Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ (V)irtual (R)ocket එකෙන් ඔබ කැමති ලොවකට පිවිසෙන්න, Apps 10ක් මෙන්න!

VR (Virtual Reality) අත්දැකීම විඳින්නට නම් ඒ සඳහා වූ දහස් ගණනක් ඇප්ස් අතරින් හොඳම ඒවා තෝරාගත යුතු වෙනවා. නමුත්, Headset එක ගලවමින් ඒවා Install කරන්නට යාම කරදරයක් නිසා උත්සාහ කර බැලිය යුතු ම Apps ගොන්නක් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා. Google Cardboard ඇප් එක ස්ථාපනය කරගෙන පහත තිබෙන ඒවාත් දාගත්තා ම නිතර හෙඩ්සෙට් එක ගලවන්නට සිදුවීම අවම කරගෙන ඇප්ස් අතර මාරු වෙමින් එකිනෙකෙහි අත්දැකීම විඳගන්නට ඔබට හැකි වේවි.

ත්‍රිමාන වස්තු සජීවී ලොවට ගෙන එන Sketchfab

විවිධ අය විසින් සකසන ලද ත්‍රිමාන නිර්මාණ නරඹන්නට හැකි සමාජ ජාලයක් බඳු ඇප් එකක් වන Sketchfab හරහා VRවලින්, ත්‍රිමානවලින් සැකසූ විවිධ ප්‍රසිද්ධ ස්ථානවල ඇවිදින්නට අවස්ථාව සලසනවා. රොබෝලා, රෝමයේ රවුමක්, ඩයිනෝසර්ලා ආදී විවිධ දේවල් මෙහි අඩංගු වන අතර, ඔබේ ප්‍රියතම නිර්මාණකරුවන් Follow කරමින් නව නිර්මාණ අත්විඳින්නට ද අවස්ථාව තිබෙනවා. ඇප් එක මෙගාබයිට් 9.2 යි.

බාගන්න: Sketchfab

VR වීඩියෝ බලන්න KMPlayer VR

VR ආකාරයෙන් නැරඹිය හැකියි (Google Play Store)

බාගත කරගත් VR වීඩියෝ නරඹන්නට සහ URL එක ලබාදීමෙන් VR වීඩියෝ නැරඹීමේ පහසුකම ගෙන එන මේ ප්ලේයරය, ඔබ පරිගණකයේ පාවිච්චි කළ KMPlayer නිෂ්පාදකයන් වන කොරියාවේ Pandora TV ආයතනයෙන් ම ගෙන එන්නක්. සරල අතුරුමුහුණතක් සමග එය ඕනෑම වීඩියෝවක් Full screen නැරඹීමේ අවස්ථාව ගෙන එනවා. අංශක 360 ම නරඹමින් වීඩියෝවලින් නවමු අත්දැකීමක් ලබන්නට KMP හරහා අවස්ථාව ලැබෙනවා. Play Storeහි 4.0ක rating අගයක් ලැබූ මෙය බාගැනීමට මෙගාබයිට් 20ක් වැය වෙනවා.

බාගන්න: KMPlayer VR

ලෝකෙ වටා සවාරියක් යන්න Sites in VR

උපාංගයට ගැළපෙන සේ සකසා ගත හැකියි (Google Play Store)

ලෝකෙ වටේ රවුම් ගහන්න සල්ලි නැති හින්දා, ණය වෙලා ගත්තු VR එකෙන් ලෝකෙ වටේ සවාරියක් යන්න Site in VR ඇප් එක දාගන්න ඕනෑ. පාවිච්චි කරන VR උපාංගයේ වර්ගය අනුව සකසා ගන්නට හැකි නිසා පහසුවෙන් ම තමන් සතු උපාංගයට ගැළපෙන පරිදි එහි විශේෂාංගවල උපරිමය ලබා ගන්නට මෙහි අවස්ථාව තිබෙනවා. විවිධ ප්‍රවර්ග යටතේ ලොව ප්‍රසිද්ධ ස්ථාන ලැයිස්තුගත කර ඇති අතර මාලිගා, කෞතුකාගාර, අයිෆල් වැනි කුළුණු, අභ්‍යවකාශය වැනි විවිධ ස්ථානවල අංශක 360 ඡායාරූප නරඹන්නට මෙය හරහා අවස්ථාව තිබෙනවා.

බාගන්න: Sites in VR

සෞරග්‍රහ මණ්ඩලය හඳුනාගන්න VR Solar System

අධ්‍යාපනික VR app එකක් වශයෙන් Play Store වෙත එක්වන මෙය 4.2ක Rating අගයක් සමග ග්‍රහලෝක අතර අප ව තනි කරවනවා. විශේෂයෙන් කුඩා දරුවන්ට පෘථිවියෙන් හා චන්ද්‍රයා සිට, බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් මෙන්ම දැන් සෞරග්‍රහ මණ්ඩලයේ බවට නොසැලකෙන ප්ලූටෝ වාමන ග්‍රහයා පවා මීට ඇතුළත් කර තිබෙනවා. පසුබිමින් හඬ යොදමින් මේ ග්‍රහලෝක හඳුන්වාදෙනු ලබනවා. විවිධ VR උපාංගවලට සහාය දෙන මෙය, බාගැනීමට මෙගාබයිට් 21ක් වැයවෙනවා. ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන් වැනි භාෂාවන් ද තිබෙන නිසා එවන් භාෂා ඉගෙන ගන්නා අයට තමන්ගේ දැනුම තවත් වර්ධනය කරගන්නට මෙය එවන් බසකින් පාවිච්චි කරන්නට පුළුවන්.

බාගන්න: VR Solar System

තරු රටා හඳුන්වාදෙන StarTracker VR

තරු රටා සහ ග්‍රහලෝක ඉගෙනගන්න පුළුවන් (Google Play Store)

වැඩිදියුණු කරන ලද VR (Enhanced VR) තාක්ෂණයෙන් එන මෙය, ගෝලයක් තුළ සියලු තරු රටා අඩංගු කරමින් ඒවා හඳුනාගන්නට අවස්ථාව සලසනවා. GPS මඟින් අප සිටිනා ස්ථානය හඳුනාගන්නා අතර, ඊට ගැළපෙන තරු රටාවන් සහ මිනිස් ඇසට පෙනෙන ග්‍රහලෝක ද දර්ශනය කරමින් ඒවායේ නම් හඳුනාගන්නට අවස්ථාව සලසනවා‍. තරු ගැන උනන්දු කුඩා දරුවන්ට මෙය පාවිච්චි කිරීම මහත් උද්‍යෝගයක් ගෙන දේවි. අහස දෙස බලන්නාක් මෙන් තරු අතර සැරිසරමින් විවිධ හැඩයන්ට ගොනු වුණු තරු රටාවන්ගේ නම් හඳුනාගැනීම ‘පරිසරය’ හෝ ‘විද්‍යාව’ පොතෙන් ඔබ්බට ඔවුන් ව ගෙන යාවි. මෙය Offline ඇප් එකක් නිසා පාවිච්චි කරද්දී කිසිදු අන්තර්ජාල දත්ත වැය වීමක් සිදුවන්නේ නැහැ.

බාගන්න: StarTracker VR

පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්න Final Kick VR

දඬුවම් පහර එල්ල කරන්න (Google Play Store)

ෆුට්බෝල්වලට කැමති කෙනෙක් අත නොහැරිය යුතු ඇප් එකක් තමයි Final Kick කියන්නේ. මෙමඟින් Penalty shots හෙවත් දඬුවම් පහර VR හරහා ගහන්නට අවස්ථාව ලබා දෙනවා. ක්‍රීඩා පිටියක සිටිනවාක් මෙන් වූ අත්දැකීමක් ලබමින් ක්‍රීඩකයන් පෙළට සිටගෙන සදන wall එක මඟහැර බෝලය ඉලක්කයට Goal එක වෙත යොමු කිරීම යි අපේ කාර්යභාර්යය වෙන්නේ. හොඳ ග්‍රැෆික්ස් සහ සරල controls තිබෙන නිසා ඕනෑම VR උපාංගයකින් මෙය පහසුවෙන් ක්‍රීඩා කරන්නට පුළුවන්. අන්තර්ජාලය රහිත ව තරගාවලි 20ක් මින් සෙල්ලම් කරන්නට පුළුවන්. බාගත කර ගැනීම සඳහා මෙගාබයිට් 80ක් යනවා.

බාගන්න: Final Kick VR

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගෙන යන Astronaut VR

ත්‍රිමාන ව සැකසූ දසුන් (Google Play Store)

කුමන අත්දැකීමක් ලබා ගත්තත් තවමත් අභ්‍යවකාශ අත්දැකීම ලබන්නට හැකි වන්නේ ලොව ඉතාම ස්වල්ප දෙනෙක්ට පමණයි. නමුත් තාක්ෂණයේ දියුණුව නිසා VR වලින් ඒ අත්දැකීම අපටත් ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කි.මී. 400ක් දුරින් ඇති පෘථිවිය දෙස බලද්දි හිතේවි එහා ගෙදර වැටෙන් ටිකක් වැඩිපුර අල්ලගන්නට හිතන අපි කොතරම් කුරා කුහුඹුවන් පිරිසක් පමණක් ද කියලා. කිසිදු Controller එකක් අවශ්‍ය නොවන නිසා ඉතා අඩු මිල VR උපාංගයකින් වුවත් මේ ඇප් එක පාවිච්චි කරන්නට පුළුවන්. අභ්‍යවකාශයේ ඇවිදීම මෙන්ම හබ්ල් දුරේක්ෂය අවට ගැවසෙන්නට ද අවස්ථාව දෙන මෙය, බාගත කරගන්නට මෙගාබයිට් 56ක් වැයවෙනවා‍.

බාගන්න: Astronaut VR

Horrorවලට කැමති අයට Sinister Edge

VR අත්දැකීම ලබද්දී අනිවාර්යයෙන් ම Horror අත්දැකීමත් විඳින්න ම ඕන. VR උපාංගය පැළඳ ගත්තා ම අප ව බය හිතෙන අඳුරු කාමරයක අතරමං කරමින් හොල්මන් අතර තනි කරලන බිහිසුණු ඇප් එකක් තමයි Sinister Edge කියන්නේ. Play Store හි 2017 මෙන්ම 2018 වර්ෂයන්ගේ ද Editor’s Choice ඇගයුම ද ලැබූ මෙය 4.0ක rating අගයක් ද ලබා තිබෙනවා. බාගැනීම් ප්‍රමාණය මිලියනකටත් වැඩි යි. Controller එක පාවිච්චි කරමින් එය වසා තිබෙන දොරවල් විවෘත කරමින්, අද්භූත නිවසක සැරිසරන්නට අවස්ථාව දෙන Sinister Edge ඇප් එක බාගැනීමට මෙගාබයිට් 96ක් වැය වෙනවා.

බාගන්න: Sinister Edge

අභ්‍යවකාශ යානයක නැඟී විශ්වය පුරා යන්න Titans of Space

උපසිරැසි යානයේ තිරය මත පෙන්වනවා (Google Play Store)

අභ්‍යවකාශ යානයකින් සෞරග්‍රහ මණ්ඩලය පමණක් නොව, අපේ සූර්යයාටත් වඩා විශාල ග්‍රහලෝක වෙත ද අනෙකුත් ග්‍රහලෝක අතරින් ගමන් කරන්නට Titans of Space සමග අවස්ථාව තිබෙනවා. මෙය ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකයට අප ව රැගෙන ගොස් එහි විස්තර කියා දෙනවා. ඒ අතරේ අපිට අවට බලන්නට පුළුවන්. විශාල ග්‍රහලෝක අතරින් ඒ ආසන්නයෙන් ම යද්දී ඇඟ කිළි පොළා යන්නේ එය ඇඟේ වදීවි කියා හිතෙන නිසා යි. පහළ බැලූ විට වාඩි වී සිටින අපේ අත් දෙක, යානයේ තිරයන් හා වෙනස් උපාංග දකින්නට ලැබෙනවා. Horror වගේ ම අභ්‍යවකාශය කියන්නත් කෙතරම් භයානක තැනක්දැ යි මේ ඇප් එක ඔබට පෙන්වා දේවි. බාගැනීමට අවශ්‍ය වන්නේ මෙගාබයිට් 32 යි.

බාගන්න: Titans of Space

ගුවන්යානාවන්ට එරෙහිව සටන් කරන්න Sky Battle

හමුදා කඳවුරට ගුවන් යානාවලින් එල්ල වන පහරදීම් වළකාගන්නට, ඒවා පැමිණෙන්නට ප්‍රථම බිම හෙලීමේ වගකීම ඔබට පැවරෙනවා. විවිධ ආකාරයේ ගුවන් යානා සහ විවිධ ආකාරයේ පහරදීම්වලින් වැළකෙන්නට සිදුවෙනවා. කිසිදු Controller එකක් අවශ්‍ය නොවන නිසා කාඩ්බෝඩ් VR උපාංගවලින් පවා මේ Game එක සෙල්ලම් කරන්නට පුළුවන්. කරන්නට තිබෙන්නේ ගුවන්යානයේ දෙස බලමින් ඉලක්කය ඒ වෙත යොමු කිරීම යි. වෙඩි තැබීම එවිට ස්වයංක්‍රීය ව සිදුවෙනවා. රාත්‍රී කාලයේ දී Night Vision ද ලැබෙන අතර, තමාට වෙඩි නොවැදී වැඩි ම ගුවන් යානා හා හෙලිකොප්ටර් ප්‍රමාණයක් බිම හෙලීම මූලික අරමුණ බවට පත් වෙනවා. අවශ්‍ය නම් VR නොමැති ව වුවත්, මෙය සෙල්ලම් කරන්නට පුළුවන්. බාගැනිමට වැය වන්නේ මෙගාබයිට් 28 යි.

බාගන්න: Virtual Reality Sky Battle

මේවාට අමතර ව ඔබ ප්‍රිය කළ VR Apps තිබෙනවා ද?

කවරය: videoblocks.com

Related Articles