Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයේ ඉනිම

වසර හතරක් පුරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් පසුගිය ජුලි 11 වනදා තම නායකත්වයේ ඉනිම නිමාවට පත්කලා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ නායකත්වයක් ලබා දුන් ඇන්ජලෝ මැතිවුස් තමන් පසුගිය සිම්බාබ්වේ තරඟාවලියේ ලැබූ පරාජය ගෙන දැඩි ලෙස කණගාටුවට පත් වූ බව පවසා තිබුණා. නමුත් තමන් තවදුරටත් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම වෙනුවෙන් උපරිම ලෙස දායකත්වය ලබා දෙන බව නායකත්වයට සමුදෙමින් පවසා සිටියා. පහත දැක්වෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයේ ඉනිමේ විශේෂ අවස්ථා කිහිපයකි.

අවුරුදු 16 දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පිළට ක්‍රීඩා කරන මැතිව්ස් 2006 අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. (www.cricketmachan.com)

2013 තම නායකත්වයේ ඉනිම අරඹන මැතිව්ස් ටෙස්ට් තරඟ 34කට, එක්දින තරඟ 98කට හා T20 තරඟ 12 කට නායකත්වය දෙනවා. (www.bdcrictime.com)

ඉන් තරඟ 64ක් ලංකාව ජයගෙන ඇති අතර ඒ ශ්‍රී ලාංකේය නායකයෙකු ජයගත් 4 වන වැඩිම තරඟ සංඛ්‍යාවයි. (newindianexpress.com)

ශ්‍රී ලාංකේය නායකයෙකු ලෙස දෙවන හොදම පිතිකරණ සාමාන්‍යය මැතිව්ස් සතුවන අතර එය 50.94 කි. (Getty Images)

2016 ඔස්ට්‍රේලියාවට එරෙහිව 3-0 ලෙස ටෙස්ට් තරඟාවලි ජයක් ශ්‍රී ලංකාව ලබන්නේ මැතිව්ස්ගේ නායකත්වය යටතේයි. (newindianexpress.com )

ශ්‍රී ලංකාවේ බිහිවූ ලාබාලතම ටෙස්ට් නායකයා මැතිව්ස් වන අතර ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 13 ජයගත් අතර තරඟ 15 පරාජය වී තිබුණා. (http://www.cricket.com.au)

T20 තරඟ 4ක් මැතිව්ස්ගේ නායකත්වය යටතේ ජයගෙන ඇති අතර 7ක් පරාජය වී තිබෙනවා. (espncricinfo.com)

2014 වර්ෂයේ එක්දින තරඟ 20 ක් මැතිව්ස් ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවා ඇති අතර ඒ නායකයෙකු එම වසරේ ජයගත් වැඩිම තරඟ සංඛ්‍යාවයි. එම වසරේ තරග 10කට වඩා ජයග්‍රහණයට නායකත්වය ලබා දී තිබුනේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඒ.බී. ඩිවිලියර්ස් පමණයි. (www.cricket365.com )

කවරයේ පින්තුරය – Reuters

Related Articles