Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට නැතුවම බැරි ඇප්ස් 5ක්

දුරකථනය පාවිච්චි කරද්දී එදිනෙදා වැඩ පහසු කරගන්නට ඇප්ස් දහස් ගණනින් මේ වනවිට බිහිවී තිබෙනවා. ඒවායින් වඩාත්ම ගුණාත්මක මට්ටමකින් යුතු සහ ප්‍රයෝජනවත්ම ඒවා කිහිපයක් අපි සලකා බලමු.

01. ගූගල්හි SMS යෙදුම

(Google Play Store)

ඔබේ දුරකථනය ගූගල් සමාගම විසින් නිපදවූ දුරකථනයක් නොවේ නම් එහි අනිවාර්යයෙන්ම තිබෙන්නේ නිෂ්පාදක සමාගම විසින් වෙනස්කර සකසනු ලබන SMS යෙදුමකුයි. එවැනි බොහෝ ඒවායේ තිබෙන සෙල්ලක්කාර පෙනුම වෙනුවට ඇන්ඩ්‍රොයිඩ් සමඟ පැමිණෙන පිවිතුරු අත්දැකීම ලබාගැනීමට ඔබ කැමැති නම් ගූගල් සමාගම විසින් නිපදවන ලද Android messages app එක පාවිච්චි කරන්න පුළුවන්.

02. මුරපද තවදුරටත් මතක තබාගත යුතු නැහැ

(Google Play Store)

අපි අන්තර්ජාලයේ තිබෙන බොහෝ සේවාවන් භාවිතා වෙනවා ඒවා කොතරම් තිබෙනවා ද යත් ඒවායේ තිබෙන සියලු මුරපද අපට මතක තියා ගන්න හැකියාවක් නැහැ. අඩුම තරමින් බොහෝ දෙනෙකුට තමන්ගේ ඊමේල් ලිපිනයේ මුරපදයවත් මතක නැහැ. මේ නිසා බොහෝ දෙනෙක් පුරුදුව ඉන්නේ සරල පදයක් දැමීමට හෝ දමන ලද මුරපදය කොහේ හෝ කොළයක ලියා තැබීමට. මේ නිසා එසේ ලියන ලද ඒවා වෙනත් අයට හමුවීමෙන් තමන්ගේ ගිණුම් වෙනත් අයෙකුගේ අතට පත්වීමේ විශාල අවදානමක් ද තිබෙනවා. මේ සියලු ගැටලු නිරාකරණය කරගන්නට අප පෙර ලිපියකින් ද ගෙන ආ මුරපද මතක තබා ගැනීමේ සේවාවක් වන Lastpass භාවිතා කරන්නට පුළුවන්.

03. ගූගල් ක්‍රෝම්

(Thambaru/Roar)

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් සමඟම ලැබෙන ඉතා සරල බ්‍රව්සරය වෙනුවට ඔබ පරිගණකයේත් භාවිතා කරන, වැඩ කටයුතු ඉතාම පහසු කරගත හැකි, සහ පරිගණකයෙන් පිවිසුණු වෙබ් අඩවි සහ ඉතිහාසය මෙන්ම මුරපද ද දුරකථනය සමඟම සමමුහුර්ත කරගැනීමට ද හැකි ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය දුරකථනයට නැතුවම බැරි ඇප් එකක්. බොහෝ නූතන දුරකථන වල මේ හිමියෙන්ම ස්ථාපිත වශයෙන් පැවතුනත් ඔබේ දුරකථනයේ එය නැතිනම් මෙතැනින් බාගත කර ගත හැකියි.

04. දුරකතනයේ ගොනු කළමනාකරණයට

(Google Play Store)

අපි විවිධ දේවල් download කරාට පස්සේ දුරකථනය පුරා පිරී යනවා. එම නිසා එම ගොනු පිළිබඳව නිතර සොයා බලමින් ඒවා කළමණාකරනය කිරීම ඉතාම වැදගත්. ඒ වගේම ඔබ අලුතින් එකක් ඉන්ස්ටෝල් කරාම එමඟින් එකතු වන විවිධ ගොනු මෙලෙස දුරකතනයේ තැන්පත් වන අතර ඔබ එම ඇප් එක ඉවත් කිරීමෙන් පසුවද ඒවා එලෙසම පවතිමින් දුරකථනයේ අභ්‍යන්තර ධාරිතාව භාවිතා කරනවා. මේ කටයුතු සියල්ල පහසු කරගැනීමට sub ඔබගේ දුරකථනයේ සිට වෙනත් දුරකථනයකට හෝ පරිගණකයට wifi සබඳතාව හරහා ගොනු හුවමාරු කරගැනීමට ද විශාල පහසුවක් සලසන ES File Explorer යෙදුම භාවිත කළ හැකියි.

05. දවසේ කිරීමට ඇති වැඩකටයුතු ලැයිස්තුවක් සකසාගන්න

(Google Play Store)

 

කාර්යබහුල කෙනෙක්ට තමන්ගේ ගමන් කරන්නට තිබෙන ඉතා විශාල කාර්යභාරයක් ප්‍රමාණය විවිධ හේතු නිසා අතපසු වන්නට පුළුවන්. ඔබ පාඩම් කරන කෙනෙක් නම් කරන්නට තිබෙන විෂයයන් පිළිබඳව ඉලක්කයක් ඇති කරගන්නට ද මේ ආකාරයේ ලැයිස්තුවක් සකසා ගැනීම බොහොම පහසුවක් වෙනවා. මේ සඳහා ඉතා පහසුවෙන් භාවිත කළ හැකි යෙදුමක් ගූගල් සමාගම විසින් ම Google Keep නමින් හඳුන්වා දී තිබෙනවා. මෙය හරහා ඔබට හදිසි සිහිකැඳවීම් තබා ගැනීමට සහ කරන්නට ඇති වැඩ ලයිස්තුව හරි ලකුණු දැමිය හැකි ආකාරයේ ලයිස්තුවක් වශයෙන් පහසුවෙන් සකසා ගන්නටත් කම්මැලි වෙලාවට චිත්‍ර අඳින්න මේ ඇප් එක හරහා පහසුකම් සැලසෙනවා.

Related Articles