Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

LPL සමඟ යළි කාර්යබහුල වන දේශීය ක්‍රිකට් පිටිය

2022 LPL ක්‍රිකට් තරගාවලිය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී හෙට (6) දිනයේ ආරම්භ වීමට නියමිත යි. ඒ සඳහා කැන්ඩි ෆැල්කන්ස්, ජැෆ්නා කිංග්ස්, කළම්බු ස්ටාර්ස්, දඹුල්ල ඕරා සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් සහභාගි වෙනවා. මෙවර LPL තරගාවලිය යටතේ පැවැත්වෙන සමස්ත තරග ප්‍රමාණය 24ක්. ඒවා මහනුවර පල්ලෙකැලේ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ කොළඹ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවල දී දින 17ක් පුරාවට පැවැත්වීමට නියමිත යි.

LPL තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන කුසලානය – srilankacricket.lk

LPL තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම්

මෙවර LPL තරගාවලිය සඳහා දේශීය විදේශීය ක්‍රිකට් තරු රැසක් සහභාගි වෙනවා. විශේෂයෙන් ම 20/20 ලීග් තරගාවලි රැසක් ක්‍රීඩා කර අත්දැකීම් ලබා සිටින ක්‍රීඩකයන් ඒ අතර සිටිනවා. මේ එම තරගාවලිය සඳහා සහභාගි වන එක් එක් කණ්ඩායම පිළිබඳ තොරතුරු යි.

ජැෆ්නා කිංග්ස්

තිසර පෙරේරාගේ නායකත්වය යටතේ තරග වදින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙතෙක් පැවති LPL තරගාවලි දෙකේ ම ශූරතාව දිනා ගත්තා. මෙවර තරගාවලිය සඳහා සහභාගි වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සඳහා ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ, අවිශ්ක ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු ,දිල්ෂාන් මදුසංක, බිනුර ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම වැනි දක්ෂ දේශීය ක්‍රීඩකයන් පිරිසක් ඇතුළත්. ජිමී නීෂම්, ෂොයිබ් මලික් සහ රහමනුල්ලා ගුර්බාස් වැනි දක්ෂ විදෙස් ක්‍රීඩකයන් ද ජැෆ්නා කණ්ඩායමට ඇතුළත් ව සිටිනවා. මේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස්- දෙසැම්බර් 6 වැනි දා අඟහරුවාදා සවස 3.00 (හම්බන්තොට දී)
2). ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ඕරා- දෙසැම්බර් 7 වැනි දා බදාදා සවස 3.00 (හම්බන්තොට දී)
3). ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස්- දෙසැම්බර් 10 වැනි දා සෙනසුරාදා රාත්‍රී 7.30 (හම්බන්තොට දී)
4). ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ඕරා- දෙසැම්බර් 11 වැනි දා ඉරිදා රාත්‍රී 7.30 (පල්ලෙකැලේ දී)

2021 LPL තරගාවලිය ජයග්‍රහණය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම – gettyimages.com

කැන්ඩි ෆැල්කන්ස්

වනිඳු හසරංගගේ නායකත්වය යටතේ තරග වදින කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට වනිඳු හසරංග, පැතුම් නිස්සංක, චාමික කරුණාරත්න, අශේන් බණ්ඩාර, ඉසුරු උදාන, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ වැනි නම් දැරූ දේශීය ක්‍රීඩකයන් අයත්. ඊට අමතර ව කාලෝස් බ්‍රැත්වේට්, ඇන්ඩ්‍රේ ෆ්ලෙචර්, ෆේබියන් ඇලන්, ඔෂේන් තෝමස්, නජිබුල්ලා සඩ්‍රාන් වැනි විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමඟ එකතු වී සිටිනවා. මේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). කැන්ඩි ෆැල්කන්ස් සහ කළම්බු ස්ටාර්ස්- දෙසැම්බර් 6 වැනි දා අඟහරුවාදා සවස 7.30 (හම්බන්තොට දී)
2). ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස්- දෙසැම්බර් 7 වැනි දා බදාදා රාත්‍රී 7.30 (හම්බන්තොට දී)
3). ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස්- දෙසැම්බර් 10 වැනි දා සෙනසුරාදා රාත්‍රී 7.30 (හම්බන්තොට දී)

ගෝල් ග්ලැඩියේටර්ස්

මෙතෙක් පැවති LPL තරගාවලි දෙකේ ම අනු ශූරතාව දිනා ගත්තේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම යි. මෙවර කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසෙන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවන් ප්‍රදීප්, නුවනිඳු ප්‍රනාන්දු, නුවන් තුෂාර, ලක්ෂාන් සඳකැන් වැනි දක්ෂ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළත්. ඊට අමතර ව ඉමාඩ් වසීම්, අසාම් ඛාන්, ඉෆ්තිකාර් අහමඩ් සහ අන්වර් අලී වැනි විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ශක්තිමත් කරනවා. මේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස්- දෙසැම්බර් 6 වැනි දා අඟහරුවාදා සවස 3.00 (හම්බන්තොට දී)
2). ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස්- දෙසැම්බර් 7 වැනි දා බදාදා රාත්‍රී 7.30 (හම්බන්තොට දී)
3). ගෝල් ගැල්ඩියේටර්ස් සහ කළම්බු ස්ටාර්ස්- දෙසැම්බර් 11 වැනි දා ඉරිදා සවස 3.00 (පල්ලෙකැලේ දි)

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම 2021 LPL අවසන් තරගයේ දී – gettyimages.com

කළම්බු ස්ටාර්ස්

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ තරග වදින කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ, ධනංජය ලක්ෂාන් වැනි දක්ෂ දේශීය ක්‍රීඩකයන් පිරිසක් ඇතුළත්. මෙවර LPL තරගාවලියේ දී කළම්බු ස්ටාර්ස් කණ්ඩායම සමඟින් එකතු වී සිටින නම් දැරූ විදෙස් ක්‍රිකට් තරු වන්නේ රවී බෝපරා, ඩොමිනික් ඩ්‍රේක්ස්, නවීන් උල් හක්, රොමාරියෝ ෂෙපර්ඩ් යන ක්‍රීඩක පිරිස යි. මේ කළම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). කැන්ඩි ෆැල්කන්ස් සහ කළම්බු ස්ටාර්ස්- දෙසැම්බර් 6 වැනි දා අඟහරුවාදා සවස 7.30 (හම්බන්තොට දී)
2). කළම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ඕරා- දෙසැම්බර් 8 වැනිදා බ්‍රහස්පතින්දා සවස 3.00 (හම්බන්තොට දී)
3). ගෝල් ගැල්ඩියේටර්ස් සහ කළම්බු ස්ටාර්ස්- දෙසැම්බර් 11 ඉරිදා සවස 3.00 (පල්ලෙකැලේ දි)

දඹුල්ල ඕරා

දසුන් ශානකගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසෙන දඹුල්ල ඕරා කණ්ඩායමට දසුන් ශානක, භානුක රාජපක්ෂ, ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, ප්‍රමෝද් මධුෂාන්, ළහිරු මදුසංක වැනි නම් දැරූ දේශීය ක්‍රීඩකයන් ඇතුළත්. සිකන්දර් රාසා, නූර් අහමඩ්, පෝල් වෑන් මීකෙරෙන්, හයිඩර් අලී වැනි විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් දඹුල්ල ඕරා කණ්ඩායමේ ශක්තිය තවත් වැඩි කරනවා. මේ දඹුල්ල ඕරා කණ්ඩායමේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ඕරා- දෙසැම්බර් 7 වැනි දා බදාදා සවස 3.00 (හම්බන්තොට දී)
2). කළම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ඕරා- දෙසැම්බර් 8 වැනි දා බ්‍රහස්පතින්දා සවස 3.00 (හම්බන්තොට දී)
3). ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ඕරා- දෙසැම්බර් 11 වැනි දා ඉරිදා රාත්‍රී 7.30 (පල්ලෙකැලේ දී)

ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

තරග 3කින් සමන්විත වුණු ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පසුගිය බදාදා (30) නිමාව දුටුවා. එම තරගාවලියේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානයට ලකුණු 60ක ජයක් හිමි වෙද්දී දෙවන තරගයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් එය ප්‍රතිඵලයක් රහිත ව අවසන් වුණා. ඉන් පසුව පැවති තෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 314ක දැවැන්ත ඉලක්කයක් සාර්ථක ව හඹා යමින් තරගය ජයග්‍රහණය කළා. මේ එම තරගවල කෙටි ලකුණු පුවරු යි.
පළමු තරගය
ඇෆ්ගනිස්තානය- 294/8 (50), (ඊබ්‍රාහිම්- 106, ගුර්බාස්- 53, රහ්මත්- 52, නජිබුල්ලා- 42, හසරංග- 42/2)
ශ්‍රී ලංකාව- 234/10 (38), (නිස්සංක- 85, හසරංග-66, ෆාරුකී- 49/4, නායිබ්- 34/3, අහමඩ්සායි- 46/2)
ඇෆ්ගනිස්තානයට ලකුණු 60ක ජයක්
තරගයේ වීරයා- ඊබ්‍රාහිම් සඩ්‍රාන්
දෙවන තරගය
ඇෆ්ගනිස්තානය- 228/10 (48.2), (ගුර්බාස්- 68, රහ්මත්- 58, නබී- 41, රාජිත- 31/3, තීක්ෂණ- 49/2)
ශ්‍රී ලංකාව- 10/0 (2.4), (නිස්සංක- 3*, මුජීබ්- 2/0)
වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුණා
තෙවන තරගය
ඇෆ්ගනිස්තානය- 313/8 (50), (ඊබ්‍රාහිම්- 162, නජිබුල්ලා- 77, රාජිත- 60/3, හසරංග- 67/2)
ශ්‍රී ලංකාව- 314/6 (49.4), (අසලංක- 83*, කුසල්- 67, දසුන්- 43, රෂීඩ්- 37/4, නබී- 56/2)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්
තරගයේ වීරයා- චරිත් අසලංක
තරගාවලියේ වීරයා- ඊබ්‍රාහිම් සඩ්‍රාන්

ශ්‍රී ලංකාව තෙවන එක්දින තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව – gettyimages.com

පාපන්දු ලෝක කුසලානයේ කණ්ඩායම් 16 තරග වටයේ තොරතුරු

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් 16 වටයේ තරග පසුගිය සෙනසුරාදා (3) ආරම්භ වුණා. එම තරග වටය යටතේ පැවැත්වීමට නියමිත තරග 8න් 4ක් මේ වන විට අවසන්. එම තරගවල දී ජයග්‍රහණ වාර්තා කළ නෙදර්ලන්තය, ආජන්ටිනාව, ප්‍රංශය සහ එංගලන්තය යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. මේ එම තරගවල ප්‍රතිඵල යි.

1). නෙදර්ලන්තය 3-1 අමෙරිකාව
2). ආජන්ටිනාව 2-1 ඕස්ට්‍රේලියාව
3). ප්‍රංශය 3-1 පෝලන්තය
4). එංගලන්තය 3-0 සෙනගාලය

මෙම තරග වටයේ තවත් තරග 4ක් ඉදිරි දිනවල දී පැවැත්වීමට නියමිත යි. එම තරග පැවැත්වෙන දින සහ වේලා (ශ්‍රී ලංකා වේලාවෙන්) මෙසේ යි.

1). ජපානය සහ ක්‍රොයේෂියාව- දෙසැම්බර් 5 වැනි දා සඳුදා රාත්‍රී 8.30
2). බ්‍රසීලය සහ දකුණු කොරියාව- දෙසැම්බර් 6 වැනි දා අඟහරුවාදා අලුයම 12.30
3). මොරොක්කෝව සහ ස්පාඤ්ඤය- දෙසැම්බර් 6 වැනි දා අඟහරුවාදා රාත්‍රී 8.30
4). ස්විට්සර්ලන්තය සහ පෘතුගාලය- දෙසැම්බර් 7 වැනි දා බදාදා අලුයම 12.30

පෝලන්තයට එරෙහිව දස්කම් දැක්වූ ප්‍රංශ ක්‍රීඩකයන් – gettyimages.com

ටෙස්ට් ක්‍රිකට් පිටියේ තවත් සුපිරි වාර්තාවක් එංගලන්තයේ නමට

තරග 3කින් සමන්විත එංගලන්ත-පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රාවල්පිණ්ඩි හි දී පසුගිය බ්‍රහස්පතින්දා (01) ආරම්භ වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට මුලින් පහර දුන් එංගලන්ත කණ්ඩායම තරගයේ පළමු දිනයේ ක්‍රියාත්මක වුණු පන්දුවාර 75 තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 506ක් ලබා ගත්තා.

එහි දී එංගලන්තය වෙනුවෙන් සැක් ක්‍රෝලි 122ක්, ඔලී පෝප් 108ක්, බෙන් ඩකට් 107ක්, හැරී බෘක් නොදැවී 101ක් ලෙස ශතක ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

බෙන් ඩකට් සිය ශතකය ලබා ගත් අවස්ථාව – gettyimages.com

එසේ එංගලන්ත කණ්ඩායම ලබා ගත් ලකුණු 506 ටෙස්ට් ක්‍රිකට් තරගයක පළමු දිනයේ දී තනි කණ්ඩායමක් ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක් වුණා. එහි දී එංගලන්තය අභිබවා ගියේ 1910 දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 6කට ලකුණු 494ක් ලබා තබා තිබුණු වාර්තාව යි. එම ලකුණු 506 ටෙස්ට් ක්‍රිකට් තරගයක දිනයක් තුළ තනි කණ්ඩායමක් ලබා ගත් දෙවන වැඩි ම ලකුණු ප්‍රමාණය බවට ද පත් වුණා. එහි වාර්තාව ලෙස සටහන් වී ඇත්තේ 2002 දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 509 යි.

ආසියානු පාසල් චෙස් තරගාවලියේ පදක්කම් 11ක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

2022 ආසියානු පාසල් චෙස් තරගාවලියේ අධිවේගී අංශයේ (Rapid) තරග වස්කඩුව සිට්‍රස් හෝටලයේ දී ඊයේ (4) දිනයේ නිමාවට පත් වුණා. එම තරගවල දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමඟින් සමස්ත පදක්කම් 11ක් දිනා ගත්තා. මේ එම ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු යි.
රන් පදක්කම්- 2
1). ඔෂිනි ගුණවර්ධන- 11න් පහළ බාලිකා
2). දුලින්මා රත්නායක- 13න් පහළ බාලිකා

රිදී පදක්කම්- 5
1). සයුමි හලංගොඩ- 7න් පහළ බාලිකා
2). සෙනුත් පෙරේරා- 7න් පහළ විවෘත
3). නිම්සර වීරසේකර- 13න් පහළ විවෘත
4). ඒෂා පල්ලි- 15න් පහළ බාලිකා
5). එස්.ඩී.බී.කේ සෙනවිරත්න- 15න් පහළ විවෘත

ලෝකඩ පදක්කම්- 4
1). දෙව්හාරා පල්ලියගේ- 11න් පහළ බාලිකා
2). එසඳි නෙවන්සා- 13න් පහළ බාලිකා
3). දිහන්සා ගමගේ- 15න් පහළ බාලිකා
4). අශ්විනී පවලචන්ද්‍රන්- 17න් පහළ බාලිකා

ඔෂිනි ගුණවර්ධන – twitter.com/Namal Rajapaksha

ඉන්දියාව හමුවේ බංග්ලාදේශයට පෙරළිකාර එක්දින තරග ජයක්

තරග 3කින් සමන්විත බංග්ලාදේශ-ඉන්දියා එක්දින තරගාවලියේ පළමු තරගය මීර්පූර් නුවර ශෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී ඊයේ (4) පැවැත්වුණා. එම තරගයේ දී ලකුණු 187ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 39.3ක් අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 136ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියා.

ඒ මොහොතේ දක්ෂ පිතිහරඹයක නිරත වුණු මෙහිදි හසන් මිරාස් සහ මුස්ටෆිසුර් රහමාන් අවසන් කඩුල්ලට නොබිඳුණු ලකුණු 51ක සබඳතාවක් ගොඩනඟමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව- 186/10, (41.2), (රාහුල්- 73, රෝහිත්- 27, ශකීබ්- 36/5, එබඩොට්- 47/4, මෙහිදි- 43/1)
බංග්ලාදේශය- 187/9 (46), (ලිටන්- 41, මෙහිදි- 38*, ශකීබ්- 29, සිරාජ්- 32/3, සුන්දර්- 17/2)
බංග්ලාදේශයට කඩුලු 1ක ජයක්
තරගයේ වීරයා- මෙහිදි හසන් මිරාස්

බංග්ලාදේශය තරගය ජයග්‍රහණය කළ මොහොත (gettyimages.com)



කවරයේ ඡායාරූපය- 2020 මංගල LPL තරගාවලියේ අවසන් තරගය ඇරඹීමට කණ්ඩායම් දෙකේ නායකයෝ - thepapare.com

මූලාශ්‍ර- espncricinfo.com
cricbuzz.com
fifa.com
howstat.com
chessresults.com

Related Articles