Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Default Apps වෙනුවට එදිනෙදා වැඩට විකල්ප Android Apps

දුරකතනයේ එදිනෙදා පාවිච්චි කරන Apps අතුරෙන් අප නිතරම පෙළඹෙන්නේ නිෂ්පාදන ආයතනය විසින් පෙරනිමියෙන් ලබාදෙන ඒවා සමගම රැඳෙන්නට යි. නමුත් මේ නිසාම අපි විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන අතර දුරකතනයේ උපරිම ප්‍රයෝජනය ලබා ගන්නට ද නොහැකි වෙනවා. ඔබ දැනට නිතර පාවිච්චි කරන ඇප්ස් වෙනුවට භාවිතයට ගත හැකි පහසුකම්වලින් උපරිම Apps කිහිපයක් ගැනයි මේ.

Keyboard එකට: Gboard හෝ SwiftKey

SwiftKey කීබෝඩ් එක තිරය මත ඕනෑ තැනක ගෙන ගොස් තැබිය හැකියි (gadgethacks.com)

දුරකතනය සඳහා මූලික Keyboard එක ලෙස විවිධ ආකාරයේ Apps සොයාගන්නට පුළුවන්. භාෂාමය අවශ්‍යතාවයන් මත වෙනත් කීබෝඩ් ඇප් එකක් පාවිච්චි කරන්නට ඇතැම් විට සිදුවී ඇති. නමුත් ඒවායේ ඇති අඩු පහසුකම්වලින් මිදෙන්නට ඉංග්‍රීසි හෝ සිංග්‍රීසි ටයිප් කරන අවස්ථාවල දී මාරුවෙන්නට අමතර කීබෝඩ් එකක් තබාගත හැකියි. Gboard පාවිච්චියට ගන්නවා නම් එහි තිබෙන Emoji සෙවීමේ විශේෂාංගය වෙනත් ඒවාට වඩා මහත් පහසුවක් ගෙන එනවා. අවශ්‍ය නම් මෙයට ද සිංහල බස එකතු කරගන්නට පුළුවන්. නමුත් තවම තිබෙන්නේ අසම්මත අකාරාදී පිළිවෙල සහිත layout එකක් මිසක් සම්මත විජේසේකර layout එක හෝ අඩුම තරමේ සිංග්ලිෂ් නොවෙයි. ඉහළ තීරයේ ඇති G අකුර සහිත බොත්තමෙන් ටයිප් කරන අතරතුරම ගූග්ල් සෙවුම් කරන්නට, කටහඬ භාවිතයෙන් ටයිප් කරන්නට මෙන්ම GIF යවන්නත් මෙයට පුළුවන්.

පෙරනිමියෙන් Gboard ලැබුණු කෙනෙක්ට එය රුස්සන්නේ නැත්නම්, මෑතක දී Microsoft සමාගම මිල දී ගත් SwiftKey භාවිතයට ගත හැකියි. කලක් පටන් ප්‍රචලිතව ඇති මෙය ද සිංහල ටයිප් කිරීමට අකාරාදී කීබෝඩ් එකක් දෙනවා. Gboard මෙන්ම Glide කරමින් (ඇඟිල්ල කීබෝඩ් එක මත ගෙනයමින්) ටයිප් කිරීම, Emoji සිරස් අතට scroll වීම, කෘත්‍රීම බුද්ධියෙන් බල ගැන්වූ predictions, ලස්සන themes මෙහි විශේෂාංග අතරට අයත් වෙනවා.

බාගන්න: Gboard / SwiftKey

අත්හදා බැලීමට: Fleksy, TouchPal

Launcher හෙවත් යෙදුම් එකතුවට: Google හෝ Nova

සරල Google Launcher එක (arstechnica.net)

බොහෝ දුරකතනවලට ලැබෙන්නේ නිෂ්පාදන ආයතනය විසින් සකසන ලද විකාරරූපී Launcher එකකුයි. එමඟින් දුරකතනයේ වටිනාකම පවා නැති කර දමන්නේ කරදරකාරී අත්දැකීමක් ද සමග යි. සරල, Pure android ආකාරයේ අත්දැකීමකට කැමති කෙනෙක්ට Google සමාගමෙන්ම නිෂ්පාදිත Google Launcher එක පාවිච්චි කළ හැකියි. එය Pixelවල තරම් විශේෂාංග ගෙන එන්නේ නැතත්, භාවිතයට ඉතා පහසු සහ සැහැල්ලු බවක් මෙය සතු යි. නිතර භාවිතා කරන ඇප්ස් 4ක් ඉහළ තීරයටත්, එතැන් පටන් A-Z පිළිවෙළට ඇප් ලැයිස්තුවත් දක්වන අතර Search එකක් ද සහිත යි. එහි අප සතුව නැති App එකක් ටයිප් කර ඍජුවම Play Store සෙවුමකට යොමු විය හැකියි.

ඊට වඩා වැඩි විශේෂාංගවලට කැමති කෙනෙක්ට Nova Launcher එක භාවිතා කරන්නට පුළුවන්. එහි ඇප්වල අයිකන වෙනස් කරමින් Themes යොදන්නට, ෆෝල්ඩර් ඇතුළු අනෙකුත් UI ‍කොටස්වල වර්ණ වෙනස් කරන්නට, App drawer එකට Animations එක් කරන්නට වැනි පුළුල් වෙනස්කම් රැසකට අවස්ථාව ලබා දෙනවා. කරන ලද සැකසුම් Save කරගන්නට හැකි නිසා දුරකතනය reset කළ අවස්ථාවක හෝ නව දුරකතනයකට මාරු වූ විට ඒවා එලෙසම යළි යොදාගන්නට අවස්ථාව තිබෙනවා. Gestures අවශ්‍ය නම් Pro වෙළුමට මුදල් ගෙවිය යුතු වෙනවා.

බාගන්න: Google Now Launcher / Nova Launcher

අත්හදා බැලීමට තවත් ඒවා: Microsoft Launcher / Action Launcher

මැසේජ් යවන්නට: Google හෝ SMS Organizer

ඔබේ දුරකතනය සමග පෙරනිමියෙන් ලැබුණු SMS ඇප් එක ගැන ඔබේ අදහස මොකක්ද කියා ඇහුවොත් බොහෝ දෙනෙක් එය බලෙන් ලැබුණු නිසා පාවිච්චි කරන බව කියනු ඇති. නමුත් ඒවායේ ඇති ඇස් විඩාවට පත් කරන දහස් ගණන් වර්ණ, අඩු පහසුකම්, අනවශ්‍ය SMS වර්ගීකරණය කළ නොහැකි වීම වැනි ‍ගැටළු රැසක් වෙනත් SMS App එකක් පාවිච්චි කිරීමෙන් මඟහැර ගන්නට පුළුවන්. සරල පෙනුමකට සහ නූතන Android Pie පෙනුමැති UI එකකට කැමති කෙනෙක්ට ගූග්ල් සමාගමෙන්ම ලබා දෙන Messages ඇප් එක පාවිච්චි කළ හැකියි. මෙහි Dark mode එකක් ද තිබෙන අතර SMS ලැබීම් පිළිබඳ notifications පුද්ගලයා අනුව mute කරන්නට පුළුවන්. හොඳම දේ, පරිගණකයෙනුත් SMS බලන්න පුළුවන්.

Messages.android.com වෙත පිවිසී ඇප් එකේ menu එකේ ඇති Messages for Web යන්නෙන් QR කේතය scan කළ විට බ්‍රවුසරයෙන්ම SMS යවන්නට, බලන්නට පුළුවන්.

අන්තර්ජාල මැසේජ් සේවාවන් නිසා දැන් SMS පාවිච්චි වෙන්නේම නැති තරම්. එනමුත් විවිධ වෙළඳ ආයතනවලට නම් අපව නිතර මතක් වෙනවා. එලෙස ලැබෙන අනවශ්‍ය SMS වර්ගීකරණය කරමින් (Gmail ආකාරයේ ටැබ්) පෙරහන් කිරී‍මේ පහසුකම SMS Organizer වෙතින් ලැබෙනවා. බිල් ගෙවීම් පිළිබඳ සිහි කැඳවීම්, කාඩ්පත් වියදම් ගැන තොරතුරු, Dark theme ඇතුළු විශේෂාංග රැසක් මයික්‍රොසොෆ්ට් සමාගමේ නිෂ්පාදිත SMS Organizer සතු යි.

බාගන්න: Google Messages / SMS Organizer

අත්හදා බැලීමට: Textra, Pulse SMS

සටහන් තබන්නට: Keep හෝ ColorNote

Color Note සරලයි (Google Play Store)

හදිසි අවස්ථාවන්හිදී අමතක වන දේවල් සටහන් කරගන්නට බොහෝ දුරකතන නිෂ්පාදන සමාගම්වලින් පෙරනිමියෙන් App එකක් ලැබෙන්නේම නැති තරම්. ලැබුණත්, ඒවා බොහෝ දුරට Sync වෙන්නේ එම ආයතනයේම ගිණුමක් සමග පමණයි. ඒවායෙහි විශේෂාංග සීමා සහිත යි වගේම අපට අවශ්‍ය ආකාරයට සටහන් තබා ගැනීමට ඇති පහසුකම් ප්‍රමාණය ද බෙහෙවින් සීමා වෙනවා. Widgets නොමැති බව, අතින් ඇඳ යමක් තැබිය නොහැකි බව වැනි බාධාවන් මුහුණ දෙන ඔබට ගූග්ල් ආයතනයෙන්ම ලබාදෙන සර්ව සම්පූර්ණ ඇප් එකක් වන Google Keep පාවිච්චි කළ හැකියි. මෙහි Online සේවාවක් ද තිබෙන නිසා දුරකතනයෙන් තබාගත් සටහන් වෙබ් බ්‍රවුසරයෙන් බලන්නටත්, ගූග්ල් ගිණුම සමගම Sync වන නිසා ඔබේ වෙනත් දුරකතනයකින් හෝ ටැබ් එකක් වැනි උපාංගයකින් ද බලන්නට පුළුවන්. මිතුරන් අතරේ ඒවා බෙදාගෙන ඔවුන්ට ද update කරන්නට අවස්ථාව සැලසිය නිසා ඇමතුමක් නොදීම භාර්යාවට, ගෙදර බඩු ලැයිස්තුව update කර දෙන්නට හැකි වේවි.

පෙර ඇප්වල දී සරල ඇප් එක ලෙස ගූග්ල් නිෂ්පාදනය හඳුන්වා දුන්නත්, මේ මාතෘකාවේ එහි අනික් පැත්ත යි තිබෙන්නේ. Keep සංකීර්ණ යැයි සිතන කෙනෙක්ට ඒ වෙනුවට විවිධ වර්ණවලින් Notes හැදිය හැකි ColorNote ඇප් එක පාවිච්චි කරන්නට පුළුවන්. එහි වර්ණවලින් යුත් සටහන් widget ලෙස මුල් තිරයට අලවා ගන්නට හැකියි. තාවකාලිකව, සරලව Note තබාගැනීමට මෙය බොහොම කුඩා ඇප් එකක්.

බාගන්න: Google Keep / ColorNote

අත්හදා බැලීමට තවත් ඒවා: One Note / Evernote

ඡායාරූප ගැලරියට: Google Photos හෝ Gallery Vault

ඡායාරූප මුහුණ අනුව ද වර්ගීකරණය කරන Google Photos (Google Play Store)

දිනපතා ගන්නා ඡායාරූප දහස් ගණනින් Gallery ඇප් එක තුළ රැඳුණාට ඉන් අවශ්‍ය ඡායාරූපය සොයා ගැනීමට ටිකක් කරදර විඳින්නට සිදු වෙනවා. නමුත් Google Photos සතු AI තාක්ෂණයෙන් බලගැන්වුණු සෙවුමට ඡායාරූපයේ තිබෙන දේකින් (උදා: Cat, Sky ආදී ලෙස) සෙවීමක් සිදුකළ විට ඊට අදාල ඡායාරූප සොයා ගන්නට පුළුවන්. ගූග්ල් ගිණුම සමගම Drive එකෙහි ඉඩක් වැය නොවී 16MP දක්වා නොමිලේම Upload කළ හැකි නිසා වැරදීමකින් ඡායාරූප මැකීයාම් ගැන වධ විය යුතු නැහැ. අවශ්‍ය නම්, ස්වයංක්‍රීයව Upload වීමට සකසන්නටත් පුළුවන්.

Google Photos දුරකතනයේ ෆෝල්ඩර්වලට වඩා Cloud එකෙහි වර්ගීකරණය ගැන වැඩිපුර සැලකිලිමත් වන නිසා ඒ වෙනුවට ඔබ කැමති නම් Gallery Vault පාවිච්චි කළ හැකියි. එහි ඇති ප්‍රධාන විශේෂත්වයක් වන්නේ ඡායාරූප සහ වීඩියෝවලට මුරපද යොදා ආරක්ෂණය කළ හැකි වීමයි. මේ නිසා පිටස්තර කෙනෙක්ට දුරකතනය දීමේදී පෞද්ගලික තොරතුරු නිරාවරණය වීම් අවම කර ගත හැකියි. වර්ණ අනුව ඇල්බම් සැකසීම සහ සරල අතුරුමුහුණත එහි තවත් විශේෂාංග බවට පත් වෙනවා.

බාගන්න: Google Photos / Gallery Vault

කවරය: techtippr.com

Related Articles