතා අවශ්‍යයි. මත්ද්‍රව්‍ය පාවිච්චිය සහ දුම්පානය නිසා ශාරීරික රෝග වගේම ඇබ්බැහි වීම ඇතුළු මානසික ගැටළුත් හට ගන්නවා. අපි අද ගෙවන කාර්යබහුල, ආතතියෙන් පිරුණු ජීවිතය නිසා අපේ මානසික නිදහස අහිමි වුණාම, ප්‍රමාණවත් නින්දක් ලබන්න බැරි වුණාම ලිංගික කටයුතුවලින් තෘප්තිය දැනීමත් අඩු වෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයක්ම එක එක මට්ටමෙන් බලපාලා අපේ සතුට අපෙන් උදුරා ගන්නවා.

ඒ වගේම සමහර අයට ඉතින් සැබෑවටම කායික දුර්වලතා තිබෙන්නත් පුළුවන්. අනිත් ලෙඩරෝග, ව්‍යාධි වගේම ලිංගික ක්‍රියාවන්ට ගැටළු ඇති කරන විවිධ ශාරීරික ආබාධත් තියෙනවානේ.

හොඳම විසඳුම් සහ ප්‍රතිකාර මොනවාද?

වැඩි දෙනා බලන්නේ රසායනික බෙහෙත්වලින් ක්ෂණික විසඳුමක් ලබා ගන්නයි. (vigourwholesale.com)

කලින් කොටසේ කියපු සාධක නිසා ඇති වෙන ප්‍රශ්න අවම කර ගන්න සිරුරට අහිතකර දේ භාවිතය අඩු කරලා, හොඳින් ව්‍යායාම ලබාගෙන, ප්‍රමාණවත් නින්දක් ලබාගෙන, මනස පුළුවන් තරම් සැහැල්ලුවෙන් තියා ගන්න උත්සාහ කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. කොහොම වුණත් බොහෝ දෙනාට තමන්ගේ පුරුදු වුණු ආහාර පාන සහ චර්යා රටා වෙනස් කර ගන්න අමාරු නිසාත්, සමහරුන්ට සැබෑවටම තිබෙන දුර්වලතා නිසාත්, ඉක්මණින් ප්‍රතිඵල ලබා ගන්න තියෙන උනන්දුව නිසාත් වැඩි දෙනා යොමු වෙන්නේ මොකක් හරි ප්‍රතිකාරයක් ලබා ගන්න එකටයි.

ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන සංයෝගයක් හැඳින්වෙන්නේ වාජීකරණ (aphrodisiac) සංයෝගයක් විදිහටයි. ඇත්තටම ප්‍රතිඵල ලබා දෙන සංයෝග වගේම බොරුවට එහෙම වෙනවා කියලා අලෙවි කෙරෙන, සමහර අයට පමණක් ප්‍රතිඵල ලැබෙන සංයෝගත් ඕනෑ තරම් තිබෙනවා. කොහොම නමුත් අද බටහිර විද්‍යාව පවා පිළිගන්නා දෙයක් තමයි මේ හැම දේකටම විසඳුම ස්වභාවික ශාක සාර බව. රසායනික ක්‍රමවලින් මොනවා හැදුවත් ස්වභාවික නිස්සාරණවල තිබෙන ගුණය ලබා ගන්න ඉතා අපහසු බව අද කවුරුත් වටහාගෙන තිබෙනවා.

අමුක්කරා (අශ්වගන්ධ) සහ වැල් පෙනල

අමුක්කරා (අශ්වගන්ධ) කියන්නේ ජින්සෙංවලට නෑකම් කියන ශාකයක්. (alibaba.com)

අපේ රටේ දේශීය ආයුර්වේදය තුළත්, පෙරදිග රටවල් ගණනාවක දේශීය ඖෂධ ක්‍රමවලත් වාජීකරණ ගුණ තිබෙන ශාක භාවිතය දැක ගන්න පුළුවන්. රටින් රටට වෙනස් ශාක වර්ග බොහොමයක් පාවිච්චි වුණත් ආසියාතික රටවල් හැම එකකම වගේ භාවිත වෙන සුවිශේෂී ශාක ප්‍රභේදයක් තිබෙනවා. එ් තමයි ජින්සෙං.

චීනය, කොරියාව, ජපානය ඇතුළු ඈත පෙරදිග රටවල වැවෙන ජින්සෙං ශාකයත්, දකුණු ආසියාවේ දකින්න ලැබෙන අශ්වගන්ධ ශාකයත් (ශ්‍රී ලංකාවේදී මෙය අමුක්කරා කියායි හැඳින්වෙන්නේ) අයත් වෙන්නේ මේ ප්‍රභේදයටමයි. (අශ්වගන්ධවලට ඉංග්‍රීසි බසින් කියන්නෙත් Indian Ginseng, එහෙමත් නැතිනම් ඉන්දියානු ජින්සෙං කියලයි) පෙනුමෙන්  බොහෝ දුරට සමානයි වගේම මේ ශාකවල මුල්වල පවතින වාජීකරණ සංයෝග ආසියාකරය පුරා පවතින දේශීය ඖෂධ ක්‍රමවල ප්‍රයෝජනයට ගැනෙනවා.

ලිංගික ගැටළුවක් කිව්වාම ලංකාවේ කාටත් මතක් වෙන්නේ වැල් පෙනල තමයි. (lankaherbalplants.com)

අපේ රටේ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරන තවත් ප්‍රසිද්ධ ශාකයක් තමයි වැල් පෙනල. අලුතෙන් බැඳපු ජෝඩුවක සැමියා ඒ තරම් ක්‍රියාශීලී නැත්නම් “වැල් පෙනල කැඳ ටිකක් හදලා දෙන්න” කියලා කවුරුත් බිරිඳට කියන්නේ විහිළුවටම විතරක් නෙවෙයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඉහළම පිළිගැනීමක් තිබෙන වාජීකරණ සංයෝග දෙකක් හැටියට වැල් පෙනල වැල් සහ අමුක්කරා මුල් අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන්.

සාමාන්‍යයෙන් වැල් පෙනල, අමුක්කරා වගේ ශාකයක පවතින ශාකසාර සංයෝග ලබා ගන්න පාවිච්චි වෙන්නේ ඒවා තැම්බීමේ ක්‍රමයයි. උණු වතුරේ බොහෝ වෙලා තියෙනකොට ශාක කොටස්වල සෛල බිත්ති ලිහිල් වෙලා ඇතුළත තිබෙන සංයෝග වතුරත් එක්ක මිශ්‍ර වෙනවා. ඉන් පස්සේ නියමිත කාලයක් තුළ නියමිත සාන්ද්‍රණයක් දක්වා මේ මිශ්‍රණය හින්දලා (වාෂ්පීකරණය කරලා) තමයි ආයුර්වේද බෙහෙත් නිපදවන්නේ. ඒ අතීත සාම්ප්‍රදායික ක්‍රමවල තිබෙන ගුණය ඒ විදිහටම රැකගෙන නිෂ්පාදනය කරන ආයුර්වේද බෙහෙත් වර්ග තමයි අද කාටත් තිබෙන පහසුම, සාර්ථකම ප්‍රතිකාරය.

විරේගා වගේ පිළිගත් නිෂ්පාදනයකින් මේවායේ ගුණ නියමාකාරයෙන් ලබා ගන්න පුළුවන්

ඒ වගේ ගුණාත්මක ඖෂධ අතරින් වැල් පෙනල සහ අමුක්කරා යන දෙකම අඩංගු “විරේගා” ගැන විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. මෙතෙක් වෙලා අපි කතා කරපු ලිංගික ගැටළු, තෘප්තිය නැති කම වගේ ප්‍රශ්න තිබෙනවා නම් ඔබට පාවිච්චි කරන්න තිබෙන පහසුම වගේම සාර්ථකම ඖෂධයක් කියලා මෙය හඳුන්වන්න පුළුවන්. බරකා නිවසින් ඔබට ලැබෙන “විරේගා” කියන්නේ ISO තත්ත්ව සහතික ගණනාවකින් හා SLS සහතිකයෙන් පිදුම් ලබපු, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත බයෝඑක්ස්ට්‍රෑක්ට් ආයතනයේ නිෂ්පාදනයක්.

“විරේගා”වල වැල් පෙනල සහ අමුක්කරා වගේම එ්වා උරා ගන්න පහසු කරන කළුදුරු තෙලුත් අඩංගුයි. (baraka.lk)

පාරම්පරික ඖෂධ පාවිච්චි කරන අයගේ ලොකුම ගැටළුව වන භාවිතයේ අපහසුව මේ නිෂ්පාදනයේ නැහැ. වැල් පෙනල සහ අමුක්කරාවල සාරය නිවැරදි විද්‍යානුකූල ක්‍රමවලින් නිස්සාරණය කරගෙන, ශරීරයට ඉමහත් ගුණ දෙන කළුදුරු තෙල් (Black seed oil) එක්ක නියමිත අනුපාතයට මිශ්‍ර කරලා, පහසුවෙන් භාවිතයට ගත හැකි කරල් විදිහට විරේගා නිෂ්පාදනය කෙරෙනවා. එයින් කළුදුරු තෙල් සතු අසීමිත ගුණය සිරුරට ලැබෙනවා වගේම වැල් පෙනල සහ අමුක්කරා සාරය පහසුවෙන් සිරුරට උරා ගන්නත් එය උදව් වෙනවා.

කසාය වර්ග තම්බන්න, කැඳ හදන්න අද කාලේ බොහෝ දෙනාට වේලාවක් නැහැ වගේම ඒවායේ රසයටත් සමහරු කැමති නැහැ. නමුත් ඉතාම ලේසියෙන් බොන්න පුළුවන් කරල් විදිහට නිෂ්පාදනය කෙරෙන “විරේගා” ඒ කාට වුණත් ගැළපෙනවා. රසායනික බෙහෙත් බීලා නැති ලෙඩ හදාගන්න අකමැති, පිළියෙළ කරගන්න කාලය සහ ඉඩ පහසුකම් මදි නිසා හරි, රසයට කැමති නැති නිසා හරි ආයුර්වේද බෙහෙත් පාවිච්චි කරන්න අදිමදි කරන කාටත් “විරේගා” කියන්නේ හොඳින්ම ගැළපෙන නිෂ්පාදනයක්; රසායනික බෙහෙතක් වගේ පාවිච්චියට පහසුයි, ආයුර්වේද වට්ටෝරුවක් නිසා ගුණයෙන් අනූනයි, හැබැයි කිසිම අතුරු ආබාධයක් නැහැ.

හිතට අරගෙන අදම ක්‍රියාත්මක වෙන්න බලන්න

මෙතෙක් කියපු කරුණු කාරණා හොඳට හිතට අරගෙන හැකි තරම් නීරෝගීව ඉන්න ඔබත් උත්සාහ ගනීවි කියලා හිතනවා. හැකි තරම් ශරීරයට ගුණදායක ස්වභාවික එළවළු පලතුරු පිරුණු සමබල ආහාර ලබා ගන්න. තෙල්, සීනි, ලුණු අධික ආහාර සීමා කරන්න. දුම්පානය සහ මත්පැන් භාවිතය අත්හැරලාම දාන්න බලන්න. නිතරම කඩිසරව, ක්‍රියාශීලීව ඉන්න අතරේ ප්‍රමාණවත් තරම් ව්‍යායාම සිරුරට ලබා දෙන්නත් උත්සාහ ගන්න. ඒ සේරම කරන අතරේ ප්‍රමාණවත් නින්දක්, විවේකයක් ලබාගෙන මනස සැහැල්ලුවෙන් තබා ගන්න බලන්න. අඩු වුණු ලිංගික ක්‍රියාශීලීත්වය නැවත ලබා ගන්න නම් “විරේගා” වගේ ස්වභාවික අමුද්‍රව්‍ය සහිත පිළිගත් ආයතනයකින් නිෂ්පාදනය කරන ප්‍රතිකාර ලබා ගන්න. කෙටියෙන් කිව්වොත් ඒ තමයි අපේ තරුණ කම රඳවා ගැනීමේ ක්‍රමවේදය.

ඒ දේවල් හිතට අරගෙන ඒ අනුව හැඩගැසෙන්න පුළුවන් නම් ටිකෙන් ටික ඔබෙන් අෑත් වන තරුණ කම වැඩි කාලයක් තබා ගන්න පුළුවන් වේවි. ඇත්තටම තෘප්තිමත් තරුණ ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ජීවිතයේ තියෙන අනිත් ප්‍රශ්න බොහොමයක් ලේසියෙන්ම විසඳා ගන්න පුළුවන් බව ඔබටම වැටහෙන්න ගනීවි. ඒ අධිෂ්ඨානය ඇති කර ගන්න වැඩි දෙනෙකුට හැකි වේවි කියලා Roar අපි විශ්වාස කරනවා.

කවරයේ රූපය : (www.flightcentre.co.za)

Related Articles