Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ වැඩකරන චීන කම්කරුවෝ

අපේ රටට ලැබෙන චීන ණය සහ ආධාර සමඟ එන චීන සමාගම් වගේම චීන මිනිස්සුත් දැන් දැන් හරි හරියට වැඩ කරති . රටවල් ණය නිකුත් කරන ව්‍යාපෘතිවලදී ඒ ණය යොදවන ව්‍යාපෘති කොන්ත්‍රාක් ඒ රටවලම සමාගම් වලට ලබාගන්නට ඇතැම් දියුණු රටවල් කලක සිට ක්‍රියාත්මක වන වැඩපිලිවලකි. ලංකාවේ වැඩබිම් වල සිටින චීන ජාතිකයින් බොහෝවිට පැමිණ ඇත්තේ එවැනි කොන්ත්‍රාත් සමාගම්වල වැඩකටයුතු කිරීම සදහා වේ.

මේ ව්‍යාපෘති වල අපේ ලාංකික කම්කරුවන් සහ සේවකයින් නිළධාරීන් වගේම චීන මිනිසුන්ද හරි හරියට වැඩ කරති. මේ අයගේ ගති පැවතුම් අපේ අයට ඇහෙන්නේ පෙනෙන්නේ කොහොමද කියලා පොඩි කරුණු ටිකක් දක්වන්නට අපි හිතුවා.

චීන කම්කරුවන්ගේ වැඩ කිරීමේ හැකියාව

(rediff.com)

සාමාන්‍යයෙන් බොහෝ ඉදිකිරීම් වැඩබිම් වල වැඩකරන චීන ජාතිකයින් දින හතම ගතකරන්නේ රාජකාරි සමඟ යි. ඔවුන් ඔවුන්ගේ රටේදී කෙසේ වෙතත් ලංකාවේදි නම් නිවාඩු ලබාගන්නේ නෑ.

එසේම යම්කිසි රාජකාරියක් ඔවුන්ට පැවරූ පසු එහි තත්වය කෙසේ වෙතත් වැඩේ නම් ඉතාම ඉක්මණින් කරන්නට ඔවුන් වගබලාගන්නවා. උසස් තත්වයෙන් වැඩකරන්නට සහ නිර්මාණශීලි ලෙස විසඳුම් හොයන්නට කම්කරු මට්ටමේ චීන ජාතිකයින් එතරම් දක්ෂ නැති වුණත්, කරන වැඩේ යන්ත්‍රයක් මෙන් වේගයෙන් කරන්නට ඔවුන් දන්නවා වගේම අපේ අය වගේ බුලත් විට කන්න, අතරමැද තේ බොන්න, වගේ අමතර දේට ඔවුන් කාලය කැපකරන්නේ නැතිම තරම්.

(hindustantimes.com)

චීනාගේ කෑම බීම

අපි නම් බත් ටිකක් බෙරි වැඩි වුනාම හෝ බත්වල වතුර ගතිය ටිකක් තිබුනාම මූණ බෙරි කරගන්නවා. මොකද ලාංකිකයින්ගේ ආහාර රටාවේදි බත වියළිව තබාගන්න නිසා. නමුත් චීන ජාතිකයින් එහෙම නෑ. එලවළුද, මස්ද, මාළුද ඔක්කෝම දාලා බතුත් වතුර ගතිය එක්කමයි කන්නේ. කෑමට පෙර අත හේදීම වාගේ අපේ චාරිත්‍ර එයාලට වැදගත් නෑ. මොකද කන්නේ කෝටු දෙකෙන්. කට ගාවට බදුන ලං කරගෙන කෝටු දෙකෙන් කන විදිය ඇත්තටම දකිනකම් කෝටු දෙකකින් ඒ තරම් පොඩි බත් ඇට ඇහිඳින්නේ කොහොමද කියලා හිතාගන්නත් අමාරුයි.

(asianmirror.lk)

වතුරට නම් හරි ආදරේ

” අපි නං මල්ලියේ ඔය පාරෙ වැඩකොරන ගමන් රස්නේ ටිකක් වැඩිවුනාම වතුර බූලියෙන් වතුර ඩිංගිත්තක් අරං මූණට ඇඟට හලාගන්නවා. අරුං ඒකටත් බලල රවනවා..මං හිතන්නේ මේ චීන්නු ආව දිහා වතුර කියන්නේ බොහොම අඩුපාඩු දෙයක් වෙන්නෝනා.. “ චීන ජාතිකයින් සමග එකට වැඩකරන අධිවේගී මාර්ග අඩවියක වැඩකරන අපේ සේවක මහත්මයෙක් චීනාගේ වතුර භිතිකාව දැක්කේ ඒ විධියට. ඒ වගේම ඔවුන් එක වතුර බෝතලයක් මුළු දවස පුරාම ලඟ තබාගෙන බොමින්, අරපිරිමැස්මෙන් වතුර භාවිතා කරන බවකුත් අපිට වැඩබිම් වලින් ආරංචි වුණා.

පිරිසිදුකම

වතුර නැති නිසාමදෝ මන්දා තරමක් වැඩිමහළු චීන ජාතිකයින් නම් නාන්නේ ඇඟහෝදන්නේ ම නැතිම තරම්. නවීන තාලයට හැදුණු අලුත් පරම්පරාවල අය නම් පිරිසිදුවට ඉන්නවා. ඒත් අර චීනයෙත් බොහෝ කලක් වැඩකරපු අය ලඟ වැඩ කරන්න නම් අපේ නාසයට පොඩි එක්සයිස් එකක් දෙන්න ම වෙනවා. ලංකාවේ වැඩබිම් වල වැඩකරන අපේම කම්කරු මහත්වරුන් බොහෝවෙලාවට වැඩට යන්නෙත් උදේ පිරිසිදු වෙලා. ඒ වගේම වැඩ ඇරිලා ගෙදර එන්නෙත් වැඩකරන ඇඳුම ඇරලා හොදට ඇඟපත හෝදලා හෝ නාලා වෙනත් ඇදුමකින්. ඒත් චීනාට නම් ඒ තරම් හොද පිරිසිදු කරගැනීමේ වතාවත් නැහැ.

(asianmirror.lk)

ෆෝන් මේනියාව

අපේ රටේ නම් කොළඹ සහ තදාසන්න පැතිවල කම්කරු මහත්වරුන් නම් දැන් හරි හරියට ස්මාට්ෆෝන් වලට හුරුවෙලා… ඒත් ස්මාට්ෆෝන් භාවිතය චීන ජාතිකයින් එක්ක බැලුවාම අපේ තවම ඒ තරම්ම පැතිරීමක් නැහැ… බොහෝ ලාංකික ගම්බද ඉදිකිරීම් වැඩ ආදියට යන තරුණයින්ට පොඩි ගේම් එකක් ගහගන්න ෆේස්බුක් යන්න නිවුස් බලන්න පුළුවනි. එහෙත් ඔවුන්ගේ දෛනික ජීවිතයට ෆෝන් යොදාගන්නවාට වඩා චීනාගේ ෆෝන් භාවිතය බොහොම වැඩියි.

“ඔන්න දවසක් හයි වේ එක යන හරියේ කොස් ගහක් තිබුණා. අපි ටිකක් මහත්තුරු එහෙට වෙනකල් ඉදලා ගහේ තිබුන වැල ගෙඩියක් බාලා චින්නුන්ටත් දීලා කෑවා. මුං ඉතිං වැල බාන එකයි, වැල ගිලින එකයි. හැම රෙද්දම පොටෝ ගහනව නෙව. මං හිතන්නේ චීනේ කොස් දෙල් එහෙම නැතුව අැති. ඒ මදිවට එක චීනෙක් හිතපි යකෝ මේ ගහේ තියන හැම කොස් ගෙඩියම කන්න ඇහැකි නෙ කියලා. ඒ ගමන උගේ ආසාවට මේ වන්කොස් (ගැට පොළොස්) ගෙඩියකුත් කඩා දුන්නා. මූ ඒකත් කපලා පොටෝ ගහලා උන්ගේ ෆේස්බුක් එකට දානවා. අනේ මං දන්නෑ. උන් පොටෝ නොගහන දෙයක් නෑ..” ඒ චීන ජාතිකයින්ගේ ෆෝන් භාවිතය ගැන වැඩබිමක වැඩකල සහෝදර අපේ සේවකයකුගේ අදහසකි.

චීන ජාතිකයින්ට අප භාවිත කරන ෆේස්බුක්, ට්විටර්,ඉන්ස්ටග්‍රැම් ආදී බොහෝ ජනප්‍රිය යෙදවුම් අවහිර කර තිබේ. එබැවින් ඔවුන් භාවිත කරන ෆෝන් වල ඇත්තේ ඔවුන්ගේ බාශාවලට මනාව සහාය දක්වන වෙනමම සමාජ ජාලා ආදියයි.

(opensocietyfoundations.org)

භය පක්ෂපාත ගතිය

පාලකයින් වැඩ මූලිකයින් ලෙස සිටින චීන ජාතිකයින් නම් තත්ව පාලනයට වඩා ඔවුන්ගේ ලෙහෙසිය පහසුව සහ වාසිය තකා ඉක්මණින් වැඩ නිම කිරීමට වඩාත් කැමැත්තක් දක්වති. එහෙත් වැඩකරන චීන ජාතිකයෝ බොහෝ විට දැඩි වාද විවාද රණ්ඩු සරුවල් වලින් තොරව සිය රාජකාරිය යටහත් පහත්ව ගෙනයති. ඔවුන්ගේ ස්වාමි වූ තරමක වත් පොහොසත්කම් ඇති චීන ජාතිකයෝ නම් ලංකාවේ විවිධ තැන් නැරඹීම, නයිට් ක්ලබ් යෑම ආදී දේ සිදුකරති. නමුත් වැඩකරන චීන ජාතිකයෝ වැඩ පමණක් ඉටු කරමින් ජීවිතයේ යම් විනෝද කටයුතු වෙත් නම් ඒවා අනාගතයට භාර කරති.

අපේ කම්කරුවන්ට වඩා චීන්නු ආරක්ෂිත උපක්‍රම භාවිතා කිරීමට යොමුවෙති. ඔවුන් හෙල්මට් ඕවරෝල් සේෆ්ටි සහිතව වැඩකිරීමට නිසගයෙන්ම හුරුවූ පිරිසක් ලෙස සාමාන්‍යයෙන් බැලූවිට පෙනීයයි.

ගෙවීම් සහ වරප්‍රසාද ආදිය

චීනයේ බොහෝ සමාගම් වල දිවා විවේකයේදී මඳ නින්දක් දැමීමේ අවස්ථාවක් සේවකයින්ට හිමි වේ. ලංකාවේද මාර්ග වැඩබිම් ආදියේ පැය දෙකක පමණ දිග කෑම විවේකයක් වැඩබිමේ සියළු දෙනාටම හිමි ය. පාන්දරම වැඩට යා යුතු වුවත් හිරු රැස් අධික විට වැඩ එයින් මිදී සිටීමට හැකිවීම ඒ වැඩබිම් වල ඇති වාසියකි.

ණය මගින් ක්‍රියාත්මක වන චීන ඉදිකිරීම් වල උපාංග ගෙන එන්නේ චීනයෙනි. එසේම ශ්‍රමය ද චීන ජාතිකයින් ගෙනි. අපේ රටේ සාමාන්‍ය සේවකයෙක් ලබන වැටුපට වඩා ඒ මට්ටමේම වැඩ කරන චීන ජාතිකයකු තුන් හතර ගුණයක වැටුපක් ලබති. ඇතැම් අවස්ථාවලදී සැබැවින්ම වේගවත් චීන ජාතිකයෝ වැඩ අතින් නම් අපිට වඩා ඉදිරියෙන් සිටිති. එසේම දැන් දැන් එසේ මුලදී කම්කරුවන් කුලියට දෙන සමාගම් හරහා ලංකාවට පැමිණි චීන ජාතිකයින් වෙනත් ලාංකික සමාගම් වලටද කම්කරු සේවකයින් ලබාදීමට හැකියාව ඇතිදැයි සොයා බලති.

(i2.cdn.cnn.com)

විවිධත්වය

චීන්නු පමණක් නොවන ඉන්දීය, බංග්ලාදේශ ආදී විදේශ ජාතිකයින් දැන් ඉදිකිරීම් ආදී වැඩබිම් වල ලංකාවේ සේවකයින් හා සමව වැඩ කරති. පහළ මට්ටමේ කම්කරු රැකියාවන්ට ලංකාවෙන් සේවකයින් සොයාගන්නට බැරි වූ කල සමාගම් විසින් විදෙස් වලින් සේවකයින් ගෙන එති. එහි ද පාලනයක් තිබිය යුතුය.

කෙසේ වෙතත් විවිධ සංස්කෘති වටපිටාවන් සහිත පිරිසක් සමග වැඩකිරීම ලාංකික සේවකයින්ට නම් විටෙකදී විනෝදයක් ගෙන දේ.

Related Articles